Divaina - සන්ධි රෝගවලට සුදුසු තෙල් වර්ග

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 ප‍්‍රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළ ප‍්‍රධානතම කාරණය වුණේ සන්ධි දෝෂ සහ ඒවාට ප‍්‍රතිකාර කරන ඖෂධ ගැනයි. මෙහිදී සන්ධිවල කාටිලේජ විනාශයට පත් කරන ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ගැන අප සාකච්ඡුා කළා. මේ රෝගය ශරීරයේ වැඩි වශයෙන් බලපාන තැන් මොනවද?

 
wasantha වෛද්‍ය වසන්ත උදයජීව - මේ රෝගය බහුල වශයෙන්ම හටගන්නේ අත්වල සන්ධි, ඇඟිලි තුඩුවලට ආසන්නයෙන්ම තියෙන සන්ධි මහපට ඇඟිල්ලේ මුල, ගෙල, කොන්ද, ඉඟටිය, දණහිස් සහ කොඳු ඇට පෙළටයි. ඒ වගේම මේ රෝගය ශරීරයේ ගාත‍්‍රා සියල්ලටම වැළඳෙන අවස්ථාවකදී, එක් පාර්ශ්වයක සන්ධිවලට වැඩි බලපෑමක් ඇතිවන බව සොයාගෙන තිබෙනවා. මේ රෝගයේ වඩාත්ම සුලබ ලක්ෂණය තමයි සන්ධි වේදනාව සහ සන්ධි ඉදිමීම. එසේම සන්ධි තද ගතියක් ඇතිවී ශරීරයේ චලනයන් අපහසු වෙනවා. නිසි ප‍්‍රතිකාර නිසි වෙලාවට නොලැබුණොත් රෝගය ඉතාම නරක තත්ත්වයකට පත්වී සුව කිරීමට බැරි හෝ සුව කිරීමට ඉතා දුෂ්කර අවස්ථාවකට එළඹෙන බව කිව යුතුයි.
 
 ප‍්‍රශ්නය - ඔස්ටියෝ ආතරයිටිස් රෝගය හඳුන්වන ආයුර්වේදීය වචනයක් තිබෙනවාද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - මෙය සන්ධිගත වාත හෝ සන්ධිවාත යනුවෙන් හඳුන්වනවා. මෙයින් කියවෙන්නේ සන්ධි තුළ එකතුවෙන ¥ෂිත වාතය මගින් සන්ධි විනාශ වන බවයි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් තිබෙනවා. සන්ධි විනාශ වනවිට කාටිලේජත් විනාශ වෙනවා. කාටිලේජ විනාශ වනවිට සන්ධිත් විනාශ වෙනවා.
 
 ප‍්‍රශ්නය - ඔස්ටියෝ ආතරයිටිස් රෝගය හෙවත් සන්ධිගත වාත රෝගය හටගැනීමේදී ඒ බව පෙන්නුම් කරන ලක්ෂණ පහළ වෙනවාද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - මුලින්ම එන්නේ වේදනාවයි. ආයුර්වේදයේදී මෙය හඳුන්වන්නේ ශූල යනුවෙන්. ඊළඟට උදරයෙන් විවිධ ශබ්ද නිකුත් වන බවක් හැෙඟනවා. මෙය සිදුවන්නේ සන්ධි හානි වන විටයි. ආයුර්වේදයේදී මෙය හඳුන්වනේ අටෝප යනුවෙන්. තුන්වනුව හටගන්නවා වාත පූර්ණ ද්‍රිති ස්පර්ශ අවස්ථාව. මෙහිදී පුම්බපු බැලූමක් අතින් ස්පර්ශ කරන විට හටගන්නා හඬ නිකුත් වෙනවා. ඊළඟ අවස්ථාව තමයි ශෝථ අවස්ථාව. මෙහිදී සන්ධි ඉදිමෙනවා. අවසාන අවස්ථාව තමයි අමාරුම අවස්ථාව. මෙහිදී අත පය දිග අරින විට අධික වේදනාවක් හටගන්නවා. ආයුර්වේදයේදී මෙය හඳුන්වන්නේ ප‍්‍රසාරණ අකුන්ඡුානයෝහෝ ප‍්‍රව‍්‍රර්ති යනුවෙන්.
 
 ප‍්‍රශ්නය - මේ සඳහා ප‍්‍රතිකාර කිරීමේදී යොදන ඖෂධ මොනවාද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - මුලින්ම බලමු අභ්‍යන්ගයේදී එනම් ශරීරයට පිටතින් කරන ප‍්‍රතිකාර වලදී යොදා ගන්නා ඖෂධීය තෙල් වර්ග මොනවද කියලා. එනම්,
 
 1.තල තෙල්
 
 2.ක්ශීරබල තෙල්
 
 3.මුරිවෙන්න තෙල්
 
 4.පින්ඩ තෛලය
 
 5.මහා නාරායන තෛලය
 
 6.ප‍්‍රභංජන විමර්ධන තෛලය
 
 7.මහා මාෂ තෛලය
 
 8.දන්වන්තරම් තෛලය
 
 9.කොට්ටමච්චුකාදි තෛලය
 
 10.ගුග්ගුළු තික්තම් ග‍්‍රිතම්
 
 මේ රෝගයේදී ස්වේදන චිකිත්සාව හෙවත් ඖෂධීය ප‍්‍රතිකාර යොදාගෙන දහදිය ගැලීමට සැලැස්වීම මගින් රෝගියාට හොඳ සුවයක් ලබා දිය හැකියි. ස්වේදනයක් නිතරම කරන්නේ අභ්‍යන්ගයක් හෙවත් ශරීරය පුරා තෙල් ගල්වා කරන ප‍්‍රතිකාරයකින් පසුවයි. ස්වේදන අවස්ථාවකදී ශරීරයේ ෙසෙල ක‍්‍රියාත්මකවී එම ෙසෙල තුළ තිබෙන සියලූ විෂ වර්ග එළියට දමනවා. මෙවිට ෙසෙලවල ක‍්‍රියාකාරිත්වය හෙවත් ක්‍ැකකමක්ර ඵැඒඉදකසිප තත්ත්වය වර්ධනය වෙලා ශරීරයට ලොකු ලිහිලක් දැනෙනවා. අභ්‍යන්ගයකින් පසු ස්වේදනයක් කළහම සන්ධිවල රුධිර සංසරණය වර්ධනය වෙලා වේදනාව නැතිව යනවා. එපමණක් නොව සන්ධිවල ඉදිමුම තද ගතිය නැති වෙනවා. ආයුර්වේදයේ ස්වේදන වර්ග රැුසක් තිබෙනවා. ඔස්ටියෝ ආතරයිටිස්
 
 රෝගීන්ගේ ස්වේදන කර්ම සඳහා යොදා ගන්නේ භාෂ්ප ස්වේද හෙවත් උණුසුම් වාෂ්පවලින් කරන ස්වේද ක‍්‍රමය සහ ඒකාංග භාෂ්ප ස්වේද ක‍්‍රමය පමණයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles