Divaina - චතුරිගේ රෝගී මනස නිරෝගී කළ හැටි - විස්මිත මෝහන ප‍්‍රතිකාර

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

weda2 2- 36 වන කොටස

- වේලාව හරියටම රාති‍්‍ර 12 ට ආසන්න වුණා පමණි. හදිසියේ පැමිණි දුරකථන ඇමතුමකින් කියවුණේ නෙල්සන් ප‍්‍රනාන්දු මාමා මියගොස් ඇති බවයි. කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් සිටී අතර මරණය ගැන කල් ඇතිව අවධානයෙන් සිටියෙ.

නමුත් චතුරිට නම් මරණය යන වචනයවත් ඇසීමට තරම් පිළිකුල් සහගත එකක් විය. ඇයගේ නිවසේ සිට සැතපුම් සියයක් පමණ දුර යෑමට සිදුවී ඇත. චතුරි මේ වනවිටත් සිහින දකිමින් සුව යහනක තද නින්දට වැටී ඇත. තවමත් යොවුන් වියේ පසුවන ඇය නිවසෙහි තනිකර දැමීමට පවුලේ අයට හැකියාවක් ද නැත.

මවගේ බාල සොහොයුරාගේ මරණ කටයුතු වෙනුවෙන් පවුුලේ සැවොම අනිවාර්යයෙන්ම යායුතුව ඇත. නමුත් චතුරිව කැටුව යන එක නම් මවුපියන්ට ඇත්තේ බරපතළ ගැටලූවකි. ඇයට වසර තුනක පමණ සිට මළ ගෙදරක යෑම හරි අපහසු කාර්යයක් විය.

හදිසියේවත් මළ ගෙදරක ගොස් පිට අයෙකු තම නිවසට පැමිණ පුටුවක වාඩි වුවහොත් එය සබන් යොදා දෙතුන් පාරක් සෝදා පවිත‍්‍ර කිරීම ඇයගේ අනිවාර්යකාරියක් බවට පත් විය. මාස කීපයක් ගත වනතුරුම එම පුටුව මත වාඩි වීම ඇය ප‍්‍රතික්ෂේප කරන අතරම සුදු රෙද්දට ඇය දැඩි බියක් දක්වයි. සුදු වස්ත‍්‍රයෙන් සැරසී සිටින අයෙකු අහලකටවත් යෑමට ඇයට ඇත්තේ මහත් අපහසුතාවකි.

කෙදිනක හෝ එම සුදු ඇඳුමෙන් මළ ගෙදරක යන්න ඇතැයි ඇයට නිතරම සිතෙන්නට විය. මේ නිසාම සුදු ඇඳුම කෙරෙහි ඇයට ඇත්තේ හරිම හිරිකිතයකි. පාරේ යන එන විට ද සුදු ඇඳුමක් ඇඳගත් අයෙකු දුටුවහොත් හැකිතාක් ඔහුගෙන් හෝ ඇයගෙන් ඈත් වී යෑමට උත්සුක වෙන ආකාරය කොයි කාටත් අවබෝධ වෙනු ඇත.

සුදු කොඩියක් දුටු සැණින් චතුරිගේ ඉරියව් සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයක් ගනී. එවිට යන එන ගමන පවා මතකයෙන් ගිලිහී යයි. මේ අනුව අමතක වීමේ

ගැටලූවට ද ඇයට මුහුණ දීමට සිදු වී ඇත.

මේ අතර හිතවතෙකුගෙන් ලද ආරංචියකට දෙමාපියන් චතුරිව මනෝ වෛi ප‍්‍රතිකාර සඳහා යොමු කර සිටියේය. සුදු කොඩි භීතිකාවේ සුලමුල සෙවීම සඳහා වෛiවරයා ඇයව මෝහනයට පත් කළේය.

දවසක් අපේ ගමට අල්ලපු ගමේ  ගැහැනු ළමයකු මියගොස් තිබුණා. සෝමලතා ඇන්ටි මළගෙදර ගොස් ගෙට ඇවිදින් මරණෙ ගැන විස්තර කිව්වා. විෂ බීජ ශරීර ගත වී මියගොස් ඇති අතර සිරුර ඉදිමී ඇති බවත් තරමක් දුඟද හමන බවත් ඇය කියා සිටියා.

එම කතාවත් සමග එයාගේ සුදු ඇඳුමෙන් මට දුඟදක් දැනුණා. එය මරණයේ ගඳයි. ඒක මට මහා අප‍්‍රසන්න එකක් වුණා. එමෙන්ම සුදු රෙදි මළ ගෙවල්වල අඳින නිසා ඒවායෙහි විෂ බීජ ඇතැයි මට බයක් දැනුණා. මෝහනයට පත් චතුරි කී කතාවෙන් සුදු කොඩිය යට සැඟවුණු රහස හෙළි කර  ගැනීමට හැකි විය.

මරණයේ අමිහිරි අත්දැකීම් තම ජීවිතයට සම්බන්ධ කර නොගත යුතු අතර වෙනත් අයකුගේ මරණයකින් තමන්ට කිසිදු හානියක් නොවන බවත් වෛiවරයා විසින් ඇයගේ යටි සිතට අවබෝධ කර විය.

තම සිතෙහි තිබූ අමිහිරි මතක සටහන් ඉවත් කරගෙන ජීවිතය ඉදිරියෙන් ඉදිරියටම යෑමට විස්මිත මෝහන ප‍්‍රතිකාරය ඉවහල් වූ හැටි සතුටින් මතක් කරන්නේ ජීවිතයේ ලද ලොකුම ජයග‍්‍රහණයක් හැටියටය.

weda2 5

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles