Divaina - සුළ`ගක් වෙලා එන්නම් මගේ පළමු ගීතය... තිලිණි ගුණසේකර

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


tilini555

දිනේෂ් විතාන


tilini1‘සුළ`ගක් වෙලා එන්නම්. ගීතය මේ දිනවල සමාජ මාධ්‍ය ජාලයේ වගේම විද්‍යුත් මාධ්‍යයේද හරි ජනප‍්‍රියයි. මේ පදපෙළ නිර්මාණය වෙලා තියෙන්නේ රචිතා වාකිෂ්ඨ අතිනි. සංගීතය තිලිණ රුහුණු ගේ ගෙනි. ගායනය තිලිණි ගුණසේකර විසිනි. සුළ`ගක් වෙලා එන්නම් නිර්මාණය වුණේ කොහොමද කියලා දැනගන්න අපි තිලිණි ගුණසේකරව ඇමතුවා. මේ ඇයගේ හඬයි.

තිලිණි ඔබේ නවතම ගීතය ‘සුළ`ගක් වෙලා එන්නම්. ගීතය ට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

ඇත්තටම. ගොඩක් අය ඉ
තාම ලස්සනයි කිව්වා. මේක මගේ පළමු ගීතය. කතා කරපු ගොඩක් දෙනෙක් මගෙත් එක්ක කිව්වේ ගීතයේ හොඳ අර්ථයක් තියෙනවා කියලා. හිතුවටත් වඩා හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

මේ ගීතයේ පද රචනය රචිතා වාකිෂ්ඨගේ ඇය ද මේ ගීතය නිර්මාණය කරලා දුන්නේ?

ඇත්තටම මේ ගීතය ගායනා කරන්න මට ආරාධනාවක් ලැබුණා.

කාගෙන්ද ඒ ආරාධනාව ලැබුණේ?

ඒ ආරාධනාව ලැබුණේ සඳරුවන් ජයවික‍්‍රම මහත්මයාගෙන්.

සුළ`ගක් වෙලා එන්නම් ගීතයේ සංගීතය තිලිණ රුහුණුගේ ගේද?

තිලිණ රුහුණුගේව මුණ ගැසෙන්නේ සඳරුවන් ජයවික‍්‍රම මහතාගේ මාර්ගයෙන්. ඔහුගෙන් මේ ගීතයට හොඳ සංගීත සංකලනයක් ලැබුණා. නව මුහුණුවරක් සම`ග මුසු වුණු සංගීතයක් සම`ග යන හින්දා මේ ගීතය ජනතාව අතර හොඳින් ප‍්‍රචාරය වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා.

තිලිණි ගුණසේකරගේ පවුලේ විස්තර සඳහන් කළොත්?

මගේ පවුලේ මමයි” අම්මයි” තාත්තයි ඉන්නේ. දැනට මම ලංකා බැංකුවේ විධායක නිලධාරිණියක් විඳිහට සේවය කරනවා. මගේ මව ඉන්දු රත්නායක. ඇය දැනට ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය විදිහට සේවය කරනවා. මගේ පියා සුගත් ගුණසේකර. ඔහු දැනට ලංකා බැංකුවේ වැඩ බලන මහා කළමනාකරු විදියට සේවය කරනවා.

පුංචි කාලයේ සංගීතය හදාරලා තියෙනවාද?

ඔව්. අවුරුදු අටේ ඉඳන් මම සංගීතය හදාරලා තියෙනවා. මුලින්ම මම කපිල පූගලආරච්චි ගුරුතුමාගෙන් ඕගන් වාදනය පිළිබඳව හැදෑරුවා. ඒ සම`ගම පෙරදිග සංගීතය පිළිබඳව හැදෑරුවා. පාසල් යන කාලයේ ඇත්තට ම බටහිර සංගීතයට තමයි යොමු වුණේ. පාසලේදී එක වසරේ සිට දහතුන වසර දක්වා පාසලේ ගීතිකා කණ්ඩායම නියෝජනය කළා. මම පියානෝ වාදනයට යොමු වුණු ඒ අතර සම`ගම සංගීත අංශයේ විභාගවලට පවා ඉදිරිපත් වුණා. ඊට පසුව බටහිර සංගීතයට තමයි මම යොමු වුණේ.

එතකොට තිලිණි පාසල් ගියේ කොළඹ 7” සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පාසල් අධ්‍යාපනයෙන් පසුව මම උපාධිය හැදෑරීම සඳහා ඉන්ෆෝමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලජි කියන ආයතනයට. පරිගණක මෘදුකාංග අංශයෙන් තමයි මම උපාධිය හැදෑරුවේ. ඊට පසුව මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස වර්චුසා ප‍්‍රයිවෙට් ලිමිටඞ් ආයතනයට සේවය කිරීම සඳහා සම්බන්ධ වෙනවා වගේම කෝඞ්පේන් ඉන්ටර් නැෂනල් ප‍්‍රයිවෙට් ලිමිටඞ් ආයතනයට සම්බන්ධ වෙනවා. ඊට පසුව තමයි මම 2014 වසරේදී ලංකා බැංකුවට සම්බන්ධ වෙන්නේ.පාසල් අධ්‍යාපනයෙන් පසු සංගීතය පැත්තට වැඩි නැඹුරුවක් දැක් වූයේ නැතිද?

පාසල් අධ්‍යාපනයෙන් පසුව මම පියානෝ වාදනයට යොමු වුණේ. ඒත් එක්කම තමන්ගේම නිර්මාණ සිදු කරමින් ගීත ගායනයේ නියැළුණා. යූ ටියුබ් නාළිකාවක් තියෙනවා Thiligee කියලා. මගේ සංගීත හැකියාවත් එම නාළිකාවේ ප‍්‍රචාරය කළා.

සංගීතයෙන් ඉදිරියට යන්න අදහසක් තියෙවාද?

මම සේවය කරන ආයතනයේ වැඩ කටයුතුවලට බාධාවක් නොවන විදියට ඉදිරියට යන්න අදහසක් තියෙනවා. ඒ වගේම සංගීත ක්‍ෂේත‍්‍රයට අර්ථවත් නිර්මාණ බිහි කරන්නත් අදහසක් තියෙනවා.

සුළ`ගක් වෙලා එන්නම් ගීතයට රූප රචනාවක් පවා නිර්මාණය කළා නේද?

ඔව්. රූප රචනාව නිර්මාණය කළේ ඇඞ්නිහිම් ප‍්‍රයිවෙට් ලිමිටඞ් ආයතනයයි.

මොකද මේක මගේ පළමු අත්දැකීම. ගීතයේ පද රචනාව අධ්‍යක්‍ෂණය සිදු කළේ සඳරුවන් ජයවික‍්‍රම මහත්මයා අලූත් ගීත කරන්න අදහසක් තියෙනවාද?

ඉදිරියේදී තවත් ගීතයක් නිර්මාණය කරන්න සියලූම කටයුතු මේ වන විට සූදානම් කරලා තියෙන්නේ. ඒ ගීතයේ පද රචනය මම දැනට සේවය කරන ලංකා බැංකුව ආයතනයේ විශ‍්‍රාමික නිලධාරිණියක් වන ඒ. ඞී. එස්. ඉන්ද්‍රාණී මහත්මියගේ අතින් නිර්මාණය වූවක්. සංගීතය දර්ශන වික‍්‍රමතුංගගේ. ඒ ගීතයත් ඉක්මනින්ම එළිදක්වන්න නියමිතයි.

ගීත එකතුවක් නිර්මාණය කරන්න අදහසක් නැතිද?

බලාපොරොත්තුවක් තියෙනවා. තවම මගේ මුල් ගීතයට ලොකු ප‍්‍රතිචාරයක් ලැබෙනවා. ඒ නිසා තවත් ගීත කිහිපයක් කරන්න අදහසක් තියෙනවා.

සංගීතය පිළිබඳව වැඩිදුර හැදෑරීමක් සිදු කිරීමට අදහසක් තියෙනවාද?

මම මුලින් සඳහන් කළා වගේ සංගීතය විෂයක් විදියට හදාරලා තමයි මේ දේවල් කළේ. ඒ නිසා අලූත් දේවල් ඉගෙන ගෙන සංගීතය වැඩිදුරටත් ඉගෙන ගෙන නිර්මාණ කිහිපයක් සිදු කරන්න අදහසක් තියෙනවා.

සංගීත හදාරනවාට ගෙදරින් ලැබෙන්නේ මොනව ගේ සහයෝගයක්ද?

අම්මයි. තාත්තයි ලොකු ධෛර්යයක් ලබා දෙනවා. ඇත්තම කිව්වොත් ඒ දෙන්නා තමයි මට මේ සම්බන්ධයෙන් උදව් කරන්නේ. හැම වෙලාවෙම අම්මයි” තාත්තයි මගේ ළ`ගින්ම ඉන්නවා. මගේ අඩුපාඩු සොයා බලනවා.

සංගීතය හදාරනවාට වගේම ගායනයට යොමුවුණාට

ඔවුන්ගේ විරුද්ධත්වයක් නැතිද?

නැහැ. විරුද්ධත්වයක් නැහැ. මොකද ඒ දෙන්නා මගේ දක්‍ෂතාවයන් දන්නවා. ඔවුන් දෙපළ මගේ හැකියාවන් හඳුනාගෙන තියෙන නිසා ඉදිරියට යන්න ලොකු ධෛර්යයක් ලබා දෙනවා.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles