Divaina - ජනතාව ගොනාට ඇන්දවීම සහ පූසකු බන්ධනාගාරයට ‘කුඩු’ ගෙන යෑම

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p19 2කොළඹ දිස්ත‍්‍රික්ක පොහොට්ටු අපේක්ෂක මධුර විතාන අගෝස්තු 5 මහමැතිවරණයට සතියකට පමණ පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අපූරු පොරොන්දුවක් ලබා දුන්නේය. තමන් මන්ත‍්‍රීවරයකු ලෙස පත්වුවහොත් තමන්ට හිමි තීරු බදු රහිත සැප වාහනයක් ආනයනය කිරීමට අවශ්‍ය විශේෂ බලපත‍්‍රය පාර්ලිමේන්තුවෙන් ලබා නොගැනීමට පොරොන්දු විය. ජනාධිපතිවරයාට එසේ නොකරන බවට පොරොන්දු පත‍්‍රයක්ද ලබා දුන්නේය.

සමාජ මාධ්‍ය ජාලා මෙන්ම මුද්‍රිත මාධ්‍යද මධුර විතාන ජනාධිපතිවරයාට දුන් පොරොන්දුව වාර්තා කළේය. කෝට්ටේ නගරාධිපති ධුරයෙන් තාවකාලිකව ඉවත්වී ඔහු මහමැතිවරණයට ඉදිරිපත්වී ඇත.

එජාපයෙන් කොළඹට තරග කළ ඕෂල හේරත්, තමන්ද මන්ත‍්‍රීවරයකුට හිමි වාහන බලපත‍්‍රය ලබා නොගන්නා බවට පොරොන්දු විය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ හඳුන්වා දුන් බදු රහිත වාහනයක් ආනයනය කිරීමේ වරප‍්‍රසාදය සියලූම පක්ෂ අවභාවිතා කළ ආකාරය විමසා බැලිය යුතුය.

එසේ කිරීමට පෙර ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ජනතාවට දුන් පොරොන්දුවක් නැවත මතක්කර දියයුතුය. කිසිදු මන්ත‍්‍රීවරයකුට තම වසර පහක පාර්ලිමේන්තු කාලයෙන් වසර තුනක් සම්පූර්ණ වනතුරු බදු රහිත වාහනයක් ආනයනය කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත. එතුමා මෙම පොරොන්දුව ලබා දුන්නේ ජනාධිපතිවරණයට පෙරය. අද තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. මන්ත‍්‍රීවරුන්ට විශේෂ වරප‍්‍රසාද ලබාදීමට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් නැත. මෙම වසරේ මාර්තු මාසයේ කොරෝනා ප‍්‍රහාරයට ලක්වූ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය දැඩිසත්කාර ඒකකයක බව පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් මතක තබා ගත යුතුය.

ආර්ථිකයේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මැයි 5 දින රාජ්‍ය සේවකයන්ට නිකුත් කළ ලිපිය කියවා බලන්න. පවතින තත්ත්වය යටතේ මහජන නියෝජිතයන්ට විශේෂ වරප‍්‍රසාද දීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. හැකියාවක්ද නැත.

p18 1බදු රහිත වාහනයක් ආනයනය නොකරන බවට මාධ්‍ය ඉදිරියේ පොරොන්දු දීමට අවශ්‍ය නොවේ. මරණාසන්න ආර්ථිකයට තවදුරටත් විදේශ විනිමය කාබාසිනියා කළ නොහැක. බෙදුම්වාදී ද්‍රවිඩ ත‍්‍රස්තවාදය දරුණුවටම ශ‍්‍රී ලංකාවට පීඩා කළ කාලයේදීවත් ආර්ථිකය මේ ආකාරයට අර්බුදයකට ලක්වූයේ නැත.

පවතින මූල්‍ය අර්බුදයට විස`දුම් සෙවීමට ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ සහාය පැතීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මැයි 23 සහ 27 දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සමඟ කළ දුරකථන සංවාදවලින් පසුව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දෙපාර්ශ්වය අතර සාකච්ජාවකට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. ජුලි 22 පැවැති එම සාකච්ජාවේ අරමුණ වූයේ ශ‍්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට ඇති ණය පියවීමට සහන කාලයක් ලබා ගැනීමයි. ඊට සුළු කාලයකට පෙර ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ණයක් ලබා ගත්තේය. මෙහිදී ස`දහන් කළයුතු තවත් වැදගත් කරුණක් වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 අමතර ණයක්ද වර්තමාන රජය ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවයි. ශ‍්‍රී ලංකාව බරපතළ ණය අර්බුදයක බව පැහැදිලිය. තත්ත්වය ශ‍්‍රී ලංකාව තුළ ගන්නා ක‍්‍රියාමාර්ග හරහා සමනය කරගැනීමට නොහැකි බව පැහැදිලිය.

අගෝස්තු 5 මහමැතිවරණය මූල්‍ය අර්බුදයට පිලියමක් නොවන බව ඡුන්දය දෙන අති බහුතර ජනතාවට වැටහෙන්නේ නැත. මහමැතිවරණයට පෙර එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ඇතුළු අපේක්ෂකයන් තම පක්ෂය වැටුණු ආර්ථිකය නැවත කෙලින් කරන බව උජාරුවෙන් පවසන්නේ 2015 සහ 2016 මහබැංකු බැඳුම්කර වංචා පිළිබඳව තම පක්ෂයට නැෙ`ගන චෝදනා සියල්ල අමතක කර දමාය. යහපාලන සමයේදී එජාපය ආර්ථිකයට කළේ කුමක්දැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම දනී. මහබැංකු බැඳුම්කර වංචා සිදුවන අවස්ථාවේ එජාපය නියෝජනය කළ මන්ත‍්‍රීවරු බහුතරයක් අද සමගි ජන බලවේගය නියෝජනය කරයි.

මහජන නියෝජිතයන් වරප‍්‍රසාද ගොන්නකට හිමිකම් කියයි. බදු රහිත වාහනයක් ආනයනය කිරීමට ලබා දී ඇති අවස්ථාව එම වරප‍්‍රසාද තොගයට අයිතිය. මැතිවරණ සමයේ ඡුන්ද අපේක්ෂකයෝ ජනතාව ආකර්ෂණය කර ගැනීමට කිසි දිනක ඉටුකිරීමට බලාපොරොත්තුවක් හෝ අවස්ථාවක් නොමැති පොරොන්දු දෙති. මහමැතිවරණයට පමණක් නොව ජනාධිපතිවරණයට ද මෙම තත්ත්වය අදාළය. දේශපාලන පක්ෂ සහ මහජන නියෝජිතයන් තරගෙට ජනතාව රවටති.

පසුගිය වසර 30 දී දුන් පොරොන්දු වලින් අඩක් ඉටුකළා නම් අද ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටකි. එසේනම් තව දුරටත් ජනතාව රැුවටීමට අවශ්‍ය නැත. බොරුවෙන්, වංචාවෙන්ම රට පාලනය කර ඇත. තව දුරටත් රැුවටීමෙන්ම ඉදිරියට යෑමට උත්සහා කරන බව පෙනේ.

තීරු බදු රහිත සැප වාහනයක් ආනයනය කිරීමේ අවස්ථාව මහජන නියෝජිතයන්ට ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් ජනතාවට නිසියාකාර අවබෝධයක් නැත. එම සහනය ලබාදී ඇත්තේ මහජන නියෝජිතයාටය. එම සහනය අන්සතු කිරීමට බලයක් නැත. නමුත් මන්ත‍්‍රීවරු එම තීරු බදු රහිත සැප වාහනය විකුණති. යහපාලන මන්ත‍්‍රීවරයකුට රුපියල් ලක්ෂ 300 අධික තීරු බදු සහනයක් ලැබිණි. මන්ත‍්‍රීවරයෙක් එම සැප වාහනය රුපියල් ලක්ෂ 225-275 අතර මුදලකට විකුණා දමති. නිසියාකාරව බදු ගෙවා සැප වාහනයක් මිලදී ගැනීමට මූල්‍ය ශක්තියක් ඇති පුද්ගලයන් මැති ඇමැතිවරුන්ගෙන් වාහන මිලට ගනිති. නිසියාකාර ලෙස රජයට බදු ගෙවා සැප වාහන මිලිදී ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයන් හොර පාරෙන් එම කටයුත්ත කරයි. මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් අහිමි කරති. මෙම තත්ත්වයට පාර්ලිමේන්තුව නියෝජනය කළ සහ අගෝස්තු 5 මහමැතිවරණයෙන් පත්වූ සියලූම පක්ෂ වගකිව යුතුය.

පාර්ලිමේන්තුව හරහා ක‍්‍රියාත්මක මෙම මහා බදු වංචාව මහා දවාලේ මහබැංකුව කොල්ලකෑමට සමාන කළ හැක. අප රටේ ක‍්‍රියාත්මක දූෂිත ක‍්‍රමය තුළ සියලූම ආණ්ඩු බදු රහිත වාහනයක් ගෙන්වීමේ ‘සහනය’ ක‍්‍රම ක‍්‍රමයෙන් පුළුල් කර ඇත. වර්තමානයේ සැප වාහනයක් ගෙන්වීමේදී රුපියල් ලක්ෂ 330 පමණ බදු සහනයක් ලැබේ. මෙම සහනය සියලූම මැති ඇමැතිවරුන්ට හිමිය. මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වූ මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති සෑම මහජන නියෝජිතයෙක්ම සැප වාහන වාසනාව ලබා ඇත. පාර්ලිමේන්තුව වාර හයක් නියෝජනය කර ඇති මහජන නියෝජිතයකු බදු රහිත වාහන බලපත‍්‍ර හයක් ලැබී ඇත. දහනමවෙනි සංශෝධනයට පිංසිද්ධ වන්නට වසර හයකට වරක් තීරු බදු රහිත වාහනයක් විකිණීමට තිබූ අවස්ථාව වසර පහකට අඩු කර ඇත. යහපාලන පාර්ලිමේන්තුව නියෝජනය කළ 225 න්, 200 කට අධික මැති ඇමැතිවරුන් ගණනක් 19 වැනි සංශෝධනයට අත එසවූවාට පාඩුවක් නැත.

තීරු බදු රහිත වාහනයක් ගෙන්වා, මහා භාණ්ඩාගාරයට අගතියක් වන ආකාරයට එය විකුණා දැමීමට සියලූම ආණ්ඩු මහජන නියෝජිතයන්ට අවස්ථාව සැලසීම පිළිබඳව විමසීමට මෙම ලියුම්කරුට අවශ්‍යතාවයක් ඇතිවූයේ ජුලි 28 වන දින මගී ප‍්‍රවාහන කළමණාකාර සහ විදුලිබල සහ බලශක්ති ඇමැති මහින්ද අමරවීර හම්බන්තොට දී මහමැතිවරණ රැුස්වීමකදී කළ අදහස් ප‍්‍රකාශ කිරීමක් නිසාය. අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය එම ප‍්‍රකාශයට යොදා තිබූ ශිර්ෂපාඨය අනුව මෙම නිවේදනය කළ යුතුව තිබුණේ අපේ‍්‍රල් 1 දිනය (මෝඩයාගේ දිනය*. ඇත්ත වශයෙන්ම ප‍්‍රකාශය සුපිරිය. රජවාසලේ කවටයා වූ අන්දරේටත් අභියෝගයකි.

එම ශිර්ෂ පාඨය මෙසේය : ‘‘පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නොමිලේ වාහන ගන්න පර්මිට් නිකුත් කිරීම නවත්වන පරිදි පොදු ප‍්‍රවාහන සේවා සංවර්ධනය කරනවා.” අමාත්‍යවරයා පවසන්නේ ශ‍්‍රී ලංකාවේ පොදු ප‍්‍රවාහන සේවය කාර්යක්‍ෂමව සහ ගුණාත්මකව ක‍්‍රියාත්මක නොවූ නිසා මහජන නියෝජිතයන්ට තීරු බදු රහිත වාහන දීමට සිදුවූ බවයි. පොදු ප‍්‍රවාහන සේවය සංවර්ධනය කිරීම තුළින් විශේෂ තීරු බදු රහිත බලපත‍්‍ර හරහා මහජන නියෝජිතයන්ට වාහන ගෙන්වීම නතර කළ හැකි බවට ඔහු පැවසුවේ, පාර්ලිමේන්තුවේ 225 අමතරව පළාත් සභා මන්ත‍්‍රීවරුන්ටද තීරු බදු රහිත වාහන ගෙන්වීමේ අවස්ථාව ඇති බව පෙන්වා දෙමිනි. පළාත් සභා මන්ත‍්‍රීවරු 455 කි.

පොහොට්ටුවෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට තරග කරන අමරවීර කළ මෙම පුදුමාකාර ප‍්‍රකාශය ජනතාවට කළ අපහාසයකි. ජයවර්ධන ජනාධිපතිවරයා ලබාදුන් වරප‍්‍රසාදය අද වන විට බරපතළ ලෙස අවභාවිත කරයි. මන්ත‍්‍රීවරු සැප වාහනයක් ගෙන්වන්නේම රුපියල් කෝටි දෙකකට වැඩි මුදලකට විකුණා දැමීමට බව රහසක් නොවේ. මහින්ද අමරවීර අමාත්‍යවරයා කරන ප‍්‍රකාශයට කිසිදු පදනමක් නැත. දුර්වල පොදු ප‍්‍රවාහන සේවය සහ තීරු බදු රහිත වාහනය විකිණීම අතර කිසිදු සම්බන්ධයක් නැත.

අමාත්‍යවරයා සත්‍ය තත්ත්වය දනී. තීරු බදු රහිත වාහන කොල්ලයේ කතාව වඩාත් හො`දින් තේරුම් ගැනීමට මහින්ද අමරවීර බෙදුම්වාදී ද්‍රවිඩ ත‍්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් මියගිය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයා සිහිවීමට පළකළ ‘ජෙයරාජ් : රුදුරු එල්.ටී.ටී.ඊ. ය බිලිගත් ජාතික නායකත්ව සලකුණ’ ග‍්‍රන්ථයේ ‘අපේ දේශපාලන ගුරුවරයා වූ ....’ ශීර්ෂය යොදා ඇති (පිටුව 217* ලිපියේ මෙලෙස සටහන් තබා ඇත.

ජෙයරාජ් : ඉඳගන්න මහින්ද. කොහොමද කොළඹ ජීවිතය.

මහින්ද : හොඳයි අමාරුවෙන් ගෙවනවා

ජෙයරාජ් : අමාරුවෙන් .. එකේ තේරුම මොකක්ද මහින්ද?

මහින්ද : අපට කොළඹ ජීවිතයට හැඩ ගැහෙන්න අමාරුයි ඇමැතිතුමා ... අපි ගම්වල උදවියනේ.

ජෙයරාජ් : ඒ කියන්නේ ?

මහින්ද : ගම්වලින් ආ අපට කොළඹ නවාතැන් සොයා ගැනීම පහසු නෑනේ ඇමැතිතුමා.

ජෙයරාජ් : කොහෙද ඉන්නේ?

කාගේද ගේ? මාසික කුලිය කීයද? ණයද? යනාදී ප‍්‍රශ්න වැළක් එක පිට එක එතුමා මගෙන් ඇසීය.

ජෙයරාජ් : හෙට හවස කොහෙද ඉන්නේ ?

මහින්ද : කොළඹ ඉන්නවා... ඇමැතිතුමා.

‘‘පසු දින මගේ නිවසට පණිවුඩකරුවෙක් ඒවා තිබූ එතුමා, ඔහු අත රුපියල් ලක්ෂ 13 ඒවා තිබුණි. කොළඹින් ගෙයක් මිලදී ගන්නට මා සතුව තිබූ මුදලේ හිඟය පියවා ගන්නටය. මම අද කොළඹ නිවසක හිමිකරුවෙක්මි. මගේ පළමු වාහන බලපත‍්‍රය විකුණා, මම එම මුදල එතුමාට දෙන්නට ගියෙමි. එහිදී අපූරු සිද්ධියක් දැනගන්නට ලැබුණි. එතුමා මට රුපියල් ලක්ෂ 13 ක් නොව 18 ක් ඒවා තිබේ. අතරමැදියා ලක්ෂ 5 ක් ගසාකාළාය. ඒ ගැන කතා නොකරන ලෙස මගෙන් ඉල්ලා සිටි එතුමා මා ආපසු දුන් මුදල භාර ගත්තේ නැත.”

මහින්ද අමරවීර පාර්ලිමේන්තුවට හම්බන්තොටින් ඇතුළු වූයේ 1994 දීය. ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවට ඇතුළු වූයේ 1989 දීය. මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියකු 2008 අපේ‍්‍රල් මාසයේ 6 දින වැලිවේරිය ප‍්‍රදේශයේදී ජෙයරාජ් අමාත්‍යවරයාව මරා දැම්මේය.

පාර්ලිමේන්තුවෙන් ලැබෙන විශේෂ බලපත‍්‍රය හරහා තීරු බදු රහිත වාහනයක් ගෙන්වා ගැනීමට මහජන නියෝජිතයන්ට අවස්ථාවක් තිබිය යුතුය. එම වරප‍්‍රසාදයේ කිසිදු වරදක් නැත. නමුත් ආනයනය කරන එම වාහනය විකුණා දැමීමට අවස්ථාව දීම හේතුවෙන් රටේ ආර්ථිකයට කරන හානිය සුළුපටු නොවේ.

සැප වාහනයක් ආනයනය කරන්නේම විකුණා දැමීමටය. ශ‍්‍රී ලංකාවේ පොදු ප‍්‍රවාහන පද්ධතිය යුරෝපයේ ඉහළම ආර්ථිකය හිමි රටේ තත්ත්වයට පත්කලත් තීරු බදු වාහන සෙල්ලම මහජන නියෝජිතයන් නවත්වන්නේ නැත. මහින්ද අමරවීර ඇමැතිවරයා මහමැතිවරණ ව්‍යාපාරයේදී එවැනි පොරොන්දුවක් දුන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට නොහැකිය.

ජෙයරාජ් අමාත්‍යවරයා වෙනුවෙන් මහින්ද අමරවීර ඉතාමත් අවංක සිතින් තැබූ සටහන හෙළි කරන්නේ දේශපාලනයේ සැබෑ මුහුණුවරයි. මහජන නියෝජිතයන්ගේ මිත‍්‍රයින් එසේ නැතහොත් අතරමැදියන් කටයුතු කරන ආකාරය පුදුමාකාරය. තමන්ට තීරු බදු රහිත වාහනයක් ගෙන්වීමට ලැබුණ බලපත‍්‍රය විකිණීම වෙනම කතාවකි. මහින්ද අමරවීර මන්ත‍්‍රීවරයාට දීමට දුන් ලක්ෂ 18 න් ලක්ෂ 5 ක් වංචා කිරීම පිළිබිඹු කරන්නේ වංචාකරුවන් රජකරන දේශපාලනයයි. ජෙයරාජ් ගේ මිනීමැරුම සම්බන්ධව කළ පරීක්ෂණයේදී හෙළි වූයේ ඔහුව මරාදැමූ මිනිස් බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ ස්ථානයට ගෙන ආවේ අමාත්‍යවරයාගේ පෞද්ගලික මිතුරෙකු වූ සහකාර පොලිස් අධිකාරිවරයකු බවයි. එල්.ටී.ටී.ඊ. ට සේවය කළ නිලධාරීන්ද ශ‍්‍රී ලංකා පොලිස් සේවයේ සිටිය බව ජනතාව මතක තබා ගත යුතුය. තම ස්වාමියාව ත‍්‍රස්තවාදීන්ට පවා දීමට කටයුතු කළ එම පොලිස් නිලධාරියා ජෙයරාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් දුක්වූ ආකාරය වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මෙම ලියුම්කරු සමඟ පවසා ඇත. එහෙව් පොලිස් දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පාතාලයට හෙරොයින් විකිණීම පිළිබඳව අප පුදුම විය යුතු නැත. අසූහත්දහසක් සේවය කරන පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති බහුතරය අවංකය. නමුත් නරුමයෝද සිටිති. එම සුළු පිරිස සමාජයට කරන හානිය සුළුපටු නොවේ.

රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව අන්තයටම පිරිහී ඇති තත්ත්වයක් තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හෙරොයින් විකිණීම පිළිබඳව පුදුම විය යුතු නැත. නීතිඥයන් පාතාලයට සම්බන්ධවීමද සාමාන්‍ය තත්ත්වයක ලෙසට

පිළිගැනීමට සිදුවිය හැක. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මැතකදී පැවසුවේ 2019 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළක්වීමේ යටතේ රහස් පොලිසිය භාරයේ සිටින හිජාස් හිස්බුල්ලා අන්තවාදී තව්හිත් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කර ඇති බවයි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා හිජාස් හිස්බුල්ලාව සමාන කළේ එල්.ටී.ටී.ඊ. වෙනුවෙන් පෙනී සිටි ඇන්ටන් බාලසිංහම්ටය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට තම වෘත්තියේම නියුතු පුද්ගලයකු කලක් වීරකේසරී පුවත්පතේ සේවය කළ පසුව බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සමාජිකයකුවූ බි‍්‍රතාන්‍ය ගුවන් බලපත‍්‍රය හිමි බාලසිංහම්ට සමාන කිරීමට සිදුවීම අවාසනාවකි. බාලසිංහම්ගේ න්‍යාය කුමක්ද කියා අමුතුවෙන් කිවයුතු නැත.

ජුලි 31 නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා නීතිපති දප්පුල දී ලිවේරාගේ උපදෙස් පරිදි ඉතිහාස ගතවන මාධ්‍ය හමුවක් පැවැත්වූවේය. පැයකුත් විනාඩි 13 පැවැති එම මාධ්‍ය හමුවේදී නීතිපති දෙපාර්තමේන්තුව භුමියේ තත්ත්වය නිර්දය ලෙස විවේචනයට ලක් කළේය. වසර 136 කට පෙර පිහිටුවා ඇති නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියේ නායකත්වය පිළිබඳව බරපතළ විවේචනයක් එල්ල කළේ වැඩ තහනමකට ලක්වී සිටින මීගමු බන්ධනාගාරයේ ප‍්‍රධානී අනුරුද්ධ සම්පායෝ ඇතුළු හතර දෙනකුට එරෙහිව මීගමු මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සම්බන්ධයෙනි. උසාවි නියෝගයකින් බන්ධනාගාරගත වන පුද්ගලයන් සහ එම පරිශ‍්‍රය භාරව සිටින නිලදරුවන් එකට එක්වී අපරාධ රාජධානි බන්ධනාගාර තුළ ගොඩන`ගා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව කරනා චෝදනාව අතිශයින් බරපතළය. රටේ පවතින අවාසනාවන්ත අවිචාර සමය පිළිබිඹු කරනා කැඩපතක් වැනිය.

එම මාධ්‍ය හමුවේ අවසන් භාගයේ නීතිපතිවරයාගේ නියෝජිතයා පෙන්වා දුන්නේ තමන්ට අවශ්‍යනම් මෙතුවක් කල් ක‍්‍රියාකළ ආකාරයටම සම්පායෝ සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට අවස්ථාවක් තිබුණ බවය. අධිකරණය මීගමු බන්ධනාගාරයේ නිලධාරීන් හතර දෙනා සම්බන්ධයෙන් මීගමු මහෙස්ත‍්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු වහාම ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මහා ගෝරනාඩුවක් නොකළා නම් පෙර ක‍්‍රියා කළ පරිදිම චෝදනාවට ලක්වූ කණ්ඩායම ලිස්සා යනවාට සැකයක් නැත.

නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය පැහැදිලිය. වරෙන්තුකරුවන් වහාම අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොලිසිය වගකීම ගතයුතුය. වරෙන්තු ක‍්‍රියාත්මක කිරීමට නොහැකි නම්, පොලිස්පතිවරයා හෝ ඉහළ නිලධාරියකු හෝ කණ්ඩායමක් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතුය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුව මීගමු බන්ධනාගාර නඩු කටයුත්ත මෙහෙයවීමට ප‍්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක ඊට ගැළපෙන නියෝජනයක් පොලිසිය ලබා දිය යුතු බවය. නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු කාරණා පිළිගන්නා අතර එම දෙපාර්තමේන්තුවේ ක‍්‍රියා කලාපය ප‍්‍රශ්න කිරීමට මාධ්‍යට වගකීමක් ඇත.

පොලිසිය වරෙන්තු ක‍්‍රියාත්මක නොකළ පළමු අවස්ථාව මෙය නොවේ. නීතිපති දෙපාර්තමේන්තුව දිගින් දිගටම ප‍්‍රශ්න කළේ පොලිසිය සිතාමතාම මීගමු බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටියාද යන කරුණය. වැඩබලන පොලිස්පති පොලිසියේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් අධිකරණයට පැහැදිලි කිරීමක් කළ යුතුනම්, ශත වර්ෂයකට එහා පිහිටුවූ නීතිපති දෙපාර්තමේන්තුවද මෙතුවක්කල් පොලිසියේ මෙම ක‍්‍රියාකලාපය ප‍්‍රශ්න නොකළේ මන්දැයි ජනතාවට පැහැදිලි කළ යුතුය. නීතිය පිරිහීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවද වගකිව යුතුය. එම වගකීමෙන් ගැලවීමට නීතිපති දෙපාර්තමේන්තුවට නොහැකිය. නීතිපති දෙපාර්තමේන්තුවද බන්ධනාගාර තුළ අපරාධ රාජධානි ගොඩනැ`ගීම සම්බන්ධයෙන් නිර්භීත ක‍්‍රියාමාර්ගයක් මීට පෙර ගත්තානම්, මීගමු බන්ධාගාරයේ විද්‍යුත් තරාදියක් තබාගෙන හෙරොයින්, ගංජා සහ අනෙකුත් මත්ද්‍රවය විකුණන තත්ත්වයක් උදාවන්නේ නැත.

මහබැංකු බැඳුම්කර වංචාව කිරීමට 2015 සහ 2016 එවකට බලයේ සිටි කණ්ඩායම පෙළඹුනේ දශක ගණනාවක් තුළ කිසිදු බරපතළ මූල්‍ය අක‍්‍රමිකතාවයකට ද`ඩුවමක් ලබා නොදෙන තත්ත්වයක් යටතේය. ශ‍්‍රී ලංකාවේ නීතිය බලවතුන්ට ක‍්‍රියාත්මක කරන ආකාරය දකින දූෂණයක්, වංචාවක් හෝ අක‍්‍රමිකතාවක් කිරීමට අවස්ථාවක් තිබෙන ඕනෑම අයෙකුට හොරකම් කිරීමට සිතෙනවාය. දෙවැනි බැඳුම්කර වංචාව 2016 මාර්තු අග (පළමුවන වංචාව කර මාස 11 කට පසුව* සිදුවන තත්ත්වය විමසා බැලිය යුත්තේ 2015 වංචාවයට ගැසීමට එවකට ජනාධිපතිවරයා 2015 ජුනි 26 කටයුතු කිරීමද අවධානයට ගැනීමෙනි.

මහින්ද අමරවීර අමාත්‍යවරයා තීරු බදු රහිත වාහන ගෙන්වීම නැවත්වීමට තමන් කටයුතු කරන බව පැවසීම වර්තමාන අසික්කිත දේශපාලන ක‍්‍රියාවලියේම කොටසකි.

නීතිඥ නගානන්ද කොඩිතුවක්කු යහපාලන පාර්ලිමේන්තුවේ 2016 දී සම්මත කළ තොරතුරු දැනගැනීමේ පනත උපයෝගී කරගෙන තීරු බදු වාහන වංචාව හෙළි කළේය. කොඩිතුවක්කු පාර්ලිමේන්තුව හරහා ක‍්‍රියාත්මක තීරු බදු වංචාව පිළිබඳව නඩුවක් රටේ ඉහළම උසාවියේ ගොනු කළේය. එම නඩුව පැවරුණේ අල්ලස් සහ දූෂණ වංචා විමර්ශන කොමිසම තමන් තීරු බදු වංචාව සම්බන්ධයෙන් එම ආයතනයට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසියාකාරව කටයුතු නොකිරීමට එරෙහිවය. තොරතුරු දැන ගැනීමේ පනතට පින්සිදුවෙන්නට තම වාහන විකුණු මහජන නියෝජිතයන් පමණක් නොව එම වාහන මිලදීගත් පුද්ගලයන් ද සම්බන්ධව තොරතුරුද රේගුව කොඩිතුවක්කුට ලබා දුන්නේය. සෑම සැප වාහනයකටම ලබා දුන් බදු සහනයද එම තොරතුරු අතරවිය. සෑම වාහනයකටම රුපියල් මිලියන 30 කට අධික (ලක්ෂ 300 අධික) තීරු බදු සහනයක් දී තිබුණි. බොහෝ මහජන නියෝජිතයන්ගේ තේරීම වූයේ ටොයෝටා ලෑන්ඞ් කෘසර් ය. ඇත්ත වශයෙන්ම එම තේරීම මහජන නියෝජිතයන්ගේ නොව එම වාහනය මිලදී

ගන්නා පුද්ගලයාය. කොඩිතුවක්කු තොරතුරු  දැනගැනීමේ පනත යටතේ ඉදිරිපත් කළ ඉල්ලීමට රේගුව නිකුත් කළ වාර්තාව ක‍්‍රියාත්මක අක‍්‍රමිකතාව අපුරුවට හෙළිකළේය.

සැප වාහනය මහජන නියෝජිතයන්ගේ නමට ලියාපදිංචි කළ දිනම නව ගැනුම්කරුවන්ට විකුණා දමා ඇත. මහජන නියෝජිතයන්ට ලබා දෙන තීරු බදු රහිත වාහනයක් ගෙන්වා, විකිණීමේ අවස්ථාව හය හත් වරක් ප‍්‍රයෝජනයට ගත් මහජන නියෝජිතයෝ ද පසුගියදා පත්වූ පාර්ලිමේන්තුවේ වෙති. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ ක‍්‍රියාකලාපය ලජ්ජා සහගතය. යහපාලන සමයේ මහජන නියෝජිතයන්ට දුන් මාසික වේතනයට අමතරව රුපියල් 100,000 දීමට පාර්ලිමේන්තුව කටයුතු කළේය. ඊට අමතරව තෝරාගත් යහපාලන මන්තිවරු සමූහයකට රුපියල් 200,000 හෝ ඊට වැඩි මුදලක් ලබා දුන්නේය. මහජන මුදල් සම්බන්ධයෙන් මූලික වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව ආයතනයක් ලෙස එහි වගකීම පැහැර හැර ඇත. එසේ නොවන්නට බලයේ සිටින කණ්ඩායමට සහ අනෙකුත් පාර්ලිමේන්තු නියෝජිතයන්ට අවශ්‍ය ලෙස කටයුතු කළ නොහැක. පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවයක් පෙන්වා සබීතා පෙරේරා නිළියගේ ස්වාමියාට අයත් ගොඩනැ`ගිල්ලක් රුපියල් බිලියනයකට වසර පහකට කුලියට ගැනීම පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය හෙළි කළේය.

දූෂණය, වංචාව සහ අක‍්‍රමිකතා නිදහසේ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සුපිරි ලෙසම සාදා දී ඇත. විශ්වාසවන්ත භාවයේ මුදුන්මල්කඩ වූ මහබැංකුව දෙවරක් මංකොල්ල කන රටක බන්ධනාගාර තුළට ජංගම දුරකථන, හෙරොයින්, ගංජා පිටත සිට විසි කිරීම ‘කර්මාන්තයක්’ ලෙස කාලයක් තිස්සේ කරගෙන ආ බව අද රහසක් නොවේ. සිරකරුවන් විද්‍යුත් තරාදි යොදාගෙන බන්ධනාගාර තුළ ව්‍යාපාර කිරීම ගිනස් වාර්තා පොතට පවා ඇතුළු විය හැකි තත්ත්වයේ හපන්කමකි. නමුත් පූසෙකුගේ ගෙලේ බැඳ කුඩා කුඩු පාර්සලයක් බන්ධනාගාරයක් තුළට යැවීමට කළ උත්සාහය කෙතරම් අපූරුද? සිංහල දෙමළ අලූත් අවුරුදු ජාතික ක‍්‍රීඩාවක් ලෙස වුවද මෙම පූස් සෙල්ලම හ`දුන්වාදිය හැක.

ජනතාව ප‍්‍රතික්ෂේප කළ අපේක්ෂකයන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට යැවීම එක්තරා ආකාරයකට පූසෙක් යොදා බන්ධනාගාරයට කුඩු යැවීම සමග සංසන්දනය කළ හැක. බන්ධනාගාරවලට තහනම් භාණ්ඩ තාප්පයට ඉහළින් විසි කිරීම සම්බන්ධයෙන්ම මෙම ලියුම්කරුට ඇත්තේද එවැනිම අදහසකි.

ජුලි 31 පැවැති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ බන්ධනාගාර තුළ අපරාධ රාජධානි ගොඩනැ`ගීම රටේ, ජාතියේ අනාගතය තර්ජනයක් බවය. නමුත් පාර්ලිමේන්තුව බන්ධනාගාර තුළ අපරාධ රාජධානි ගොඩනැ`ගීම පිළිබඳව තත්ත්වයට වගකිව යුතුද? එම මාධ්‍ය හමුවේදී, නීතිපති දෙපාර්තමේන්තුව සහ මාධ්‍යවේදීන්ද දිගින් දිගටම නැ`ගු ප‍්‍රශ්නය අපරාධ රාජධානි ගොඩනැ`ගීමට අවශ්‍ය ශක්තිය මෙම පුද්ගලයන්ට ලැබෙන්න කොහෙන්ද? කෙලෙසද? කියාය. නීති සම්පාදනය කරන, නීති යාවත්කාලීන කරන මැතිසභය මෙම තත්ත්වයට වගකීම භාරගත යුතුය. පවතින තත්ත්වය තුළ අධිකරණය රත්නපුර දිස්ත‍්‍රික්ක පොහොට්ටු අපේක්ෂක පේ‍්‍රමලාල් ගුණසේකරට 2015 සිදුකළ දේශපාලන මිනීමරුමකට මරණ ද`ඩුවම ලබාදීම පිළිබඳව සමාජයේ ප‍්‍රබල සාකච්ඡුා ඇතිවිය යුතුය.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles