Divaina - විනාඩි 15 ක්‌ තිස්‌සේ පොරබදා හොරාට අමුතු පාඩමක් ඉගැන්වූ මදුරාගොඩ මුදලාලි... තුවක්කුව දෙකට කඩයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 

gun

* රුණු පිහි ඇනුම් 11ක් ඇඟ පුරා

රුවන් ජයවර්ධන

gun3දැඩි ආත්ම විශ්වාසයෙන් යුත් මිනිසුන් ලෙහෙසියෙන් පරාජය වන්නේ නැත. තර්ජන, ගර්ජන අභියෝග හමුවේ පලා යන්නේ ද නැත. දණින් වැටී ජීවත්වීම වෙනුවට දෙපයින් නැඟිට මියයෑම අභිමානයක් ලෙස සලකන ඔවුහු මරණය ඉදිරියේ පවා සිංහ සෙය්‍යාවෙන් නැගී සිටින්නෝ වෙති.

එවැනි පුද්ගලයෙක් පිළිබඳ පුවතක් පසුගිය දිනක කුරුණෑගල ප‍්‍රදේශයෙන් වාර්තා විණි. තමන් ගොදුරු කර ගැනීම පිණිස ගිනි අවියක් අමෝරාගෙන සිටින තුවක්කුකරුවකුගේ එල්ලය ක්‍ෂණයකින් මඟහරින එම පුද්ගලයා දෙවනුව තුවක්කුකරු වෙත කඩා පනින ආකාරයත් ඉන් නොනවතින ඔහු තුවක්කුව දෙකඩ කර තුවක්කුකරුවා සමග පොර බදා ජීවිතය බේරාගත් ආකාරයත් එම පුවත මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබිණි.

දොඩම්ගස්ලන්ද මදුරාගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා වන මෙම සිදුවීමට මුහුණ දුන් පුද්ගලයා 48 හැවිරිදි තිදරු පියෙකි. සිය නිවස පිහිටි ගොඩනැඟිල්ලේ එක් මහලක සිල්ලර බඩු අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත ඔහු නමින් ජගත් රේණුකය. ජීවිතයත් මරණයත් අතර ද්වන්ධ සටනක නිරත වන ජගත් රේණුක අවසානයේදී සතුරා පරාජය කොට පණ බේරා ගැනීමට සමත් වන අතර බරපතල කැපුම් තුවාල හේතුවෙන් ඔහු තවමත් පසුවන්නේ ප‍්‍රතිකාර පිණිස රෝහල්ගතවය. වාර්තා වන ආකාරයට එම බිහිසුණු සිදුවීම සිදුවන්නේ පහත සඳහන් ආකාරයටය.

gun2ව්‍යාපාරිකයකු වන ජගත් රේණුක දිනපතා සිය ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමට පෙර ස්නානය කිරීම පුරුද්දක් කරගත් පුද්ගලයෙක්ය. ඉකුත් 14 වැනිදා සුපුරුදු පරිදි ස්නානය කළ ජගත් නිවසට මඳක් එපිටින් පිහිටි නාන කාමරයේ සිට නිවස වෙත පිය නඟන්නට වූවේ හැකි ඉක්මනින් වෙළෙඳාම් කටයුතු ආරම්භ කිරීම සඳහා ලක ලෑස්ති වීම පිණිසය. නිවස හා නාන කාමරය අතර අඩි 10ක පමණ පරතරයක් පවතින අතර එම කෙටි දුර ගමන් කරන අතර පසුපසින් යම් ශබ්දයක් ඇසීමත් සමග පසු පස හැරී බලන ඔහුට දකින්නට ලැබී ඇත්තේ කිසිසේත් අපේක්‍ෂා නොකළ දසුනක්ය. සතෙකු වෙත ඉලක්කය එල්ල කරගත් දඩයක්කරුවකු මෙන් ඔහු වෙත තුවක්කුවක් එල්ල කරගත් පුද්ගලයකු දකින ජගත් එකවරම ගල් ගැසුණාක් මෙන් තුවක්කුකරු දෙස බලන්නට වූවේ දැන් දැන් කුමකින් කුමක්වේද යන දෙගිඩියාවෙනි. ඒ වන විට ජගත්ගේ බිරිඳ රැකියාව පිණිස නිවසින් පිටව ගොස් තිබී ඇති අතර නිවස තුළ රැඳී සිට ඇත්තේ ඔහුගේ වැඩිමහල් දියණියත් ජගත්ගේ රෝගී මවත්ය.

තමන් වෙත තුවක්කුව මානාගෙන සිටින තුවක්කුකරුගේ දෑස් දෙස තීක්‍ෂණ බැල්මක් හෙළන ජගත් මොහොතකින් ඔහු වෙත කඩා පනින්නේ ගොදුරක් වෙත කඩා පනින සිංහයකු පරිද්දෙන්ය. හැඩි දැඩි පුද්ගලයෙක් වන ජගත් ඉන් අනතුරුව තුවක්කුකරු අත රැඳි තුවක්කුව උදුරාගෙන දෙකට කඩා ඇති අතර සතුරා සමග පොර බැදීම අරඹා ඇත්තේ ඉන් අනතුරුවය.. විනාඩි කීපයක් එලෙස සතුරා සමග පොරබදන ජගත්හට ඒ වන විට සතුරා විසින් පිහි පහරවල් කීපයක් එල්ල කර තිබී ඇති අතර ලේ ගලන තුවාල සහිතව වුවද සතුරා අත නොහරින ජගත් ඔහු මෙල්ල කිරීම පිණිස තම උපරිම ශක්තිය යොදවා ඇත්තේ මරණය පෙනි පෙනී වුවද පරාජය භාර ගැනීමට ඔහු තුළ වන අකැමැත්ත හේතුවෙනි.

මේ වන විට නිවසේ ඉහළ මාලයේ සිටින ජගත්ගේ දියණිය මෙම සිදුවීම දකින අතර ඇය විලාප නඟමින් සතුරා හා සිය පියාණන් බිම පෙරළෙමින් පොර බදන ස්ථානයට ළඟාවන අතර එහිදී ඇයට දකින්නට ලැබී ඇත්තේ බරපතල කැපුම් තුවාල සහිතව සතුරා සමග සටන් කරමින් සිටින තම පියාණන් ක‍්‍රම ක‍්‍රමයෙන් සතුරාගේ ග‍්‍රහණයට ලක්වන ආකාරයක්ය. එවෙලෙහි එම ස්ථානයේ කඩුවක් සහ කිනිස්සක්ද බිම වැටී තිබෙනු දකින ඇය වහාම ක‍්‍රියාත්මකව අසල තිබූ ගලක් ගෙන හැකිතාක් වේගයෙන් සතුරා වෙත එල්ල කරනු ලබන්නේ කෙසේ හෝ තම පියාණන් සතුරාගෙන් ගලවා ගැනීමේ අටියෙනි.

ඒ වන විට සතුරා විසින් එල්ල කරන ලද පිහිපහරවල් හේතුවෙන් ජගත් බරපතල තුවාල ලබා සිට ඇති අතර එවෙලෙහි එම ස්ථානයට ළඟාවන ජගත්ගේ මව ඒ අසල වැටී තිබුණ කඩුව උදුරා ගැනීමට උත්සාහ ගනු ලබන්නේ සතුරා විසින් තම පුතණුවන්ට කඩු පහරක් එල්ල කරයිදෝ යන දෙගිඩියාවෙන් යුත් මනසෙනි. කෙසේ වෙතත් ඒ වන විට අවට පිරිස් මෙම ස්ථානයට ළඟා වන්නට ගැනීමත් සමග සතුරා එම ස්ථානයෙන් එක්වරම පලාගොස් ඇති අතර රැස්වූ පිරිස පළමුව සිදු කරනු ලබන්නේ කැපුම් තුවාල සහිතව සිටින ජගත් රෝහල්ගත කිරීමය. ඒ වන විට ඔහුගේ පපුව හා යටිබඩ ප‍්‍රදේශයට දරුණු පිහිපහරවල් දෙකක් එල්ලව තිබී ඇත. ඊට අමතරව ශරීරය පුරා තවත් කැපුම් තුවාල රාශියක් තිබී ඇත.
මෙම සිදුවීම සැළවීමත් සමග ජගත්ගේ බිරිඳ රාජකාරි ස්ථානයේ සිට වහාම නිවසට පැමිණ ඇති අතර ඒ වන විට ගම්වැසියන් පිරිසක් පැනගිය තුවක්කුකරු සොයා අවට පරීක්‍ෂාවේ නිරතව ඇත. එහිදී එක්තරා ළඳු කැලෑවක් අසල මෙම තුවක්කුකරු සිටිනු දකින කීපදෙනෙක් ඔහු සමීපයට ළඟාවීමට උත්සාර ගෙන ඇත. එහිදී තවත් ගල්කටස් වර්ගයේ තුවක්කුවක් එම පිරිස වෙත මානන තුවක්කුකරු එම ස්ථානයෙන්ද පලාගොස් ඇත. පසුව පලාගිය සැකකරු කොටුකර ගැනීම පිණිස පොලිස් මෙහෙයුම් අරඹන අතර එහිදී පොලිස් නිල සුනඛයකුගේ සේවය ලබා ගැනීමටද පොලිසිය විසින් කටයුතු කර ඇත. සතුරා විසින් පැළඳ සිටි අත් ආවරණයක් ඉව කරන පොලිස් නිල සුනඛයා ඒ ඔස්සේ ගමන් කොට මෙම සිදුවීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ඔයක් අසබඩ නතරවී ඇත. ඒ සම්බන්ධව පොලිසිය විසින් සැක පහළ කරනු ලබන්නේ තුවක්කුකරු ඔයට බැස එම ප‍්‍රදේශයෙන් පලා යන්නට ඇති බවත්ය.

කෙසේ වෙතත් ජීවිතයත් මරණයත් අතර ද්වන්ධ සටනක නිරත වන ජගත් රේණුක තමන් ගොදුරු කර ගැනීම පිණිස පැමිණි තුවක්කුකරුගෙන් බේරීමට සමත් වන්නේය. ප‍්‍රදේශවාසීන් මේ සම්බන්ධව අදහස් දක්වමින් සඳහන් කර සිටින්නේ මීට පෙරද අවස්ථා කීපයකදී මෙවැනි මංකොල්ලකෑම් ගෙවල් බිඳුම් ගණනාවක් සිදුවූ බවත් මේ පිටුපස ප‍්‍රදේශයේ අපරාධ කල්ලියක් සිටින්නට ඉඩ තිබෙන බවත්ය.

මීට මාස 09කට පමණ පෙරද ජගත් රේණුකගේ ව්‍යාපාරික ස්ථානයේ සිට මඳ දුරක් ඈතින් පිහිටි බැංකුවක් මංකොල්ලකෑම පිණිසද මෙලෙස නාඳුනන තුවක්කුකරුවකු පැමිණ ඇති අතර එහිදී මුදල් හා රන් භාණ්ඩ පැහැරගෙන පලාගොස් ඇත.

සාර්ථක ව්‍යාපාරිකයෙක් වූ ජගත් රේණුකගේ මුදල් මංකොල්ලකෑම පිණිස පැමිණි තුවක්කුකරුවෙක්ද එසේත් නැත්නම් ඔහුගේ ජීවිතය විනාශ කිරීම පිණිස මෙම තුවක්කුකරු පැමිණියාද යන්න තවමත් අබිරහසක්ව පවතින අතර එම ගැටලූවට නිසි විසඳුම් ලබාගත හැකි වන්නේ මෙම නාඳුනන තුවක්කුකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඉක්මන් වන තරමටමය.

ඡායාරූප කුරුණෑගල විශේෂ - විජේරත්න බණ්ඩාර

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles