Divaina - දුර්වලකම් ඔබම හදුනාගෙන ජීවිතය ජය ගන්න

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

nakatha2 1 කරණීය මෙත්ත සූත‍්‍රයේ ආරම්භයේදී දක්වා ඇති කරුණු අනුව ලෞකික ලෝකයේ දියුණුව ලැබීමට නම් පෞරුෂයක් ඇති කර ගත යුතුය. පෞරුෂයක් ඇති කර ගැනීමට අදාළ වන කරුණු 14 ක් එහි ඇතුළත්ව ඇත. සක්කෝ හෙවත් දක්ෂයකු විය යුතුය යන පළමු කරුණින් ආරම්භ කර නච කුද්දං සමාචරේ කිඤ්චි හෙවත් සමතුලිත අදහස් දරන්නන්ගේ සැකයට භාජනය නොවිය යුතුයි යන 14 වන කරුණින් එය අවසන් වේ. ඔබ එම සූත‍්‍රයේ සඳහන් කරුණු සොයා බලා අධ්‍යනය කර මේවා ප‍්‍රායෝගිකව අත්විඳින්න. මේ ලිපිය ලිවීමට මූලික වන්නේ පෞරුෂය වැඞීමට පෙර තමා තුළ ඇති දුර්වලකම් ඉවත් කර ගත යුතුයි යන න්‍යාය ඔබට දැනුම් දීමටයි. කෙනෙකු තම දුර්වලකම්  පිළිගැනීමට අකැමැතිය. නමුත් ඒවා දැන ගැනීමෙන් අපේ ජීවන ගමන ආබාධයෙන් තොරව යෑමට පුළුවන. ඔබත් ඔබේ දුබලතාවය හරිහැටි හඳුනා නොගනී නම් ජීවන  ගමනේදී ඔබ ද වරින් වර ලිස්සා වැටෙනු ඇත. එම දුබලතා හඳුනා ගැනීමට ඉඟි ජ්‍යොතිෂයේ ඇත. එහි ඉතාම සරල අංගයක් වූ ලග්නයේ දුබලතා මම ඔබට හඳුන්වා දෙමි.
 
 ඔබ මේෂ ලග්නයේ නම්, අනවශ්‍ය වගකීම්, කාර්යයන් තම කරපිට දමා ගනී. නුවමනා අන්දමට තම ශරීරය වෙහෙස කරයි. පහත් යැයි සැලකෙන අය කෙරේ හොඳ මූණු ස්වභාවයෙන් බලයි. ඉතා සුළු දෙයින් පවා කෝප වෙයි. ආත්ම වර්ණනාවට කැමැත්තද, අන්‍යයන්ගේ අදහස්වලට ගරු නොකිරීමද විශේෂ දුර්වලතාවක්ය. මේ නිසා ඔබ තුළ සාඩම්බර ස්වභාවයක් ඇතැයි බාහිර ලෝකයා සිතයි. ඔබ වෘෂභ ලග්නයේ නම් අලස බව, අවස්ථාවට උචිත නොවන පරිදි දක්වන මුරණ්ඩු ගතිය, ලෝභකම, හෙමින් දුර්වල අන්දමින් වැඩ කිරීම, තම අදහසට ගැති වීම දුරදක්නා නුවණ මදකම, කල්පැනගිය අදහස් අනුමත කිරීම ඔබ තුළ ඇති චරිතමය දුර්වලතාය. ඔබ මිථුන ලග්නයේ නම් ආත්මාර්ථකාමී ගතිය තරමක් වැඩිය. සුළු සුළු කපටිකම් ද ඔබ තුළ ඇත. ඉඳහිට අනුන්ගේ සිත් රිදවීමට පි‍්‍රය කරයි. නිෂ්ඵල වියදම් ඇත. සමහර අවස්ථාවලදී තම තත්ත්වය ආරක්ෂා කර ගැනීමට අපහසු ස්වභාවයක් ඇති කර ගනී.
 
 ඔබ කටක ලග්නයේ නම් ඔබ ඉක්මනින් විඩාවට පත් වේ. සිහින ලොවක ජීවත් වෙයි. තමන්ට අනවශ්‍ය දෙයට අත තබයි. පැරණි අදහස්වලට හා ගතානුගතික බවට බර වී ඇත.
 
 ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ උදාරකම සමහර අවස්ථාවලදී පිරිහීම් ලකුණක් වෙයි. තමා අවට හා සම්බන්ධතා ඇති ස්ථානවලදී තදබල විනයක් හා බලයක් පාවිච්චි කරයි. වැදගැම්මකට නැති දේ ගැන ආඩම්බර වෙයි. වැඩ අතපසු කිරීම ද ඔබගේ ඇති චරිතමය දුර්වලකමකි.
 
 ඔබ කන්‍යා ලග්නයේ නම් පාඩුවේදී ඉක්මන් වීම, නිරහංකාරකමට එක් වූ පමණට වඩා යටහත් පහත්කම, සිත පාලනයට හරිහැටි නොකිරීමෙන් ලෙඩ දුක්වලට යොමු වීම ඔබ තුළ ඇති චරිතමය දුර්වලකම්ය.
 
 ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබ තම ආරක්ෂාවට පමණක්ම සීමා වූ කල්පනාවන්ගෙන් ලෝකයට ඇති සම්බන්ධතා පටු කර ගනී. සත්‍ය ඉදිරියේ නිහඬ වෙයි. රහස් චරිතය ද , ඉක්මන් කෝපය ද, ඇතැම් අවස්ථාවල පිළිගැනීමට තරම් දරුණු වීම ද ඔබේ චරිතමය දුර්වලතාය. ඔබ තුලා ලග්නයේ නම් ඔබ තුළ අනුකම්පාව අසීමිතව ඇත. තම අවශ්‍යතාවන්ට වඩා අනුන්ගේ අවශ්‍යතාවන් ගැන සිතයි. අනවශ්‍ය ලෙස ඇති අවිනිශ්චිත බව බියගුලූ ගතියක් ලෙස පෙනේ. ඕනෑවට වඩා සිතීම, අධික කාමාශාව, කම්මැලිකම, වැඩ අතපසු කිරීම ඔබේ චරිතමය දුබලතාය. ඔබ ධනු ලග්නයේ නම් අරමුණු රහිතව ඔබ තුළ ඇති උද්යෝගය පාඩු ඇති කරයි. අනවශ්‍ය විවාදවලට පැටලේ. තරමක අහංකාර බවක් ඇත. ආසාවන්ගෙන් තෙරපී ගිය ගර්වයෙන් දැවුණු දරුණු බව එතරම් යහපත් නැත.
 
 ඔබ මකර ලග්නයේ නම් ඔබ ගත් අරමුණෙහිම එල්බ ගෙන සිටී. නමුත් අරමුණුවල ඉලක්ක නැත. සිහින ලොව රජ කරයි. ක‍්‍රමානුකූල වීමට ගොස් සුළු දෙයට පවා කලකිරෙයි.
 
 ඔබ කුම්භ ලග්නයේ නම් ඔබ සම්ප‍්‍රදායන්ට ගරු නොකරයි. දුෂ්කර අවස්ථාවලදී ඇඟ බේරා ගනී. සමහර අවස්ථාවලදී මුරණ්ඩු හා උදාසීන අදහස් දරයි.
 
 ඔබ මීන ලග්නයේ නම් ඔබ තමන් ගැන කිසිම විවේචනයක් නොරුස්සයි. බොහෝ අවස්ථාවලදී කම්මැලිකමින් කාලය ගත කරයි. ජීවිතය ගැන වුවමනාවට වැඩි සැකයක් ඇත. ඉක්මන්කාරී කමින් කටයුතු කරයි. ආලය නිසා මුලා වීම ද, අනුකම්පාව හා අමතක කිරීම ද , ඇසුරට අපහසුකම් ද පෙනී යයි.
 
 විද්‍යා ජ්‍යොතිෂ, රඹුක්කන,
 හේළි සරත් රාජකරුණා
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles