Divaina - රොස්මිඞ් පෙදෙසට ගිහිල්ලා බණ්ඩාරනායක මහත්තයාට ආරධනා කළේ මම...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

අන්තර් ජාතික බෞද්ධ සංගමයේ සංවත්සර උත්සවය ගැන වජිරක්‍දාණ හාමුදුරුවෝ ගොඩක් සතුටු වුණා.
 
 
dalaiලොවේ විශාලතම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කළේ උන්වහන්සේය. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් ඈතින් පිහිටි සැනමිඩෝ ජාතික වන උද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. එමෙන්ම ලෝකය පුරා ථෙරවාදී බුදු දහම ප‍්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ අතර උන්වහන්සේ පෙරමුණේ සිටිති. ධර්මධර, විනයධර මෙන්ම ශබ්ද ශාස්ත‍්‍රය ද මනා සේ ප‍්‍රගුණ කළ මහා ප‍්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපර දෙදිග භාෂාවන් පිළිබඳ ප‍්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ඒ උතුරු ඇමෙරිකාවේ ප‍්‍රධාන සංඝ නායක, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝය.
 

 විදේශීය රටක විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත් ප‍්‍රථම ශ‍්‍රී ලාංකික ස්වාමීන් වහන්සේ පරවාහැර වජිරඥාන හාමුදුරුවෝය. එංගලන්ත විශ්වවිද්‍යාලයකින් ලබාගත් පශ්චාත් උපාධියත් සමඟ උන්වහන්සේට එවක රජයෙන් විශාල ගෞරවයක් තිබුණා. එම පිළිගැනීමත් සමග එවක රජය මෙරට පිරිවෙන් පරීක්‍ෂා කිරීමේ වගකීම පවරා තිබුණෙත් උන්වහන්සේට. එම තනතුරත් සමඟ උන්වහන්සේට විවේකයක් තිබුණේම නෑ. සෑම සතියේ දිනකම ලංකාව පුරා පිරිවෙන්වලට වැඩම කළා. ඒත් කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේ එම තනතුරෙන් විශ‍්‍රාම ගැන් වූ පසු ලැබුණු විවේකයත් සමඟ ‘ධර්ම දූත විද්‍යාලය’ නමින් දෙමටගොඩ ප‍්‍රදේශයේ පිරිවෙනක් ආරම්භ කළා. විද්‍යාසේකර පිරිවෙන් අධ්‍යක්‍ෂ, සියඹලන්ගමුවේ ධම්මක්ඛන්ධ නායක හාමුදුරුවෝ මාව එක්කරගෙන ගිහින් වජිරඥාන හාමුදුරුවන්ට භාර දුන්නෙත් ඔය සන්දියේම තමයි...
 
 වජිරඥාන හාමුදුරුවන්ට මාව හොඳට මතකෙ තිබුණා. එහෙම වුණේ බැන්ඩියමුල්ලෙ විද්‍යාසේකර පිරිවෙනේ ඉගෙනගන්න කාලේ ශිෂ්‍යයන් පරීක්‍ෂා කරන්න පරවාහැර වජිරඥාන නායක හාමුදුරුවෝ වැඩිය අවස්ථාවල උන්වහන්සේ අහන ප‍්‍රශ්නවලට මම දක්‍ෂ ලෙස පිළිතුරු දුන්න නිසයි. උන්වහන්සේ ශිෂ්‍යයන් පරීක්‍ෂා කරන්නේ ලිඛිත පරීක්‍ෂණයෙන් නෙමෙයි. වාචික පරීක්‍ෂණයෙන්. උන්වහන්සේ අහන ප‍්‍රශ්නවලට කටපාඩමින් උත්තර දෙන්න ඕනෑ. ඒ සන්දියේ මට බාලාවතාරය සම්පූර්ණයෙන්ම කඩපාඩම්. උන්වහන්සේ අහන සෑම ප‍්‍රශ්නයකට මම සුටුස් ගාලා උත්තර දුන්නා. මගේ ධර්ම දැනුම දැකලා උන්වහන්සේ බොහෝම සතුටු වුණා. ඒ වගේම පිරිවෙන් පරීක්‍ෂක හාමුදුරුනමකට දක්‍ෂම ශිෂ්‍යයන්වයි, අදක්‍ෂ ශිෂ්‍යයන්වයි හොඳට මතක හිටිනවා. සියඹලන්ගමුවේ ධම්මක්ඛන්ධ නායක හාමුදුරුවෝ මාව එක්කරගෙන ගිහින් උන්වහන්සේට හඳුන්වලා දුන්න අවස්ථාවේ කැමැති වුණේ මගේ ධර්ම දැනුම ගැන පෙර සිට දැනගෙන සිටිය නිසා...
 
 
sd24 3‘‘පොඩි හාමුදුරුවනේ, මේක අසීරු කඩඉමක්. මුළු ලංකාවෙන්ම හාමුදුරුවෝ දහනමක් තෝරගෙන ධර්ම දූත සේවය සම්බන්ධයෙන් අවුරුදු තුනක පුහුණු පාඨමාලාවක් ලබාදෙනවා. ඒ පාඨමාලාවට මූලික සුදුසුකම් වෙන්නෙ පණ්ඩිත විභාගය කරලා තිබීම හෝ විද්‍යොදයේ හරි විද්‍යාලංකාරයේ මුල සිට අවසාන කරලා තිබීම. දැන් අපි හාමුදුරුවෝ දහනමක් තෝරගෙන පාඨමාලාව ආරම්භ කරලා අවුරුදු එකහමාරක් ගෙවිලා ගියා. ඒත් පාඨමාලාවට සම්බන්ධ එක හාමුදුරුනමක් විනය කඩ කිරීම සම්බන්ධයෙන් ඉවත් කරන්න සිද්ධ වුණා. ඒ පුරප්පාඩුවට තමයි තව හාමුදුරුනමක් හෙව්වේ. ඔබවහන්සේව පාඨමාලාවට බඳවාගන්න මගේ අකැමැත්තක් නෑ. ඒත් පොඩි හාමුදුරුවනේ පාඨමාලාව කෙරුණු අවුරුදු එකහමාරයි, ඉදිරියට තියෙන අවුරුදු එකහමාරයි තුනම කරන්න පුළුවන් නම් විතරක් ඔබවහන්සේව පාඨමාලාවට සම්බන්ධ කරගන්න පුලූවන්...’’ පරවාහැර වජිරඥාන හාමුදුරුවෝ නීතියට වැඩ. සුළු වරදක්වත් වෙන්න බෑ. උන්වහන්සේ ගැන හොඳ අවබෝධයෙන් යුක්තව නීති මාලාවට එකඟ වෙලා පාඨමාලාවට සම්බන්ධ වෙන්න මම කැමත්ත ප‍්‍රකාශ කළා...
 
  ‘එහෙම නම් ඔබවහන්සේ ගිහිල්ලා මහණ කරපු ගුරු හාමුදුරුවන්ගෙන් ලියුමක් අරගෙන එන්න...’ වජිරඥාන හාමුදුරුවන්ගේ නියෝගයට එදාම මම මලන්දෙණිය පන්සලට ගිහින් අපේ ලොකු හාමුදුරුවන්ට විස්තරය කියලා ලියුමක් හදාගෙන ඊට පහුවැනිදාම දෙමටගොඩ ධර්ම දූත පිරිවෙනට වැඩම කළා. වජිරඥාන හාමුදුරුවෝ ලියුම බලලා පාඨමාලාවට මාව ඇතුළත් කර ගත්තා. ඒ පාඨමාලාවට විෂයන් හතක් ඇතුළත් වෙලා තිබුණා. විශුද්ධි මාර්ගය, මජ්`ඣිම නිකාය, අභිධර්මය, දෙමළ, හින්දි, ඉංග‍්‍රීසි සහ නෙත්ථිප්ප විෂය. පිරිවෙනේ ඉගෙනගෙන තිබුණු විෂයන් නිසා පාඨමාලාවට මම බය වුණේ නෑ. පළමු දවසේම ගුරු මේසය ළඟම බංකුවෙන් මම වාඩි ගත්තා. අනිත් හාමුදුරුවෝ මුහුණට, මුහුණ බලාගෙන හිනා වෙන්න පටන් ගත්තා. උන්වහන්සේලා හිනා වෙනකොට මටත් හිනා ගියා...
 
 වජිරඥාන හාමුදුරුවෝ හරිම සැරයි. පහුවදා කරන පාඩම් බලාගෙන එන්න කියල ඉස්සරින්දා කියනවා. පන්ති පටන් ගන්නෙම ප‍්‍රශ්න අහලා. මුලින්ම ප‍්‍රශ්න අහන්නෙ ඉදිරිපෙළ බංකුවේ වාඩි වෙලා ඉන්න හාමුදුරුවන්ගෙන්. මම මුලින්ම දවසේම ඉදිරි පෙළම බංකුවේ වාඩි ගත්තම පසුපෙළ හාමුදුරුවෝ හිනා වුණේ ඒ හේතුව නිසයි. ඒත් ප‍්‍රශ්නවලට උත්තර දෙන්න මම හරි කැමැතියි. නායක හාමුදුරුවෝ මොන ප‍්‍රශ්නය ඇහුවත් මම උත්තර දුන්නා. අනිත් හාමුදුරුවන්ටත් පුදුමයි. ඔහොම ටික දවසක් යනකොට අපේ පන්තියේ ජනප‍්‍රියම ශිෂ්‍යයා මම බවට පත් වුණා. අපේ පන්තියට අමතරව කාම්බෝජ උන්නාන්සේලාට වෙනම පන්තියක් තිබුණා. වියට්නාම්, තායිවාන, චීන භික්‍ෂුන්වහන්සේලාට වෙන, වෙනම පන්ති පැවැත්වුණා. නිකාය තුනේම භික්‍ෂුන් වහන්සේලා ඉගෙනගත්තා. ඒ සේරම හාමුදුරුවෝ එක්ක සුහදව කතා බහ කරපු නිසා මුළු පිරිවනේම ශිෂ්‍යයෝ මාත් එක්ක එකමුතු වුණා. ඒ එකමුතුකම නිසාම මට හිතුණා මේ සේරම පන්තිවල ඉගෙනගන්න භික්‍ෂුන්වහන්සේලා එකතු කරලා අන්තර්ජාතික බෞද්ධ සංගමයක් පිහිටුවන්න ඕන කියලා. පන්ති පහේම ශිෂ්‍ය හාමුදුරුවෝ සමඟ සාකච්ඡුා කරලා අන්තර් ජාතික බෞද්ධ සංගමය ආරම්භ කළා. මම තමයි වාර්තා ලිව්වේ. දේශන පවත්වන්නෙ. සේරම ඉංග‍්‍රීසියෙන්. සිංහල වචනයක්වත් නෑ. වජිරඥාන නායක හාමුදුරුවෝ මගේ වැඩ දිහා හොඳ අවධානයෙන් ඉන්න විත්තියත් මට තේරුණා...
 
 බෞද්ධ සංගමය ආරම්භ කරලා අවුරුද්දක් ගෙවිලා  ගිහින් සංවත්සරය ආවා. සංවත්සර උත්සවය ඉහළින් සමරන්න ඕනෙ කියලා හිතලා සංගමය රැුස් කරලා සාකච්ඡුා කළා. උත්සවශ‍්‍රීයෙන් සංවත්සරය සමරන්න සියලූ සාමාජිකයන් කැමති වුණා. සංවත්සර උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා විදිහට එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහත්තයා ගෙන්වීමට එකඟ වුණා. ඒ වෙනකොට බණ්ඩාරනායක මහත්තයා යූ.ඇන්.පී. පක්‍ෂයෙන් ඉවත් වෙලා රට පුරා දේශන පවත්වමින් ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තටම නැඟලා හිටිය කාලය. බණ්ඩාරනායක කතා කරනවා කිව්වොත් මිනිස්සු පිරෙනවා. ඒ වගේම ලංකාවෙන් බිහිවෙච්ච දක්‍ෂතම කථිකයා. දවසක් මම තනියෙන්ම රොස්මිඞ් පෙදෙසේ බණ්ඩාරනායක මහත්තයාගේ ගෙදරට ගිහින් සංවත්සර උත්සවයට ආරාධනා කළා. එතුමාත් බොහෝම කරුණාවෙන් මගේ ආරාධනාව පිළිගත්තා. ආනන්ද ගුරුගේ මහත්තයටත් ආරාධනා කළා. එතුමත් විශ්වවිද්‍යාලයෙන් පිටවෙල බැබළෙන තරුණ අවධිය. අපේ සංවත්සර උත්සවය බලන්න ආපු සෙනඟගෙන් ධර්ම දූත පිරිවෙන අතුරු සිදුරු නොමැතිව පිරුණා. එම පිරිවෙනේ පෙර පැවැති කිසිම උත්සවයකට එතරම් පිරිසක් සහභාගිවෙලා නෑ. ඒ නිසා වජිරඥාන හාමුදුරුවෝ බොහෝම සතුටු වුණා...
 
 ඒ සියලූ බාහිර කටයුතු කරන අතරේ පාඨමාලාවට අදාළ අධ්‍යයන කටයුතු නිසි ලෙස කරගෙන ගියා. ඒ සමඟ අවුරුදු තුනේ පාඨමාලාව අවසාන කරලා අපේ පන්තියේ ශිෂ්‍යයන්ට විභාගයක් පැවැත්වුවා. ඒ වෙනකොට මම පන්තියට ඇතුළත් වෙලා අවුරුදු එකහමාරයි. ඒත් මට විභාගයේදී විශේෂයක් වුණේ නෑ. හැමෝටම ලැබුණේ එකම ප‍්‍රශ්න පත්තරය. විභාගය අවසාන වුණාට පස්සෙ අපිට දීර්ඝ නිවාඩුවකුත් ලැබුණා. නිවාඩුවක් ලැබුණු හැටියේ මම ප‍්‍රථමයෙන් වඩින්නේ යක්කල චන්ද්‍රජෝති හාමුදුරුවන්ගේ පන්සලට. ඊට දවස් දෙක, තුනකට පස්සේ අපේ ගෙදරට වැඩම කරලා අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියන් බලලා මලන්දෙණිය පන්සලට වැඩම කරනවා. පුංචි සන්දියේ ගම්පහ විද්‍යාසේකර පිරිවෙනේ ඉගෙනගත්ත කාලෙ ඉඳලා දීර්ඝ නිවාඩුවක් ලැබුණු සෑම අවස්ථාවකම ප‍්‍රථමයෙන් කළේ ගෙදර ගිහින් අම්මගෙයි, තාත්තගෙයි දුක සැප බලලා එන එක. එතකොට මම ගෙදර ගිහින් දවසක්වත් නතර වෙන්නෙ නෑ. උදේ ගිහින් හවසට මලන්දෙණිය පන්සලට වැඩම කරනවා...
 
 සෑම නිවාඩුවකටම ගමට වැඩියේ කෝච්චියේ. වීදුරු කවුළුවක් ළඟ අසුන්ගෙන අවට පරිසරය නරඹමින් ගමන් කරන්න මට පුදුම ආසාවක් තිබුණේ. දවසක් කෝච්චියෙ ඉඳගෙන වීදුරු කවුළුවෙන් ඈත බලාගෙන යනකොට ගණේමුල්ල ස්ටේෂන් එකේ නතර කරපු අවස්ථාවේ මැදිවියේ පුද්ගලයෙක් මා ළගින් ඇවිත් ඉඳ ගත්තා. හුඞ්
 
 රැුක් එකේ මගේ කුඬේ එල්ලලා තියෙන තැනින්ම ඒ මනුස්සයාගේ කුඩෙත් එල්ලනව මම දැක්කා. ටික වේලාවක් යනකොට ‘පොඩි හාමුදුරුවනේ, ඕතන කුඬේ එල්ලලා තියන්න එපා මේ පැත්තෙන් එල්ලන්න’ කියලා ඒ මනුස්සයා මගේ කුඩෙත් අරගෙන ඔහු අසළින්ම එල්ල ගත්තා. මගේ කුඬේ අලූත්. ඒ වගේම මම ඒ කුඬේට හරිම ආදරෙයි. මම මහණ වෙච්ච දවසෙ අම්මා පූජා කරපු කුඬේ. ඒ නිසා මම ඒ කුඬේ පාවිච්චි කළේ හරිම පරිස්සමෙන්. මා ළඟ හිඳගෙන හිටිය කෙනා මගේ කුඬේ දිහා වපර ඇහෙන් විටින් විට බලනවත් මම දැක්කා. කෝච්චිය පොල්ගහවෙල නැවතුම්පළට ළඟා වෙනකොට ‘පොඩි හාමුදුරුවනේ මේ ස්ටේෂන් එක මොකක්ද බලන්නකෝ...’ කියලා අර මනුස්සයා මට කිව්වා...’’
 
 ‘‘මම ජනේලයෙන් හිස එළියට දාලා ස්ටේෂන් එක බැලූවා. ඒ එක්කම කෝච්චියත් නතර වුණා. මම එළිය බලන ඇසිල්ලට අර මනුස්සයා මගෙ කුඩෙයි, එයාගෙ කුඩෙයි දෙකම අරගෙන කෝච්චියෙන් පැනලා දිව්වා.
 
 ‘මගේ කුඬේ තියලා යන්න...’ කියලා කෑගහනකොට මිනිහා තවත් වේගයෙන් දිව්වා. ඒ මනුස්සයා නොපෙනී යන තෙක් මම බලාගෙන හිටියා.
 
 මගේ ඇස්වලින් කඳුළු වැටෙයි දෝ කියා මම බය වුණා. එතරම්ම මට දුක හිතුණා. මගේ අම්මා මතක් වෙන්න තිබුණු එකම සිහිවටනය සොරාගෙන යෑම ගැන මම නොසෑහෙන්න තැවුණා.
 
 මතුසම්බන්ධයි
 
 තරංග රත්නවීර

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles