Divaina - මාවිල්ආරු මෙහෙයුමට සේරුවිල සරණකිත්ති හිමියෝ මුල පිරු හැටි...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 mavilaru

 

බෙංගමුවේ නාලක හිමි

mavilaru22020 අගෝස්තු 09 වැනි දා දිවයින ඉරිදා සංග‍්‍රහයේ මනෝජ් අබයදීර මහතා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා සමඟ කළ සාකච්ඡාවක් ඉහත මැයෙන් පළ වී තිබුණි. එහි සඳහන් කරුණු අතිශයින්ම වැදගත් වෙයි. එවැනි ලිපියක් පළ කිරීම පිළිබඳව මනෝජ් අබයදීරයන්ට අපගේ ස්තුතිය පරිනැමේ. මාතෘකාව දැක්වීමේදී වසර 12ක් යන්න වසර 14 ලෙස නිවැරදි විය යුතුය. ඒ සමගම මෙහෙයුම ඇරඹීමට පදනම් වූ සේරුවිල සරණකිත්ති නා හිමියන් මාරාන්තික උපවාසයට ඉදිරිපත් වීම එහි සඳහන් නොවීම බරපතළ අඩුපාඩුවකි. එම ඌනපූරණය දක්වනු වස් මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි.

එදා ත‍්‍රස්ත තර්ජන පැවැති උතුරු හා නැෙඟනහිර ප‍්‍රදේශවලට ආරක්ෂක හමුදා හැර වෙනත් කිසිවෙක් නොගිය අවධියේ මා ඇතළු කිහිපදෙනෙක් මුල් කාලයේද පසුව දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ හිමිවරුද එම ප‍්‍රදේශවලට යමින් එමින් ආරක්ෂක හමුදා දිරිමත් කිරීමේ හා ත‍්‍රස්ත පීඩිත ජනතාවට පිහිටවීමේ ජාතික මෙහෙවරෙහි යෙදුනෙමු. අභීත අවංක වීරෝදාර සෙන්පති ලූතිනන්් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමග එක්වී එම ජාතික මෙහෙවර ඇරඹීමු. එදා සිට ත‍්‍රස්තවාදය මළුමනින්ම පරාජය කළ 2009 වසර දක්වා අපේ ජාතික මෙහෙවර ඉටුකළෙමු. 2010 දී මා විසින් ලියන ලද ”විරුවන් ඇසුරේ සූවිසි වසරක්’’නමැති කෘතියෙහි එම ජාතික මෙහෙවර පිළබඳව තරමක විස්තරයක් ඇතුළත් කර තිබේ.

ප‍්‍රථම වතාවට අප සේරුවිලට ගියේ 1986 වසරේදීය. දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ භාණ්ඩාගාරික වර්තමානයේ සේරුවිල මංගල රාජ මහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම හිමි එම ගමන යෑමට මූලික වූහ. භික්ෂු පෙරමුණේ සාමාජික හිමිවරුන් විසිනමක් ඊට සහභාගී වූහ. කන්තලේට ගොස් සේරුවිල යෑම ගැන පොලිසියෙන් විමසූ විට ඔවුන් කීවේ දැන් එහි ”කවුරුවත් යන්නේ නැහැ’’ යනුවෙනි. ඒ කතාව ද අසාගෙන සේරුවිල බලා පිටත් වූ අප ගමන් කළ බස් රථය මහවැලි ගෙඟ් පාලමෙන් එගොඩ වෙනවාත් සමගම හමුදාව විසින් නතර කරන ලදි. එතැන් සිට සියලූදෙනාම බසයෙන් බැස පයින් යා යුතු බවත් පසුපසින් රියැදුරා බසය පදවාගෙන යා යුතු බවත් ඔවුහු කීහ. නියෝගය පිළිගත් අපි මහ ගිනි අව්වේ කි.මී. 8ක් පයින්ම ගියෙමු. එසේ යෑමට සිදු වූයේ බස් රියේ නැඟී ගියානම් කොටි අටවා ඇති බිම් බෝම්බ පුපුරවාහරින නිසයි. අප සේරුවිල පන්සලට ගිය විට ඉමහත් සතුටින් අපව පිළිගත් සේරුවිල සරණකිත්ති නා හිිමිපාණෝ වසර එකහමාරකින් පිටතින් පැමිණි එකම පරිස අප බව පැවසූහ. එදා සිට ත‍්‍රස්තවාදය අවසන් වන තුරු වසරකට වරක් දෙවරක් අපි සේරුවිලට ගියෙමු. ත‍්‍රස්තවාදය නිසා ගම් බිම් අතහැර නොගොස් රැඳී සිටි ජනතාවට පිහිට වීම සහ ඔවුන් දිරිමත් කරීම අපගේ අරමුණ විය.

සේරුවිල ප‍්‍රදේශයේ හා අවට ජනතාව ප‍්‍රදේශය අතහැර නොගොස් රැඳී සිටියේ සරණකිත්ති ස්වාමීන් වහන්සේ නිසයි. කොටින් උත්සහ කළේ සිංහළ ජනතාව ප‍්‍රදේශයෙන් එලවා දැමීමටයි. නා හිමියන් මෙන්ම දිවි පරදුවට තබා රැකවල් ලා සිටි ආරක්ෂක හමුදාවන් නිසා කොටින්ගේ වුවමනාව ඉටු කරගත නොහැකි විය. ‘පෙරිය සාමි’ නමින් කොටි හැඳින්වූ සේරුවිල නා හිමියන් ඝාතනය කරීමට පස්වතාවක්ම කොටි උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. අවසානයේ ඔවුන් ගත් දැඩි පියවරක් වූයේ ප‍්‍රදේශයේ ජනතාවට බිමට හා ගොවිතැන් කිරීමට ජලය ලබා දෙන මාවිල්ආරු අමුණේ සොරොව්ව වසා දැමීමයි. ඊට එරෙහිව කළ හැකි වෙනත් දෙයක් නොමැති තැන සේරුවිල නා හිමියෝ මාවිල්ආරු අමුණ හරින තුරු නොනැඟිටිමියි... මාරාන්තික උපවාසෙකට වාඩිවූහ. උන්වහන්සේ සමග ප‍්‍රදේශයේ භික්ෂුන්වහන්සේ ඇතුළු තවත් තුන් හාරසීයක පිරිසක් ද ඊට එක්වූහ.

වාර්ෂික නිකිණි පින්කම සඳහා නා හිමියන්ට සහාය වීමට එහි වැඩම කළ උන්වහන්සේගේ ශිෂ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ දුරකතනයෙන් කතා කර සියලූ විස්තර අපට කීහ. ඒ විගසම ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට කතා කර අවශ්‍ය කටයුතු යෙදුවෙමි. සිරිතක් වශයෙන් මා දිනපතා තබන දින සටහනේ 2006.07.25 මෙසේ සඳහන් කර ඇත. ‘සේරුවිල ප‍්‍රදේශයට වතුර දෙන සොරොව්ව කොටි වසා දැමීම නිසා සේරුවිල නා හිමි ඊට එරෙහිව මාරාන්තික උපවාසයක් ඇරැඹි බව මෙත්තාරාම හිමිගෙන් දැන එය ගෝඨාභය රාජපක්ෂ මහතාට කියා කොටි කෙසේවත් සොරොව්ව අරින්නේ නැති බවත් කී විට ලැබුණු පිළිතුර වූයේ ”එහෙනම් හාමුදුරුවනේ අපි අරිමු’ යන්නයි. කොටින්ට ප‍්‍රහාර එල්ල කිරීම ඇරැඹුනේ ඉන් පසුවයි.

විරුවන් ඇසුරේ සූ විසි වසරක් කෘතියෙහි 224 පිටුවේ එම තොරතුර මෙසේ විස්තර කර ඇත. ”මානුෂීය මෙහෙයුම ඇරඹීමට දායක වීම - 2006.07.25 සේරුවිල ප‍්‍රදේශයට ගොවිතැන් කිරීමට මෙන්ම පානීය ජලයද බෙදා දෙන මාවිල්ආරු අමුණ කොටි වසා දැමීම නිසා පවුල් 2000ක් පමණ ඇති වූ බරපතළ ප‍්‍රශ්නය නිසා කම්පාවට පත් සේරුවිල මංගල මහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති නා හිමියන් අමුණ අරින තුරු නොනැඟිටිමියි කියා මාරාන්තික උපවාසයකට වාඩි වී හිඳින බව උන්වහන්සේගේ ශිෂ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමිගෙන් දැනගතිමි. නා හිමියන් අපවත් වුණත් කොටි අමුණ නොඅරින බව වටහා ගත් මම ඒ වෙනුවෙන් කළ යුත්ත කිරීමට තීරණය කළෙමි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කතා කර සිද්ධිය විස්තර කළෙමි. නා හිමියන් අපවත් වුණත් කොටි අමුණ නොඅරින බවද පැවසීමි. එය අසා සිටි ලේකම්තුමා ”එහෙනම් හාමුදුරුවනේ අපි අරිම’’යැයි පවසා කොටින්ට එරෙහි සටන මෙහෙයවීමට පියවර ගත්තේය. මාවිල්ආරු අමුණ බේරා ගැනීමේ පළමු බෝම්බය කොටින්ට එල්ල කළේ එම දුරකතන සාකච්ඡාවෙන් පසුවයි. එසේ ඇරැඹුණු මානුෂික මෙහෙයුම මාවිල්ආරු සොරොව්ව විවෘත කරගැනීමේ පටන් 2009 මැයි 19 ත‍්‍රස්තවාදය අවසන් කරන තුරුම එකදිගට කි‍්‍රයාත්මක විය.

මේ අනුව මාවිල්ආරු අමුණ විවෘත කිරීමේ මහා මෙහෙයුමට පදනම වැටුණු සේරුවිල සරණකිත්ති නා හිමියන් උපවාසයට වාඩි වීම ඉතිහාසයට එකතු කළ යුතු කරුණකි. එම ගෞරවය උන්වහන්සේට ලබා දිය යුතුමය. රතන හිමි ඇතුළු පරිස ගොස් මෙහෙයුමට බාදා වන ලෙස හැසිරුණේ ඉන් පසුවයි. කෙසේ හෝ නන්ද මල්ලවාරච්චි මහතා උපායශීලීව කි‍්‍රයාකොට රතන හමි ඇතුළු කණ්ඩායම නතරකොට මෙහෙයුම සාර්ථකව කි‍්‍රයාත්මක කිරීමට සමත් විය. රතන හිමිගේ ස්වභාවය වටහා ගැනීමට නන්ද මල්ලවාරච්චි මහතාගේ ප‍්‍රකාශයක් ලෙස ලිපියෙහි සටහන්ව ඇති මෙම සඳහන ප‍්‍රයෝජනවත් වෙයි. ”එතකොට ඒ පළාතේ දුරකතන සම්බන්ධතා තිබුණේ ඉතාම දුර්වල තත්ත්වයකයි. මේ නිසා මම බැසිල් රාජපක්ෂ මහතාට ඒ ගැන මතක් කළා. ඒ සඳහා ප‍්‍රතිචාර දක්වමින් හෙලිකොප්ටරයකින් එතුමා මට චන්ද්‍රිකා දුරකතන තුනක් එවලා තිබුණා. ඒවා දැක අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ඒ දුරකතනයක් ඉල්ලාගෙන පන්සලට ගියා. රතන හිමි හැර වෙනත් කිසිඳු කෙනෙක් ඒ අවස්ථාවේ මෙවන් නොහොබිනා දෙයක් කරතැයි සිතිය නොහැක.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles