Divaina - නහර ගැට ගැසීමේ රෝගයෙන් තවත් දුක් විදින්නේ මොකටද?

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

weda2 3 අපේ වෙද පරම්පරාව ක‍්‍රි.පූ. 1 වන සියවසේ වළගම්බා යුගය දක්වා අතීතයකට දිව යනවා. අප වෙද පරම්පරාව වැදි පරපුරකින් පැවත එන්නක්. මිනිසාට වැළඳෙන සියලූ රෝග සුව කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ ප‍්‍රතිකාර අප සතුව තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි පාරම්පරික හෙළ වෙදකම තුළ ඉතා විස්මයජනක ප‍්‍රතිකාර ක‍්‍රම තිබෙනවා රෝග සුව කිරීම සඳහා. අප ප‍්‍රතිකාර සඳහා යොදා ගන්නේ එම පාරම්පරික ප‍්‍රතිකාර විධියි.
 
 ඕනෑම රෝගයක් වැළඳුණු රෝගියෙක්ට අප ප‍්‍රතිකාර කර සුව කරනවා. නහර ගැට ගැසීමේ රෝගය සඳහාත් අප සතුව සුවිශේෂී ඖෂධ තිබෙනවා. අප රෝගියා පරීක්ෂා කර බලා ඔහුට හෝ ඇයට නියම කරන ප‍්‍රතිකාර නියමිත ආකාරයෙන් ලබා ගත්තොත් කෙටි කාලයකින් රෝගී තත්ත්වය සුවකර  ගැනීමට හැකියාව තිබෙනවා.
 
 බොහෝ විට මෙම රෝගය හට ගන්නේ වයස අවුරුදු 30-35 කාලය සහ ඊට වැඩි අය ස`දහායි. කාන්තාවන්ට මෙම රෝගය වැළ`දීමේ වැඩි ප‍්‍රවණතාවක් තිබෙනවා. සිරුරේ බර වැඩිවීම, උස වැඩිවීම, ගර්භනී කාලය, වැඩිපුර සිට ගෙන සිටීම, සිරුරේ රුධිර පීඩනය වැඩිවීම, දිගුකල් පවතින කැස්ස වැනි දේ නිසා මෙම රෝගය වැළ`දීමේ හැකියාව තිබෙනවා.
 
 සිරුර අභ්‍යන්තරයේ මෙම රෝගය හට ගැනීම සිදුවන්නේ ආමාශය හා ගලනාලය ආශි‍්‍රතවයි. සිරුර මතුපිට ශේෂයෙන්ම හටගැනීම සිදුවන්නේ කකුල් ආශ‍්‍රිතවයි. අත්වලද මෙම රෝගී තත්වය හටගැනීම සිදුවිය හැකියි. විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මෙම රෝගීන් අප නියම කරන ඖෂධ නියමිත ප‍්‍රමාණයෙන් නියමිත කාලය තුළ නොකඩවාම ගත යුතු වෙනවා. අතරමැද කැඩි කැඞී ඖෂධ ලබා ගත්තොත් රෝගය නියමිත කාලය තුළ සුවකර ගන්න බැරි වෙනවා. ක‍්‍රමාණුකූලව ප‍්‍රතිකාර ලබා ගන්නා අය ඉතා කෙටි කාලයකින් සුවය ලබනවා. තවත් බොහෝ පිරිසක් වෙද මහතාගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා තම වාරය පැමිණෙන තුරු බලා සිටින නිසා අප වෙද මහතාට සමුදුන්නේ තවත් දිනක එතුමන් කරා පැමිණ මෙම හෙළ වෙදකමේ විස්මිත ප‍්‍රතිකාරවලින් සුවකළ හැකි තවත් රෝගයක් පිළිබඳ තොරතුරු විමසීමේ පොරොන්දුවෙනි.

weda2 4

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles