Divaina - අර්ශස් සුවකරමු

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

weda2 1 අර්ශස් රෝගයෙහි ලක්‍ෂණ,
 
 මෙහි ප‍්‍රධානතම ලක්‍ෂණය නම් තදබල ලෙස කේන්තියාම යි. තවද ඇවිදිමේදී ඇතිවන අපහසුතා, මුනින් අතට නිදා ගැනීම හැර වෙනත් ඉරියව්වකට නිදාගැනීමේ අපහසුතාව, නිසිපරිදි මළ පිට නොවීම, අර්ශස් ගෙඩි ඇතිවීම, රුධිරය පිටවීම, වේදනාකාරී බව මෙහි මූලිකම ලක්‍ෂණ වේ.
 
 මෙම රෝගය ඇතිවීමට බලපාන හේතුව වන්නේ කුමක් ද?
 
 මූලික වශයෙන් අර්ශස් ඇතිවීම සදහා ජානමය වශයෙන් යම් බලපෑමක් ඇතිවිය හැකි ය. මවට එසේත් නැතිනම් පියාට මෙම ලක්‍ෂණ පවතීනම් ළදරු කාලයේ සිට දරුවාට ද මෙම රෝග ලක්‍ෂණවලට මුහුණදීමට සිදු වේ. මීට අමතරව වර්තමාන කාර්යබහුල ජීවන රටාවේ බලපෑම නිසා දරුවකුගේ කුඩා කාලයේ සිටම රෝගයට ගොදුරු විය හැකි ය. පෙර පාසල් යන වයසේ දරුවකු පිළිබ`ද සලකා බැලූ විට ඉතා උදෑසනින් මවුපියන් විසින් ඔවුන් අවදි කරගන්නා අතර දැඩි කලබලකාරී තත්ත්වයක් මැද ඔවුන් පාසල් යැවීම ස`දහා සුදානම් කරනු ලැබේ. මෙවැනි තත්ත්වයකදී දරුවාට වැසිකිළි අවශ්‍යතා පවා නිසිපරිදි නිදහසේ ඉටු කරගැනීමට හැකියාවක් නොමැති විය හැකි ය. බොහෝදුරට රාතී‍්‍ර කාලයේදී දරුවන් වැඩිපුර වේලාවක් අවදි කරගෙන සිටීම නිසා උදේ කාලයේ දී විශේෂයෙන් මවුපියන්ට මේ ගැටලූවට මුහුණ දීමට සිදු වේ. කෙසේ වෙතත් උදේ කාලය තුළ දරුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූවත් මළපහ නොකරන ලෙසින් දරුවන්ට තරවටු ද කරනු ලැබේ. ඒ වගේම නිවසින් පිටතදී මෙන්ම පාසලේදී පවා මළපහ නොකරන ලෙසින් ද අවවාද කරනු ලැබේ. මෙවැනි තරවටු කිරීම් නිසා දරුවෙකුට නිවසින් පිටතදී හෝ කුමන අවස්ථාවකදී හෝ මළ පිටකිරීමේ අවශ්‍යතාව පැමිණියත් එය ඉවසා දරාගැනීමට පුරුදු වේ. පසුව කාලයත් සම`ග මෙම තත්ත්වය ඔවුන් පුරුද්දක් බවට පත් කරගනු ලැබේ.
 
 කුඩා දරුවන්ට පමණක් නොව තරුණ වයස්වල පසුවන අයට ද අත්වන්නේ මීට සමාන ඉරණමකි. ඔවුන්ගේ කාර්යබහුල ජීවන රටාව තුළ වැසිකිළියාම ස`දහාවත් ඉඩක් ලබාදීමට ද ඔවුන්ට හැකියාවක් නොමැත.
 
 තවද ජලය ප‍්‍රමාණවත් පරිදි පානය නොකිරීම, වැරදි ආහාර පුරුදු (පිටි සහිත ආහාර, ක්‍ෂණික ආහාර වැඩිපුර ගැනීම), අම්ල අධික ආහාර ලබාගැනීම (බිලිං,
 
 ගොරකා, සියඹලා, ඇඹරැුල්ලා), උෂ්ණ අධික ආහාර (ඉස්සෝ, දැල්ලෝ, බල මාළු) භාවිතයත් මීට බලපාන අනෙකුත් හේතු වේ.
 
 ඉහත හේතුන්ට අමතරව
 
 ගැස්ට‍්‍රයිටීස් තත්ත්ව ආශි‍්‍රතව ඇතිවන ආහාර ජීර්ණයේ යම් යම් දුර්වලතා ද මීට හේතු වේ. ඒ අනුව ආහාර මාර්ගයේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩුකම් නිසා එහි අවසන් කෙළවරට (ගුද මාර්ගයට) අර්ශස් වැනි රෝගී තත්ත්ව ඇති කරනු ලැබේ.
 
 මෙම රෝගය සුවකිරීමට ක‍්‍රමයක් නැති ද?
 
 මළපහ කිරීමේ යම් යම් අපහසුතා තිබෙනවා නම් හා නිසිකලට වේලාවට මළපිට වන්නේ නැතිනම් එය ඉතාමත් බරපතළ ගැටලූවකි. නමුත් සාමාන්‍යයෙන් පුද්ගලයකු උදෑසන අවදි වූ විගස මළපහ කළ යුතු ය. සාමාන්‍යයෙන් දවසට දෙවරක්වත් අවම වශයෙන් මළපිට කිරීම ගැටලූවක් නොවුණත් ඊට වඩා වැඩි වාර ගණනාවක් වැසිකිළි යාමේ අවශ්‍යතාවන් ඇති වීමත් ගැටලූකාරී විය හැකි ය.
 
 ලබන සතියට

weda2 7
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles