Divaina - කොරෝනාවේ අලූත්ම බයිට් එක සන්නාලියන්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

n26 1ඇයි අපි ආසාධිතයන්ගේ චරිතය ඝාතනය කරන්නේ? මෙතන ආසාධිතයන්ට අපහාස කරනවා වගේම ඔවුන් කරන රැුකියාවටත් පහර ගගහා අපහාස කරන පිරිසක් අපි දකිනවා. ඒ ඔවුන් ඇඟලූම්කම්හල් සේවිකාවන් වීම නිසා. අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ඇඟලූම් කම්හල් සේවිකාවන් කිව්වම ගණිකාවන් කියලා. රටේ තියෙන පහත්ම රැකායාවක් විදියට තමයි සමහරක් උදවිය ඇඟලූම් කර්මාන්ත සේවිකාවන් දිහා බලන්නේ. ඇත්තටම ඔහොම හිතන අයනම් ජීවිතේට ගා(ර්)මන්ට් එකක් ඇතුලට තියා ඒ මායිමටවත් ගිහින් නැතුව ඇති.
 
 රටට විදේශ විනිමය ඉපැයීම සඳහා ඇඟලූම් කර්මාන්තවලින් ලැබෙන දායකත්වය එසේ මෙසේ නොවේ. ඒ වගේම රටේ තරුණ පරපුරේ රැුකියා ප‍්‍රශ්නය විසඳීම වෙනුවෙන් ඇඟලූම් කර්මාන්තයන්වලින් ලැබෙන දායකත්වයත් මහමෙරක් තරම්. ඒත් අපේ මිනිසුන්ට ඒ ගැන අවබෝධයක් නෑ. අවබෝධයක් තිබුණත් ගා(ර්)මන්ට් සේවිකාවන් ගැන අපේ අය බලන්නේ වපර ඇහෙන්.
 
 මේ අවුල කොවිඞ් ආසාදිතයන් ඇඟලූම් කම්හලකින් හමු වුණ නිසා පමණක් නොවේ. අතීතයේ පටන්  ගා(ර්)මන්ට් සේවිකාවන් කිව්වම අපේ රටේ මිනිස්සු බැලූවේ ගණිකාවක් දිහා බලන විදිහටයි. අන්න ඒ ආකල්පයන් නිසා තමයි කොවිඞ් ආසාධිත කාන්තාවක් හමුවුනොතින් ‘‘ඒ කාන්තාව කී දෙනෙක් එක්ක බුදිය ගත්තද දන්නෑ. කොයි මිනිහගෙන්ද දන්නෑ බෝ වුණේ? ඕකුන් තමයි රටට වසංගත ගේන්නේ” වගේ පහත් නින්දිත කතාවන් සමාජයෙන් එල්ල වෙද්දී රටේ ප‍්‍රසිද්ධ මාධ්‍යවේදීන් පවා එම කාන්තාවන් ගැන කෝචොක් හිනාවක් දමමින් දෙපැත්ත කැපෙන වචන භාවිතා කරමින් ඔවුන්ව තව තවත් පීඩාවට පත් කරන්නේ.
 
 අවංකවම ලාංකිකයෝ විදියට අපි ලැජ්ජාවට පත් වෙන්න ඕනි අපේ රටේ මිනිසුන්ගේ ආකල්පයන් ගැන. අපි හිතාගෙන ඉන්නේ ගා(ර්)මන්ට් රස්සාව කියන්නේ හෙන ආතල් එකේ කාලා බීලා ජොලි කරලා එක එක විකාර නටලා එන රස්සාවක් කියලද?
 
 ඔව් අපි බහුතරයක් හිතාගෙන ඉන්නේ ඒ වගේ ෆුල් මාවලස් ජොබ් එකක් කියලා තමයි. නමුත් ගා(ර්)මන්ට් රස්සාවකට ගිහින් කාන්තාවක් තමන්ගේ ශ‍්‍රමය යොදවමින් මොන තරම් මහන්සියෙන් පීඩනයෙන් වැඩ කරනවාද කියලා කීයෙන් කී දෙනාද දන්නේ? අපි බොහෝ දෙනෙක් ඒ දුක දන්නේ නෑ. ඒකයි අපි
 
 ගා(ර්)මන්ට් එකේ රස්සාව කරන කාන්තාවන් ගැන පහත් මතයන් දරන්නේ. රටේ දුර පළාත්වල සිට කටුනායක, වතුපිටිවල, බියගම වගේ ප‍්‍රදේශයන්වලට ඇවිත් පොඩි කාමරයක බෝඩින් වෙලා උදේ පාන්දර
 
 4 ට නැ`ගිටිලා උයලා තමන්ගේ හැම වැඩක්ම කරලා, කෑම පාර්සලයත් ඔතාගෙන කඩිමුඩියේ දුවන්නේ උදේ 6 ට, 6.30 ට තමන්ව වැඩට එක්කන් යන වාහනයට න`ගින්න.
 
 ඒ වාහනය තමන් වැඩ කරන ආයතනයට යන්න ගතවෙන වෙලාව පැයයිද? ඒ පැයත් යාම්තමින් නින්දක් දාගෙන යන්නේ. ආයතනයට ගිහින් දුවන්නේ කැන්ටිමට. ඒ ආයතනයෙන් දෙන උදේ ආහාරය අනුභව කරලා ක්ෂණිකවම තමන්ගේ ලයින්වලට යන්න බලාගෙන. 7.30ට බෙල් එක ගහපු ගමන්ම එක දිගටම වැඩ.
 
 ගොඩාක් අය උදේ 10ට දෙන තේ එක බොන්නවත් යන්නේ නෑ. මොකද ඒ විනාඩි 15ත් ඔවුන්ට වටිනවා ඔවුන්ගේ ප‍්‍රඩක්ෂන් එකේ ටාගට් එකට කෑලි කීයක් හරි මහගන්න. ආයෙත් 12.30ට දවල් ආහාර වේලට බෙල් එක ගහපු ගමන් ලයින්වල ඉන්න සේවක සේවිකාවන් කැන්ටිමට දුවන්නේ මැරතන් තරගයකට දුවනවා වගේ. ඒ කෑම කාලා ලව් කරන්න නෙමෙයි. දවල් ආහාරයට දෙන පැය භාගයෙනුත් විනාඩි 10න් කෑම කාලා ආයෙත් දුවගෙන එන්නේ ලයින් එකට.
 
 එහෙම ඇවිල්ලත් මල් කඩන්නවත් ඕපදූප හොයන්නවත් යන්නේ නෑ, තමන්ගේ ප‍්‍රඩක්ෂන් එකේ ටාගට් එක වෙනුවෙන් ඒ පොඩි කාලයත් යොදා ගන්නවා. උදේ 7.30ට වැඩ පටන් ගත්තොත් ඕෆ් එක 7 ද, 8ද ඒ වෙනකම් එක දිගටම වැඩ. ඔහොම වැඩ කරොත් තමයි තමන්ට ලැබෙන සොච්චම් වැටුපට අමතරව ඕටි පැය කීයක් හරි එකතු කරගන්නෙත් ප‍්‍රඩක්ෂන් ඉන්සන්ටිව් කීයක් හරි ලැබෙන්නෙත්.
 
 මාසයක් පුරා නෝපේ නැතුව එක දිගට වැඩට  ගියානම් පැමිණීමේ දීමනවයි, ඕටි පැය ගාණයි, ප‍්‍රඩක්ෂන් ඉන්සෙන්ටිව් එකයි ඔක්කෝම එකතු කරලා ගන්නෙත් 35,000 ක් වගේ වැටුපක්. මාසයක්ම ඔය විදියට කඹුරලා ඔය වගේ සොච්චම් වැටුපකට බලූ බැණුම් අහ අහා දුක් විඳින්නේ සමහරවිට තමන්ගේ වයෝවෘද්ධ දෙමවුපියන්ව ජීවත් කරවන්නේ ඔය වැටුපෙන් වෙන්න පුළුවන්.
 
 තමන්ගේ ස්වාමි පුරුෂයා මියගියාට පසුව තමන්ගේ දූ දරුවන්ව බලාගන්නේ ඔය සොච්චම් වැටුපෙන් වෙන්න පුළුවන්. ඉතින් ගණිකා රස්සාවක් කරන්න ඕනිනම් ගා(ර්)මන්ට් ගිහින් ඔච්චර දුක් විඳින්න ඕනිද? ඔය සොච්චම් පඩිය ගන්න ඔච්චර දුක් විඳලත් ඒකෙනුත් බෝඩින් ගාස්තුවයි, තමන්ගේ කෑම වියදමයි අයින් කරානම් කීයද ඉතුරු වෙන්නේ? එහෙනම් මෙයාලට මීට වඩා සල්ලි හම්බකරන්න පුළුවන්නේ ගණිකා රස්සාව කරලා?
 
 ඒත් ඒ වගේ රස්සාවක් කරන්න අකමැති හින්දා, තමන්ගේ පවුලේ නම්බුවට කැළැලක් ඇති වෙන හින්දයි ඔච්චර දුක් විඳ විඳ සොච්චම් පඩියකට
 
 ගා(ර්)මන්ට් එකට වැඩට යන්නේ. ඒත් ඔවුන්ට සමාජයෙන් දෙන නම්බු නාමය මොකක්ද? ගණිකාව. ගා(ර්ම)න්ට් බඩුව. අපි මොනතරම් පහත් මිනිසුන්ද?.....
 
 අනිත් කාරණය ග(ර්)මන්ට් කියන්නේ ලේසි සෙල්ලමක්ද? ජේසි මහන ගා(ර්)මන්ට් එකක් කියලා නිකමට හිතමුකෝ. ලයින් එකක දවසේ අවුට් පුට් එකට දෙනවා දවසේ ටාගට් එක ජේසි 1000ක් මහලා චෙකින් කරලා, කොලිටිය බලලා ඒ ලයින් එකෙන් එළියට යන්න ඕනි කියලා.
 
 ඒ ජේසි 1000ට ලයින් එකටම දාන්නේ ළමයි 35ක් උපරිම. ඒ ළමයි 35 දෙනා තමයි කෑල්ලෙන් කෑල්ල මහ මහා ඉස්සරහාට යවන්න ඕනි. එතකොට පැය 10ක් වැඩ කරනවා නම් පැයකට කෑලි 100ක් අවුට් පුට් එකට යන්න ඕනි. එහෙම යන්නැත්නම් කොතනද හිරවෙලා තියෙන්නේ අන්න එතන බලලා එතන ඔප්ෂන් එක මහන ළමයින්ට සුපවයිසර් බණින්නේ කුණු බැණුම්.
 
 ගා(ර්)මන්ට් ඇතුළට ගියාට පස්සේ ඕෆ් වෙලා එළියට එනකම් හිර ගෙයක ඉන්නවා වගේ. හැමෝම වැඩ කරන්නේ ලොකු පීඩනයක් එක්ක. සතියට ලැබෙන දවසේ නිවාඩුවේ තමයි තමන්ගේ ඇඳුම් ටිකවත් හෝදලා දාන්නේ. ටීවි එකේ යන ෆිල්ම් එකක් බලන්නේ. දවල්ට පොඩි නින්දක් දාන්නේ. ඔන්න ඔහොම දුක් විඳගෙන රටට විදේශ විනිමය හොයලා දෙන අපේ රටේ වටිනාම සම්පතකට තමයි අපි අද මේ කෝචොක් කරන්නේ. අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕනි.
 
 අන්තිමට දෙයක් කියලම නවතින්නම්. මේක නොකිව්වනම් මේ ටිකත් ලියලා තේරුමක්ම නෑ... මේ මහා ලොකුවට තමන් මොකද්දෝ හෙන ලොකු රස්සාවක් කරනවා කියලා හිතාගෙන ගා(ර්)මන්ට් කෙල්ලන්ට පහත් විදියට කතා හදන බොහෝ පිරිමින්ගේ නියම ස්වභාවය බලාගන්න පුළුවන් හවසට ගා(ර්)මන්ට් ඕෆ් වෙන වෙලාවට සෝන් එක ගාවට  ගිහින් බැලූවානම්.මේකයි මේ සැරේ කොවිඞ් වසංගතය එක්තරා ගා(ර්)මන්ට් එකකින් බෝ වුණානම් රජයේ වගකීම කොහොමද බෝ වුණේ කියලා හොයලා බලලා, කොවිඞ් වලින් ආරක්ෂා වෙන්න තියෙන නීතීන් පිලිපැදිලා නැත්නම් එම ආයතනයේ කළමනාකරුවන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීමයි රජය කරන්න ඕනි. නමුත් ඒ මුවාවෙන් එම ආයතනයට හෝ ආයතනයේ සේවය කරන සේවක සේවිකාවන්ට හෝ අපහාසයන් සිදු වෙනවා නම් ඒ ගැනත් අවධානය යොමු කරලා නිසි ක‍්‍රියාමාර්ග ගැනීමත් රජයේ වගකීමක්.
 
 * මොහමඞ් අක්රම්

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles