Divaina - මේවා හයි ක්ලාස් බූරුපිටි... මෙහෙයවුයේ ප‍්‍රා.සභාපති කෙනෙක් සහ ගුරුවරියක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

* ලග්ගලින්, බොරලැස්ගමුවෙන්, පයාගලින් සූදු කෙළි හසුවේ
 

ගයාන් සමරසිංහ

 

buruddd
රමණි මෙරට ප‍්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ඉංගී‍්‍රසි ගුරුවරියකි. පදිංචිය බොරලැස්ගමුව, ඇඹිල්වත්ත ප‍්‍රදේශයේය. විවාහක කාන්තාවක් වන ඇයගේ ස්වාමි පුරුෂයාද මහරගම ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පෞද්ගලික පන්ති මෙහෙයවන්නෙකි. ඔහු නමින් සුපුන්ය. එලෙසම රමණි ඉතා රූමත් තරුණියකි.

රූමත් වැදගත් රැකියාවක් කරන තරුණියක වුවත් ඇය මුදල්වලට දැක්වූයේ පුදුම කෑදරකමකි. කොතරම් මුදල් තිබුණත් ඇය සෑහීමකට පත්වූයේ නැත. ඇයගේ සැමියාද එලෙසය. ඔවුන්ගේ එකම අභිප‍්‍රාය වූයේ කුමක් හෝ කර මුදල් සෙවීමයි. දිනක් රාති‍්‍රයක නිදි යහනේදී මෙම අඹු සැමි යුවළ මෙලෙස කතා බස් කළහ.

‘‘සුපුන් අපිට ජීවිතයේ ගොඩක් වැඩ කරගන්න තියෙනවා. සල්ලි කොච්චර තිබුණත් මදි’’

‘‘ඒකනම් ඇත්ත රමණි. කොරෝනා නිසා දැන් පන්තිවලට එන ළමයිනුත් අඩුයි. එතැනිනුත් එන ආදායම අඩුවෙලා.’’

‘‘ඒකනේ අනේ තව කොච්චර වැඩ කරගන්න තියෙනවද අපිට. ඉක්මනට සල්ලි ටිකක් හොයා ගන්න වෙනවා කොහොම හරි.’’

‘‘කොහොම හොයන්නද අනේ මට වෙලාවකුත් නැහැනේ, සතියම පන්තිවලට දුවන්න ඕනනේ.’’

‘‘එහෙම කියලා හරි යන්නේ නැහැ. මොකක් හරි දෙයක් පටන් ගන්න වෙනවා.’’

‘‘ඔයා කියන්නේ මොන වගේ දෙයක්ද.?’’

‘‘මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා ඔයාට කියන්න තමයි හිටියේ. ඒත් ඒකට වෙලාවක් තිබුණේ නැහැනේ.’’

‘‘දැන් මොකක්ද ඔයා කරන්න යන්නේ.’’

‘‘වරදවා හිතන්න එපා. අපි ගෙදර බූරු ගස්සවමු.’’

‘‘ඔයාට පිස්සුද? අහල පහළ මිනිස්සු මොනවා හිතාවිද අපි ගැන.’’

‘‘අනේ මේ අහල පහළ මිනස්සු කන්න බොන්න දෙනවද අපිට. මම කියන්නේ මේකට ගමේ මිනිස්සු සම්බන්ධ කර ගන්නේ නැහැ. පිට අය විතරයි සම්බන්ධ කර ගන්නේ.’’

‘‘ ඕවා ගස් යන වැඩ.’’

‘‘ඒ පොලිසිය දැන ගත්තොත් නේ.’’

‘‘ඔයා හිතන්නේ පොලිසියට ආරංචි වෙන්නේ නැහැ කියල ද මේවා.’’

‘‘ආරංචි වෙන්නේ කොහොමද? මේක කරන්නේ හොර රහසේ. හොඳ ගාණක් හොයා ගන්න පුළුවන් අපිට මහන්සි නොවී.’’

‘‘අනේ මන්දා, මම නම් දන්නේ නැහැ ඕවා.’’

‘‘ඔයා බය නැතිව ඉන්න මම සේරම බලා ගන්නම්. මට ඕනේ ඔයාගේ කැමැත්ත විතරයි.’’

‘‘මම දන්නේ නැහැ කරන දෙයක් පරිස්සමින්.’’

‘‘හරි සුපුන් මම බලාගන්නම් සේරම වැඩ ටික. ඔයා බය නැතිව ඉන්න’’

‘‘ඒක නොවෙයි, මම අහන්න හිටියේ ඔයා කොහොමද මේ ගැන දන්නේ.’’

‘‘මගේ යාලූවෙක් තමයි කීවේ. එයත් ගෙදර බූරුවා  ගස්සනවලූ. ඒකෙන් හොඳ ගාණක් හොයනවලූ’’

‘‘මම දන්නේ නැහැ කරන දෙයක් පරිස්සමින්’’

‘‘හරි මම ඒ ගැන බලාගන්නම්’’

දෙදෙනාගේ කතාව එලෙස අවසන් විය. ඉන් පසු ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරිය තම නිවසේ බූරුවා ගැසීම සඳහා සියල්ල සූදානම් කළාය. නියමිත දිනය උදාවිය. ඇය දන්නා හඳුනන කිහිප දෙනකුටම මුදල්වලට බූරුවා ගැසීමට තම නිවසට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණි. ඒ අනුව එම පිරිස රාති‍්‍ර 8.00 ට පමණ එම නිවසට පැමිණියහ. පැමිණි අයට පළමුව තේ පැන් සංග‍්‍රහයක් කළ පසු ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරියගේ ප‍්‍රධානත්වයෙන් බූරුවා ගැසීම ආරම්භ කෙරුණි. පළමු දිනයේ රාත‍්‍රි 12.00 පසුවන තුරු ඔවුහු බූරුවා ගැසූහ. එදින බූරුවා ගස්සවා ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරිය ටෝම් වශයෙන් සැලකිය යුතු මුදලක් එකතුකර ගත්තේය. සතියකට දින කිහිපයක් ඇය එලෙස මුදල්වලට තම නිවසේ බූරුවා ගැස්සුවාය. මාසයක් පමණ ගිය කළ ඇයගේ බුරුපළට විශාල පිරිසක් පැමිණියහ. ඒ අතරින් බහුතරයක් වූයේ ව්‍යාපාරිකයන්ය. මෙම බූරුපළේ විශේෂත්වය වූයේ ගමේ කිසිවකුත් සම්බන්ධ කර
නොගැනීමයි. තවද බූරුවා ගැසීමට පැමිණෙන අය එම නිවසේ සිට මත්පැන් පානය කිරීමටද පුරුදු වූහ. ඒ අනුව එම පිරිසට මත්පැන් පානය කිරීම සඳහා කටගැස්ම සාදා දෙන්නේද ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරිය විසින්ය. ඒ සඳහා ද ඇය මුදලක් අයකර ගනී.

ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරියගේ අත මිට දිනෙන් දින සරුවන්නට විය. මුදල්වලට බූරුවා ගස්සවා සහ එම බූරුවා ගැසීමට පැමිණෙන අයට කටගැස්ම සාදා ඇය විශාල මුදලක් දිනපතා සොයා ගනී. කාලයක් එලෙස ගතවිය. ප‍්‍රදේශවාසීන්ට මේ ගැන සැකයක් මතුවූහ. ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරියගේ නිවසට දිනපතාම රාත‍්‍රි කාලයේ වාහාන වලින් මිනිසුන් පැමිණෙන අතර අලූයම් කාලය වනතුරුත් ඔවුහු එහි රුඳී සිටිති. මෙය ප‍්‍රදේශවාසීන්ට විශාල ප‍්‍රහේළිකාවක් විය. ඒ අනුව ඔවුහු මේ පිළිබඳව විපරම් කළහ. එහිදී ඔවුනට දැන ගන්න ලැබුණේ ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරියගේ නිවසේ රාති‍්‍ර කාලයේදී බූරුවා පිටියක් පවත්වාගෙන යන බවයි.

ප‍්‍රදේශවාසීහු මේ පිළිබඳව බොරලැස්ගමුව පොලිසියට දැනුම් දුන්හ. ඒ අනුව කි‍්‍රයාත්මකවූ නිලධාරීහු මේ පිළිබඳව විපරම් කළහ. කාරණාව සත්‍යයකි. දිනපතාම පාහේ මෙම නිවසේ මුදල්වලට බූරුවා ගසන බව එම පොලිස් නිලධාරීහු සොයා ගත්හ. වහාම මෙය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු යැයි ඔවුහු තීරණය කළහ. දිනය පසුගිය 14 වැනිදාය. සවස් කාලයේ සිටම පොලිස් නිලධාරීන් ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරියගේ නිවස අසළ විපරමින් සිටියහ. ඒ බූරුවා ගැසීමට පැමිණෙන අය පිළිබඳව විමසිල්ලෙනි. එදිනද රාත‍්‍රි 8.00 පමණ වන විට සුපුරුදු පරිදි බූරුවා ගැසීම සඳහා ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරියගේ නිවසට මිනිසුන් පැමිණියේය. කිසිම බාධාවකින් තොරව පිරිස බූරුවා ගැසූහ. ඒ අතර තවත් පිරිසක් මත්පැන්ද පානය කළහ. පොලිස් නිලධාරීන් සැකහැර සියල්ල දැන ගත්තේය. ඒ අනුව ඔවුහු ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරියගේ නිවස වැටලූහ. එලෙස වටලා මුදල්වලට බූරුවා ගසමින් සිටි ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරිය ඇතුළු අට දෙනෙක් අත්අඩංගුවට ගත්හ.

ළමයින්ගේ නැණස පාදා ඔවුන් හරි මගට ගැනීමට කැපවී සිටින ජාත්‍යන්තර පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරියට අවසානයේ සිදුවූයේ බූරුවා ගස්සවා අධිකරණයේ පවා ලැගීමටයි. ඇයට නීතියෙන් ද`ඩුවම් ලැබුණත් ඇය ඉගැන්වීම් කටයුතු සිදුකරන ජාත්‍යන්තර පාසලේ මේ වන තුරුත් කිසිදු පියවරක් ගෙන නොමැත.

බොරලැස්ගමුව ප‍්‍රදේශයේ පදිංචි ජාත්‍යන්තර පාසලේ ගුරුවරිය එලෙස මුදල්වලට බූරු ගස්සවා අත්අඩංගුවට පත්වෙද්දී ලග්ගල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක්ද පොලිස් අත්අඩංගුවට පත්වූහ. ඒ මුදල්වලට බූරුවා ගසමින් සිටියදීය. එම සිද්ධිය සැකවින් මෙසේය.

ලග්ගල, ලේල්ඔය ප‍්‍රදේශයේ නිවෙසක කාලයක සිට ඉතා සූක්‍ෂම අයුරින් බූරු පිටියක් පවත්වාගෙන යයි. මෙහි මූලිකත්වය ගන්නේ ‘‘යකා’’ යන අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙකි.

‘‘යකා’’ යනු ලග්ගල සහ විල්ගමුව ප‍්‍රදේශවලට හෙරොයින් සහ ගංජා යන මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයාය. මොහු එම ප‍්‍රදේශයටම පිළිලයක් වූ අයෙකි. ලග්ගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිසක් ඇසුරු කරමින් ඔහු ඉතා සූක්‍ෂම ලෙස මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරම සිදුකරමින් සිටියේය. එයට අමතරව මුදල්වලට බූරුවා ගැස්සවීමද මොහු සිදුකරයි. එම බූරුවා ගස්සන ස්ථානයට ලග්ගල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද නිතරම සහභාගි වේ. සමහරු පවසන්නේ ඔහු බූරු කප්පිත්තෙක් බවයි. ඒ අනුව පෙනී යන්නේ ජනතා වරමින් පත්වී ප‍්‍රදේශයට සේවයක් කිරීමට යැයි කියා පැමිණි ඔහුගේ කල් ක‍්‍රියාව වනුයේ සියලූ වැඩ පසෙක දමා බූරුවා ගැසීම බවයි. මෙම බූරුපළ පවත්වාගෙන යන්නේ ඉතාමත් සූක්‍ෂම ආකාරයෙනි. බූරුවා ගසන විට එම නිවසේ සිට කිලෝ මීටරයක් පමණ දුර ස්ථාන කිහිපයක ඔත්තුකරුවන් යොදා තිබේ. ඒ පිටස්තර පුද්ගලයන් පැමිණෙනවාද යන්න පිළිබඳ සොයා බැලීමටයි. එම නිසා මෙතනට පැමිණෙන කිසිවකුත් බූරු ගැසීමට බියවන්නේ නැත. ඒ හොඳ ආරක්ෂාවක් තිබෙන නිසාය. තවද බූරු පිටිය තුළ සිගරට් එකේ සිට ඕනෑම මත්ද්‍රව්‍යයක් මිලදී ගැනීමේ සියලූ පහසුකම් ‘‘යකා’’ විසින් සපයනු ලැබේ.

ලග්ගල පොලිසියේ නිලධාරීන් කලක සිට මේ සූදුපළ වැටලීමට සැලසුම් කළහ. එහෙත් විවිධ හේතුන් මත එය සිදුකිරීමට නොහැකි විය. කෙලෙස හෝ මෙම සූදුපළ ඉතා ඉක්මනින් වැටලීය යුතු බව එම නිලධාරීන් තීරණය කළහ. දිනය පසුගිය පහළොස් වැනිදාය. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් ලග්ගල ලේල්ඔය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන මෙම බූරු පිටිය වැටලීම සඳහා පිටත් වූහ. ඒ රාත‍්‍රි කාලයේදීය. සැකකරුවන්ගේ උපක‍්‍රම මගහරිමින් ඉතා සූක්‍ෂම ලෙස එම පොලිස් නිලධාරීහු අදාළ නිවස වැටලූහ.

එම අවස්ථාවේදී ලග්ගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති, පොලිසියට අවශ්‍යව සිටි ‘‘යකා’’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට හැකි විය.

ජනතා වරමින් පත්වී ප‍්‍රදේශයට සේවයක් කිරීමට යැයි කියා පැමිණි ලග්ගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති බූරුවා ගසමින් එලෙස නීතියේ රැහැනට කොටු වෙද්දී කළුතර පයාගල ප‍්‍රදේශයේ අවම`ගුල් උත්සවයක් පැවති නිවසක බූරුවා ගසමින් සිටි පිරිසක්ද අත්අඩංගුවට ගැනීමට පයාගල පොලිසියේ නිලධාරීන්ට හැකිවිය. එහිදී පොලිසිය සහ සැකකරුවන් අතර ගුටි බැට හුවමාරුවක්ද සිදුවී තිබුණි. එම සිද්ධියද සැකවින් මෙසේය.

පයාගල හල්කඳවිල ප‍්‍රදේශයේ නිවසක අවම`ගුල් උත්සවයක් පැවතුණි. ඉකුත් පහළොස් වැනිදා සවස දේහය භූමිදාන කරමින් එම අවම`ගුල් උත්සවයේ වැඩකටයුතු අවසන් කර තිබුණි. එදින රාති‍්‍රයේ එම නිවස තුළ පිරිසක් මුදල්වලට බූරුවා ගැසූහ. පයාගල පොලිසියේ ජංගම මුර සංචාරයේ නියතු නිලධාරීන් පිරිසකට මේ පිළිබඳව දැන ගන්නට ලැබුණි. ඒ අනුව එම පිරිස සූදුපළ වැටලීමට ගියහ. නිවස ආසන්නයට පොලිස් නිලධාරීන් පැමිණෙන විට එය දුටු බූරුවා ගසමින් සිටි පිරිසක් දිව ගියහ. පොලිස් නිලධාරීහුද වහාම ජීප් රථයෙන් බැස ඔවුන් පසුපස දිව ගියහ. එහිදී දෙපිරිස අතර බහින් බස්වීමක් ඇති විය. එය එන්න එන්නම වැඩි වන්නට පටන් ගත්තේය. දෙපිරිස අතර පරුෂ වචන පවා හුවමාරු විය. ඒ සමගම අවම`ගුල් උත්සවය පැවැති නිවසේ සහ අසළ නිවසේ විදුලියද කිසියම් පිරිසක් විසින් විසන්ධි කළහ.

විදුලිය විසන්ධි වීමත් සමග දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක් සිදුවූහ. එහිදී පොලිස් පහරකෑම්වලට ලක්වූ තිදෙනෙක් නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණි. ඒ අතර මියගිය අයගේ පුතෙකු සිටින බවටද අනාවරණය විය. ප‍්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන් පැමිණ වරදක් සිදුනොකළ අයටද පහරදී අත්අඩංගුවට ගත් බවයි. ඒ සමගම මියගිය අයගේ පුතා ළ`ග තිබී මිනී පෙට්ටි සාප්පුවට දීමට තිබූ රුපියල් 20000 ක මුදලක්ද එම නිලධාරීන් ගත් බවට වෝදනා එල්ල කරයි. පසුව අනාවරණයවී තිබුණේ එලෙස වැටලීමට පැමිණ ඇත්තේ එම මොහොතේ රාජකාරියේ නොසිටි නිලධාරීන් පිරිසක් බවයි.

වැටලීම සිදුකළ නිලධාරීන් පවසන්නේ තමන්ට පහරදීමට පැමිණි අයට තමන් පහරදුන් බවත් වරදක් නොකළ අයට පහර නොදුන් බවත් අත්අඩංගුවට ගැනීමට තැත් කළේ බූරු ගැසූ අය බවත්ය.

පයාගල බූරු පිටියේ තත්ත්වය එලෙසය. දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගෙන ඉහළ නිලධාරීන්ගේ අනුදැණුම මත දැන් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරමින් පවතී. නුදුරු දිනයේදීම වැරදිකරුවන් කවුද යන්න එයින් හෙළිවනු ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles