Divaina - අනවින කොඩිවින තිබේදැයි ඔබම බලාගන්න

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

na1 3 අද සමාජයේ බොහෝ පිරිසක් තමාගේ දියුණුව අඩාල කිරීමට අණවින කොඩිවින කර ඇතයි බියෙන් සැකෙන් පසු වෙති. සමහරුන්ගේ ව්‍යාපාර බිඳ වැටෙන විට ණය බරට පත් වෙන විට එකපිට එක කරදර අසනීප ඇති වනවිට තමාගේ දියුණුව අඩාල කිරීමට කිසිවෙකු විසින් යම් කොඩිවිනයක් භූමි පාළුවක් කර ඇතිදැයි සිතට චකිතයක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.
 
 මෙවැනි දෙයක් තමාට ඇතැයි හරියට නොදැන සමහරු දේවාල ගානේ මෙන්ම වෙනත් ගුප්ත ඇඳුරෝ කරා ගොස් කාලයත් මුදලත් විනාශ කර ගනිති. ඇත්තෙන්ම ඉහත ආකාරයට යම් ගැටලූවක් ඇත්නම් ඔබටම යම් ආකරයකින් කොඩිවිනයක් හෝ භූමි පාළුවක් ඇද්ද යන්න බලා ගැනීමට ඉතා පහසු ගුප්ත පරීක්ෂණයක් පුරාණ පත් ඉරුවකින් ඔබට ඉදිරි පත් කරමි.
 
 ප‍්‍රථමයෙන් දෙහි ගෙඩි 4ක් ගෙන කහ දියෙන් සෝදා අඟහරුවාදා දිනක බුධ හෝරාව පවතින වේලාවේ බුලත්් කොළ 3ක දෙහි ගෙඩි 3ක් ඔතා පහත මංත‍්‍රයෙන් 108 වර දෙහි ගෙඩි 3 මල් බුලත් පුටුවේ තබා මතුරා ගන්න.
 
 මන්ත‍්‍රය
 
 ඕං කායච්චන් ගින්දානසුං
 ඉරුගරු සෘසෘං සංජයයු
 ආං ඕං ඊං වින සංසරං
 ගිංඩං ගිඩි ගිඩි මහී මහී
 භූම භූම සුං සුං පෝගං
 සෘ සෘ නමෝ නමස් ඒස්වාහක් ...
 
 මෙසේ මතුරා තම භූමියේ 4 කොණ වළලා තබන්න. තුන්වරුවකින් ගොඩ ගෙන බලනවිට දෙහි තැම්බී ඇත්නම් වින දෝශයකි. ඇට කළු වී දෙහි තැම්බී ඇත්නම් ඉතා බලවත් හූනියමකි. ඇට කළු වී දෙහි තැම්බී ඇත්නම් හූනියම් සමඟ බලනා දෝෂ රාශියකි. දෙහි නරක් නොවී එලෙසම ඇත්නම් තද බල දෝෂ නොපවතී. දෙහි ඇට ගුරුපාට වී ඇත්නම් තදින් බලපාන ග‍්‍රහ දෝෂ පවතී. දෙහි ඇල්ලීමට පවා නොහැකිව නරක් වී ඇත්නම් කොඩිවින හූනියම් රාශියක් ඇති බව කියැවේ. දෙහි පුපුරා ඇත්නම් ඇස්වහ කටවහ දෝෂ පවතී. දෙහි කපා බැලූකල ඇට එලෙසම තිබියදී පැඟිරි දුර්වර්ණ වී ඇත්නම් වාස්තු දෝෂ අමනුෂ්‍ය දෝෂ පවතින බව පෙනේ.
 
 ( පාරම්පරික පොත පත ඇසුරිනි)
 
 ජ්‍යෙතීර්විද්‍යාවේදීනි
 නයෝම් පබසරා මැණිකේ

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles