Divaina - රගපෑම එපා කියන ලියැලිටි තරුව ෆැලන් ඇන්ඩි‍්‍රයා

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

falan333 
 පසුගියදා තවත් රියැලිටි වැඩසටහනක් නිමාවට පත්වුණා. ඒ මෙරට සංගීත ක්‍ෂේත‍්‍රයට රියැලිටි තරුවක් පායමින්. සැබැවින්ම මේ රියැලිටි තරුවට සංගීත අඹරේ දිගටම දිලීමට හැකිවේවිද?. ඇය ගැන මේ දිනවල අන්තර්ජාලයේද විවිධ අදහස් පළවෙනවා. ඒ නිසාම ඞී‍්‍රම් ස්ටාර් කිරුළ දිනූ ෆැලන් ඇන්ඩි‍්‍රයාට අපි මේ ඉඩකඩ වෙන් කරන්න අදහස් කළා.
 
 ඔබ පාසල් ගියේ?
 
 මම පාසල් ගියේ බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට.
 
 පවුලේ තොරතුරු?

falan2
 
 මගේ අම්මා රජයේ පාසලක ගුරුවරියක්. තාත්තා පොලිස් නිලධාරියෙක් විදියට සේවය කළා. දැනට පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. මගේ නංගිලා දෙන්න කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේ ඉගෙනුම ලබනවා. ඇත්තටම මගේ පවුලේ අය හරිම විවෘතයි. ඔයාට හරි දේ කරනතාක් කල් ඔයාට කැමති දේ ඔයා කරන්න කියල එයාල නිතරම කිව්වෙ.
 
 ඞී‍්‍රම් ස්ටාර් කිරුළ ලැබීම ඔබ දකින්නෙ මොන විදිහටද?
 
 ඇත්තටම ජයග‍්‍රහණය කරන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද මම තරගයට ඉදිරිපත් වෙන්නෙ ජයග‍්‍රහණය බලාපොරොත්තුවෙන් නෙමෙයි. නමුත් අවසානයේ මට කිරුළ ලැබෙනව. ඒ ජයග‍්‍රහණය මම දකින්නෙ ලොකු ආශීර්වාදයක් විදිහට.
 
 ජයග‍්‍රහණය බලාපොරොත්තු නොවුණෙ ඔබට ඔබ ගැන විශ්වාසයක් නොතිබුණ නිසාද?
 
 මේක මම ඉදිරිපත් වුණ පළමුවැනි රියැලිටි වැඩසටහන. ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අතරින් තමයි අපි පනස් පස් දෙනා තේරුණේ එස් එම් එස් වැඩ පටන් ගන්න. එතනදි මට තේරුණා වෙන සීසන් වලට වඩා මේ සීසන් එකේදි පනස්පස් දෙනා අතරට තේරුණේ අති දක්‍ෂයන් පිරිසක් බව. මුලදි මට කිරුළ ගැන තිබුණෙ සියයට පනහක බලාපොරොත්තුවක් වුණත් පණස්පස් දෙනාගෙ ඉඳන් ඉදිරියට තරගය පැවැත්වෙනකොට මට මං ගැන බලාපොරොත්තුවක් ඇතිවෙන්න පටන් ගත්තා. කොහොම වුණත් හැම තරගයකටම සහභාගි වුණේ ඉදිරියට යයිදෝ නොයයිදෝ කියන ලොකු බයක් හිතේ තියාගෙන. මොකද ජනතා මනාපයෙන් අපේ ජයග‍්‍රහණය හෝ පරාජය තීරණය වෙන නිසා.
 
 ෆැලන් සංගීතය හදාරල තියෙනවද?
 
 ඔව්... මම පාසල් කාලයේ සංගීතය හදාරල තියෙනවා. නමුත් බටහිර සංගීතය නෙමෙයි, ශාස්තී‍්‍රය සංගීතය. පාසල් කාලයෙන් පස්සෙ සංගීතය වැඩිදුර හදාරන්න හිතාගෙන විශාරද පළමුවැනි අදියර නිමා කළා. ඒ අතර මානව කළමනාකරණ අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරලා පෞද්ගලික අංශයේ  රැකියාවකට යොමු වුණා. එතනදි මම හිතාගත්තා සංගීතයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නව කියල. නමුත් ආයේ දවසක මට හිතෙනව ඇයි මං එහෙම කරන්නෙ. සංගීතය කියන්නෙ මගේ ජීවිිතය. පාසල් කාලයේ ඉඳන් හිටියෙ සංගීතයත් එක්ක. මට තිබුණ දක්‍ෂතාව ඒක නම් ඇයි මම ඒකත් එක්ක ඉදිරියට යන්නෙ නැත්තෙ. නැවතත් මම ඒ කටයුතු මුල ඉඳන් පටන් ගන්න ඕන කියල. ඒ හැඟීමත් එක්ක ඉන්න අතර තමයි මම දැක්කෙ දෙරණ ඞී‍්‍රම් ස්ටාර් අයැදුම්පත් කැඳවන දැන්වීම. ඉතින් මම ම බොහොම ආසාවෙන් තරගයට අයැදුම්පත යොමු කළා.
 
 ශ‍්‍රාස්ත‍්‍රීය සංගීතය හදාරපු ඔබ වේදිකාවේ බටහිර ආරක ගීත ගායනා කරනව?
 
 බටහිර ආරක ගීත ගායනා කළා කියනවට වඩා මම ඒක හඳුන්වන්න කැමතියි මගේ වොයිස් ටෝන් එක විදිහට. තරග වට දෙක තුනක විතර ශ‍්‍රාස්ත‍්‍රීය ගීත ගායනා කළා. නමුත් එතනදිත් එන්නෙ ඒ ගැඹුරු කටහ`ඩමයි. ඒක තමයි මගේ අනන්‍ය කටහ`ඩ.
 
 ඔබ හ`ඩට වඩා ප‍්‍රාසාංගික බවට මූලික තැන දුන්නා?
 
 අනිවාර්යයෙන්ම. අපි තේරුම් ගන්න ඕන. මේක රියැලිටි වැඩසටහනක්. දක්‍ෂතාව තියෙන්න ඕන. නමුත් මෙවැනි වැඩසටහනකින් බිහි කරන්නෙ තරුවක්. ගායන හැකියාව, ඉදිරිපත් කිරීමේ හැකියාව, ජනතාව ආකර්ෂණය කරගැනීමේ හැකියාව යන මේ සියලූ අංශවලින් පරිපූර්ණ කෙනෙක් තමයි තරුවක් විදිහට තෝරාගන්නෙ.
 
 ෆැලන් ඉටුකළේ නාලිකාවට වුවමනා දේ ද?
 
 නෑ... මම ඉටුකළේ මට අවශ්‍ය දේ. මට හැකියාවක් තියෙනවනම් ප‍්‍රාසාංගිකව ඉදිරිපත් කරන්න, මම ඇයි ඒක හංගගෙන ඉන්නෙ.
 
 අවසන් තිදෙනාගේ ප‍්‍රතිඵලය අතර ඔබ මුල් තැන ඇති කියල නිකමටවත් හිතුනද?
 
 ඇත්තටම තරගය පුරාවටම අපි අතර ලොකු සහෝදරකමක් තිබුණා. ඒ බැඳීම අදටත් එහෙමයි. එදා කිරුළ නුවන්දිකා අක්කට හිමි වුණත්, ගිහාන්ට හිමි වුණත් මගේ මේ සතුට අඩුවක්වත් වැඩියක්වත් වෙන්නෙ නෑ. මට කිරුළ ලැබුණ හා සමානව ඒ සතුට විඳගන්න පුළුවන්.
 
 මේ තරගයෙදි ඔබ ඔබ ගැන විශාල ප‍්‍රසිද්ධියක් දෙන්න උත්සාහ කළා?
 
 ඔව්... දැන් ගොඩක් දෙනෙක් පරිහරණය කරන මාධ්‍යයක් බවට යූ ටියුබ් මාධ්‍ය පත් වෙලා. මම නොදැනුවත්ව මට කැමති පිරිස එකතුවෙලා කණ්ඩායම් හදාගෙන ඒ හරහා මිනිසුන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් කළා කිව්වොත් නිවැරදියි.
 
 ඔබේ පියාත් මෙ සඳහා දායක වුණා?
 
 මගේ පියාගේ සේවා ස්ථානයේ අය පොඩි කාලෙ ඉඳන් මාව දන්නව. මගේ හැකියාවන් දන්නව. ඉතින් මම මේ තරගයේ ඉන්න බව දැනගත්තාම මම ඉල්ලන්නත් කලින් ඒ අයගෙ සහයෝගය මට ලබා දුන්නා.
 
 ගෙදරින් ඔබට ලැබුණ උපදෙස?
 
 අවසාන තරගයට යන වෙලාවෙ ගෙදරින් මට කිව්වෙ ශක්තියෙන් ඉන්න. හිත හයිය කරගන්න. අවසානයේ මොන තීරණය ලැබුණත් සතුටු සිතින් පිළිගන්න. ඒ ගැන හැඟීම්බරවෙන්න එපා කියලයි. තාත්තා ඒ දේ මට කියනකොට මං මගේ තාත්තට කිව්වෙත් ඩැඩා ඔයත් හිත හයිය කරගෙන ඉන්න. මොන තීරණය ලැබුණත් විඳගන්න කියල. මොකද ඔබත් තිරය හරහා දකින්න ඇති ඔහු ගොඩක් සතුටු වුණා. මං ටිකක් ඒ ගැන බයත් වුණා ඒ සතුට දකිනකොට. මොකද එයා හරිම සංවේදී කෙනෙක්.
 
 රඟපෑමට ආරාධනයක් ලැබුණොත්?
 
 රඟපෑම කියන්නෙ විෂයයක්. මම ඒ විෂය නොදැනුවත්ව කරන්න කැමති නැහැ සහ මම හිතන්නෙ නැහැ රඟපෑමට මට සහජ හැකියාවක් තියෙනව කියල. ඒ නිසා ආරාධනයක් ලැබුණත් ඇත්තටම රඟපෑමට එන්න බලාපොරොත්තුවක් නැහැ.
 
 මින් පෙර ඇතැම් තරුවලට වගේ ෆැලන් ට රඟපෑමේ සිහිනයක් නැද්ද?
 
 නැහැ... නැහැ... මම දැක්ක ගොඩක් අය කියලත් තියෙනව මම රඟපාන්න වුවමනාව නිසා මෙතනට ආවා කියල. මිනිස්සු විවිධාකාරයි. එයාල හිතන විදිහ වෙනස්. ධනාත්මක වුණත් සෘණාත්මක වුණත් ඒවාට අපි ගරු කරන්න ඕන. ඒ වගේම ඒ දේවල් සම සිතින් භාරගන්න බලාගෙන තමයි මේ වගේ ක්‍ෂේත‍්‍රයකට එන්න ඕන.
 
 ෆැලන් මොන වගේ කෙනෙක්ද?
 
 ඇත්තටම මම ගොඩක් සබකෝල කෙනෙක්. පිරිසක් ඉන්න තැනකදි කතාකරන්නවත් යන්නෙ නැති කෙනෙක්. හැබැයි මගේ අතට මයික් එකක් ලැබුණොත් ඒ හැමදේම ඉවරයි. මොකද වේදිකාව කියන්නෙ මගේ වෙනමම පෞරුෂයක් එළියට එන තැනක්.
 
 ඔබට ඔබේම අනන්‍යතාවක් ගොඩනගාගන්න පුළුවන්ද?
 
 ඔව් මට විශ්වාසයක් තියෙනව. මම ජනතා පරමාධිපත්‍යයෙන් ගායිකාවක් වුණ කෙනෙක් හැටියට මට ලොකු වගකීමක් තියෙනව. එයාල මාව දැක්ක විදිහට මම දැන් චරිතයක් වෙලා එයාලට ඒ රසවින්දනය දෙන්න ඕන. දැනට මගේම ගීතයක් ඞී‍්‍රම්ස්ටාර් වේදිකාව මත නිර්මාණය වුණා. ඒ වගේම ගායන ශිල්පීන් සමග සුසංයෝග ගීත හතරක් විතර කරල තියෙනව.
 
 ෆැලන් පෙම්වතියක්?
 
 පෙම්වතියක් වෙලා ඉඳල තියෙනව. නමුත් මේ වෙනකොට නම් එහෙම නැහැ. ආදරය කියන මාතෘකාව මේ කාලසීමාවේදි මම පැත්තකින් තියල තියෙන්නෙ. ඒක අවශ්‍ය වෙලාවට සිද්ධවෙයි කියල හිතනව.
 
 රියැලිටි තරුවලට මුල අමතක වෙනවලූ?
 
 මම මේ වෙලාවෙදි ඒක කියන්නෙ නැහැ. නමුත් මගේ රසික රසිකාවියන්ට කියනව, බලාගෙන ඉන්න මං මුල අමතක කරනවද නැද්ද කියල. ඒ තීරණය ඔබට බාරයි.
 
 ඉදිරි අරමුණු?
 
 මට ආදරය කළ ජනතාවට මගෙන් ඉටු විය යුතු යුතුකම මම කරනව. දැනටත් මගේ ගීත තුනක් නිර්මාණය වෙමින් පවතිනව. ඉදිරි සති දෙක තුන ඇතුළත ඒ ගීත අහන්න සලස්වනව. මගේ දෙමව්පියන්, මාව සමාජයට අඳුන්වල දුන්න දෙරණ නාලිකාව වගේ්ම මගේ රට ආඩම්බර කරවන වගේම ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර වැඩක් කරනවා.
 
 
 මහේෂ් එදිරිසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles