Divaina - රජිව් සීයට කතා කළේ 'ගුරුජී' කියලයි... යාපනය ගිනි තියලා කොටි විනාශ කරන්න කියලා ලලිත්ට කිව්වට ඔහු මෙහෙයුම් පස්සට ඇද්දා

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

- කවුරු රට කළත් වෙනම බලයක් විසින්  ලංකාව පාලනය කරන්නේ
- අපේ ආච්චි පේ‍්‍රමදාස  මහතාට කැමතියි
 
pradee2221987 ජූලි 24 වැනිදා දිනයේ පාර්ලිමේන්තුව රැස්වූයේ එවක කථානායක ඊ. ඇල්. සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ඒ අවස්ථාවේ නැඟී සිටි අත්තනගල්ල ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ලක්ෂ්මන් ජයකොඩි මහතා ප‍්‍රශ්න කර සිටියේ රජය ඉන්දියාවත් සමඟ අත්සන් කරන ගිවිසුම ගැන වහාම පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවයි. එමෙන්ම එවක මහරගම මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාද රජයෙන් ඉල්ලා සිටියේ යෝජිත ඉන්දු ලංකා ගිවිසුම ගැන වහා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බවයි. විපක්ෂයේ චෝදනාවලට පිළිතුරු දීමට නැඟී සිටි මුදල් ඇමැති රොනී ද මැල් මහතා ප‍්‍රකාශ කළේ ඉන්දියාව සමඟ අත්සන් කරන ගිවිසුම මගින් රටේ ස්වාධීනත්වයට හානියක් නොවන බවයි.
 
 මීට වසර 33 කට පෙර අතීතය සිහි කරනු ලැබුවේ ඉන්දු ලංකා ගිවිසුම ගැන යළි සිහි කිරීම සඳහාය. ඇත්තෙන්ම ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ 1987 ජූලි 29 වැනිදා සවස 3.30 ටය. ඒ මතකය අවදි කරන්නට ඉතා සුදුසු පුද්ගලයකු මුණ ගැසුනෙමු. ඒ ජනපති ජේ. ආර්. ජයවර්ධන මුනුපුරු ප‍්‍රදීප් ජයවර්ධන මහතාය. ඒ කාලයේ ඔහු සිටියේ ජනපති සීයා පිටුපසිනි. ඒ ජනපති ආරක්ෂකයා ලෙසය. ඔහුගේ ඉනේ මිලිමීටර නමයේ බ‍්‍රව්නින් හයිපවර් පිස්තෝලයක්ද විය. ඔහු මෙම පිස්තෝලය ඉවත් කළේ ජනපති යුවළ නිදාගත් පසුව පමණි. මේ අතීත කතාවට පිවිසෙමු. මේ දිගහැරෙන්නේ මුණුපුරාගේ මතකයි.
 
 
ඒ කාලයේ මෙරට ඉන්දීය මහකොමසාරිස් ජේ. ඩික්සිත් ”බ්‍රේමා” නිවසට ආවා ගියා. ඔහු තමයි ජයවර්ධන ජනාධිපතිතුමා සමග කෙළින්ම කතා කළේ. රජිව් ගාන්ධි හා ජනපතිවරයා අතර හොඳ සම්බන්ධයක් තිබුණා. රජිව් සීයට කතා කළේ ”ගුරුජී” කියලයි. ඔහු ජනපතිවරයාට ගෞරව කළා. දිල්ලියේ පණිවුඩ ගෙනාවේ ඩික්සිත් විසින්. ඒ කාලයේ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව රටපුරා උද්ඝෝෂණ පැවැත්වුණා. ඒවාට ජේවීපිය වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් නායකත්වය දුන්නා. මේ හින්දා ඉන්දීය මහකොමසාරිස්වරයා අනුර බණ්ඩාරනායක හමුවුණා. එයා අනුරගෙන් අහලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ ආණ්ඩුවක් ආපුවහම ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කරනවාද කියලා. නමුත් අනුර කියල තියෙන්නේ අපේ ආණ්ඩුවක් ලැබුනොත් මේක දිගටම ක‍්‍රියාත්මක කරනවා කියලයි. මේ කතාව ඩික්සිත් පත්තරේකට දුන්නා. එකෙන් පස්සේ ජේවීපී එක ශ‍්‍රීලනිප රැස්වීම් වලටත් ජේවීපී එකෙන් ගැහුවා. ඩික්සිත් පුදුම කපටි මිනිහෙක්. ඇත්තටම වඩමාරච්චි මෙහෙයුම නතර කරන්න ඉන්දියාව මැදිහත්වුණේ තමිල්නාඩු බලපෑම නිසයි.

p29 4ජනපතිවරයා වඩමාරච්චි මෙහෙයුම ක‍්‍රියාත්මක කරන්න කියලා ආරක්ෂක මණ්ඩලයේදී දැනුම් දුන්නේ 1987 මාර්තු මාසයේදී. ඔහු කිව්වේ කොටි විනාස කරන්න යාපනය ගිනිබත් කරන්න කියලයි. ඊට පසුව මම යාපනය යළි ඉදි කරන්නම් කියලයි. ඔය රැුස්වීමට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර කෑම මේසයේදී මේ කතාව කිව්වා. RACE JAFFNA TO THE GROUND I WILL REBUILD IT කියලා ඒක මට හොඳට මතකයි. ඇත්තටම ජනපතිවරයා මාර්තු මාසයෙදී ඔය කතාව කිව්වේ ඒ දිනවල ඉන්දීය පාර්ලිමේන්තුව නිවාඩු. එතකොට උතුරේ මෙහෙයුමක් පටන්ගත්තාම ඉන්දියාවෙන් එන විරෝධය අඩුවෙනවා. ඉක්මනින්ම මෙහෙයුම ආරම්භ කරන්න කියලයි උපදෙස් දුන්නේ. නමුත් ලලිත් කිව්වේ දැනම පටන්ගන්න බැහැ කියලයි. මාස ගානක් අද්දා. ඇත්තටම වඩමරච්චිය මෙහෙයුම සාර්ථක මෙහෙයුමක් නොවෙයි. ලලිත් ඒක කළේ එයාට ඕන විදහටයි. මාධ්‍යවලින් ඒ මෙහෙයුම පුම්බා ගත්තා. ලලිත් අසාර්ථක වුණා. එක් අවස්ථාවක ජයවර්ධන ජනපතිතුමා විශ‍්‍රාම ගොස් තිබියදී සාකච්ඡුාවකට එක්වෙමින් පැවසූ දෙයක් මට මතකයි. එහිදී මාධ්‍යවේදියා අහනවා ”ඔබ ලලිත් ගැන මොකද හිතන්නේ කියලා” එවිට ඔහු කිව්වේ ”ඉතිහාසයට ලලිත් අමතක වෙයි කියලා” ඇත්තටම ජනපතිතුමා දැක්ක ලලිත්ගේ අසාර්ථකත්වය.

ඊට වඩා රන්ජන් විජේරත්න දක්ෂයෙක්. ඔහුගේ මතකය අදටත් තියනවා. එක අවස්ථාවක යුද මෙහෙයුම් උග‍්‍රව සිදු කරද්දී ඩික්සිත් ආවා ජනපතිතුමා මුණගැහෙන්න. ඔහු කිව්වා කොටි සංවිධානය සතුව ගුවන් මිසයිල තියනවා. ඒවා ඔවුන්ගේ අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ. නමුත් ඉදිරියට මෙහෙයුම් සිදු කළොත් ඒ මිසයිල කොටින්ට නිදහස් කරන්න වෙන බවත් කියලා තියනවා. මේක තර්ජනයක්. එහෙම වුණා නම් අපේ ගුවන් හමුදාවට බලවත් තර්ජනයක් වෙනවා. ඒ අනුව ජනපතිතුමා තේරුම් ගත්ත ඉන්දියාවේ අනුමැතියෙන් තොරව මේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන්න බැරිවෙන බව. ඒ වගේම ආරක්ෂක ඇමැතිවරයාත් තමන් කියන දේ ක‍්‍රියාත්මක නොකිරීම ගැන කල කිරීමකුත් තිබ්බ. රජිව් ගාන්ධි සහතික වුණා එයා ලංකාවට සාමය ඇතිකරනවා කියලා. ඔවුන් කිව්වා කොටි සංවිධානය නිරායුධ කරනවා කියලා. ඇත්තටම උතුරු නැගෙනහිර එක්කළේ තාවකාලිකව. ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ දෙමළ සංවිධාන ආයුධ භාරදුන්නා. කොටිත් දුන්නා.

p29 1ඒ කාලයේ හිටපු ආරක්ෂක ලේකම් සේපාල ආටිගල කතා කරපු දෙයක් මතකයි මට හොඳට. ඔහු කතා කර කර සිටියේ ප‍්‍රභාකරන් තමන්ගේ පිස්තෝලය භාරදුන්නට පස්සේ එල්ලන්නේ ජනපති මන්දිරේ කොතනද කියන එකයි. කොහොම වෙතත් පේ‍්‍රමදාස ජනපතිතුමා ඉන්දියාව සැලකුවේ සතුරෙක් ලෙසයි. ඉන්දියාවට එරෙහි වෙන්න ප‍්‍රභාකරන්ට ආයුධ දුන්න. එක දවසක් ජයවර්ධන ජනපතිතුමා හම්බවෙන්න ආපු පේ‍්‍රමදාස ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න කිව්වේ එල්ටීටීඊ එක ඔක්සිජන් නැතුව හුස්ම ගන්න බැරිව ඉන්නකොට අපි ඔක්සිජන් දුන්නා කියලයි. ඔහු අදහස් කළේ ඉන්දියන් හමුදාව යවන එක ගැනයි කොටින්ට රහසේ ආයුධ දුන් එක ගැනයි. පේ‍්‍රමදාස ජනපතිවරයා ඉන්දියන් හමුදාවට යන්න කියපු එකට සීයා පෞද්ගලිකව කොහොමත් කැමති වුණේ නැහැ. ඒ කාලයේ ඉන්දියන් තානාපති නිලධාරීන් බ්‍රේමා නිවසටත් ඇවිල්ලා ජනපතිතුමා හමුවුණා. එතකොට ඔහු කිව්වේ පේ‍්‍රමදාස ජනපතිවරයා යන්න කියනවනම් යන්න වෙනවා කියලයි. ඉන්දියන් තානාපති නිලධාරීන්ට තමන්ගේ පෞද්ගලික මත කියන්න ගියේ නැහැ.
 
 
ජනපති මුණුපුරා මේ කතා කියාගෙන යද්දී මම ඇසුවේ පේ‍්‍රමදාස ජනපතිවරයා පිළිබඳව ජයවර්ධන ජනපතිගේ පෞද්ගලික අදහස කුමක්වීද යන්න ගැනයි. ඇත්තටම අපේ ආච්චි පේ‍්‍රමදාස මහතාට කැමතියි. සීයාගේ අදහස වෙනස්. පේ‍්‍රමදාස අගමැති ලෙස කටයුතු කරද්දී කැබිනට් එකේදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනවාට එකඟත්වය පළ කළත් එලියට ඇවිල්ලා ඒකට විරුද්ධ වුණා. මෙයින් පස්සේ පේ‍්‍රමදාස පක්ෂයෙන් අස්කරන්න කියලා බලවත් බලපෑමක් අවා. 88 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ජාතික රජයක් සඳහා ජනපතිවරයාට යෝජනා කළා. ඊට පස්සේ මේ ගැන අගමැති පේ‍්‍රමදාස කැඳවලා කිව්වට පස්සේ ඔහු තදින්ම විරුද්ධ වුණා. ඔය සාකච්ඡුාව යන කාමරයේත් මම හිටියා. ඒ කාලේ මගේ වයස 28 විතර ඇති. පේ‍්‍රමදාසගේ විරෝධය ගැන දන්වන්න සීයා අනෙක් කාමරයට ගිහිල්ලා බණ්ඩාරනායක මහත්මියට ඇමතුමක් ගත්තා. එහිදී ඇය පේ‍්‍රමදාසට දොස් කියපු බව මතකයි. කොහොම නමුත් පේ‍්‍රමදාස ගිවිසුමට විරුද්ධ වුණාට ගාමිණි දිසානායක මේකට කැමති වුණා. ඔහු යම් කාර්ය භාරයක්ද ඉටුකළා. ඔහුට ඉන්දීය සම්බන්ධතා තිබුණා. 1994 දී ප‍්‍රභාකරන් ගාමිණි ඝාතනය කිරීමටත් මේ ඉන්දීය සබඳතා හේතු වුණා කියලා මම හිතනවා. මොකද ඔහු ජනපතිවරණයට ඉල්ලන්න පෙරත් ඉන්දියාවේ බලධාරීන් හමුවෙලා ආවේ.
 
 1987 ජුලි 30 වැනිදා කොළඹ ජනපති මන්දිරයේ පැවැති නාවික හමුදා උත්තමාචාරයේදී විජිත රෝහණ සෙබළාගේ රයිෆල් පහර කන්නට එවක 42 හැවිරිදි වියේ පසුවූ ඉන්දීය අගමැතිවරයාට සිදුවිය. මේ රයිෆල් පහර නිසා රජිව් ගාන්ධිට සිය ජීවිත කාලය පුරාම එක් පැත්තකට හැරී හිඳින්නට සිදුවූ බව සෝනියා ගාන්ධි මහත්මිය සිය සැමියා පිළිබඳ ලියූ චරිතාපදානයේ සටහන් කර තිබිණි. මේ පිළිබඳ ප‍්‍රදීප් ජයවර්ධන මහතාගේ මතකය අවදි කළෙමු.
 
 
ඇත්තටම ජනපතිතුමා සිද්ධිය දැක්කේ නැහැ. ඔහු හිතුවේ නාවික සෙබළා කලන්තේ දාලා වැටුණා කියලයි. රජිව් ගාන්ධි මේ පහර එන කොටම දැකල පාත් වුණා. ඔහුගේ ඇඳුමට යටින් බුලට් පෲෆ් ජැකට් එකක් තියනවා. එක හින්දා පහරේ පීඩනය අඩු වුණා. ඔළුවට වැදුනා නම් මැරෙන්න පවා ඉඩ තිබුණා. කොහොම නමුත් මේ ආචාර පෙළපාලිවල එන සෙබළුන්ගේ තුවක්කු වල ෆයරින් පින් එක ගලවලා තියෙන්නේ. ඒක ගලවලා තියන්න කියලා අපේ තාත්තා (රවී ජයවර්ධන) උපදෙස් දීල තිබුණේ. ඒක ඔහු හොඳින් හොයා බැලූවා. 1981 දී ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් ආචාර පෙළපාලියකදී ඝාතනය වුණාට පස්සේ ලෝකයේම ආචාර පෙළපාලි වලට සහභාගි වන සෙබළුන්ගේ අවි වල ෆයරින් පින් එක ගලවලා දානවා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළාට පස්සේ රට පුරාම කෝලාහල ඇති වුණා. රජයේ දේපළ ගිනි තිබ්බා. මේ අවස්ථාවේ ව්‍යාපාරිකයෝ කලබලයට පත්වෙලා ජනපතිතුමා සමග රැුස්වීමක් ඕනේ කිව්වා. පැටි‍්‍රක් අමරසිංහ මහතා මේ ඉල්ලීම කළාට පස්සේ මම ජනපතිතුමාට කියලා රැුස්වීමක් අරන් දුන්නා. එක තිබ්බේ ජනපති මන්දිරේ. එහිදී ව්‍යාපාරිකයෝ කිව්වේ මේ කලබල ඇතිවෙන්න එක් හේතුවක් වෙලා තියෙන්නේ ආණ්ඩුවේ වංචා දූෂණ කියලා. එහිදී ජනපතිතුමා කීවේ මෙතන අල්ලසක් දීපු නැති කෙනෙක් අත උස්සන්න කියලා. කවුරුත් අත ඉස්සුවේ නැහැ. ව්‍යාපාරිකයන් ජනපතිතුමා කිව්වේ මේ පුටුවේ මම ඉන්නකම් රට අස්ථාවර වෙන්න දෙන්නේ නැහැ කියලා. ඇත්තටම එතුමා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළාට පස්සේ ජාතික රූපවාහිනියේ සජීවීව බුදු ගුණ සත්‍යක‍්‍රියාවක් කළා. ඒ රටට යහපතක් වෙන්න. කවුරු ලංකාව පාලනය කළත් වෙනම බලයක් විසින් ලංකාව පාලනය කරන බව මට ඒ කාලයේදීම දැනුනා. ඒක ආධ්‍යාත්මික බලවේගයක්.
 
 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles