Divaina - තාත්තා ගේ උපන් දිනයට අභිෂේකා දෙන තෑග්ග.....

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

abiseka1


ඔහු ගීත ක්‍ෂේත‍්‍රයේ දශක ගණනාවක් පුරා රැුඳී සිටින නිර්මාණකරුවෙක්. කැසට් ගීත පමණක් නොව චිත‍්‍රපට පසුබිම් ගීත ක්‍ෂේත‍්‍රයේ ඔහු ලියූ බොහෝ ගීත ජනප‍්‍රිය වුණා. නමින් සුනිල් විමලවීර. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔහු ගැන නෙමෙයි. ඔහුගේ දියණිය අභිෂේක විමලවීර ගැනයි. තාත්තාගේ උපන් දිනය අද. ඒ කියන්නේ 23 වැනිදා. අදට යෙදෙන උපන් දිනය වෙනුවෙන් දියණිය අභිෂේකා අපූරු තෑග්ගක් තිළිණ කරන්න සූදානම් වෙනවා. කියවලා බලන්නකෝ ඒ මොකක්ද කියලා.

 

abisheka2
 
 අභිෂේකාගේ අලූත්ම ගීතය ‘‘චන්ද්‍රමණඩලේ’’
 
 මීට වසර ගණනාවකට කලින් සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කළ රෝහණ වීරසිංහ මහත්මයා සංගීතවත් කරපු රත්න ශී‍්‍ර විජේසිංහ මහත්මයා පද රචනය කරපු ගීතයක් නිර්මාණය වුණා. ඒක අපි හැමෝම දන්න කාරණාවක්. ඒ ගීතයෙන් කියැවෙන්නේ තමන්ගේ දුව වෙනත් පිරිමි ළමයෙකු සම`ග පැනලා ගියහම තාත්තා කෙනෙකුට දැනෙන වේදනාව ගැන. ඉතිං චන්ද්‍ර මණ්ඩලේ මේ ගීතයෙන් කියැවෙන්නේ තාත්තා කෙනෙකු නැති වුණාට පස්සේ දුවෙකුට දැනෙන වේදනාව ගැන. මේ ගීතය ලියැවෙන්නෙත් රත්න ශ‍්‍රී විජේසිංහ මහත්මයා අතින්මයි. සංගීතවත් කරන්නේ රෝහණ වීරසිංහයන් විසිනි.
 
 ඇයි මේ චන්ද්‍ර මණ්ඩලයේ කියලා පිළිතුරු ගීතයක් නිර්මාණය කරන්න හිතුවේ.
 
 මේ ගීතය එළි දක්වන්න අදහසින් කරපු ගීතයක් නෙමෙයි. අවුරුදු තුනකට කලින් මගේ තාත්තා නැති වුණාට පස්සේ ගීතයක් ලියන්න අදහස් කළා.
 
 සාමාන්‍යයෙන් මගේ ගීත ලියාගත්තේ මම නිසා කොච්චර උත්සාහ කළත් මට ඒ ගීතය ලියා ගන්න බැරි වුණා. පස්සේ මම රත්න ශී‍්‍ර විජේසිංහ මහත්මයාට කතා කරලා කිව්වේ මේ ගීතයට පිළිතුරු ගීතයක් විදිහට ගීතයක් නිර්මාණය කරලා දෙන්න කියලා. ඒ වෙලාවේ එතුමා මට කිව්වා සතියක් විතර කල් දෙන්න කියලා. හැබැයි එහෙම කියලා විනාඩි දහයක් විතර ගියාට පස්සේ කිව්වා වට්ස් ඇප් බලන්න ගීතය ලිව්වා කියලා. ඒ ගීතය තමයි චන්ද්‍රමණ්ඩලයේ පිළිතුරු ගීතය. මේ ගීතය කරලා සෑහෙන කාලයක් තිබුණා.
 
 ඊට පස්සේ?
 
 මම කිහිපදෙනෙකුට මේ ගීතය අහන්න සැලැස්සුවා. ඒ වෙලාවේ ගොඩක් දෙනෙක් කිව්වා අපරාදේ මේ ගීතය එළියට දාන්නේ නැත්තේ කියලා. මේ ගීතය එළිදක්වන්න කියලා ගොඩක් දෙනෙක් කිව්වා. මොකද මේ අත්දැකීම් තියෙන ළමයි ඕනෑ තරම් ඉන්නවා. ඒ ගොල්ලන්ට මේක දැනේවි කියලා. ඒ හින්දා මට හිතුණා අවුරුදු තුනකට කලින් කරපු ගීතය එළි දක්වන්න ඕනෑ කියලා.
 
 ඇත්තටම කවදාද මේ ගීතය එළි දක්වන්නේ?
 
 තාත්තාගේ උපන්දිනය තියෙනවා. අගෝස්තු 23 වැනිදාට සාමාන්‍යයෙන් තාත්තා ජීවතුන් අතර ඉන්නකොට උපන් දිනයට හැමදාමත් තෑග්ගක් ලබා දෙනවානේ. තාත්තා මිය ගියාට පස්සේ තෑග්ගක් දෙන්න බැරි වුණා. ඒ හින්දා මම හිතුවා 23 වැනිදා උපන්දිනය දවසේ තාත්තාට මේ ගීතය තෑග්ගක් විදිහට එළිදක්වන්න.
 
 චන්ද්‍ර මණ්ඩලේ ගීතය අළලා පිළිතුරු ගීතයක් කරන්න හිතුවේ ජනප‍්‍රියත්වය බලාගෙනද?
 
 ඒක ඇත්තටම මම කරපු දෙයක් නෙමෙයි. රත්න ශ‍්‍රී විජේසිංහ මහත්මයා තමයි මට මේ පිළිතුරු ගීතය ලියලා දුන්නේ.
 
 සංගීතය නිර්මාණය කරන්න රෝහණ වීරසිංහයන්ට ලබා දුන්නේ ඇයි?
 
 චන්ද්‍රමණ්ඩලේ ගීතයට අපි හැමෝම වගේ ආදරෙයි. රෝහණ වීරසිංහ මහත්මයා ළ`ගට මම ගිහං ඇහැව්වේ රත්න ශ‍්‍රී විජේසිංහ මහත්මයා චන්ද්‍ර මණ්ඩලේ ගීතයට පිළිතුරු ගීතයක් ලියලා දුන්නා. මේකට අපි මොකද කරන්නේ කියලා. ගීතය මට දෙන්න මම සංගීතය නිර්මාණය කරලා දෙන්නම් කිව්වා. සතියකට විතර පස්සේ මම එතුමාව හමුවෙන්න ගියා. ඒ වෙලාවේ එතුමා මට ගීතය සංගීතවත් කරලා ගායනා කරන හැටි පෙන්නුවා. මට හිතාගන්න බැරි වුණා. තාත්තාගේ පරපුරේ තාත්තා ආසම කරපු පද රචකයා රත්න ශ‍්‍රී විජේසිංහ. ආසම කරපු සංගීතඥයා රෝහණ වීරසිංහ. මම හිතන්නේ මගේ තෝරා ගැනීම හරි කියලා. මොකද මේ ගීතයට මේ තරම් සාධාරණයක් කරන්න කාටවත් බැරිවේවි.
 
 පසුගිය කාලයේ නිර්මාණය කරපු නේත‍්‍රා ගීතයට ලැබෙන්නේ මොන වගේ ප‍්‍රතිචාරද?
 
 නේත‍්‍රා ගීතයට තරම් ප‍්‍රතිචාර ලැබුණා වෙන ගීතයක් නෑ. ගොඩක් දෙනෙක් ඒ ගීතය අහලා මගේ අම්මටත් කතා කරලා තිබුණා. ඉතිං මට හිතෙන්නේ මම දෙන්න හදපු පණිවුඩය සාර්ථකයි කියලා හිතනවා.
 
 තාත්තා වෙනුවෙන් කළ නිර්මාණ ගැන අම්මා මොනවද කිව්වේ?
 
 ඇත්තටම මොකුත් කිව්වේ නැහැ. ඇඬුවා.
 
 වැඩි කාලයක් නොගිහිං එක ළ`ග වගේ නේද ගීත දෙකක් එළි දැක්වූයේ?
 
 නැහැ. මම මුලින් කිව්වා වගේ මේ ගීතය නිර්මාණය කරලා අවුරුදු දෙකක් තුනක් විතර වෙනවා. ගීතය එළිදක්වන්න තමයි ප‍්‍රමාද වුණේ.
 
 අභිෂේකාගේ සංගීත වැඩ කටයුතු එහෙම කොහොමද?
 
 දැන් මගේ සංගීත ශාස්ත‍්‍රපති විභාගය අවසන්. දැනට මම කොළඹ විශ්වවිද්‍යාලයේ සංගීත අංශයෙන් උගන්වනවා. ඔය අතරේ මම සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.
 
 අභිෂේකාගේට ප‍්‍රසංගයක් කරන්න අදහසක් නැතිද?
 
 අනිවාර්යයෙන්ම කරන්න හිතාගෙන ඉන්නවා. ගොඩක් දෙනෙක් මගෙන් අහන ප‍්‍රශ්නයක් ඕක. තවත් කතාවක් තමයි ඇයි මේ ප‍්‍රසංග වේදිකාවේ ගීත ගයන්නේ නැත්තේ කියලා. ඒකට හේතුවක් ඒක.
 
 මගේම කියලා ප‍්‍රසංගයක් නිර්මාණය කරන්න තමයි මගේ එකම අරමුණ. මම විතරක් සින්දු කියන ප‍්‍රසංගයක් කරන්න කල් යයි. ඒකට තව සින්දු එකතු කර ගන්න ඕනෑ. ඒකට සින්දු කලෙක්ෂන් එකක් ඕනෑ. මේ කරමින් යන්නෙත් ඒක. සින්දු එකතු කරගනිමින් යන පාරේ තමයි ඉන්නේ.
 
 අභිෂේකාට එළිමහන් ප‍්‍රසංග වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැතිද?
 
 නැහැ. මම එළිමහන් ප‍්‍රසංග වේදිකාවට ගොඩවෙන්නේ නැහැ.
 
 ඇයි ඒ එළිමහන් ප‍්‍රසංග වේදිකාවෙන් ලොකු ජනප‍්‍රියත්වයක් ලැබෙනවා නේද?
 
 මට ජනප‍්‍රියත්වය විශේෂයක් නෙවෙයි. මම පුංචි කාලේ ඉඳන් රූපවාහිනියේ හිටියා. ඒ ආදරය ලැබුණා. මම වෘත්තිය හැටියට කරන්නේ ව්‍යාපාර. අනික මට රාත‍්‍රියට එළිමහන් ප‍්‍රසංගවලට සහභාගී වෙන්න වෙලාවක් නැහැ. කොහොමත් මගේ ඒකට වැඩි කැමැත්තක් නෑ. ඒ පරිසරයටත් කැමැති නෑ. කවදා හරි දවසක ගෘහස්ථ ප‍්‍රසංගයක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
 
 ඒ ප‍්‍රසංගය රටවටා ගෙනියන්නද හදන්නේ?
 
 ඔව්. ගෘහස්ථ ප‍්‍රසංගයක් රටවටා ගෙනියන්න තමයි හිතාගෙන ඉන්නේ.
 
 
 
 දිනේෂ් විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles