Divaina - ජීවිතේ ගෙවුණේ ගීතයත් එක්ක කුලරත්න ආරියවංශ... පළමු ගීතය ලියන්නේ අබේවර්ධන බාලසූරිය මහත්මයට....

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

9035
 
 ඉතා විශිෂ්ට සංගීතඥයන් ගේ දායකත්වය මගේ පදවැල්වලට ලැබුණා
 
 
 ඔහු එනම් කුලරත්න ආරියවංශ විටින් විට සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවේ අර්ථ කාව්‍ය රචනයට ඔහු තුළ වූ අපරිමිත හැකියාව දක්ෂකම නිසාමයි. එමෙන්ම ශ‍්‍රී ලාංකීය ගීත රසිකයිනට, තම සහෘදයින්ට, තම රටට, තම කලා ක්ෂේත‍්‍රයට, පෙරළා සම්මාන ද්විත්වයක් ඔහු විසින්ද හද පිරි සොම්නසින් පිරිනමා ඇති බව නොකියාම නොලියාම බැහැ. ඉන් එක් සම්මානයක් නම් ඔහු විසින් රචනා කරන ලද අගනා අපූර්ව (සැබවින්ම මේ ගී, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ”ගීත” සහ ”අපූර්ව” නිර්මාණ බව සඳහන් විය යුතුමයි.) ගීත නිර්මාණයි. අනෙක් සම්මානය නම් ඔහු ගේ රසිකත්වය මත පදනම්ව, ඒ හේතුවෙන් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු පටිගත කරන ලද ගීත සමූහයයි. එය එක් අතකින් ඔහු, ඔහු කටයුතු කළ ආයතනය හා එක්ව සිදු කරන ලද දැවැන්ත සංරක්ෂණ කටයුත්තක් ලෙස සඳහන් කිරීම වුවද වරදක් නැත.
 
 ඉතාම තෘප්තිමත්, සතුටුදායක ඔබේ වෘත්තීය ජීවිතය?
 
 අවුරුදු 23 දී විතර ගීත ලියන්න ගත්තට මගේ පස්සේ මුළු ජීවිතේම ගීත ලිව්වා, ගීත පටිගත කිරීම්, කැසට්පට වැඩකටයුතු, වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප‍්‍රසංගය මෙවැනි දේ එක්ක තමයි කාලය ගෙවුණේ. ගායක ගායිකාවන්, ගීත රචකයින්, සංගීතවේදීන්, ගීතයේ සම්බන්ධතාවයන් එක්ක තමයි ජීවිතේ අද වෙනතුරු ගෙවිලා තියෙන්නේ. අවුරුදු තිහේදී සිංග් ලංකා ඒකට ආවට පස්සේ එදා ඉඳලා සිංග් ලංකා එකේ අමරදේවයන් ඇතුළු සියලූම ලංකාවේ ප‍්‍රවීණයන්ගේ ගීත නිර්මාණ නිෂ්පාදන කටයුතු සම්බන්ධීකරණය කළේ මම. ඒ නිසා ජීවිතේම ගෙවුණේ ගීතයත් එක්ක. මම ඒ අතින් හරිම තෘප්තිමත්. අනික දැන් තේරෙනවා සියලූම ප‍්‍රවීණයන්ගේ ගීත පටිගත කළා අපි ඉතාම හොඳ තාක්ෂණයෙන්. අපි ඒ පටිගත කරපු ගීත තමයි අද ලංකාවේ සියලූම විද්‍යුත් නාලිකා, අන්තර්ජාලයෙන් ලෝකය පුරා ප‍්‍රචාරය වෙන්නේ සහ හැමෝම අහන්නේ. ඉතිං අපි හැම අතින්ම හොඳ දේ කළේ. ඒක ඉතිං එක අතකින් සංරක්ෂණයක් තමා. ඇත්තටම ඒක උනේ මගේ රසිකත්වය නිසා. අමරදේවයන්ගේ ගීතවලට පොඩි කාලේ ඉඳන් මගේ තිබ්බ රසිකත්වය නිසා එතුමන්ගේ කරගන්න පුළුවන් තරමක් ගීත මම නැවත පටිගත කළා. හැම තැනම දැන් ඇහෙන්නේ ඒ ගීත. නොදැනුවත්වම හරි මගේ රසිකත්වය නිසා ඒ වෙච්ච දේ නිසා මේ රටට ඒ ගීත ටික සදාකල්ම තියෙනවා. එතුමාගේ විතරක් නෙමෙයි ගොඩාක් ගායක ගායිකාවන්ගේ ගීත. සිංග් ලංකා එකේ මට මේ ටික කරන්න ලැබිච්ච එක ගැන මම හරිම තෘප්තිමත්. මගෙන් වෙච්ච දේ ගැන මං හරියට සතුටු වෙනවා.
 
 අපේ රටේ ගීත එකතුවේ අපූරුම ගීත රාශියක් ඔබේ?
 
 මං හරි වාසනාවන්ත වුණා; මේ රටේ කේමදාසයන්ගේ ඉඳලා සරත් දසනායකයන් ගේ ඉඳලා ජයවර්ධන, රෝහණ වීරසිංහ දක්වා, ඉතාම විශිෂ්ට සංගීතඥයින්ගේ දායකත්වය මගේ ගීතවලට ලැබුණා. මම පිළිගන්න දෙයක් තමයි කොච්චර හොඳ ගීත රචකයකුට උනත් දක්ෂ සංගීතඥයෙක් නොලැබුණොත් තමන්ගේ ගීතයක් රසිකයන් අතරට රැුගෙන යන්න බැරි වෙනවා. මම ඒක අත්දැකීමෙන් දන්නවා. ගීතයේ තුන් ඈඳුතු සම්මාදම ගැන කියනවනේ. මම නම් කියන්නේ සංගීතඥයාම තමයි මේකේ වඩාත්ම භාර¥ර කාර්යභාරය කරන්නේ. එතුමාට තමයි එකේ ගෞරවය. නාද සෞන්දර්යයෙන් පසුව තමයි වචන ගැන හිතන්නේ හොයන්නේ. නැත්නම් මුලින්ම ඈත් වෙනව. මං හොඳටම දන්නවා. සමහර පද රචනා, තනුවල තියෙනා දුර්වලතා නිසා හැංගිලා ගිය ඒවා තියෙනවා. ඒ වගේම දුර්වල පද රචනා තනුවල තියෙන අධික මිහිර නිසා ජනප‍්‍රිය වෙච්ච අවස්ථා තියෙනවා. ඒක නිසා විශේෂයෙන් කියන්න ඕන මට මුල ඉඳන් භාග්‍යය ලැබුණා ඉතාම විශිෂ්ට සංගීතඥයින් ගේ දායකත්වය මගේ පදවැල්වලට ලැබෙන්න. ඒ නිසා මගේ ගෞරවය ඒගොල්ලන්ටයි මගේ ගීත ගායනා කරපු අති විශිෂ්ට ගායක ගායිකවන්ටයි ලබා දෙන්නම ඕන.
 
 මෙච්චර කල් චිත‍්‍රපට සඳහා ගීත රචනා කළා විතරයි නේද?
 
 මගේ පුතාලා දෙන්න මීට අවුරුදු තුනකට ඉස්සෙල්ලා ”පේ‍්‍රමය නම්” කියන චිත‍්‍රපටය කළා. ඔවුන්ගේ දෙවැනි නිර්මාණය ”රූකඩ පැංචි”. ඉතිං ඒ චිත‍්‍රපටයේ විධායක නිෂ්පාදකවරයා විදිහට මම ඒ චිත‍්‍රපටයට සම්බන්ධ වුණා. මම චිත‍්‍රපටවලට සම්බන්ධ වන ප‍්‍රථම අවස්ථාව මේක. දරුවන් ගේ ඉල්ලීම පිට මේකේ විධායක නිෂ්පාදනය මං භාරගත්ත. මගේ විධායක නිෂ්පාදනය වගේම අනෙක් සුවිශේෂම කාරණයම තමයි, ආචාර්ය රෝහණ වීරසිංහයන් මේ චිත‍්‍රපටයේ එන ගීත හතරම රචනා කරලා සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතාමත්ම සුන්දර ආකර්ෂණීය චිත‍්‍රපටයක්. ළඟදීම තිරගත වීමට කටයුතු සූදානම්.
 
 අතීතයේ දවසක ඔබ ලියූ ගීතයකට ගුවන්විදුලියෙන් පුංචි තහනමක් වැටුණා මතකද?
 
 අපි ගමේ හැදිච්ච අයනේ. ඒ කාලේ අපේ ගම්වල පිරිමි ළමයි ගැහැනු ළමයි එකට සෙල්ලම් කරනවා. දුව පනිනවා. ඔහොම ඉඳලා ගැහැනු දරුවෙක් වැඩිවිය පැමිණුනාට පස්සේ ඒ කාලේ අපිටත් ඇහෙනවා ඉතිං මේ අම්මලා වැඩිහිටියෝ එහෙම කියනවා ¥ලට සෙල්ලමට යන්න එපා දැන්, ඔයා ලොකු ළමයෙක්නේ වගේ දේවල්. ඒගොල්ලන්ට ඒ අර සිදුවීම ටිකක් බරපතළ කරලා ජීවිතේ කියලා දෙනවා ඉතිං. දරුවාගේ තියෙන අර කෙළිලොල් නිදහස් පැවැත්ම ඊට පස්සේ පොඞ්ඩක් වෙනස් වෙනවා. ගැමි පරිසරයේ සිද්ධ වෙච්ච අපි පොඩි කාලේ තිබිච්ච දෙයක්. ඉතිං ඔය අත්දැකීම තමයි මං ඔය වික්ටර් රත්නායකයන්ට පස්සේ කාලෙක ගීතයක් රචනා කරද්දී ලිව්වේ. සංගීතය එතුමාගෙමයි. ගීතය තමයි ‘සිනා දොළක් වන් සිනා මලේ, මල්වර නැකතින් දොරට වඩින සුදු සිනා මලේ’ කියන ගීතය. හැත්තෑව දශකයේ මුල්ම කාලයේ ගායනා කරපු ගීතයක්. මට දැනගන්න ලැබුණා ගුවන්විදුලියෙන් මුල්ම කාලේ මේ ගීතය වාදනයට පොඩි තහනමක් ආව කියලා. මොකද මේ ගීතයේ අර මල්වර නැකතින් දොරට වඩින කියන වචන නිසා වෙන්න ඕන, ඉන්පස්සේ ඒ තහනම ඉවත් වෙලා. කොහොමහරි ඊට පස්සේ ඒ ගීතය ජනප‍්‍රිය වුණා.
 
 පළමු ගීතය ඔබ ලියන්නේ අබේවර්ධන බාලසූරිය මහත්මයට?
 
 ජීවිතේ හැඟීම්, අත්දැකීම් අපේ මතක ගබඩාවේ ගබඩා වෙලා තියෙනවනේ. එහෙම මතක ගබඩාවේ තිබිලා පස්සේ කාලෙක ලියන්න ඕන උනාම ඒ දේවල් අපට උපකාර වෙනවා. ගීත රචනය කියන එක කවි ලියනවා ඒ වගේ දෙයක් නෙමෙයි. ඇත්තෙන්ම ගීත බොහෝ විට ඉල්ලීමක් උඩ තමයි ලියැවෙන්නේ. කවියෝ එහෙම නම් තමන්ගේ මතකයේ තියෙන තමන් ගේ අනුභූතීන් අත්දැකීම් හිතේ දැවටෙන කැවෙන දේවල් කවියට නගනවනේ. ගීත රචකයාගෙන් හැම තිස්සෙම ගායකයෙක් ගීතයක් ඉල්ලනවා. මගේ පළවෙනි ගීතය මං ලිව්වෙත් අබේවර්ධන බාලසූරිය මහත්මයා ගීතයක් ඉල්ලලා. ඉස්කෝලේ යන කාලේම මම පොඞ්ඩක් ලියන්න ආසයි. කවි ලියනවා. ගී ලියනවා, ඉරනවා විසි කරනවා. කවි ලියනවා. විසික් කරනවා. කෙටි කතා වගේ දේවල් පටන් අරං ටිකක් ලියනවා. ඒ කාලේ කෙටි කතා කියලා තේරෙන්නේ නෑ. පුංචි පුංචි කතා ලියනවා. කියවීමට බොහොම ආසාවක් තිබුණා. තවත් පැත්තකින් ගීතවලට ආසයි හරියට. අවුරුදු දහය එකොළහ දොළහ වෙනකොටම ගීතය කියන එකට ඇල්මක් ඇතිවුණා. අනික මට ගීත හොඳට මතක හිටිනවා. ගීතවල තනුත් මතක හිටිනවා. ගීත රචනයට ඇල්මක් තිබුණා. කවි එහෙම ලියන්න පුරුද්දක් ආසාවක් තිබුණ නිසා නැඹුරුවක් තිබුණ නිසා ඔන්න ඒ ආසාව ගීත පැත්තටත් ගියා. ඉතිං මං ගමේ ඉඳලා කොළඹ ආනන්දෙට ආවට පස්සේ එතැනදී මට ආශ‍්‍රය කරන්න හම්බුණා ජ්‍යෙෂ්ඨයෙක් වෙච්ච පේ‍්‍රමකීර්ති ද අල්විස්, මට වඩාත් බලපාපු මිත‍්‍රයා රංජිත් කුමාර මහත්මයා. එයා මාත් එක්ක බොහොම කිට්ටු වුණා. එයා ඒ කාලේ වෙනකොට ඔය පත්තරවලට ලියනවා. රංජිත් දන්නවා ගීත ලියන්න මම කැමතියි කියලා. ඉතිං අබේවර්ධන බාලසූරිය මහත්මයා එතකොට ඔය අලූත් ගායකයෙක් හැටියට බිහිවෙලා ගීත කිහිපයක් කියලා එයාගේ හඬයි එයයි ජනප‍්‍රිය වෙලා ඉන්නකොට කොහොමහරි අපි දෙන්නා දවසක් අබේ හම්බවෙන්න ගියා රංජිත් ලිපියක් ලියන්න පත්තරේකට. ඊට පස්සේ අබේ එක්ක බොහොම දැඩි මිත‍්‍රත්වයක් ඇතිවුණා. ඒ අතරේ රංජිත් කියලා තිබුණා අබේට කුලේට සිංදු ලියන්න පුළුවන් වෙලාවක සිංදුවක් ලියාගන්නකෝ කියලා. ඊට පස්සේ තමයි අබේ මට කිව්වේ ගුවන්විදුලියේ පර්යේෂණ ගුවන්විදුලි වැඩසටහනක් ආවා, සිංදුවක් ලියලා දෙන්න කියලා. ඉතිං මම ලිව්වා ”ආදරයෙන් මා හද වට එතෙන ලතා, ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා” කියන ගීතය. මං ඒක අර ජන ගී ආරට ලිව්වා. සරත් දසනායක මහත්මයා සංගීතවත් කරලා පටිගත කරලා තිබුණා. ඉතිං ඔය ගීතය ඒ කාලේ ජනප‍්‍රිය වුණා. ඒ ජනප‍්‍රිය වීමත් එක්ක ගීත ලියන්න ඉඩ ලැබුණා.
 
 ඔබ සරසවි අධ්‍යාපනයට සමුදෙනවා?
 
 ඉගෙනගන්න පොඩි දක්ෂකමක් තිබුණා. නමුත් මොකද්ද කරන්නේ කියලා පැහැදිලි තේරුමක් තිබුණේ නෑ. හැබැයි ගුරු වෘත්තියට පොඩි කැමැත්තක් තිබුණා. මොකද ගුරුවරු අපිට ආදරෙයි. ළමයි ගුරුවරු එක්ක එකතුයි ඒ නිසා. ඊළඟට සාමාන්‍ය පෙළ වෙනකොට වගේ විශ්වවිද්‍යාලයට යන්න ඕන කියන හැඟීම තිබුණා. ඉන් එහාට ලියන්න ආසාව තිබුණට ලේඛකයෙක් වෙන්න වගේ අදහසක් නං තිබුණේ නැහැ. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මං කැලණිය විශ්වවිද්‍යාලයට ගියා. උසස් පෙළ කරන කාලේ වෙද්දී වගේ දැන අඳුනගෙන මගේ බිරිඳ මට ඒ කාලේ වෙද්දී මුණගැහිලා තිබ්බේ. අපි දෙන්නගේ සම්බන්ධයත් එක්ක මම විශ්වවිද්‍යාලයේ ඉන්න අතරේම රැුකියාවකට ගියා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ. ඔය අතරේ විවාහය සිදුවුණා. ඊට පස්සේ රජයේ රැුකියාවත් කරගෙන ගීත රචකයෙක් හැටියට ගීත ලියාගෙන ඉන්න කාලේ තමයි සිංග් ලංකා කියන නිෂ්පාදන ආයතනය ලංකාවේ කැසට් කරන්න පටන් ගත්තේ. එතකොට ඒකෙ හිටපු අධිපතිතුමා ආනන්ද
 
 ගනේගොඩ මහත්මයා මට කිව්වා මෙහෙම නිෂ්පාදන ආයතනයක් පටන් ගන්න යනවා එන්න කියලා ඒකට. මම ආයේ දෙපාරක් හිතුවේ නෑ. මොකද මං එතකොට ගීත ලියනවනේ සෑහෙන්න. ඉතිං ඒක මං කැමති දේනේ. මම ඒක නිසා සිංග් ලංකා ඒකට ගියා. ඊට පස්සේ අවුරුදු හතළිහක්ම සිංග් ලංකා එකේ තමයි මගේ කාලය ගෙවුණේ. ටික කලකින් සරසවි අධ්‍යාපනයට සමුදුන්නා වගේම ටික කලකින් රජයේ
 
 රැුකියාවෙන් ඉවත් වුණා. මගේ බිරිඳ සීතා. ලොකු පුතා කල්පන. දෙවැනියා වින්දන. දුව තාමරසී. පොඩි පැටියකුත් ඉන්නවා දුවට දැන්.
 
 ඔබේ ගීතවල ඔබේ පේ‍්‍රමය සඳහන් වෙනවද?
 
 ඔව්. මොකද අපේ පේ‍්‍රමයත් ඉතිං සෑහෙන ප‍්‍රශ්නවලට මුහුණු දීපු පේ‍්‍රමයක්. ඉතිං ඒ කාලේදී ඇතිවන හැඟීම් ඒ අත්දැකීම් ඒ දුක සතුට හුදකලාව පාළුව ඒ සියලූම දේවල් උපරිමයෙන්ම විඳපු කෙනෙක් හැටියට මට දැනෙනවා ඒ අදහස්, ඒ මතකයන්, හැඟීම්, ඒවා ගීතවලට අනිවාර්යයෙන්ම ලිය වෙනවා. එකක් ඒවා හැමෝටම පොදුයි. පෙම්වතෙක් පෙම්වතියක් හැටියට විඳින වියෝගය හරි, සම්ප‍්‍රයෝගය හරි, හුදකලාව හරි, ඒ සියලූම දේ මනුෂ්‍ය චරිතවලට පොදුයිනේ. ඒකනේ පේ‍්‍රම ගීත, විරහ ගීත හරියට ජනප‍්‍රිය වෙන්නේ. මගේ බිරිඳ ඒගොල්ලන්ගේ පවුලේ එකම දරුවා. මම අපේ පවුලේ හත් දෙනකුගේ වැඩිමලා. ඇගේ ගෙදර එවක තිබුණ ලොකුම බලාපොරොත්තුව ඇයව විවාහ කරලා දෙන්න. සහෝදර සහෝදරියන් හත් දෙනෙක් ඉන්න පවුලක වැඩිමලා මම. ඉතිං මේක උඩ ඇතිවෙච්ච ඒ ගැටුමේ ප‍්‍රතිපලයක් හැටියට, ඒ කාලේ හැටියට, බොහොම බරපතළ සටනකට මුහුණ දීලා වගේ තමයි වුණේ. අපි දෙන්නා කොළඹ ඉස්කෝලවල බොහොමයක් ළමයි වගේ විභාග කිට්ටු වුණහම යනවා පාඩම් කරන්න මහජන පුස්තකාලයට. එතකොට පුස්තකාලය තිබුණේ දැන් තියෙන තැන නෙමෙයි. අපි ඒකට කැන්ටිමෙන් තේ බොනවා. පාඩම් කරනවා. කතා කරනවා. ඔවුන් මගෙන් පාඩම් අහගන්නවා. ඔහොම ඔහොම ඉඳලා ඇඳුනුම්කමක් ඇතිවෙලා ඒක ක‍්‍රම ක‍්‍රමයෙන් බැඳීමක් ඇති වුණාට අපි දෙන්නට එක් වෙන්න ලැබෙයි කියලා හිතුවේ නෑ. පටන් ගත්ත තැනම ඇය කිව්වා අපිට ගැටලූවක් තියෙනවා කියන එක. ඇය කිව්වා විභාගේ කළත් ඇයට විශ්වවිද්‍යාලයේ යන්න දෙන්නේ නැහැ ඉක්මනට ඇයව විවාහ කරලා දෙනවා කියලා. මමත් දැන් ලොකු වගකීම් තියෙන ගමනක් යන කෙනෙක්නෙ වගකීම් තියෙන පවුලේ වැඩිමලා හැටියට. ඉතිං කොහොම හරි ඒ තත්ත්වේ හින්දා අපි කවදාවත් එක්වෙන්න පුළුවන් කියලා හිතාගෙන ආශ‍්‍රය කරපු දෙන්නෙක් නෙමෙයි. ඒ කියන්නේ ආරම්භයේ ඉඳලම හිතුවේ කවදාවත් අපිට එක්වෙන්න වෙන්නේ නෑ කියන එකම තමයි. ඉතිං අහම්බයක් හැටියට ඒ විවාහය සිද්ධ වුණේ. ඒ කාලේ අද වගේ නෙමෙයි හුදකලාව පාළුව කියන එක හරියට දැනෙනවනේ. හම්බවෙන්න අමාරුයි. ලියුමක් යවාගන්න අමාරුයි. හදිසියේ අමාරුවෙන් හරි හම්බවෙන්න යොදාගෙන බැරි කමක් මොකක් හරි ලෙඩක් දුකක් කරදරයක් උනොත් දන්වන්න විදිහක් නෑ. මෙවැනි හිතේ ගොඩගැහුණු සිතුවිලි හැඟීම් ගීතවලටත් එන්න ඇති.
 
 පුංචි සිතේ පුංචි සිනා ඔබේ ජනප‍්‍රිය ගීතයක්?
 
 නීලා වික‍්‍රමසිංහගේ පළවෙනි කැසට් ඒකට ඒ ගීතය ලිව්වේ. මම හැදුනේ වැඩුනේ බෙන්තර. මේ ගම ලඳු දෙණි ඕවිටි කුඹුරු හේන් ඇළ වේලි කඳු වැටි මිටියාවත් ඔය ඔක්කෝම තියෙන ගම්මානයක්. අපේ ගෙවල් කිට්ටුව තිබුණා එක පවුලක සහෝදර සහෝදරියන්ගේ ගෙවල් තුනක්. ඉඩම් ආරවුල්වලට කට්ටිය තරහයි. හැබැයි මේ ගෙවල්වල දරුවෝ ටික අපේ ගෙවල්වලට පල්ලෙහා තිබුණ දිග වෙල් යායේ, ඉපනැල්ලේ අපිත් එක්ක සෙල්ලං කරනවා. ඉතිං අර තරහ ගෙවල්වල දුවලා පුතාලා මට මතකයි ඒ ගෙවල්වල දෙමව්පියන්ට හොරෙන් ඇවිල්ලා මේවායේ සෙල්ලං කරනවා. දරුවන් පුංචි කාලේ දරුවන්ගේ හිත්වල මේ කුහකකම් වෛර ඒ වගේ දේවල් නෑ. ඒගොල්ලන් ගේ හිත් බොහොම පිවිතුරුයි කියන එක තේරනව. දරුවෝ එකට ඉන්නවා. ඔන්න ඔය අත්දැකීම මට ඒ දවස්වල දැනිච්ච දෙයක්. පස්සේ කාලෙක ඕක තමයි ලිව්වේ ගීතයකට. පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ කියලා. මේකෙත් සංගීතය රෝහණ වීරසිංහගේ.
 
 අමරදේවයන්ගේ ”මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා”?
 
 ගමක තනිවෙච්ච අයියා කෙනෙක්ගේ ශෝකී හැඟීම් තමයි ඔය ගීතයේ තියෙන්නේ. අපේ මහ ගෙවල්වලට උඩින් තිබුණා කුරුඳු කැලෑවක්. අපිත් යාලූවෝ එක්ක යනවා දන් හිඹුටු කඩන්න. පස්සේ කාලෙක යනකොට බෙදලා දීලා තිබුණා ඉඩ කඩන් එළි කරලා කට්ටියට ඒ කැලෑව. දවසක් පරණ පුරුද්දට උඩහට කැලේට ගියාම මම දැක්කා එක ගෙදරක ඉන්නවා වයසක අයියා කෙනෙක් තනියම නිකං ගේ කෑල්ලක් අටෝගෙන. බැලූවම දැන් තනියම ඉන්නේ අම්මා තාත්තා නැතිවෙලා. මෙයා මේ හුදකලාවේ ඉන්නේ. මට පස්සේ නිකං හිතුනා ඒ චරිතය මම උනා නං මොකද වෙන්නේ කියලා. ඊළඟට දවසක් ඔය කුරුඳු කැලේ යනකොට අපේ මල්ලිව මග ඇරිලා මට මතකයි එහෙම සිදුවීමක්. ඔන්න ඔය අතීත සිදුවීම් කිහිපයක් එක්ක තමයි ඔය ගීතය ලිව්වේ.
 
 ”දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත ඔබම පමණයි” ඔබේ අතිශය සුවිශේෂී ගීයක්?
 
 ධර්මසිරි ගමගේ මහත්මයව මං අඳුන ගත්තේ රන්ජිතුයි මායි ටයිම්ස් එකට යන මුල්ම කාලේ. පස්සේ කාලෙක ඔහු මගේ ජීවිතේට සහෝදරයකුට වැඩිය මට ළං වෙච්ච කෙනෙක්. අපි අතරේ ලොකු බැඳීමක් තිබුණා, එතුමාගෙන් අපි බොහෝ දේවල් අපේ ජීවිතේට ඉගෙන ගත්තා. දවසක් මටයි මගේ බිරිඳටයි පොත් ප‍්‍රදර්ශනේදි හම්බෙලා අපි කතා කරලා දවස් හතරකට විතර පස්සේ උදේ දහයට දහයහමාරට විතර සුනිල් එදිරිසිංහ මහත්මයා මට කතා කරලා කිව්වා ‘කුලේ මේ ධර්මසිරි අයියා නැති වෙලානේ’ කියලා. මට මේක අදහගන්න බැරිවුණා. මේක මට විශාල කම්පනයක් වුණා. සහෝදරයෙක්ටත් වැඩිය සමීපව හිටපු අපේ ආදරයයි ගෞරවයයි හැමදේම තියෙන කෙනා; මට මේක හරියට හිතට දැනුනා. ඊට පස්සේ මම මේක දිගින් දිගටම හිතනකොට මම මට මතක් වුණා, මම ආශ‍්‍රය කරපු ඒ වගේ වටිනා ඉතා සුන්දර අපේ හිතට බොහොම සතුට ආනන්දය වින්දනය දැනුම හැමදේම දීපු කලාකාරයෝ, අපි අතරින් වෙන් වෙච්ච ඉතාමත්ම විශිෂ්ට ගායක ගායිකාවෝ, ලේඛකයෝ, ඔය වගේ මං ඉතාම ළඟින් ආශ‍්‍රය කරලා තිබ්බ ඉතාම වටිනා චරිත, ඒ හැරුණහම මගේ ඉස්කෝලේ හිටපු මගේ මිත‍්‍රයෝ. ඒ වගේ ගොඩක් දෙනෙක් වියෝවෙලා. මං කල්පනා කළා ඒ වගේ හුඟක් දෙනෙක් නැතිවෙලා දැන් හරි හිස්කමක් පාළුවක් දැනෙනවා. අන්තිමට මට එහෙම කල්පනා වෙනකොට කල්පනා වෙනකොට මට හිතුනා හුඟක් දේවල් අපිට අත්හරින්නට වෙනවා. එහෙම වෙනකොට මොනවද දාලා යන්න බැරි. භෞතික දේවල් ඕන දෙයක් දාලා යන්න පුළුවන්නේ. ඒවා කිසි ප‍්‍රශ්නයක් නෑ. ඊළඟට මං හිතුව පවුලනේ සමීපම ළඟින්ම දැනෙන කට්ටිය. එතනත් දරුවෝ. දරුවන්ගෙනුත් ප‍්‍රශ්නයක් නෑ. මොකද දරුවොත් තව ගමනක් යන්න සූදානම්. දැන් අපි නැති වුණා කියලා ප‍්‍රශ්නයක් නෑ; දරුවන්ට එයාලගේ සහකාරයෝ හරි සහකාරියෝ හරි ඉන්නවනේ. මම හිතුව ඉතිං මම නැති වුණොත් මේක දැඩිව දැනෙන එකම එක්කෙනා මගේ බිරිඳනේ. එයා තමයි හුදකලා වෙන්නේ. කව්රු හිටියත් එයාට ඒ තනිකම නැතිකර ගන්න බැරි වෙනවා. මම ඉතිං ඒකයි අර එකම බැඳීමත් එකම සම්පතත් ඔබම පමණයි කියලා ලිව්වේ. නමුත් ඉතිං කවදා හරි යන්න වෙනවනේ. අපිට ප‍්‍රියයන්ගෙන් වෙන්වීම කියන එක දරාගන්න අමාරු දෙයක්නේ. ඒක ඉතිං අර මගේ ජීවිතේට බොහොම දැනිච්ච දෙයක්. අවුරුදු දහහතරක් මේ ගීතය ලියලා. ඒ කියන්නේ ධර්මසිරි ගමගේ මහත්මයා වියෝවෙලා අවුරුදු දහ හතරක්. මං මේ ගීතය ලියලා සෝමතිලක ජයමහ මහත්මයට දුන්නම සෝමේ කිව්වා නෑ නෑ මේක රෝහණට දෙමු මෙලඩියක් දාන්න කියලා.
 
 ”ඔබේ අතගෙන පෙර සැන්දෑවක”?
 
 ගුවන්විදුලියෙදි හදිසියේ ලියලා දුන් ගීතයක්. රෝහණත් ඉතා ඉක්මනින් තනුවක් දාලා සකස් කරලා දුන්නා. කාලයක් තිස්සේ රෝහණ සිරිවර්ධන කිය කිය හිටියත් කෙරුණේ ගුවන්විදුලියේදී පටිගත කිරීමට කලින් දවසේ. ඉස්සර පුස්තකාලය ඔතන නොතිබුණ නිසා සම්පූර්ණයෙන්ම තිබුණේ පාර්ක් එක. මැද්දේ ඔය
 
 ගොඩනැගිලි මුකුත් නැහැ. සමහර දාට දැන් ගියාම පුස්තකාලයේ කැන්ටිම ළඟ ඉඳන් මං බලනවා මේ හරියේ නේද අපි කතා කර කර හිටියේ කියලා. එක්වෙන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැති නිසා ඒ කාලේ හැම වෙලාවේම අපි කතා කරන්නේ දැන් කොහොමද අපි දෙන්න නැතුව අපි ජීවත් වෙන්නේ කියන එක. වෙන පෙම්වතුන් පෙම්වතියන් කතා කරන්නේ ඊළඟට මොකද කරන්නේ රස්සාවක් කරලා කොහොමද වෙඩින් එක ගන්නේ වගේ දේවල්නේ සැලසුම් කරන්නේ. අපි එහෙම නෙමෙයි. අපි දන්නවා අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න බෑ කියලා. මගේ හිතේ කැකෑරි කැකෑරි තිබුණ ඒ හැඟීම් නේද ”ගැයූ කුළුඳුල් පේ‍්‍රම ගීතය විරහ ගීයක් නොවේවා” යනුවෙන් මේ ගීතයේ තියෙන්නේ කියලා පසු කාලයක මේ ගීතය රෝහණගේ හඬින් අහද්දී යළිත් හිතද්දී මට හැඟුණා.
 
 යුගන්ති යශෝධරා
 
 
 
 කුලරත්න ආරියවංශ ලියූ ගීත
 
 පිනිබර මලක්, ගුරු පාර දිගේ සිනා සලාලා, සඳ හොරෙන් හොරෙන්, පාවෙනා නිල් වලාවේ, සඳ මා හා සිනාසුනා, එක සිත දෙතැනක නතර වෙලා, රත්තරං නෙත් දෙකින්, චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා, මුළු ලොවම නැති වුණත්, ගල් අරණේ හැංගෙන්නා, මේ ප‍්‍රථම වසන්තයයි, පේ‍්‍රමයේ විල් තෙරේ, සිතක් කෙලෙසද මේ තරම්, අවපස අහසක තරු ලකුණක් සේ, හිඳිවී කොතැනක හෝ, සිනා පොදක් වී, සිත ඔබ පාමුල රඳවා, සුසුමක උණුසුම, බිංදු බිංදු මල් වැස්සේ, සෙනෙහස විඳිනට පිං කර, ඔබ දෙපා දොවා බැතියෙන්, මට මුළු ලොවම ඔබයි, බැස යන සඳ දෑසින්, සංසාර දුර්ග මාවතේ, ඔබට ඇවිලූ ගිනි දැල්, ආ මග කෙටියි, පේ‍්‍රමයේ මන්දහාසිනි, සෙනේ සිතින්, ආරාධනා, දෙනෝ දාහක් නුවන් අතරේ, සීත අරණේ සුපුල් නාමල්, සුදු මුතු රළ පෙළ, සරා සඳේ සිනා සේලේ, හිම කඳු යහනේ, ලා හිරු පායලා. 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles