Divaina - ඇස්වහ කටවහ දුරු කර ගන්න ලේසිම ක‍්‍රමයක්....

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p21 6‘‘අනේ මං දන්නෙ නෑ අතේ සතයක් ඉතුරු කර ගන්න බෑ කිසිම දියුණුවක් නෑ කරන කියන කිසිම දෙයක් හරියන්නෙ නෑ ලෙඩ ඉවරෙකුත් නෑ’’ මේ අපිට එදිනෙදා හමුවෙන බොහෝ දෙනකුගෙන් අහන්න ලැබෙන අහලම කනට හුරු වෙච්ච වගන්ති මාලාවක්’
 
 ඒත් ඉස්සර කාලෙ අපේ පැරණි ජනතාවගෙන් එහෙම දේවල් අහන්න ලැබුණෙ නෑ’ ඉස්සර එහෙම දේවල් නොවෙන්නත් අද එවැනි දේ වෙන්නත් හේතුව මොකද්ද?
 

 අද සමාජය අතිශයින්ම කාර්යබහුලයි’ තවත් පැත්තකින් බැලූවම නූතන තාක්ෂණයේ දියුණුවත් සමග විශේෂයෙන්ම තරුණ පිරිස් ජ්‍යොතිෂය වගේම ඒ හා බැඳුන විවිධ ගුප්ත ශාන්ති කර්ම කෙම් ක‍්‍රම මිත්‍යාවක් සේ සලකනවා’
 
 ඒත් කෙනෙකුගෙ දියුණුව දැකලා උන්ට දැන් සාරයි ඔය ඉන්නෙ ඇහැට කනට පේන්න” කිරි උතුරන්න වගේ හැමදේම සාර්ථක වෙනවා කියලා ඇස් දෙකෙන් බලලා කටින් පිට කරන වචනය තමයි ඇස්වහ කටවහ විදියට තව කෙනෙකුට බලපාන්නෙ’
 
 ඒ නිසාම තමයි පැරණි ජනතාව එවැනි තත්ත්වයක් උදා වුණාම ඇස්වහ කටවහ මතුරනව කියන ශන්ති කර්මයෙන් ඒ දේවල් දුරු කර ගත්තෙ’ අන්න ඒකයි එදා එහෙම දේවල් නොවෙන්නත් අද වෙන්නත් හේතුව’ මේ දේවල්වල පැහැදිලි සත්‍යයක් තියෙන නිසා තමයි ඒ කාලේ අපේ ආච්චිලා සීයලා කිව්වෙ ‘ඇස්වහ කටවහ හදි හූනියම්වලට වඩා දරුණුයි’’ කියලා’
 
 ඒත් මේ දරුණුයි කියන ඇස්වහ කටවහ දෝෂය තම තමන්ට නිවසේදීම ඉවත් කර ගන්න පුළුවන් කෙම් ක‍්‍රම ඕනෑ තරම් තියෙනවා’ බොහෝ ප‍්‍රතිඵල සහිත එවැනි ක‍්‍රමයක් ‘නැකත’ පාඨක ඔබ වෙත ඉදිරිපත් කරන අතර ප‍්‍රතිඵල සහතික මෙම ක‍්‍රමය  අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථක ඵල නෙළා ගත හැකිවනු ඇත’
 
  බිමට නොකඩා තැඹිලි ගෙඩියක් ගෙන එහි ඇස්ස කපා පිරිසිදු බඳුනකට වතුර ඉවත් කර ගන්න’ එයට අබ” කහ” ලූණු” කපු ඇට” වී” ගම්මිරිස්” අඟුරු කැබැල්ලක්” දේවදාර නාමල් රේණු” කුංකුමප්පු” සැවැන්දරා” අගිල් ගුගුල් සමග දෙහි අතු කැබැල්ලක් දමා නැවත තැඹිලි වතුර පුරවා වසා තබන්න’
 
 පසුදා පාන්දර ‘‘ ඕං කීකරු අකීකරු දුටුකරු” නොදුටුකරු ඇස්වහ කටවහ (අදාළ අයගේ නම) අද පටන් ඉවත් වේවා තෝස් වාහඃ’’ යනුවෙන් 108 වරක් මතුරා එම තැඹිලි වතුරවලින් මුහුණ සෝදා ශරීරයේ ද ගල්වන්න’
 
 අඟහරුවාදා දිනයේ තැඹිලි ගෙඩිය සකස් කර තබා බදාදා දිනයේ මෙය සිදුකළ යුතු අතර සතියකට දිනක් මෙම කෙම් ක‍්‍රමය අනුගමනය කිරීමෙන් ඔබට ඉක්මන් සහනය ළඟා කර ගත හැක’
 
 ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදී
 රංජන් සිසිර කුමාර
 සටහන - ධම්මික හේවාවසම්
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles