Divaina - ඇට දිරායාම වළක්වන දේශීය තෙල් වර්ගයක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ප‍්‍රශ්නය - පසුගිය සතියේදී ඔබ සමග අප සාකච්ඡුා කළේ අස්ථි ක්ෂය වීම ගැනයි. මේ රෝගයට ප‍්‍රතිකාර කරන්නට ආයුර්වේදය මගින් හැකිද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - අස්ථි ක්ෂයවීම දවසෙන් දෙකෙන් සිදුවන්නේ නැහැ. එය දිගු කාලයක ක‍්‍රියාවලියක්. එසේම මේ රෝගය පැය විසිහතරෙන් සුව කරන්නටත් බැහැ. ඒ සඳහා යම් ප‍්‍රමාණයක කාලයක් අවශ්‍යයි.
 
 ප‍්‍රශ්නය - ක්ෂය වූ අස්ථි නැවත වර්ධනය කිරීමට උපකාරී වන සංයෝග අඩංගු ඖෂධීය ශාක වර්ග මොනවාද?
 
weda33
 වෛද්‍ය වසන්ත උදයජීව - අශ්වගන්ධ හෙවත් අමුක්කරා, හාතාවාරිය, ජටමාන්සි වැනි ශාකවල තිබෙනවා අස්ථි වර්ධක ගුණය අඩංගු සංයෝග. අස්ථි වර්ධනය පමණක් නොව අස්ථි ශක්තිමත් කිරීමටත් මේ ශාකසාර යොදාගත හැකියි. සුදු තල ඇට තේ හැන්දක් වතුර ස්වල්පයක දමා රැුයක් පුරා පෙෙඟන්නට හැර උදේට අනුභව කළාම අස්ථි වර්ධනය වීම සහ ශක්තිමත්වීම සිදුවන බව ඉපැරණි ඉන්දියාවේ මතයක් ලෙස පැතිර තිබුණා.
 
 ප‍්‍රශ්නය - අස්ථි ක්ෂයවීම නැතිකර කාටිලේජ වර්ධනය කිරීම සඳහා ත‍්‍රිපලා වලින් ලබාගත හැකි උපකාරය කුමක්ද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - ත‍්‍රිපලා කියන්නේ අරළු, බුළු, නෙල්ලි කියන තුන් වර්ගයයි. ත‍්‍රිපලා චූර්ණය අස්ථි රෝගවලට ඉතාම සුදුසුයි. සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස් මත ත‍්‍රිපලා චූර්ණය සහ තවත් බෙහෙත් වර්ග කිහිපයක් පාවිච්චි කිරීමෙන් අස්ථි ක්ෂය වීමේ රෝගයට අත්දුටු ප‍්‍රතිකාර කළ හැකියි. අස්ථිවල සහ සන්ධිවල ප‍්‍රදාහ තත්ත්වයන් ඇතිවීමට යුරික් අම්ලය දැඩි ලෙස බලපානවා. ශරීරයේ තිබෙන අතිරික්ත යුරික් අම්ල ඉවත් කිරීමට ත‍්‍රිපලා වලට පුළුවන්.
 
 ප‍්‍රශ්නය - දෙහි යුෂ පානය කිරීම අස්ථි වලට බලපාන්නේ කොහොමද?
 
 වෛද්‍ය වසන්ත උදයජිව - දෙහි යුෂ මගින් ශරීරය කෙට්ටු වන බවටත් අස්ථි වල ශක්තියට කිසියම් ආකාරයක බලපෑමක් සිදුවන බවත් ඇතැම් අය කිව්වත් මේවායෙහි විද්‍යාත්මක පදනමක් තිබෙනවාද යන්න ප‍්‍රශ්නයක්. රුධිර පීඩනය අඩු කරන්නටත් එමගින් හෘද රෝග අවදානම නැති කරන්නටත් දෙහි යුෂවලට පුළුවන්. මෙහිදී ලෙමන් වර්ගයේ දෙහි මගින් වැඩි ප‍්‍රයෝජනයක් ලබාගත හැකියි. අස්ථි සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය විටමින් සී සහ කැල්සියම් දෙහි ලෙලිවල යහමින් තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - අස්ථි සෞඛ්‍ය සඳහා වඩා සුදුසු තෙල් වර්ගය කුමක්ද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - මෙහිදී සුදුසුම තෙල් වර්ගය තමයි තල තෙල්. එමගින් අස්ථි සවිමත් වෙනවා.
 
 (ලබන සතියේ තව කොටසක්)

sdweda8
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles