Divaina - කවින් ටන්ග්කප් හෙවත් මනාලියන් බලෙන් පැහැර ගැනීම

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 

පුන්‍යා චාන්දනී ද සිල්වා

tung555i

ඉන්දුනීසියාවේ බාලි දූපතට නැගෙනහිර දෙසින් පිහිටි ‘‘සුම්බා’’ දූපතේ අපූරු මංගල චාරිත‍්‍රයක් දුරාතීතයේ පටන් පැවතේ. ඒ අනුව ඔවුන් මේ දූපත්වාසී පිරිමින්ට තමා කැමැති කාන්තාව ඇගේ නොකැමැත්තෙන් වුව පැහැරගෙන විත් විවාහ කර ගැනීමේ චාරිත‍්‍රයක් තිබේ. මෙම චාරිත‍්‍රය ‘‘කවින් ටන්ග්කප්’’ යනුවෙන් හැඳින්වේ. මනාලියක් සොයන පුරුෂයන්ගේ පවුල්වල ඥාතීන් හෝ මිතුරන් විසින් කාන්තාවන් බලෙන් පැහැරගෙන ගොස් විවාහ කර ගැනීම මේ චාරිත‍්‍රයයි.

 

tung555

සුම්බා දූපත් වැසියන් අතරින් වැඩි දෙනකු අදහන්නේ ඉස්ලාම් හෝ කිතුනු ධර්මයයි. ඊට අමතරව ආත්මවාදි ධර්මයක් වන ‘‘මරාපු’’ (Marapu) දහම අදහන පිරිසක්ද ඇත. මෙම ධර්මය අදහන ජනතාවට අනුව ජීවි සහ අජීවි සෑම දෙයකටම ආත්මයක් ඇති අතර ලෝකය සමතුලිතව තබා ගැනීම වෙනුවෙන් ඔවුහු උත්සව හා යාග හෝම පුදපූජා පවත්වමින් අද්භූත ආත්ම පිනවීමට කටයුතු කරති.

මේ චාරිත‍්‍රයට අනුව පසුගිය දිනක එක් කාන්තාවක් මේ අන්දමින් පැහැර ගෙන ගොස් විවාහ කර ගැනීමට උත්සාහ දරා තිබේ. මේ කාන්තාව කාර්යාල සේවිකාවක්. ඇයට දුරකථන ඇමතුමකින් දන්වා සිටියේ කාර්යාලයේ ව්‍යාපෘතියක් වෙනුවෙන් හදිසි සාකච්චාවක් පැවැත්වෙන බැවින් ඒ වෙනුවෙන් සහභාගි වීම අවශ්‍ය බවයි. ඇයටත් කිසිදු සැකයක් නොවුනෙන් අදාළ රැස්වීමට සහභාගි වීමට ගිය විට එතැනට පැමිණ සිටියේ රජයේ ප‍්‍රාදේශීය නිලධාරීන් ලෙසින් ඔවුන් විසින් හැඳින්වූ පුද්ගලයන් දෙදෙනෙකි. එහෙත් මේ කාන්තාවට සැකයක් ඇති වූයේ නැත. රැුස්වීමේදී මෙම නිලධාරීන් කියා සිටියේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුවට වඩා මෙහි පිරිවැය ඉහළ නිසා අදාළ ව්‍යාපෘතිය පිළිබඳව ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම අවශ්‍ය බවයි. එහෙත් මේ ස්ථානය වෙත යෑමට ඇගේ නොකැමැත්තක් ඇති වුණත් රාජකාරියේම කොටසක් නිසා ඇය නොකැමැත්තෙන් වුවත් ඒ වෙනුවෙන් සහභාගි වීමට තීරණය කළාය.

මෙම ස්ථානීය පරීක්ෂාව සඳහා රජයේ නිලධාරීන් යැයි සඳහන් කළ දෙනොගේ වාහනයෙන් යා හැකි බැව් කිව්වත් මේ කාන්තාව ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් තමාගේ ස්කූටරයන් පැමිණෙන බැව් කීවාය. ඔවුන්ට ඊට එකඟ වූහ.

මේ අතර ඇය ස්කූටරයට නැගීමට සූදානම් වෙත්ම හදිසියේම එතැනට පැමිණි කණ්ඩායමක් විසින් මේ කාන්තාව පැහැරගෙන ඇත. ඇය ඔවුන්ට පයින් පහර දෙමින් කෑ ගසන්නට වූවාය. එහෙත් ඔවුන් මේ කාන්තාව මෝටර් රථය ඇතුළත සිර කර ගෙන සිටි බැව් ඇය සඳහන් කරයි. ඒ අතර ඇය විසින් කෙසේ හෝ ඇගේ දෙමවුපියන්ට සහ පෙම්වතාට කෙටි පණිවිඩයක් යැවීමට සමත් වූවාය.

මෝටර් රිය ගමන්ගත්තේ සම්ප‍්‍රදායික මන්දිරයක් වෙතයි. ශිඛරයක් සහිත උස වහලක්, දැවමය කුලූනු සහිත මේ මන්දිරයේ නිවැසියන් ඇගේ පිය පර්ශ්වයේ දුර ඥාතීන් විය. මෝටර් රථය එන තෙක් ඔවුන් පිළිගැනීමට විශාල පිරිසක් එතැන රැුස් වී සිටි අතර මෝටර් රථය නවත්වනවාත් සමග ඔවුන් යකඩ තැටියකට ගසන්න පටන් ගත් බැව් ඇය සඳහන් කරයි.

එයින් පසුව මංගල චාරිත‍්‍ර ආරම්භ කිරීමට සූදානම් විය. එහිදී එක් තැනැත්තියක් විත් ඇගේ නළලට වතුර ඉසීමට සූදානම් විය. වතුර ඉසීම සමග ඒ නිවසෙන් ඇයට පිටවීමට නොහැක. ඒ ‘‘කවින් ටන්ග්කප්’’ මංගල චාරිත‍්‍රයේ එක් අවස්ථාවක්. මේ බැව් දන්නා ඇය අවසාන මොහොතේදී හිස ගස්සා වතුර නළලට ඉසීම ප‍්‍රතික්ෂේප කළාය. දිගින් දිගටම ඔවුන් උත්සාහ ගත්තේ මේ කාන්තාවට ආදරය ප‍්‍රකාශ කිරීමටයි.

නමුත් ඇය පොළවේ හැපෙමින් උගුර, කට වියළෙන තුරු හැඬුවාය. මේ වෙන විටත් ඇගේ මෝටර් බයිසිකලයේ යතුර බඩ අස්සේ හොවා ගෙන සිටි අතර එයින් බඩ සිරී තුවාලයේ ලේ ගලන්නට විය.

කොතරම් උත්සාහ ගත්තත් ඇයට මේ විවාහය ප‍්‍රතික්ෂේප කරන බැව් ඔවුන් පිළිගත්තේ නැත. ඔවුන්ගේ ආහාර පවා ඇය ප‍්‍ර‍්‍රතික්ෂෙප කළේ යම් හෙයකින් මේ ආහාර ගතහොත් ඇය මෙම චාරිත‍්‍රයට අනුව විවාහය සම්මත කිරීමට පත් වෙතැයි වූ බිය නිසාය. රාත‍්‍රිය පුරාම අඬමින් දින හයක් ඔවුන්ගේ් ග‍්‍රහණයේ මේ කාන්තාව පසුවූවාය.

මේ අතර ඇගේ සහෝදරිය කාන්තා අයිතිවාසිකම් සංවිධානයක උපකාරය ඇතුව මෙම කාන්තාව මුදා ගැනීමේ කටයුතු ආරම්භ කළාය.

කෙසේ හෝ වේවා ගෙවුණ වසර හතරක කාලයක් තුළ ඡුැරම්එස. කාන්තා සංවිධානය වෙත මනාලියන් කර ගැනීම පිණිස සිදු වුණ පැහැර ගැනීම් හතක් වාර්තා වී තිබේ. ඒ අතරින් මෙම කාන්තාව ඇතුළු තවත් තිදෙනෙක් නිදහස් වී තිබේ. මෙම පැහැර ගැනීම් සිදු වී තිබෙන්නේ හුදෙකලා ප‍්‍රදේශවලයි.

මෙම සංවිධානයේ ප‍්‍රාදේශීය නායිකා සහ උපදේශිකාවක වන ‘‘අප්රිස්සා වරෙසෝ’’ සඳහන් කරන්නේ බලහත්කාරයෙන් විවාහයට අකැමැති කාන්තාවන් පහත් ලෙස සැලකෙනවා. ඔවුන් විවාහයකට නුසුදුසු එසේත් නැත්නම් දරුවන් ලැබීමට සුදුසුකම් නැති අය ලෙස සැලකෙන නිසා බොහෝ කාන්තාවන් අකැමැත්තෙන් වුනත් පැහැරගත් අය සමග අවසානයේදී විවාහ වෙනවා..

x නීතිය තහනම් කිරීමට

සුම්බා දූපත්වැසි මෙන්ම ඉතිහාඥයෙකු වන ‘‘ෆ‍්‍රාන්ස් චෝරා’’ සඳහන් කරන්නේ මනමාලියන් කර ගැනීමට කාන්තාවන් පැහැර ගැනීම සුම්බා දූපතේ උසස් සංස්කෘතියක් නොවන බවයි. කාන්තාවන් පැහැර ගත් පුද්ගලයන්ට එරෙහිව නිතිය කි‍්‍රයාත්මක වීමක් නැහැ. සමාජය විසින් කරන තර්ජනය හැර වෙන කිසිම විකල්පයක් නොමැති මෙය වැදගැම්මක් නැති මිනිසුන්ගේ ක‍්‍රියාවක් බැව් ඔහු සඳහන් කරයි. රටේ ආරක්ෂාව ගැන නොසිතන පාලකයන් නිසා මෙවැනි අයථා කටයුතු සිදු වෙන බැව් ඔහුගේ අදහසයි.

කාන්තාවන් පැහැරගෙන යෑමේ කි‍්‍රයාවට එරෙහිව ජාතික මට්ටමින් විරෝධය පළකිරීමේ ඒකාබද්ධ ප‍්‍රකාශනයකට අත්සන් තැබීමේදී පැවැති ජනහමුවට ඉන්දුනීසියාවේ කාන්තාවන් සවිබල ගැන්වීමේ ඇමැතිනී ‘‘බින්ටන්ග් පුෂ්පයෝගා’’ ද පැමිණ සිටියාය. එහිදී ඇය කියා සිටියේ මේ චාරිත‍්‍රය අතීතයේ පටන් පැවැතෙන බැව් සැබෑවක් වුණත් කාන්තාවන් හිංසනයට පත් කරන මෙම චාරිත‍්‍රය නැවැත්වීමට දැන් අවස්ථාව එලැඹ ඇති බවයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles