Divaina - කේතු වෘශ්චිකයට... පෙරළි රැසක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

sd31 1කේතු යන නම ඇසූ පමණින් දුක, වේදනාව, කලකිරීම ආදී මනෝභාවයන් ජනිත කරන ස්වභාවයක් ඕනෑම කෙනෙකු තුළ හට ගනී. රාහු, සෙනසුරු යන නම් ඇසූ විට ඇති කරන බිය ජනක තත්ත්වයට නොදෙවෙනි ගති ලක්ෂණ කේතු තුළ ද ඇති බව සාමාන්‍ය ජනතාව පවා දන්නා කරුණකි.

එහෙත් ජීවිතයේ යථාර්ථය මිනිසාට හොඳින් අවබෝධ කරදෙන මෙම ග‍්‍රහයා, මිනිස් දිවියට ලබාදෙන පිටිවහල සුළු පටු නොවේ. ආධ්‍
යාත්මික ගුණ වගාවේ ඇති වටිනාකම සෙනසුරු මෙන්ම කේතු ද ලබාදෙන බව ඔහු පිළිබඳ අධ්‍යයනයේදී මැනවින් දක්නට ලැබේ.

රාහු ග‍්‍රහයා මෙන්ම ග‍්‍රහ තරුවක් නොවන කේතු ද රාශි දොළසින් කිසිවකට හිමිකම් නොකියයි. මෙම ග‍්‍රහයා හඳුන්වාදීමේදී යොදාගෙන ඇති සංකේතද සිත් ගන්නා සුළුය. හිසේ රන් ඔටුන්නකි. දෑතේ පොතකි. පියකරු, අඩවන් දෙනෙතින් යුතු මුව කමලය. ඉනෙන් පහළ කොටස දරණ ගසා සිටින නාගයකි. වාඩි වී සිටින්නේ නෙළුම් මලක් මතය. කේතු පිළිබඳ අධ්‍යයනයේදී දක්නට ලැබෙන ලක්ෂණ අතර ළමාවියේ ඉගෙනීමට සමත්කම් නොදක්වන දරුවකු හට උපතින් කේතු යහපත්ව සිට කේතුගේ මහ දශාව ලැබුවහොත් අධ්‍යාපනික වශයෙන් ලබන දියුණුව සිතාගත නොහැකි තරම්ය. උසස් අධ්‍යාපනය පමණක් නොව එම දැනුම ජාත්‍යන්තර වශයෙන් ද ඔපගන්වා ජන්මියා දැනුමින් පොහොසත් කරලීමට දෙන සහාය අති ප‍්‍රශංසනීයයි.

මෙම කේතු, සිංහ, තුලා, වෘශ්චික, ධනු, මකර, මීන යන රාශිවලදී උපතින් සිටි විට හෝ 1, 3, 5, 9, 11, 12 යන ස්ථානවලින් එකක කේතු උපතින් සිටිවිට ලබාදෙන ආධ්‍යාත්මික ධනය මෙන්ම භෞතික ධනය ද නොසෙල්වන ස්ථිරසාර සමස්ත ජීවිතයටම ඵලදායි ලෙස උපයෝගී වන්නක් බව මනාව පෙනී යයි.

මෙබදු ගති ලක්ෂණවලින් හෙබි කේතු 2020.09.23 වන දින රාශි වළල්ලේ අමාරුකාරයා වන කුජගේ රාශිය වන වෘශ්චික රාශියට සම්ප‍්‍රාප්ත වේ.

අණක් ගුණක් නැති හිතුවක්කාර, දරදඬු කිසිවකුට පාලනය කර ගත නොහැකි ගති ලක්ෂණවලින් හෙබි කුජගේ ඉඩමට මෙම අහිංසකයා පැමිණි විට කුමක් සිදුවිය හැකිද? යන්න අපි රාශි වශයෙන් පිළිවෙළින් සලකා බලමු.

මේෂ

මේෂ ලග්නයේ 8 වැන්නාට කේතු පැමිණේ. මෙය දුටු පමනින් බිය උපදවන සුළුය. හේතුව මෙය මාරක ස්ථානය බැවිනි. එහෙත් 8 වැන්න ශක්තිමත් වීම භෞතික සම්පත් නිරායාසයෙන් ලැබීමට, සමාජ ඇගැයීමට ලක්වීමට, සහකරුගේ සහයෝගයෙන් ලෞකික දිවිමඟ යහපත් තත්ත්වයකට ගෙන යෑමට ඉමහත් පිටිවහලක් ලැබෙන ස්ථානයයි.

අනපේක්ෂිතව සැමගේ සහාය ලැබී තම අපේක්ෂා මල්ඵල ගැන්වීමට යෙදෙන යහපත් කාලයකි.

මේ අතර උපතින් කුජ 8 වැන්නේ සිටියහොත් ඔහුගේ නෛයිසර්ගික ස්වභාවය මත ලේ ¥ෂිත අසනීප, හිත පීඩාවට පත් වන සිද්ධි ඇති වීම, සහකරුට අසනීප තත්ත්වයන් ඇති වීම, තරමක සතුරු පීඩා හා අනතුරු ආදිය ඇති කිරීමේ ප‍්‍රවණතාව ද නොමැත්තේ නොවේ. එහෙත් ගුරු වැනි ශුභවාදී ග‍්‍රහයින්ගේ බැල්මට හසු වුවහොත් එම අයහපත් තත්ත්වයන් අවම මට්ටමක පවතින බව ද කිව යුතුය.

වෘෂභ

මෙම ලග්නයේ 7 වැන්නාට කේතු පැමිණීම හේතුවෙන් යුගදිවියේ අවුල් සහගත තත්ත්වයන්ට හේතුවනු ඇත. කි‍්‍රයාකාරි මනෝභාවයන් උද්දීපනයට

කේතුගෙන් ලැබෙන පිටිවහල හීනවීම මෙයට හේතුවයි. මෙම තත්ත්වය තේරුම් ගත් විට ගැටුම් ඇති වීමට ඉඩ නැත. සුවදායී මනෝභාවයන් ගෙතුළින් නොමැති විට ඇති වන අසහනකාරී මානසික තත්ත්වය මත ගෙදර සිටින දරුවන්ගෙන් ඥාතීන්ගෙන් පවා එම අසහනය දුරකරලීමට අදාළ මනෝභාවයන් මතුවීම ස්වභාවයයි.

මෙම මානසික අසහනය නිසා කෑම බීම පවා අතහරින අවස්ථා විරල නොවන අතර මත්පැනට පවා නැඹුරු වී අනවශ්‍ය ප‍්‍රශ්න ඇති වීම එහි අතුරු ඵල සේ පෙනේ. මෙහි යථා තත්ත්වය තේරුම්ගෙන කටයුතු කිරීම තුළින් යහපත් යුග දිවියක මිහිර හිමිකර දෙනවා ඇත.

මේ අතර යටිබඬේ දෝෂ, නිශ්ඵල ගමන් ඇති වීම, අනපේක්ෂිත වියදම්, ණය වීම්, දෛනික කි‍්‍රයාකාරකම්වල පසුබැසීම් ඇති වන්නේ ද ඉහත කී ලෙස සමබර මානසික තත්ත්වයකින් වැඩ නොකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

මිථුන

 ඔබගේ ලග්නයේ හයවැන්නට (06* කේතු පැමිණේ. මෙම ස්ථානය රෝගස්ථානය සේ සැලකේ. එහෙත් කාට නරක් වුවත් කේතුට මෙම ස්ථානය යහපත්ය. කුජට අයත් මෙම ස්ථානයට කේතුගේ පැමිණීම ලද විගස නිරෝගී ගති ලක්ෂණ ඇති කරනු ඇත.

කාලයකින් ශුභ කාලයක පෙර නිමිති දක්නට ලැබෙනාව ඇත. භූමි ලාභ ගෙනදීම, නිවාස ලාභ මෙන්ම අඩ නිමි නිවාස සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව ලැබීම, වැඩිහිටි අයගේ නොමසුරු උපකාර ලැබීම, රැුකියා ව්‍යාපාර දියුණු කරලීමට අදාළ නව මාවත් විවිර වීම, නව රැුකියා ලැබීම, අතමිට සරුවීම නිසා මෙතෙක් නොවූ උඩඟු කමක් ද ඇති විම දක්නට ලැබෙන අතර ණයතුරුස්වලින් ද නිදහස ලැබී නිරෝගී සුවය ද උදා වේ. නව මිතුරු සබඳතා ද ඇතිවනු ඇත. සතුරු කරදර නිමාවෙනු ඇත. සැනසිලිදායක කාලයකි.

කටක

 සඳු හිමි කටක රාශියේ පස්වැන්නට (05* කේතු පැමිණේ. මෙම ස්ථානය නිරෝගී සුවයට පාදක වන සංවේදී ඉඳුරන් බහුල ස්ථානයකි. ශීත තත්ත්වය වැඩිමීම මෙන්ම උෂ්ණ තත්ත්වය වැඩි වීම ද විවිධ ආසාදන මතුවීමට හේතු වේ. කේතු ඉතා තෙත බහුල ග‍්‍රහයෙකි. එබන්දෙකුගේ බලපෑම 5 වැන්නට වැටීම අනපේක්ෂිත ගැටලූ රැුසක් මතු කරලීමට පාදක වන බව පෙනේ. එය කායික මානසික දෙඅංශය කෙරේම බලපෑමක් ඇති කරලීමට සමත් තත්ත්වයකි. සිත දුකෙන් පිරෙන සිදුවීම් ඇතිවීම, චරිත ශුද්ධිය හීනවන සිද්ධිවාචකවලට නතුවීමට සිදුවීම, විභාග පරීක්ෂණවලට පෙනී සිටින අයට ඒ පිළිබඳ පීඩා ඇතිවීම, ගැබිනි මවුවරුන්ට එම අංශයේ ආපදා ඇතිවීම, දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට එම අවස්ථාවල ඝෘන ප‍්‍රතිඵල ඇතිවීමේ ලක්ෂණ ඇතිවීම, වියදම්, හදිසි අනතුරු, සතුරු කරදර පීඩා, ගෘහස්ථ අරගල ආදී පීඩාකාරී අවස්ථා ඇති කිරීමේ ප‍්‍රවණතාව ඉහළය.

මෙම තත්ත්වය මෙසේ වුව ද, ගුරු ආදී ශුභ ග‍්‍රහයකුගේ දැක්මට හසු වුවහොත් මෙම ඝෘනාත්මක ගති ලක්ෂණ අවම වී ධනාත්මක ලක්ෂණ මතුවීම ස්වභාවයයි. එවිට ‘සැනසීම’ පිළිබඳ මනෝභාවයන් මතු වී අපේක්ෂා මල්ඵළ දරණ විභාග පරීක්ෂණ ආදියෙන් සමත්වීම, වැඩිහිටි උපකාර හිමිවීම, නිරෝගී සුවය තහවුරු වීම ආදී ධනාත්මක ලක්ෂණ මතුවනු ඇත.

සිංහ

 මෙම ලග්නයේ 4 වැන්නට කේතු පැමිණේ. හෘදය, පෙනහළු ආදී සංවේදී ආදී සංවේදී ඉඳුරන් නියෝජනය කරන තැන මේ වන අතර චෛතසික ස්වභාවයේ කේන්ද්‍රස්ථානයයි. මෙම ස්ථානය ශීත උෂ්ණ ආදියේ සමබර පැවැත්මක් තිබිය යුතු තැනයි. සිංහ ලග්නකරුගේ කුජගේ නියෝජනය ඇති කරන ස්ථානයයි. තෙත් ගතියෙන් යුතු කේතු මෙතනට පැමිණීම විපරීත ලක්ෂණ මතුකරන අවස්ථා උදා කරයි. ලේ විෂවීමේ රෝග, හෘදයේ ආසාදන මතු- කරලීමේ අවස්ථා උදා කරනු ලබයි. ඖෂධවලට ඔරොත්තු නොදෙන සීතල රෝග මතුවීම, සෙම් රෝග මතුවීම ආදී ආසාදන පිළිබඳ පරීක්ෂා විය යුතු කාලයකි. බොහෝ අපේක්ෂාවන් කි‍්‍රයාකාරීත්වයෙන් තොරව මුළු ගැන්වෙන කාලයකි. සිංහ රාශියත්, වෘශ්චික රාශියත් දෙකම කේතුට යහපත් රාශි බව මුලදී කියා ඇත. මෙහිදී කේතුගේ නෛසර්ගික ස්වභාවයේ ගති ලක්ෂණ ධනාත්මක ස්වරූපයකට පත්වීම ස්වභාවයයි. ඒ අනුව ඉහත කී ආසාදන තත්ත්වයන් අවම මට්ටමක තිබීම විශේෂ ලක්ෂණයකි. එසේම යහපත් ග‍්‍රහයින්ගේ් දැකීම මත ශුභවාදී ප‍්‍රතිඵල මතු කරලීම ද විශේෂ ලක්ෂණයකි.

කන්‍යා

 මෙය කේතුගේ මිත‍්‍ර රාශියයි. මෙම රාශියේ 3 වැන්නට කේතු පැමිණේ. තේරුම්ගත නොහැකි ගුප්ත ගති ලක්ෂණවලින් හෙබි කේතු 3 වැන්නට පැමිණීම අනපේක්ෂිත ධන ලාභ ලබාදෙන කාලයකි. එම ධනය ලැබෙන්නේ කෙසේදැයි එම ලබන්නා පවා නොදනී. ශරීර සනීපය පවා යහපත්ය. සිත සතුටින් පුරවාලන කාලයයි. මෙතෙක් නොදුටු ආර්තික ලාභ ව්‍යාපාර දියුණුව ඇති කරන අතර ස්තී‍්‍ර පක්ෂයෙන් විශේෂ වාසි ලබාදෙන කාලයකි. ගෙදර පරිසරයෙන් ඈත පෙදෙස්වල සංචාරය ඇති කිරීමත් ඒ මගින් ද දැන හඳුනා ගත් අය මගින් ආර්ථික දියුණුවට මඟ සැලසෙන කාලයකි. මේ අතර සහෝදර සහෝදරියන්ගෙන් තරමක හිරිහැර ද ඇති වන කාලයක් සේ පෙනේ. එමෙන්ම සිය මාමාලා හා නැන්දලා පිළිබඳ කුමන හෝ කනගාටුදායක අවස්ථා මතුකරන බව ද දක්නට ලැබේ.

තුලා

මෙම ලග්නයේ දෙවැන්නට කේතු පැමිණේ. දෙවැන්න උපයන දේ වැයවන ස්ථානයයි. මේ ස්ථානය හිමිව ඇත්තේ කුජටයි. කුජ ගණන් මිනුම් නොබලා අතේ තියෙන සියල්ල වියදම් කිරීමට සමතෙකි. අවශ්‍ය දෙය මෙන්ම අනවශ්‍ය දෙය සඳහා ද වැය කිරීමට මෙම ස්ථානය අධිපති මැළි නොවේ. එහෙත් මෙම ස්ථානයට කේතු පැමිණීම තුළින් මෙතෙක් වූ අනවශ්‍ය නාස්තිය අවම කරනු ඇත.

එහෙත් නිකරුනේ දොස් ඇසීමට සිදුවන කාලයකි. ඉවසීමේ සීමාව ඉක්මවා යන අවස්ථා ද මේ නිසා ඇතිවිය හැක. නැති බැරි අය තමාගේ ඇසුරට වැටීම ද දක්නට ලැබෙනවා ඇත. මේ නිසා පෙර ඇසුරු කළ අයගෙන් දොස් ඇසීමට ද විරුද්ධකම් ඇති වීමට ද පරිසරය සැකසෙනු ඇත. ඇසුරු කරන්නන් පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු අවධියක් සේ පෙනේ.

වෘශ්චික

මෙය කුජගේ නිවසයි. මෙතනට කේතුගේ පැමිණීම විපරීත ගති ලක්ෂණ මතු කරනු ඇත. හිතුවක්කාරී ගති පැවතුම් අඩුවනු ඇත. බුද්ධිමත්ව ¥රදර්ශීව නම්‍යශීලීව කටයුතු කරලීමට පෙළෙඹෙනු ඇත. අත්හැර දමනු ලැබ තිබූ වැඩවලින් ප‍්‍රයෝජන ගැනීමට සිත යොමු කරනු ඇත. ආර්ථිකය දියුණු කරලීමට අදාළ නව මාවත් දෙසට අවධානය යොමු කරනු ඇත. නව නිපැයුම් කෙරේ යොමු වී ඵලදායී කි‍්‍රයාකාරකම්වලට නතුවෙනු ඇත. ආගම දහමට නොතිබූ ඇල්ම ශුභවාදීව එදෙසට හැරෙනු ඇත.

මෙහිදී මතක් කළ යුතු විශේෂ දෙයක් නම් කුජ උපතින් ලග්නගතව සිටියේ නම් පමණක් ශරීරයේ ලේවල රක්තානුවල විෂමතා ඇති කර අනපේක්ෂිත ආසාදන ගොඩනඟන බව පෙනේ. එසේම ශරීර ශක්තිය දුර්වල කොට යුගදිවියේ ගැටලූ පවා මතු කරනු දක්නට ලැබෙනු ඇත.

ධනු

මෙහිදී ලග්නකරුගේ 12 වැන්නට කේතු පැමිණේ. 6, 8, 12 යන ස්ථාන අශුභවාදී ස්ථාන ලෙස ජ්‍යොතිෂයේ හඳුන්වනු ලබයි. එහෙත් 12 වැන්නට පැමිණීම අශුභවාදී ප‍්‍රතිඵලවලට වඩා ශුභවාදී ප‍්‍රතිඵල ලබාදීමේ සමත් පිහිටීමකි. මේ අනුව ව්‍යාපාරික කටයුතුවලට හා ආර්ථික ඵලදායී කටයුතුවලට කේතු විසින් විශේෂ සහයෝගයක් ලබාදේ. ගුරුගේ මිත‍්‍ර ග‍්‍රහයා වන කුජගේ රාශියට කේතුගේ පැමිණීම තුළින් ධාර්මිකව යමක් උපයා ගැනීමේ විවිධ මාර්ග සොයා ගැනීමේ හැකියාව උදා වේ. මේ අතර අනපේක්ෂිත අසනීප, නුසුදුසු අයගේ ඇසුර, සතුරු කරදර ආදිය ද, අනපේක්ෂිත වියදම් ද සුළු වශයෙන් දක්නට ලැබෙන අතර, ගමන් බිමන් ආදියේදී ඇති වන හදිසි අනතුරු ද දක්නට ලැබේ. ධාර්මික සිතුම් පැතුම් හා කි‍්‍රයාකාරකම් වැඩි වන තරමට ආරක්ෂිත උපාය මාර්ග ද තමන් හා වෙලී පවතින බව පැවසිය යුතුව ඇත.

මකර

මෙම ලග්න කරුගේ 11 වැන්නට කේතු පැමිණේ. කාලයාගේ ඇවෑමෙන් ඉතා යහපත් පරිච්ෙඡ්දයක් උදාවන බව පෙනේ. හදිසි ධන ලාභ ලැබෙනු ඇත. අලූතින් පටන් ගන්නා යමක්වේද එහි සාර්ථකත්වය හිමිවනු ඇත. තම කීර්ති නාමය උසස් අයුරින් ඇගයීමට ලක්වන කාලයකි. නව උදාවකි. අන්‍යොන්‍ය සබඳතාව වැඩි දියුණු වනු ඇත. ගෙදර දොර පී‍්‍රතිමත් කාලයක් වනු ඇත. ආර්ථික සඵලදායි තත්ත්වය මත භෞතික සම්පත් නිරායාසයෙන් තමන් සතුවන කාලයකි. ඉතා යහපත් කාලවකවානුවක් බව පෙනී යයි. මෙය ආර්ථික, සාමාජික, පෞද්ගලික යන සෑම අංශයකම ඵලදායී කාලයකි.

කුම්භ

සෙනසුරුගේ නිශා රාශියේ 10 වැන්නට කේතුගේ පැමිණීම උත්සාහයේ තරමට ප‍්‍රතිඵල ලබාදෙන කාලයකි. සැනසීම හා සතුට වර්ධනය වන කාලයකි. රැුකියා අංශයේ සතුටුදායක ප‍්‍රවණතා ගොඩනැෙඟනු ඇත. රැුකියා අවස්ථා මෙන්ම රැුකියා උසස්වීම් ලබාදෙන කාලයක් සේද පෙනේ. අවිවේකී භාවය වැඩි වන අතර සිය ශ‍්‍රමය පොදු හා පෞද්ගලික යන දෙඅංශය කෙරෙහිම යොමු වනු ඇත. පොදුවේ ගත්කල නිවාස ලාභ පවා හිමිවීමේ භාග්‍යය පෙනී යන අතර සතුරු කරදර, අනපේක්ෂිත වියදම්, නුසුදුසු අයගේ ඇසුර තුලින් මතු වන ප‍්‍රශ්න හිතට පීඩා දෙන ආර්ථික පීඩාවක් ද දක්නට ලැබේ.

මීන

මීන ලග්නකරුගේ 9 වැන්නට කේතු පැමිණේ. මෙම පුණ්‍යස්ථානයට කේතුගේ පැමිණී ආධ්‍යාත්මික ගුණ වගාවට අදාළ කි‍්‍රයාකාකරම් සඳහා බෙහෙවින් යොමුවන කාලයකි. මෙය සිදුවනුයේ තවත් අයෙකුගේ බලපෑම මත මිස සිය කැමැත්තෙන් නොවේ. නොකර බැරිකමට කෙරෙන වන්දනා ගමනකි. ඒ කුජගේ රශ්මිය මෙහි ඇති බැවිනි. කෙසේ වුව ද තරමක යහපත් කාලයකි. තමාගේ යටපත්ව තිබූ හැකියාවන් කෙමෙන් මතුවන කාලයක් සේ පෙනී යයි. ඒ තුළින් ආර්ථික නව මං පෙත් දෙසට මෙන්ම අධ්‍යාපනය හදාරන්නන්ගේ නව කුසලතා මතුවීමට හේතු වන කාලයකි. මේ අතර ගමන් බිමන්වලින් වඩාත් ප‍්‍රවේශම් විය යුතුයි. හදිසි අනතුරු ඇතිවීම, කැපුම් කෙටුම් ඇතිවීම, ළඟ ඇසුරු කරන අය පිළිබඳ වේදනාකාරී අත්දැකිම් ඇතිවීම, එදිනෙදා පරිහරණය කරන දේවල කැඩුම් බිඳුම් සිදුවීම ආදී ඝාණාත්මක ගති ලක්ෂණ ද සුළු වශයෙන් දක්නට ලැබෙනවා ඇත.

චාන්දනී කරුණානායක

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles