Divaina - පුරස්ථි ග‍්‍රන්ථියේ ආබාධ සුව කරන විස්මිත ඔසු

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

weda22 2 හුගක් දෙනා අමාරුවේ වැටෙන්නේ රෝග ලක්‍ෂණ සැගවීමෙන්
 
 පිරිමි පාර්ශ්වය අතරින් දැකිය හැකි හා වර්තමානයේ බොහෝ දෙනා ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගී තත්ත්වයක් ලෙස පුරස්ථි ග‍්‍රන්ථි ප‍්‍රදාහය පෙන්වා දෙන්න පුළුවන්. මෙම රෝගය වයස අවුරුදු 50 ට වැඩි පිරිමින්ට වැලඳෙනවා වැඩියි. වසර හත අටක් තිස්සේ වුවද ක‍්‍රමයෙන් විශාල වී එකින් එක රෝග අපහසුකම් ඇතිවී බටහිර වෛද්‍යක‍්‍රමයේදී ශල්‍යකර්මයක් මගින් පුරස්ථි ග‍්‍රන්ථිය ඉවත් කිරීමට සිදු වෙනවා. නමුත් මා සතු පාරම්පරිකව පැවත ආ විශේෂ ප‍්‍රතිකාර කිහිපයක් මගින් කිසිදු කැපවීමකින් තොරව නිට්ටාවට සුව කළ රෝගීන් ගණන අධික බව දන්වන්නේ ඉතාමත් සතුටින්.
 
 පුරුෂයන්ගේ මෞත‍්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව පිහිටා ඇති මෙම පුරස්ථි ග‍්‍රන්ථිය පුවක් ගෙඩියක ප‍්‍රමාණයෙන් සහ හැඩයෙන් යුක්තව මුත‍්‍රාශයට යටින් මුත‍්‍රා නාළය ආරම්භ වන ස්ථානයේ ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටා එමෙන්ම මෙම ග‍්‍රන්ථිය මුත‍්‍රා නාලය වටකරගෙන පිහිටා ඇත.
 
 මෙහිදී මුත‍්‍රා මාර්ගයේ මුත‍්‍රා පාලනය කිරීමට අදාළව කි‍්‍රයාකරන පේශි වලින් කොටසක් මෙම ග‍්‍රන්ථිය ආශි‍්‍රතවයි පිහිටන්නේ. එසේම ශුක‍්‍රාණු වලට පෝෂණය ලබා දෙන තරල මාධ්‍ය ලබාදීම සිදුකරනවා.
 
 මෙම ප‍්‍රධාන කාර්යයන් සිදුවන පුරස්ථි ග‍්‍රන්ථිය අධි වර්ධනය වීමෙන් නැත්තම් ප‍්‍රදාහය හේතුවෙන් (ග‍්‍රන්ථිය විශාල වන විට) මුත‍්‍ර නාළ තෙරපී මුත‍්‍රා පිට කිරීමට අපහසු වෙනවා. එමෙන්ම,
 
 මුත‍්‍රා කරන වේගය අඩුවීම.
 
 නිතර නිතර කුඩා පරිමාවලින් මුත‍්‍රා පිටවීම.
 
 මුත‍්‍රා පිට කිරීමට බොහෝ වේලාවක් ගතවීම.
 
 මුත‍්‍රා පිට කිරීමට දැඩි ආයාසයක් දැරීමට සිදුවීම.
 
 රාති‍්‍ර කාලයේ මුත‍්‍රා පිට කිරීමට අවශ්‍ය වීම.
 
 මුත‍්‍රා පිට කළ පසු ද මුත‍්‍රා කිරීමට අවශ්‍ය බව සහ තව ඉතිරි වූ බව දැනීම.
 
 මුත‍්‍රා සමග ලේ පිටවීම දක්නට ලැබෙන රෝග ලක්‍ෂණයි.
 
 මේවා නොසලකා හැරියහොත්
 
 මුත‍්‍රා ආසාදන ඇතිවිය හැක.
 
 මුත‍්‍රා ගල් ඇතිවිය හැක.
 
 වකුගඩු සහ ආශි‍්‍රත නාල ඉදිමීම සිදුවිය හැක.
 
 අවසානයේදී වකුගඩු අකර්මන්‍ය වීම සිදුවෙයි.
 
 කුමන තත්ත්වයකදී රෝගය ඇති වුවත් මෙම රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීමේදී ඖෂධවලින් විශේෂ තැවීමක් හා කසාය ලබා දෙනවා. මෙම ඖෂධ ප‍්‍රතිකාර සියල්ලම මා විසින්ම හදලා
 
 රෝගියාට දෙනවා. රෝගය අනිවාර්යයෙන්ම නිට්ටාවටම සුව කිරීමට හැකියි. පිළිකා තත්ත්වයට පැමිණියත් අපි සම්පූර්ණ සුවය ලබා දෙනවා. රෝගයේ තත්ත්වය අනුව තමයි සුවවීමේ කාලය තීරණය වන්නේ රෝගී ලක්‍ෂණ දැනුන විගස ප‍්‍රතිකාර ලබා ගතහොත් ඉතා ටික දිනකින් සුවය ලබා ගත හැකියි.
 
 අපත්‍ය ආහාර වශයෙන් ඔබ නොගත යුත්තේ උෂ්ණ අධික ආහාර හා අම්ල අධික ආහාරයි. අපහසුතාවකින් තොරව එදිනෙදා කටයුතු කර ගැනීමේ හැකියාවද ඔබට ලැබේ. රෝගී ලක්‍ෂණ දැනුන විගස ප‍්‍රතිකාර ලබා ඉතා ටික දිනකින් සුවය ලබන්න.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles