Divaina - වසර තුනක් ආහාර ගිලීමට නොහැකිව සිට ඞී.එන්.ඒ. ස්කෑන් සමග සුවකිරීමේ ක‍්‍රමයෙන් ඒවෙලේම ආහාර ගනී

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

weda9 4කුරුණෑගල කටුපොත ආර්.එම්. ඩිංගිරිමැණිකේ මාතාවගේ කථාව කියවලාම බලන්න.
 
 ‘‘මගේ වයස 67 යි. මීට අවුරුදු තුනකට තුනහමාරකට ඉස්සෙල්ල මට කෑම කනකොට හිරවෙන්න පටන් ගත්තා. වතුර බොනකොටත් හිරවෙනවා. ඊටපස්සේ කුරුණෑගල මහරෝහලෙන් බෙහෙත් ගත්තා. දොස්තර මහත්වරුන් කිව්වේ තයිරොයිඞ් ප‍්‍රශ්නයක් කියලයි. ගලනාළයේ හිරවීමක් තියෙනවා කියලත් කිව්වා. එක එක පරීක්ෂණ කරලා ස්කෑන් කරලා තමයි එහෙම කිව්වේ. ඒවාට බෙහෙත් දුන්නා.
 
 කොච්චර බෙහෙත් බිව්වත් ලෙඬේ පොඞ්ඩක්වත් අඩුවුණේ නැහැ. කන්න බැරිවම ගියා. වතුරත් ඉතාමත් අමාරුවෙන් තමයි බිව්වේ. සිංහල වෙදකමුත් කළා. බෙහෙත් ගුලියක්වත් කසාය ටිකක්වත් බොන්න බැරිව
 
 ගියා. මම නොමැරි මැරුණා. පුදුම දුකක් වින්දේ.
 
 ඊට පස්සේ පේරාදෙණියේ ගියා. එහිදී දොස්තර මහත්වරු ස්කෑන් කරලා ගලනාළයේ හිරවීමක් තිබෙන බව පවසා ගලනාළය ඈත් කරන්න ඕනි කියලා කිව්වා. ඒක කළාට පස්සේ යන්තම් දියර ආහාර ටිකක් සුප්, කැඳ වගේ බොන්න පු`ඵවන් වුණා. ඒත් දවස් දෙක තුනක් යනකොට පරණ විදිහටම හිරවෙන්න පටන්ගත්තා. අයිත් ගියහම දොස්තර මහත්වරු කිව්වේ මාසයකට සැරයක්වත් ඇවිත් ගලනාළය ඈත්කරගන්න කියලා. සැත්කමක් කරන්නත් වයස හොඳ නෑ කියලත් කිව්වා. ගලනාලය ඈත් කිරීමත් දිගින් දිගටම කරන්න හොඳ නෑ කියලා කිව්වා. ගලනාළය ඈත් කලාට පස්සේ දවස් දෙකක් තුනක් විතර දියර ආහාර ටිකක් ගන්නවා. එච්චරයි.
 
 ඔහෝම අවුරුදු තුනක් විතර දුක්විඳිමින් ජීවත් වෙනකොට තමයි පත්තරේ දැකලා කැන්ගන් ජල ප‍්‍රතිකාරය කරන්න දොස්තර ගුණරත්න මහත්තයාගෙන් දිනයක් වේලාවක් වෙන්කරගෙන එහි ගියේ.
 
 ඇස්වහක් කටවහක් නෑ මහත්තයෝ එහේ සිටියේ දොස්තර මහත්තයෙක් නෙවෙයි ජීවමානව වැඩ ඉන්න දෙවිකෙනෙක්.
 
 අපේ ළමයි හරිම අමාරුවෙන් මාව මාතර එක්කරගෙන ගියේ. ඒ මම ගොඩක් අමාරුවෙන් හිටිය හින්දා. දොස්තර මහත්තයා මට ඞී.එන්.ඒ. ස්කෑන් පරීක්ෂණයක් කරලා මගේ තියන ඔක්කෝම ලෙඩ කිව්වා. මගේ ගලනාළයේ හිරවීම නිසා කන්න බොන්න බැරි එකත් කිව්වා. බයවෙන්න එපා ඒක මම දැන් හදලා දෙන්නම් කිව්වා. ඊටපස්සේ ඒ යන්ත‍්‍රයෙන්ම මට සුවකිරීමේ ක‍්‍රමයක් කළා. මට ලොකු පහසුවක් සුවයක් දැනුණා. ඊටපස්සේ මගේ දුවට කිව්වා දැන් මට කෑම ටිකක් කවන්න කියලා. දොස්තර මහත්තයාගේ ගෙදරින්ම ඒවෙලේ මට කෑම ලබාදුන්නා. පොල්සම්බෝලයි බතුයි. මගේ දුව මට ඒක කැව්වා. මම ඒ කෑම ටික ඔක්කෝම කෑවා. ඒවෙලේ කාපු කෑම ගිලින්න පු`ඵවන් වුණා. අවුරුදු තුනකට පස්සේ එදා තමයි මම බත් පි`ගානක් කෑවේ.
 
 දොස්තර මහත්තයා කිව්වා මට දිගටම කැන්ගන් වතුර බොන්න කියලා. කැන්ගන් වතුර බීලා නැවතත් පැමිණ ස්කෑන් පරීක්ෂණයක් කරගන්න කියලා. කැන්ගන් වතුර බීලා ඊටපස්සෙත් ගිහින් තවත් සුවකිරීමේ ප‍්‍රතිකාරයක් කරගත්තා. දැන් මට හොඳටම සනීපයි. ඕන දෙයක් කනවා බොනවා. කැන්ගන් වතුර තමයි තවම බොන්නේ. වතුර බොන සැරයක් ගානේ අවුරුදු ගානක් අපා දුක් විඳපු මාව සනීප කළ ඒ උත්තමයා බුදුවෙන්න ඕනි කියලයි මම ප‍්‍රාර්ථනා කරන්නේ....’’ ආර්.එම්. ඩිංගිරිමෑණිකේගේ කථාව ඕන්න ඔහොමයි.
 
kanagan23 මේ කථාව අහපු මම වෛද්‍ය ගුණරත්න මහතාගෙන් විමසුවේ මෙවැනි ආහාර නොගත් රෝගීන්ට පළමුව දියයුත්තේ පොල්සම්බල් සහ බත් ද කියලයි. මේ නිහරංකාර අව්‍යාජ වෛද්‍යවරයා දුන් පිළිතුර නම් පොල්සම්බල් සහ බත් වල විශේෂත්වයක් තියෙනවා. තවත් සුදුසු කෑම වර්ග තියනවා. ඒවෙලාවේ උදේ අපේ ගෙදර කෑමට තිබුණේ පොල්සම්බෝලයි බතුයි විතරයි...’’ යනුවෙනි.
 
 කැන්ගන් ජලයේ ඇති හාස්කම් වැනි ප‍්‍රතිඵලත් නවීන රුසියානු තාක්ෂණයෙන් හෙබි ඞී.එන්.ඒ. ස්කෑන් පරීක්ෂණ යන්ත‍්‍රයට ජපන් තාක්ෂණය යොදා කරන ලද වෛද්‍ය ගුණරත්න මහතාගේ දීර්ඝ පර්යේෂණයකින් ලැබුණු සාර්ථක ප‍්‍රතිඵලයක් ලෙස ඒ මොහොතේම රෝග සුවකිරීමේ හැකියාව ඇති ක‍්‍රමවේද තුළින් කරන ලද තවත් හාස්කම් ඉදිරියේදී ඔබ දැනුවත් කිරීම සඳහා ඉදිරිපත් කිරීමට අප සුදානම් බවද පැවසිය යුතුයි.
 
 එල්. ගුණරත්න සමග සාකච්ඡා කළේ
 අමරසිංහ මාලගේ
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles