Divaina - රණහංසියට පේ‍්‍රම කළ ඵළුවා

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p25 2 එක්තරා වනාන්තරයෙක වූ පස් පියුමෙන් සැදි ජලාශයෙක රණහංස ෆැමිලි එකක් වාසය කළා. මේ විශාල ජලාශ මධ්‍යයේ වූ ¥පතක් වැනි බිම් කඩක තැනුන අලංකෘත මන්දිරයක් මේ රණහංස පවුලේ වාසභවනය වූවා.
 
 වැඩිහිටි රණහංස ජෝඩුවත් ඔවුන්ගේ දියණියන් දෙදෙනාත් සමඟ බොහොම සතුටින් සෙනෙහසින් සියලූ දෙනා මෙහි කාලය ගතකළා. දියණියන් දෙදෙනා දවසේ බොහෝ වේලාවක් ජලක‍්‍රීඩා කරනවා. වැඩිමහල්ලන් දෙදෙනා සිය දියණියන් දෙදෙනා ගැන දැඩි අවධානයකින් යුතුව තම තමන්ගෙ කටයුතුවල නියැළෙනවා. තවමත් තනිකඩ මේ රණහංස දියණියන් දෙදෙනා රුවින් අගතැන්පත්! පැහැපත්, පියකරු, සුකුමාළ දේහ විලාශය දුටුවන්ගේ සිත් වශී කරවන සුළුයි.
 
 දවසක් ජලාශය අයිනෙ වූ නෙළුම් පත් කෑමට පැමිණි තරුණ ඵළුවෙකු මෙයින් වැඩිමහල් දියණිය දැක්කා. ඇගේ රුවින් ඵළුවාගේ හිත අමුතු හැඟීමකින් පිරෙන්නට වූණා!
 
 ”මගේ ජීවිත කාලෙට මෙතරම් ලස්සන පියකරු රණහංසියක් නම් දැකලා නැහැ. මට ඇයව සරණ පාවා ගැනීමට ඇත්නම්!...” රණහංසියගේ රුවින් ඔළුව විකාර කරගත් ඵළු තරුණයා හැම මොහොතකම ඇය ගැන සිතන්නට වුණ. ”කොහොමද මං මගේ අදහස මෙයාට කියන්නේ” එළුවා කල්පනා කළා.
 
 රායිට්! ගන්නවා කොරවක්ගලගේ සපෝට් එක. ඌට කියනවා ඔය නෙළුම් කොළ උඩින් පැන පැන ගිහින් මගේ අයිඩියා එක හංසරාජිණියට කියන්න කියලා. කොහොම හරි මයිගෝට්ට බෑ කියන්න බැරි හින්දා කොරවක්ගල කොන්තරත් එක බාර ගත්තා. පහුවදා උදේ පාන්දරම කොරවක්ගල ජලාශයේ දියකෙළමින් සිටි හංස රූමතිය මුණ ගැසෙන්නට ගොස් මයිගෝට්ගේ යෝජනාව ඉදිරිපත් කළා. ඇය විළියෙන් මිරිකුණා.
 
 ”අනේ මං ඕවා දන්නේ නෑ.... අප්පච්චිගෙන් අහන්න. ඒගොල්ල කැමති වෙන එකකට මමත් කැමතියි.” ඇස් රතු කරගෙන රණහංසිය විළියෙන් බරව උත්තර දුන්නා. කොරවක්ගල ඉක්මනටම ආපහු එනු දුටු මයිගෝට් ”වැඬේ අබිලික් වෙලා වගේ....එතෙන්ට ගිහින් මූ පිස්සු කෙලින්න ඇති” නෙළුම් කොළ මත පනිමින් ඉදිරියට එන කොරවක්ගල දුටු එළුවා කල්පනා කළා!
 
 ”වැඬේ අප්සෙට් මචං! ඒකි කියනවා අප්පච්චිගෙන් අහන්නලූ... බම්බුව මොනවද බං අප්පච්චිගෙන් අහන්නේ....” ! ”හරි! අනේ මචං මහන්සි බලන්නෙ නැතූව මං වෙනුවෙන් තව එක සැරයක් උඹ ගිහින් මෙයාගෙ අප්පච්චිගෙන් අහපන්... කියාපන් අපි හොඳ වැදගත් වංශක්කාරයෝ කියලා.... එළුඅත්තනගලූ වංශයෙන් පැවත ගෙන එන කට්ටිය කියලා.” ”හරි! ‘උඹ මැරෙන්න හදන හින්දා මං ගිහින් ඕල්ඞ් මෑන්ස්ට කථා කරන්නම්...වෙන කාගෙවත්නම් මෙහෙම ජල්තර කේස් වලට ඇන්ටර් වෙන්නෙ නෑ’යි කිවූ කොරවක්කා ආයිත් රණහංසියගේ අප්පා සොයා
 
 ගිහින් ෆුල් ස්ටෝරිය කිවුවා!...
 
 ”අංකල්! මයිගෝට් කැමතියි හෙට හරි මැරේජ් එක කරන්න....
 
 අංකල්ගෙයි ඇන්ටිගෙයි පර්මිෂන් එක තමයි ඕනෑ.....”
 
 p23 3”මෙහෙමනේ කොරවක්ගල අපි තවම මේ ගැන හිතලා නෑ.... අනිත් එක මේ දවස්වල මටත් ගොඩක් වැඩ!... කොහොම වුණත් ඔය කියන හාදයගේ ඊ මේල් ඇඩ‍්‍රස් එක දීල යන්න..... මං මේ සතිය ඇතුළත හම්බවෙන්න දිනයක් දන්වන්නම්..... මොකද අද ලෝකේ හැටියට මේවා ආවට ගියාට කරන්න බෑනේ....හොඳට හොයල බලන්න ඕනෑ...
 
 මිනිහා ෆේස් බුක් එකේ ඉන්නවද දන්නේ නෑ!? නමුත් නැතුව යන්න විදියක් නෑ.... මේ හැට පැනපු ග‍්‍රෑන්ඞ් මාමලත් ඔය බබා පාට් එකෙන්
 
 එෆ් බී එකේ ඉන්දැද්දී”....
 
 කොහොම හරි දවස් තුනක් යනකොට රණහංසිගේ අප්පූච්චා මයිගෝට්ට ඊ මේල් එකක් එවලා තිබුණා. ඉතා ඉක්මනින්ම හැන්දෑ වරුවක
 
 හංසගිරියට පැමිණ තමාව මුණගැහෙන ලෙස දන්වලා! එළුවට කොච්චර ජොලියක් ගියාද කියනවනම් පපුව ඒ සී කළා වගේ දැනුනා. ආණ්ඩුවේ විශාල සංවර්ධන ව්‍යාපෘතියක කෝන්තරක් එකක් ලැබුණා වගෙ දැනුණා.
 
 ඔන්න කියපු දිනයට මයිගෝට් ෆුල් කිටක් එහෙම ගහලා හංස අප්පුච්චා මුණගැහෙන්නට පිටත් වුණා.
 
 මළහිරු බසිනා හැන්දෑ යාමේ ජලාශය අද්දරට ආ ඵළුවන්කුලම ” දැන් කොහොමද ජලාශය මැද්දෙ තියෙන මන්දිරයට යන්නේ කියලා කල්පනා කළා....ඔරුවක් පාරුවකුත් පේන්න නෑ..... දියට බැහැලා තමයි යන්න වෙන්නේ......මොනවා කරන්නද? මේක මගේ ජීවිතය විසඳන ප‍්‍රශ්නයක්නෙ” මෙසේ සිතූ එළුවා දියට බැස හෙමින් හෙමින් ෆුල් කිටත් තෙමාගෙන කරවටක් දියේ ගිලෙන තුරු ඉදිරියට ගියා...!
 
 අවාසනාවක හැටි! ඉදිරියට යන්නට තවත් එක අඩියක් ඉස්සුවා පමණයි! ගැඹුරු දියෙහි වූ විශාල වක්කලමකට හසුවී පේ‍්‍රමයෙන් වෙලී මිරිකී සිටි මයිගෝට් නොහොත් එළුවා වලකජ්ජ ගැහුවා!
 
 ආදර්ශය; රණහංසියන්ට පේ‍්‍රම කරන්නට යන එළුවෝ විශාල වක්කලම් වල වැටී වලකජ්ජ ගසති.

n25 2
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles