Divaina - නිල් පැහැති සමක් ඇතිව උපන් අරුම පුදුම අභිරහස් පවුලක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 abirahas
 පුන්‍යා චාන්දනි ද සිල්වා -
 allthatsinteresting.com
 
මාර්ටින් ෆියුගේට් නම් වූ ඔහු ළමා නිවාසයක ජීවත් වුණ ප‍්‍රංශ ජාතික පිරිමි දරුවෙකි. වැඩිවියට පත් ඔහු ‘‘එලිසබෙත් ස්මිත් ’ සමග විවාහ වී නැගෙනහිර කෙන්ටකි හි ‘‘ක‍්‍රීක්’’ ප‍්‍රදේශයේ පදිංචි වූහ. ඒ අදින් වසර දෙසියයක් පමණ එපිට 1820 වසරේදීය. මාර්ටින්ගේ බිරිඳ එළිසබෙත් පැහැපත් වුණත් ඇගේ සමේ වර්ණය සුදු නොව සුදුමැලි යැයි කීම වඩාත් සාධාරණය. ඇගේ සම කි‍්‍රක් හි පිපෙන ක්මරුක මල් හා සමාන සුදුමැලි ස්වරූපයක් ගත් බැව් වාර්තා වේ. විවාහයෙන් ටික කාලයක් ගත වෙද්දී එලිසබෙත්ගේ මලානික සහ නිල් පැහැයට හැරෙන්නනට විය.
 
 කාලය ගෙවෙත්ම මේ දෙදෙනාට දාව දරුවන් ලැබූහ. ඒ දරුවන් හත් දෙනාගෙන් හතර දෙනෙක්ම නිල් පැහැයෙන් යුක්ත වීම හැම දෙනාගේම කතා බහට මාතෘකා සපයන්නට වූහ. හැමදෙනාම කිව්වේ ‘‘ෆියුගේට්’’ පවුලට සාපයක් යැයි ඇතැමුන් කීහ. තවත් අය කියා සිටියේ යක්ෂයෙකුගේ බැල්ම වැටී ඇති නිසා දරුවන් නිල් පැහැ ගැනී ඇති බවයි. කෙසේ වුණත් මේ අවධිය වෙන විට දියුණු මාර්ග පද්ධතියක් නොමැති වීම නිසා පුද්ගලයන්ගේ සංචරණයන් සිදු වූයේම නැති තරම්ය. ඒ නිසා ඔවුන්ගේ පරිසරය බෙහෙවින් සීමිතය. ඒ නිසා මාර්ටින් ෆියුගේට් පවුලේ ආවාහ විවාහ කටයුතු පවා සිදු වුණේ ඥාතීන් අතරය. ඒ නිසා ඔවුන්ට දාව උපත ලබන දරුවන්ද නිල් පැහැයෙන් යුක්ත වූහ.
 
abirahas21960 දශකය වෙන විට අලූත් පරම්පරාවට ඔවුන්ගේ නිල් පැහැය කරදරකාරී ලෙසින් දැනෙන්ට විය. බොහෝ දෙනාට ඔවුන්ගේ නිල් පැහැය නිමිති සපයන්නට වූහ. ඒ නිසා මේ පරම්පරාවේ තරුණයන් දෙදෙනෙක් කෙන්ටකි විශ්වවිද්‍යාලයේ රුධිරවේද පිළිබඳ චිකිත්සාගාරයේ විශේෂඥ වෛද්‍ය ‘‘මැඩිසන් කෙවින් ’’ වෙත පැමිණ කියා සිටියේ ඔවුන්ගේ සමේ නිල් පැහැය මහත් මානසික වධයක් වී ඇති බවයි.
 
විශේෂඥ වෛද්‍යවරයා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීම ජන විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ‘‘ඩෙනිස් ස්ටැචි’’ වෙත පවරන ලදී. ඔහු ෆියුගේට් පවුල් ගස ගැන තොරතුරු විමසන විට අනාවරණය වූයේ මුල් පරම්පරාවේ මාර්ටින් ෆියුගේට්ගේ පුත් සෙකරියා විවාහ වූයේ ඔහුගේම මවගේ සහෝදරිය සමගයි. ඒ නිසා මේ ජානය අඛණ්ඩව නිෂ්පාදනය වී තිබෙනවා.
 
 දැන් ඔවුන්ගේ අවධානය යොමු වුණේ ෆියුගේට්ගේ පවුලේ සම නිල් වර්ණයක් ගන්නේ ඇයිදැයි සොයා බැලීමයි.
 
 දැන් ඔවුන්ගේ රසායනාගාර පරීක්ෂණ වෙනුවෙන් පරම්පරා පුරුක් දෙකක් හමු වී තිබේ. ඔවුන් ඇසුරින් සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙනී ගියේ මේ පරම්පරාව දුර්ලභ වූ පාරම්පරික රුධිර ආබාධයක් ඇති පිරිසක් වූ බවයි. ඔවුන්ගේ සිරුරේ නිරෝගි රතු හිමොග්ලෝබින් ප්‍රෝටීනවලින් රුධිරයට රතු පැහැය ලබා දේ. නමුත් ෆියුගේට් පවුලේ උදවියගේ රුධිරයේ අන්තර්ගත methemoglobin නිසා ඔවුන්ගේ සමේ වර්ණය නිල් පැහැයට හැරී තිබේ. ඕනෑම පුද්ගලයකුගේ රුධිරයේ අන්තර්ගත මට්ටම 1% කට වඩා ඉහළ ගිය විට නිල් හෝ දම් පැහැයට හැරීමට ඉඩ තිබෙනවා. ඒ වගේම රුධිරය චොකලට් පැහැයට හැරෙන්නත් හැකියාව ඇති බැව් රුධිරවේද විශේෂඥ වෙද්‍යවරුන් පෙන්වා දී තිබේ.
 
 දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ සාමාන්‍ය පුද්ගලයන්ගේ වර්ණයෙන් සිටීමටයි.
 
 පර්යේෂකයන් විසින් ෆියුගේට් පරපුරේ නිල් රුධිරය රතු බවට පත් කිරීම සඳහා හොඳම රසායනිකයක් හඳුනා ගැනීමට සමත් වූහ. මේ දෙදෙනාට methemoglobin නිල් දියර පානයට ලබා දුන් අතර මිනිත්තු කීපයකදී ඔවුන්ගේ සිරුරේ නිල් පැහැය අතුරුදන් වී සම රෝස පැහැයට හැරී ඇත. දැන් මේ ෆියුගේට් පවුලේ සාමාජිකයන් දිනපතාම methemoglobin නිල් දියර පානය කරමින් ඔවුන්ගේ නිල් පැහැති සම රෝසපාටින් පවත්වා ගෙන යෑමට හැකියාව ලබා ගෙන සිටිනවා. ඒ නිසා ඔවුන්ගේ සමේ වර්ණය යක්ෂයන් නිසා නොව රුධිරයේ ඇති පැඑයැපදටකදඉසබ වර්ණකය නිසා ඇති වුණ බැව් පිළිගැනීමට සිදු වෙනවා. වෛද්‍යවරුන්ගේ පර්යේෂණ වාර්තාව කෙන්ටකි හි අභ්‍යන්තර වෛද්‍ය ලේඛනාගාරය මගින් ප‍්‍රකාශයටත් පත් කර තිබෙනවා.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles