Divaina - විවාහ ප‍්‍රමාදයට වැට බදින්නේ කුජද?

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

nakath1විවාහය සඳහා කේන්ද්‍ර ගැලපීමේදී කුජ දෝෂය හෙවත් භෞම දෝෂය පිළිබඳව නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. අද සමාජයේ පවතින ‘විවාහ ප‍්‍රමාදය’ යන දැවෙන සමාජ ගැටලූවට මෙම කුජ දෝෂය ඇති බව පැවසුවත්, කුජ දෝෂය යනු කුමක්ද? එහි බලපෑම කෙසේද? යන්න නොදන්නවා විය හැකිය. කේන්ද්‍රයක කුජ දෝෂය දුටු පමණින් බොහෝ දෙනකු බිය වෙති. සමහර ජ්‍යොතිෂවේදීන් එවැනි කේන්දර හිමියන්ව බිය ගන්වති.
 
 කුජ දෝෂය හෙවත් භෞම දෝෂය යනු කුජ ග‍්‍රහයා කේන්ද්‍රයක 1, 2, 4, 7, 8 හෝ 12 වැනි ස්ථානයක පිහිටා තිබීමයි. මෙම පිහිටීම දුටු පමණින් විවාහය සඳහා බාධා පවතින්නේද? විවාහ සහකරුට හෝ සහකාරියට අයහපතක් සිදු වේද? යන ගැටලූ මතු වේ. මෙහිදී කුජ ග‍්‍රහයා ඉහත ස්ථානවල පිහිටීමේ සම්භාවිතාව අනුව කේන්දර හිමියන්ගෙන් 50% ටම කුජ දෝෂය පවතී. එයට හේතුව වන්නේ කේන්ද්‍ර ස්ථාන 12 න් ස්ථාන 6 ට මෙම දෝෂය යෙදීමයි. කුජ දෝෂය යනු කුමක්ද? යන්න හඳුනා ගත් ඔබට, මීළඟට ඇති ප‍්‍රශ්නය වන්නේ, කුජ දෝෂය පවතින විට විවාහ ප‍්‍රමාදයට හෝ විවාහ ගැටලූවලට මෙය හේතු වේද? කුජ දෝෂය ඇති කෙනෙකු විවාහ විය යුත්තේ, මෙම දෝෂය සහිත කෙනෙකු සමඟ පමණද? යන්නයි.
 
 ඇත්තෙන්ම හරි හැටි කුජ දෝෂය හඳුනා නොගැනීම තුළ, හඳහන් පරීක්ෂා කිරීමේදී ඇතැමුන් මෙය පිළිබඳව වැරදි මත ඉදිරිපත් කරයි. ප‍්‍රථමව මෙම කුජ දෝෂය භාවානුරූපීව යෙදේද? යන්න පරීක්ෂා කළ යුතු වේ. එනම් රාශියම භාවය කර ගැනීමේ සංකල්පය තුළ එය නොපෙනේ. එනම් කුජ දෝෂය ඉහත සඳහන් කළ ස්ථානවලට අනුරූපීව භාවගත වේද? යන්න නිර්නය කළ යුතු වේ. භාවානුරූපීව කුජ ග‍්‍රහයා ඉහත ස්ථානවල පැවතුනහොත්, ඉන්පසු පරීක්ෂා කළ යුත්තේ දෝෂය භංග වන අවස්ථාවන්ය. කුජ දෝෂය හෙවත් භෞම දෝෂය භංග වන අවස්ථාවන් මොනවාද? යන්න සලකා බලමු.
 
 මෙහිදී කුජ ග‍්‍රහයා චර රාශියක නම් දෝෂය භංග වේ. එසේම සිංහ, කටක, මකර, කුම්භ රාශිවලදී දෝෂය නොයෙදේ. කුජ ග‍්‍රහයා ගුරු සමඟ යෝඝ වීමෙන් ද දෝෂය භංග වේ. මීට අමතරව, කුජ ග‍්‍රහයා ඉහත ස්ථානයක වී ගුරු විසින් දකින ලද්දේ නම්, එවිට ද මෙම කුජ දෝෂය අහෝසි වී යයි. කුජ ග‍්‍රහයා චන්ද්‍රයා සමග යෝග වේ නම් එවිට ද දෝෂය භංග වෙයි. යම් කේන්ද්‍රයක රුචක යෝගය යෙදී ඇත්නම්, එවැනි අවස්ථාවකදී ද කුජ දෝෂය භංග වෙයි. කුජ ග‍්‍රහයා 8, 12 අධිපතියා ලෙස 8, 12 යෙදීම තුළ ද කුජ දෝෂය හෙවත් භෞම දෝෂය භංග වෙනු ලැබේ. මීට අමතරව ගුරුට අයත් රාශියක් 8 වැන්න වී එහි කුජ සිටීම තුළ යෙදෙන කුජ දෝෂය ද භංග වී යනු ඇත. තවද තුලාව, වෘෂභය 12 වැන්න වී එහි කුජ යෙදුනේද? භෞම දෝෂයේ බලපෑම නැති වේ. කුජ, ගුරු පරිවර්තන යෝග යෙදී ඇති විටදී කුජ දෝෂය යෙදුනු අවස්ථාවල කුජ දෝෂය භංග වන අතර, කුජ දෝෂයට කුජ දෝෂය ඇති කෙනෙකු සමග විවාහ වීමෙන් කුජ දෝෂයේ බලපෑම නැති කර ගත හැකි වේ. තවද කටක, සිංහ ලග්නවලින් උපත ලැබූවන්ට කුජ දෝෂයේ බලපෑම අවම වේ. මෙම කාරණාවලට අමතරව තවත් කාරණා කීපයක් ඇත. එනම් කුජ දෝෂය යෙදී ග‍්‍රහයන්ගේ පාප දෘෂ්ටීන්, පා පීඩිත වීම් ආදිය ඇත්නම් එහි අයහපත් බලපෑම තවත් බලවත් වේ.
 
 විවාහයක් සඳහා කේන්ද්‍ර ගැලපීමේදී බහුලවම දක්නට ලැබෙන්නේ, කුජ දෝෂය දුටු පමණින් එහි බලපෑම නැති කිරීමට, එවැනි දෝෂයක් සහිත පුද්ගලයකුගේ ජන්ම පත‍්‍රයකට ගැලපීම පමණි. එහිදී එක් අයෙකුගේ කුජ දෝෂය භංග වී, තව කෙනෙකුගේ කුජ දෝෂය තිබිය හැකි අතර විටෙක දෙදෙනාගේම දෝෂ රහිත විය හැකිය. බොහෝ විට මෙම ගැටලූවට මුහුණ පාන්නට සිදු වන්නේ පේ‍්‍රම සබඳතා මගින් විවාහ වීමට සූදානම් වන අවස්ථාවන්වලදීය. මා ජ්‍යොතිෂ අත්දැකීම් හා පරීක්ෂණ මත, දළ කේන්ද්‍රයක 1, 2, 4, 7, 8, 12 යන ස්ථානවල කුජ ස්ථානගත වීම මත කුජ දෝෂය පවතින කේන්ද්‍ර හිමියන්ගේ ජන්ම පත‍්‍ර භාවානුරූපීව ඉහත සඳහන් කළ භංග වීම් ආදී කාරණා සලකා බැලූ විට
 
 ඔවුන්ගෙන් 35% ට පමණ කුජ දෝෂය යෙදී ඇති අතර, 65% මෙම දෝෂය නැති වෙයි. මෙය මා විසින් නියදි කීපයක් :ී්පචකැ* යොදාගෙන කළ පරීක්ෂණවල ප‍්‍රතිඵලයක් වන අතර, දෝෂය යෙදී විවාහ වී ඇති පුද්ගලයන්ගේ ආයුෂ, දරුඵල, සැප සම්පත් ආදී සියල්ලම කුජ දෝෂය බලපෑම කෙසේ සිදුවේද? යන්න පරීක්ෂා කොට, ජ්‍යොතිෂ න්‍යායන්වලට අනුව කරුණු සොයා බලා අනාවරණය කර ගත් දෑ වේ.
 
 කුජ දෝෂය නිසා පීඩා විඳින ඔබට මෙම ලිපිය මගින් කිසියම් අවබෝධයක් ලැබුණේ නම්, ඉහත කාරණාවලට අනුව, කේන්ද්‍ර සටහනේ ග‍්‍රහ පිහිටීම් සූක්ෂමව පරීක්ෂා කර ගත යුතු අතර, එසේ වන්නේ නම් අවිවාහක තරුණ තරුණියන්ගේ අනාගත ජීවිත සදාකල් තනිකඩ ජීවිත බවට පත් නොවන බව මගේ අදහස වේ.
 
 විද්‍යාවේදී ජ්‍යොතිෂවේදී ගෝඨාභය මුදලිගේ
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles