Divaina - අත්පා අප‍්‍රාණිකවූ රෝගියා සුවකරයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

wedda8 2 ප‍්‍රශ්නය - අද ඔබ අපට ඉදිරිපත් කරන සිද්ධි අධ්‍යයනය කුමක්ද?
 
 වෛද්‍ය එම්.ඒ. මදනායක - මෙයට මාසයකට විතර පෙර අවුරුදු 65 ක් වයසැති රෝගියෙක් මා වෙත පැමිණියා. පැමිණියා යැයි කීවාට ඇත්තටම සිදුවුණේ ඔහුගේ ඥාතීන් විසින් ඔහු ඔසවාගෙන මගේ රෝහලට ගෙන ඒමයි.
 
 ප‍්‍රශ්නය - ඔහුගේ රෝගය කුමක්ද?
 
 වෛද්‍ය එම්.ඒ. මදනායක - මෙයට අවුරුදු දෙකකට පමණ පෙර ඔහුගේ උරහිස් සහ ගෙල රිදෙන්නට පටන් ගත්තා. සති කිහිපයක් ඇවෑමෙන් මේ වේදනාව
 
 දරාගන්නට බැරි කැක්කුමක් බවට පත්වෙනවා. එහිදී ඔහු රෝහල්ගත වන අතර වෛද්‍යවරු ඔහුට වේදනා නාශක ලබාදෙනවා. වේදනා නාශක පානය කළාම උරහිස්වල සහ ගෙලෙහි වේදනාව නැති වුණත් මෙම ඖෂධීය ක‍්‍රියාකාරිත්වය නතර වූ වහාම වේදනාව නැවත පටන් ගන්නවා.
 
 රෝහලෙන් දුන් බෙහෙත් නිමවී දවස් තුනක් යනවිට ඔහප‍්‍රශ්නය - ඔබ වෙත ගෙනෙන මේ රෝගියා පරීක්ෂා කරන්නේ කෙසේද?
 
 වෛද්‍ය එම්.ඒ. මදනායක - රෝගියා පරීක්ෂා කිරීමේදී මට පෙනී ගියා මේ රෝගියාගේ ග‍්‍රීව අස්ථියේ නොහොත් ගෙල ඇටයේ ස්නායු බාධකයක් (NERVE BLOCK) හටගෙන තිබෙන බව.
 
 ප‍්‍රශ්නය - මෙය සුවපත් කළ හැකි තත්ත්වයක් කියලා ඔබ විශ්වාස කළාද?
 
 වෛද්‍ය එම්.ඒ. මදනායක - පළමු දවසේ මුල් වරට මේ
 
wedda8 1 රෝගියාගේ ගෙල පිටුපස ප‍්‍රදේශයට අත තබා අස්ථි පිරිමැද පරික්ෂා කිරීමේදී මේ රෝගියාට සුදුසු ඖෂධවල වට්ටෝරු පවා මට සිහිපත් වුණා. අපේ පරම්පරාවේ බෙහෙත් වට්ටෝරුවල බෙහෙත් වර්ග තිහ හතළිහක් නෑ. වැඩිම වුණොත් බෙහෙත් වර්ග හතරක් හෝ පහක් විතරයි තියෙන්නේ. සමහර අවස්ථාවල තිබෙන්නේ එකම එක බෙහෙතක් පමණයි. හැබැයි අපේ බෙහෙත් වට්ටෝරුවල තිබෙන බෙහෙත් සමාන මාත‍්‍රාවලින් ගැනීමක් නැහැ. ඖෂධ වර්ග ගන්නේ විවිධ මාත‍්‍රාවලින්. එමගින් තමයි සමස්ත ඖෂධයේ ස්වරය හෙවත් බලය සුදුසු පරිදි අප සකසා ගන්නේ.
 
 ප‍්‍රශ්නය - මේ රෝගියා සුවපත් කිරීමට ඔබට හැකි වුණාද?
 
 වෛද්‍ය එම්.ඒ. මදනායක - සති හතරක් තුළ පයින් ඇවිදීමටත්, අත්වලින් වැඩ කිරීමටත් ඔහුට හැකි වුණා.
 
 ප‍්‍රශ්නය - මේ රෝගියාට ප‍්‍රතිකාර කිරීමේදී ඔබ අනුගමනය කළ ක‍්‍රමවේදය කුමක්ද?
 
 වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙහිදී මා මුලින්ම කළේ රෝගයේ අභ්‍යන්තර ස්වරූපය හඳුනා ගැනීමයි. රෝගයක ස්වරූප දෙකක් තියෙනවා. එකක් තමයි මා කලින් කියූ අභ්‍යන්තර ස්වරූපය. අනික තමයි බාහිර ස්වරූපය. ග‍්‍රීව අස්ථියට අදාළ රෝගයේ බාහිර ස්වරූපය තමයි උරහිස් අත් පා ඊළඟට දෙපා වේදනා ගෙනදී අක‍්‍රිය වීම. එයට මුල තමයි ග‍්‍රීව අස්ථියේ අභ්‍යන්තර රෝගී ස්වරූපය. මේ සාකච්ඡාවට අදාළ
 
 රෝගියාගේ ග‍්‍රීව අස්ථියේ ඝනත්වය අඩුවී තිබුණා. මෙයට බටහිර විද්‍යාවේදී කියන්නේ LOW BONE DENSITY කියලයි. එනම් අස්ථියේ නිර්මිතය වන කැල්සියම් සංයුතියේ ඝනත්වය අඩු වෙනවා. මෙහෙම උනහම ඕනෑම ඇද වැටීමකදී.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles