Divaina - වසර සියයක් ඉක්ම ගිය දා පණ ලැබුන කලූ ජාතික මරණය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

sd22 3ඔටා බෙන්ගා මියගියත් අද වෙන විටත් ඔහු එදා මුහුණ දුන් අමානුෂික වධ වේදනාව ගැන සංවාදයන් ගොඩ නැගෙමින් තිබේ. අපි‍්‍රකානු සම්භවයක් ඇති බෙන්ගා සත්වෝද්‍යානයක ප‍්‍රදර්ශනය කිරීමේ සිදු වීම නැවතත් සමාජගත වූයේ ඇමරිකානු පොලිසිය විසින් ‘‘ජෝර්ජ් ෆ්ලොයිඞ්’ නමැති කලූ ජාතිකයාගේ ගෙල සිරකොට මරා දැමීම පිළිබඳ වීඩියෝ පටය ප‍්‍රචාරය වීමත් සමගයි.
 
 එය මුල් කර ගෙන ලෝකය පුරා විරෝධතාවන් ආරම්භ විය. එක්සත් ජනපදයේ වර්ගවාදය මුල් කර ගත් අතීත සිදුවීම් පවා යළි කරලියට නැගුණි. වන ජීවි සංරක්ෂණ සමාජයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරි කි‍්‍රස්ටියන් සාම්පර් සඳහන් කරන්නේ ‘‘ඔටා බෙන්ගා ’’ මුල් කර ගත් මෙම සිද්ධිය ඇමරිකානු ආයතනයන්හි මුල් බැසගත් වර්ගවාදය පිළිබඳව තවත් එක් සිදුවීමක් පමණක් බවයි.
 

 අපි‍්‍රකානු පිරිමි දරුවෙක් නිව්යෝක් නගරයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ වඳුරු කූඩුවක ප‍්‍රදර්ශනය කිරීම නැවතත් ප‍්‍රධාන සිරස්තල බවට පත් විය. මෙම සිදුවීම (1906) අවසාන වී වසර සියයකටත් වැඩි කාලයක් ඉක්ම ගියත් ඒ සම්බන්ධයෙන් ඔවුන් දැන් කනගාටුව පළ කර තිබේ.
 
 ඔටා බෙන්ගාට සැබැවින්ම සිදු වුණේ කුමක්ද...? ඔහු මුහුණදුන් ඉරණම වෙනස් කිරීමට දශක ගණනාවක් පුරා විවිධ අර්ථකථන සැපයුවත් සිදු වුණත් ‘‘පැමලා නිව්කර්ක්’’ විසින් බෙන්ගා මුහුණ දුන් ඛේදවාචකය පැහැදිලි ලෙසින් වාර්තා කර තිබේ.
 
 බෙල්ජියම යටතේ කොංගෝව පාලනය වූ 1904 වැනි අතීතයකදී ‘‘සැමුවෙල් වර්නර්’’ (Samuel Verner) ඇමරිකානු වෙළෙන්දෙකු විසින්ය. මේ කාලය වන විට ‘‘බෙන්ගා’’ නමැති මෙම පිරිමි දරුවාගේ වයස අවුරුදු දොළහක් හෝ දහතුනක් වන්නට ඇතැයි අනුමාන කෙරේ. සැමුවෙල් වර්නර් විසින් බෙන්ගා නමැති පිරිමි දරුවා ‘‘නිව් ඔර්ලියන්ස්’’ නෞකාවෙන් ඇමරිකානු ප‍්‍රාන්තයට ගෙන යන ලදී. මේ වසරේදීම තවත් පිරිමි දරුවන් අට දෙනෙක් ශාන්ත ලූවිස් ලෝක වෙළෙඳපොළේ ප‍්‍රදර්ශනයට තබා ඇත. මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනය පවත්වන ලද්දේ ශීත කාලයේදී වුවත් මෙම දරුවා ප‍්‍රදර්ශනය කරනු ලැබුවේ ශීතලට ඔරොත්තු දෙන ඇඳුමක් පවා නොමැතිවයි. 1906 වසරේ සැප්තැම්බර් මාසයේදී නිව්යෝර්ක් ප‍්‍රාන්තයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ (Bronx Zoo) මෙම පිරිමි දරුවා දින 20 ක් පුරා ප‍්‍රදර්ශනයට තබා තිබේ.
 
 ඔවුන් මෙම ප‍්‍රදර්ශනයට නම් තබා තිබුණේ ‘‘කුරුමිට්ටන්’’ යනුවෙනි. යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ගා මුහුණ දුන් මෙම සිදුවීම පදනම් කර ගෙන වාර්තා ප‍්‍රකාශයට පත් වුනත් ඒවා එකිනෙකට පරස්පර විය. ‘‘නිව්යෝක් ටයිම්ස් ’’ පුවත්පත මෙම ප‍්‍රදර්ශනය ගැන සිරස්තල සඳහන් කළේ ‘‘වනචාරියා (Bushman) බ්‍රොන්ක්ස් උයනේ කූඩුවක වඳුරන් සමග යනුවෙනුයි. විලියස් හෝර්නාබේ විසින් බෙන්ගා මිනීමස් බුදින්නෙකු බැව් සනාථ කිරීමට ඔහු සිටි සිරකුටියේ ඇටකටු පවා විසුරුවා ඇත. එමෙන්ම ඔහු මෙම සිදුවීම සාධාරණීය කරමින් කියා ඇත්තේ වඳුරන් වෙනුවෙන් තිබුණ හොඳම කූඩුව බෙන්ගාට ලබා දුන් බවයි.
 
 කිතුනු පූජකවරුන්ගේ විරෝධතාව නිසා මෙම දරුවා සත්වෝද්‍යානයේ සිරකරුවෙකු ලෙසින් තබා ගැනීම අවසාන වූ අතර අප‍්‍රිකානු ඇමරිකානු පූජකවරයෙකු විසින් බෙන්ගා නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබූ කළුජාතිකයන්ට පිහිටුවීම වෙනුවෙන් ස්ථාපිතව තිබූ ජාතික ආයතනය වෙත ගෙන ගොස් තිබේ. 1910 වසරේදී මේ කුඩා දරුවා ලිින්ච්බර්ග් දේවධර්ම (Lynchburg Theological Seminary) සෙමනේරියට සහ වර්ජිනියා ප‍්‍රාන්තයේ කළුජාතිකයන් වෙනුවෙන් වූ කොලීජියට ඇතුළත් කරන ලදී. මේ කාලයේදී බෙන්ගා අසල්වැසි දරුවන් සමග තමා කොංගෝහිදී අසා තිබුණ රසවත් කතාන්දර කියා දුන් අතර මාළු බෑම සහ දඩයම් කිරීම වැනි කටයුතු වෙනුවෙන්ද දරුවන් සමග සම්බන්ධව සිටියේය.
 
 නමුත් බෙන්ගා නිතරම තම බාල කාලය ගත කළ රට සහ නෑදෑයින් ගැන මානසික පීඩාවෙන් සිටි අතර විශාදයට පත් ඔහු 1916 වසරේ මාර්තු මාසයේ සඟවා තබා ගෙන සිටි තුවක්කුවෙන් වෙඩි තබා ගෙන සිය දිවි නසා ගත්තේය. ඔහුගේ වයස නිශ්චිත නැතැත් මේ වෙන විට අවුරුදු 25 ක් පමණ වන්නට ඇතැයි The Astonishing Life of Ota Benga කෘතියේ සඳහන් වේ.
 
 බෙන්ගාගේ සිය දිවි හානි කර ගැනීම පවා නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් බැහැර කරන ලද්දේ එය කිසිදු පදනමක් නොමැති මිථ්‍යා කථාවක් බවට තීරණය කරමින්ය.
 
 1974 වසරේදී මෙම සත්වෝද්‍යානයේ විශ‍්‍රාමික පාලක විලියම් බ‍්‍රජ්ස් විසින් බෙන්ගා සිරගත කිරීම බෙහෙවින් සාධාරණීය කරමින් ඔහුගේ දෙවන  ''The Gathering of Animals'' කෘතියේ දක්වා ඇත්තේ පැය කීපයක් සතුන්ගේ කුටියක සිර කිරීම සිදු විය හැකි දෙයක් නොවන බවයි. මේ අතර 1922 වසරේදී බෙන්ගා සහ තවත් දරුවන් පැහැර ලත් සැමුවෙල් වර්නර්ගේ මුනුපුරෙකු විසින් කෘතියක් ප‍්‍රකාශයට පත් කරමින් මෙම සිදුවීම ඉතාම යහපත් සංසිද්ධියක් ලෙසින් හුවා දක්වා ඇත. බෙන්ගා පැහැරගෙන ගොස් ප‍්‍රදර්ශනය කිරීමේ සිදුවීමට වසර සියයකටත් වඩා වැඩි කාලයක් ගෙවී ඇතැත් මෙම සිදුවීම විකෘති කර ඉදිරිපත් වී ඇති බවට චෝදනා ගොනු වෙමින් පවතී. බෙන්ගා වඳුරු කුඩුවක තබා ප‍්‍රදර්ශනය කිරීම පිළිබඳව එල්ල වෙන චෝදනාවන්ගෙන් නිදහස් වීම සඳහා බෙන්ගා මෙම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවකයෙකු බවට කූට ලේඛන සකස් කර තිබේ. අවසානයේදී මෙම චෝදනාවෙන් ගැලවීමට බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයට නොහැකි විය. ඔටා බෙන්ගාගේ ජීවිතයට අත්වුන විපත සහ ඔහුගේ උරුමය වෙනුවෙන් වන සත්ව සංරක්ෂණ සංගමය විසින් ඔවුන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථානය ‘‘ඔටා බෙන්ගා ’’ යනුවෙන් නම් කර තිබේ.
 
 x පුන්‍යා චාන්දනී ද සිල්වා
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles