Divaina - භාෂා අටකට පරිවර්තනය වෙන මුහුණු ආවරණය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

sd24 2කොවිඞ් 19 වසංගත තත්ත්වය සමග මුහුණු ආවරණය යනු එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය. මේ නිසා විවිධ අන්දමින් සාමාන්‍ය මුහුණු ආවරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ඉදිරියේදී ජපානය විසින් උසස් තාක්ෂණ ශිල්පීය ක‍්‍රම උපයේගී කරගෙන මුහුණු ආවරණයක් නිපදවා ඇත. එය ඔවුන් නම් කර තිබෙන්නේ 'Donut Robotics' යන නමින්ය.
 
 මෙම මුහුණු ආවරණය සැබැවින්ම ක‍්‍රියා කරන්නේ රොබෝ තාක්ෂණය සමගින් වන අතර මුහුණු ආවරණය පරිවර්තක සේවාවක් ලෙසින් හැසිරවිය හැකිය. පැළඳගත් විට ඔබ කතා කරන භාෂාව තවත් භාෂා අටකට පරිවර්තනය කිරීමේ හැකියාව තිබේ. මෙම රොබෝ මුහුණු ආවරණයේ ඉදිරියෙන් ආශ්වාස ප‍්‍රශ්වාස වෙනුවෙන් හැකියාව තබා තිබේ. නමුත් එයින් හුදෙක්ම කොවිඞ් 19 වෛරසයෙන් ආරක්ෂාව සැපයීමක් නොවන බැවින් මෙම Donut Robotics මුහුණු ආවරණය පැළඳිය යුත්තේ සාමාන්‍ය මුහුණු ආවරණයක් පැළඳ ඒ මතින්ය. කුඩා හා ජංගම සන්නිවේදන රොබෝවරුන් සමග ලෝකය වෙනස් කිරීමේ අරමුණ මත ‘‘තකාත්ෂු ඔකාබේ විසින් මෙම සමාගම ආරම්භ කරන ලදී. ටෝකියෝ හි හනෙඩා ගුවන්තොටුපළ අමුත්තන් වෙනුවෙන් සේවා සැපයීම රොබෝවරුන් මගින් සිදු වේ. ජපානයේ ශ‍්‍රම බළකාය පහත වැටීම නිසා මානව කාර්ය මණ්ඩල බඳවා ගැනීම දුෂ්කර නිසා සේවාවන් සඳහා මානව ශ‍්‍රමය වෙනුවට රොබෝවරුන් ආදේශ කරනු ලැබේ. මෙම කාර්යන් වෙනුවෙන් සහය ලබා දිය හැකි රොබෝ මූලාකෘති හතරක් ඉදිරිපත් කළ අතර එයින් තෝරා ගනු ලැබුවේ Cinnamon රොබෝ ආකෘතිය වෙනුවෙන් Donut Robotics වූ ආදර්ශ ආකෘතිය නිර්මාණය වූයේ 2017 වසරේදී වන අතර එය Cinnamon රොබෝ ආකෘතිය යනුවෙන් හඳුන්වන ලදී. කොවිඞ් 19 වසංගත තත්ත්වය ඉදිරියේදී මෙම කණ්ඩායමේ ව්‍යාපෘතිය විසින් Cinnamon රොබෝ වැඩිදියුණු කරමින් මෙම නවතම මුහුණු ආවරණය හඳුනාගෙන ඇත. Donut Robotics රොබෝ මෘදුකාංගය පරිවර්තන විශේෂඥයන්ගේ සහාය ඇතුව වැඩිදියුණු කරන ලදී. මෙය Google API තාක්ෂණයන්ටත් වඩා හොඳින් වැඩිදියුණු කර තිබේ.
 
 මෙම මුහුණු ආවරණයේ නිර්මාතෘ ‘‘තායිසුකේ ඔනෝ ’’ සඳහන් කරන්නේ සුදු ප්ලාස්ටික් මිලිකොන් වලින් සාදා ඇති මෙම මුහුණු ආවරණය එය පැළඳ සිටින අයගේ බ්ලූටූත් ඔස්සේ පැළඳ සිටින අයගේ ස්මාර්ට් ජංගම දුරකථනයට සම්බන්ධ වන මයික්‍රෝෆෝනයක් තිබේ. මෙම පද්ධතියට ජපන්, චීන, කොරියානු, වියට්නාම, ඉන්දුනීසියානු, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂාවන්ට පරිවර්තනය කළ හැක. 2020 වසර මුලදී Donut Robotics ආසියානු ගුවන් තොටුපළ වෙනුවෙන් සීමා විය. ‘‘තායිසුකේ ඔනෝ ’’ කරන්නේ මෙම මුහුණු ආවරණය වැඩි දියුණු කිරීමට මුදල් හිඟයක් ඇති විය. පරිවර්තන තාක්ෂණය මුදල් උපයන අවස්ථාවක් වූ හෙයින් ජපන් සමූහ අරමුදල් සපයන ආයතනයක් ඔස්සේ අරමුදල් ලබා ගැනීම සිදු විය. මෙහි සාර්ථකත්වය කොතරම්ද යත් විනාඩි 37 කින් යෙන් මිලියන 28 ක් රැුස් කරන ලදී. සාමාන්‍යයෙන් මෙම මුදල උපයා ගැනීමට මාස තුන හතරක් පමණ ගත විය යුතු වුණත් Donut Robotics වෙනුවෙන් අරමුදල් සපයා ගැනීමට ගත වුණේ විනාඩි 37 කි. කොවිඞ් 19 වසංගත තත්වයට පෙර පවා මුහුණු ආවරණ බහුලව භාවිත විය. ජුලි මාසයේදී අරමුදල් සැපයීමේ දෙවන වටයේ අරමුදල් සැපයීම සිදු වුණ අතර යෙන් මිලියන 56. 6 ක් රැුස් කර ගන්නා ලදී. තායිසුකේ ඔනෝ සඳහන් කරන්නේ කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා දෙසැම්බර් මාසය වෙන විට මුහුණු ආවරණ වෙනුවෙන් 10,000 ක පමණ ඉල්ලූමක් ඇති වෙතැයි අනුමාන කෙරේ.
 
 පුන්‍යා චාන්දනි ද සිල්වා
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles