Divaina - අලූත් මහත්තයා සහ මෝනිං මීටිං... තානායම්පල්ලාගේ සටහන

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

tanayam1  
 ‘‘...සර් ට කරදරයි ද මේ වෙලාවෙ මං කතා කරන එක....’’
 
 ආයෙමත් නදීශාගෙ මිහිරි කටහඩ දුරකථනයේ රැව් දුන්නා.
 
 ‘‘...අපෝ නෑ නදීශා... කියන්න...’’
 
 ගැහැනියක් පිට පිටම කතාවට එන්නෙ කියාගන්න දහසක් කාරණා එකපිට එක තෙරපෙන්න ගත්තාම.
 
 ‘‘...අනික මම කලිනුත් කීවෙ ඒකයි... මම ගොඩක් කැමතියි අසන්නෙක් විදියට ඔයාගෙ කතාවට සවන් දෙන්න...’’
 
 මම ඇයට තවත් පැහැදිලි කිරීමක් එකතු කළා. එහෙම උත්පේ‍්‍රරකයක් නැතුව ගැහැනු අධ්‍යාත්මයක සැ`ගවිලා තියෙන සැබෑ කතාව එළියට ගන්න බෑ...
 
 ‘‘...තැංකියු සර්... ඉතින් මං සර් ට එදා පැහැදිලිව කිව්වානේ ඒ මනුස්සයට මං කොච්චර ආදරෙන් හිටියද කියලා...’’
 
 ඇය නැවතත් පෙරේදා නතර කරපු තැනට ඒ රිද්මයෙන්ම ඒ ස්වරයෙන්ම පිවිසෙනවා. ඒක ගෑනුන්ගෙ සහජ ලක්‍ෂණය.
 
 ‘‘...ඩිවෝස් එකේ තීන්දුව ලැබුණාම මං අපේ මහත්තයලගෙ ගෙදරින් බැහැලා ආවෙ දෙවෙනි දවසෙ සාරියයි මුද්දයි ඒ මනුස්සයා අතටම ආපහු දීලා සර්....
 
 හැබැයිි, ඩිවෝස් වුණාට පස්සෙත් මම එයා එක්ක තිබුණු කතා බහ නතර කළේ නෑ. වෙනදා වගේම මගේ දෛනික ජීවිතේ සිදුවෙන හැම එකක්ම එයාට ෆෝන් කරලා කීවා..
 
 වෙන එකක් තියා ඩිවෝස් වුණාට පස්සෙ මට එන මංගල යෝජනාවල මනමාල මහත්තුරුන්ගෙ වට්ස්ඇප් ෆොටෝස් පවා මම මගේ ඒ දික්කසාද මහත්තයට සෙන්ඞ් කෙරුවා ඒ යෝජිත මනමාල මහත්තුරු මට ගැලපෙනවද කියලා එයාගෙනුත් අහගන්න..’’
 
 නදීශා කියාගෙන යනවා. මං අහගෙන ඉන්නවා. කෙනෙකුගේ අධ්‍යාත්මයක තියෙන මේ වගේ සංවේදී විස්තරයක් කියන්නෙ එක්තරා විදියක බුද්ධිමය දේපලක් දෝ කියලා මට හිතුනා.
 
 ‘‘...ඉතිං මම සර්ගෙන් අහන්නෙ... මට ආපු ඒ අලූත්ම මංගල යෝජනාව මගේ කලින් මහත්තයත් දන්න කියන එයාගෙ පරණ යාළුවෙක් නිසා කලින් මහත්තයට ඒ අලූත් යෝජනාව ගැන විස්තර දැන්ම කියන්න ද? එපාද? කියලයි...’’
 
 ඇය මගෙන් අහනවා.
 
 ඕනෑම තීරණාත්මක සංසිද්ධියකදි ගැහැනිය අන්‍ය මතය විමසන්නේ ඇය දරා සිටිනා ස්ථාවර මතයට සමාන අදහසක් පිටස්තරයකුගෙනුත් කියවෙනවද බලන්න මිසක අන්‍ය මතය මතම පිහිටන්නට නොවන බව මං අත්දැකීමෙන්ම දන්නවා.
 
 ‘‘...ඇයි ඔයා ඔය තරම් ඉක්මන් වෙන්නේ... සිද්ධ වෙන්න ඕනෑ ඔයාගෙ අනාගත පියවරවල් පුළුවන් තරම් ඉක්මනට පරණ මහත්තයට කියන එකවත්, පරණ මහත්තයා එක්ක තියපු අතීත පියවරවල් ගැන අලූත් මහත්තයට කඩිමුඩියේම කියන එකවත් නෙමෙයි...
 
 අනික පහුගිය අතීතයෙන් දැන් පලක් නෑ. මං හිතන්නේ දැන් වෙන්න ඕනෑ ඔයාට යෝජනා වෙලා තියෙන අලූත් මහත්තයගෙ අතීත කතාවයි අනාගත අරමුණුයි හැකි තරම් ඉක්මනට ඔයා දැන ගන්න එක මිසක් ඒ තොරතුරු කලින් මහත්තයා දැනගන්න එක නෙමෙයි කියලයි මම හිතන්නේ...’’
 
 විදුලි සංදේශ පරිපථ කුලූනු අපේ සංවාදයේ සියුම් සුසුම් පවා සන්නිවේදනය කරමින් හිටියා.
 
 අතීතයේ පටන් අපේ තානායමට විශේෂ අවස්ථාවලදි රසකැවිලි ආදිය පිටතින් සපයා ගන්නවා.
 
 ජනවාරි පළවෙනිදා අලූත් අවුරුදු මේසෙට, අපේ‍්‍රල් සිංහල අවුරුද්දට විතරක් නෙමෙයි ඇතැම් විවාහ උත්සව වලදි ඉල්්ලා සිටින කැවිලි කිරිබත් මේසෙට අවශ්‍ය කැවිලි වර්ග සපයන්න බොහෝ කාලයක ඉ`දන් අපට දායක වෙන්නෙ තානායමට මීටර් දෙතුන් සීයක ඈතින් පිහිටි දුප්පත් නිවසක නිවසන වියපත් කාන්තාවක් විසිනුයි.
 
 හේන් ගොවිතැන්වල නියුතු සැමියෙකුගෙ බිරියක් වන ඒ කාන්තාව තානායමේ සේවක මණ්ඩලය හ`දුන්වන්නේ ඉ`දිආප්ප අම්මා කියලා.
 
 ඒකට හේතුව ඉස්සර මේ තානායමට අමුත්තන්ගෙ උදේ ආහාරයට ඉ`දිආප්ප සපයලා තියෙන්නෙත් ඒ වියපත් අම්මා නිසයි.
 
 ඉ`දිආප්ප හදනවා කියන එක ඒ කාලෙ අද වගේ ලේසි පහසු නෑ.
 
 කලින් දා ? හාල් පෙෙ`ගන්න දාලා, පිටි කොටලා, පෙනේරෙන් හලලා තමයි එදා ඉ`දිආප්ප වලට හාල්පිටි හදා ගත්තෙ.
 
 කාලයාගෙ ඇවෑමෙන් ක්‍ෂණික ඉ`දිආප්ප පිටි පැකට් බවට පත් වෙලා වෙළෙ`ද පොළට ආවා.
 
 ඊට පස්සෙ ඉ`දිආප්ප පිළියෙල කිරීම තානායම් මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයට ඉතා පහසු කටයුත්තක් නිසා ඉ`දිආප්ප අම්මලාගෙ දෛනික සේවය තානායම් වලට අනවශ්‍ය වෙන්නේ ක‍්‍රම ක‍්‍රමයෙනුයි.
 
 ඒ නිසා දැන් ඒ ඉ`දිආප්ප අම්මා තානායමට එන්නේ කලාතුරකින්. එ් විවාහ උත්සවයක් වගේ විශේෂ
 
 අවස්ථාවල් වලදි අපි දෙන රසකැවිලි ඕඩරේ බාර ගන්න සහ නව වසරට හා සිංහල අවුරුද්දට විතරයි.
 
 ඒ ඉ`දිආප්ප අම්මට එදා මට මතක කාලෙ වයස දහයක දොළහක විතර හුරුබුහුටි කෙලි පොඞ්ඩක් හිටියා.
 
 ඉ`දිආප්ප අම්මා නොඑන බොහෝ දවස්වල උදෙන්ම ඒ දැරිවි තානායමට ඉ`දිආප්ප අරගෙන ආවෙ ඇය ඉස්කාලෙ යන්න ඇ`දපු සුදු ගවුම පිටිනුයි.
 
 හිටි හැටියෙම ඒ දැරිවි තානායමට ඉ`දිආප්ප අරගෙන එන ගමන නතර වුණා.
 
 හොයලා බැලූවම ඉ`දිආප්ප අම්මාගෙ එකම දියණිය වන ඒ දැරිවි වැඩිවිය පැමිණිලා.
 
 ඉන් පස්සෙම ඇය තානායමට ආවෙ නෑ.
 
 ඊට මාස ගාණකට පස්සෙ ඇගේ නොපැමිණීමට අදාළව තවත් කාරණාවක් එළිදරව් වුණා.
 
 ‘‘...අපේ කුස්සියෙ වැඩකරන ලකියා ඒ දැරිවිගෙ මූණ අතගාලා... ඔයාගෙ මූණ හ`දක්් වගේ ලස්සනයි කියලා....’’
 
 අපේ තානායමේ මුළුතැන්ගෙයි පුහුණුව ලබමින් සිටිය ලක්‍ෂමන් කියන නව යොවුන් තරුණයා එදා කරපු ඒ අවර ක‍්‍රියාව ඉ`දිආප්ප අම්මා දන්නේ නැද්ද?
 
 දන්නවා නම් ඒක පැමිණිල්ලක් හැටියට මට ඉදිරිපත් නොකළේ ඇයි?
 
 ඒත් ඒකට හේතුව ඒ සංවාදය දුර දිග ගියොත් ඒ දැරිවියගෙ නමට කැළලක් වෙනවා විතරක් නෙමෙයි, ලකියාටත් රස්සාව නැති වෙලා තමන්ටත් ලැබිලා තියෙන ඉ`දිආප්ප ඕඩරෙත් අහිමි වේවිය කියලා බය හිතිලා වෙන්න බැරිද?.
 
 මීට සතියකට විතර කලින් දවසක්දා හවසක ඉ`දිආප්ප අම්මා මාව සොයාගෙන ආවා.
 
 ඒ තනිවම නෙමෙයි, එදා තානායමට ඉ`දිආප්ප අරගෙන ආව හුරුබුහුටි කෙල්ලත් එක්කයි.
 
 හැබැයි අද වෙද්දි ඒ පොඩි කෙල්ල හො`දින් වැඩුණු රූමත් තරුණියක්්.
 
 මට එදා අපේ කුස්සියෙ වැඩ කළ ලකියා සිහිවුණා. ඔහුගේ නිර්දේශය හරියටම හරි.
 
 ඇගේ මුහුණ ස`දක් වගේ ලස්සනයි...
 
 ‘‘...සර්ට මතක ඇතිනේ... මේ මගේ එකම දුව.....’’
 
 ‘‘...ඔව්... ඔව්.... මොකදෑ අමතක...?’’
 
 ‘‘... ඉතින් පොඩි උදව්වක් ඕනෑ වෙලා සර්... දුව රස්සාවකට අයදුම් පත‍්‍රයක් දානවා... ඒකට ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම් දෙකක් ඉල්ලනවා.... ඉතින් එකකට පන්සලේ නායක හාමුදුරුවන්ගේ නම දැම්මා.
 
 ඉතින් මම මේ දුවත් එක්කම ආවේ අනෙක් නමට සර් ගෙ නම දාන්න අවසර ගන්න කියලයි...’’
 
 ‘‘...අයියෝ ඕක ඇවිල්ලා අවසර ඉල්ලන්න තරම් දෙයක්ද? කෝල් එකක් දුන්නා නම් ඉවරයිනේ...’’
 
 මගේ වචනයෙන් අම්මාගෙත් දුවගෙත් මුහුණු වල තිබුණු ආතතිය ලිහිල් වෙලා සිනාවක් ඇ`දුනා.
 
 ‘‘...ආණ්ඩුවෙ රස්සාවල්ම බලාගෙන ඉ`දලා හරියන් නෑ සර්... ඒකයි දැන් ප‍්‍රයිවට් හො`ද තැනකවත් රස්සාවක් බලන්නේ...’’
 
 එදා දැරිවියකව සිටිය ඉ`දිආප්ප අම්මගෙ දුව පුරුදු කෙනෙක් එක්ක වගේ මාත් එක්ක කතාවට වැටුණා.
 
 එදාම ? නමයට විතර මට දුරකථන ඇමතුමක් ආවා.
 
 ’‘...සර් මං අර ඉ`දිආප්ප අම්මගේ දුව.... මම යැව්ව සී.වී. එකේ සර් ගෙ නමත් නන් රිලේටඞ් රෙෆ්රීස් වලට දැම්මා... එහෙනම් සර් මං ගැන කවුරු හරි විමසුවොත් අර අද උදේ කීව විදියට මගේ ගැන කියන්න සර්... තැංකියු සර්... ගුඞ් නයිට්...’’
 
 අන්න ඒ විදියට පටන් ගත්ත කතා බහ තමයි ඇයගේ පළමු විවාහය දෙදරා ගිය හැටි පමණක් නොවෙයි, ඉන් පසුව ඇය අත පතනා මනාලයන් ගැන විස්තර කථනය දක්වාම ඉදිරියට ඇදී ඇවිත් තියෙන්නේ.
 
 අද උදේ මම වෙනදා විදියටම සේවක මණ්ඩලයේ උදෑසන රැුස්වීම අමතමින් සිටියා.
 
 ‘‘...එස්කියුස් මී සර්... අර ඉ`දිආප්ප අම්මගෙ දුව සර් හමුවෙන්න ඇවිල්ලා...’’
 
 වේටර් මහේෂ් කලබලෙන් වගේ ඇවිත් මට කීවා.
 
 ‘‘..මං කියලා තියෙනවා නේද මෝනිං බී‍්‍රෆිං එක ඉවර වෙන තුරු විසිටර්ස්ලා ඔෆිස් එකට ගන්න එපාය කියලා...’’
 
 මම මහේෂ්ට සැර වුණා.
 
 ‘‘...ඔව් සර්... ඒත් ඒ අක්කා එකසිය ගාණට අ`ඩනවා සර්... ඒකයි පිට ගෙස්ට්ලාටත් පේන නිසා ඔෆිස් එකට ගත්තේ...’’
 
 ‘‘...මොනවා... අ`ඩනවා...’’
 
 ‘‘...ඔව් සර්... හො`දටම අ`ඩනවා...’’
 
 මං මගේ උපැස් යුවළ අතට අරගත්තා.
 
 
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles