Divaina - දියවැඩියාව නිසා ස්නායු තුවාල විය හැකියි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 weda1 1ප‍්‍රශ්නය - දියවැඩියා රෝගය නිසා හටගන්නා අක්ෂි රෝග සහ වකුගඩු ආබාධ ගැන පසුගිය සතිවල අප කතා කළා. අද අප ඔබ සමඟ සාකච්ඡුා කිරීමට අපේක්ෂා කරන්නේ දියවැඩියා රෝගය නිසා හටගන්නා ස්නායු රෝග ගැනයි.
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - දියවැඩියාව නිසා ස්නායු වල හටගන්නා ආබාධ තත්ත්වයන් හැඳින්වීමේදී වඩා සුදුසු වචනය වන්නේ ස්නායුරෝග නොව ස්නායු තුවාලවීම යන්නයි. මෙය දියවැඩියා අක්ෂි රෝග සහ දියවැඩියා වකුගඩු රෝග තරමටම දරුණුයි. මෙහිදී ශරීරයේ එක් ප‍්‍රදේශයක් අප‍්‍රාණික වීමේ සිට සමස්ත ශරීරයම අප‍්‍රාණිකවීම සිදුවිය හැකියි. මෙහිදී හෘදයේ ක්ෂුද්‍ර නාල හානියට පත්වීම සහ රුධිර සැපයුම් නාල තුවාල වීම සිදුවෙනවා.
 
 ප‍්‍රශ්නය - මේ රෝගයේ ලක්ෂණ මොනවාද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - මේ රෝගය මගින් ඕනෑම වර්ගයක ස්නායුවක් හානියට පත්විය හැකියි. Sensory Neuron" Motor Neuron" Autonomic Nervous system  යන වර්ගවල සියලූම ස්නායු මේ මගින් හානියට පත්විය හැකියි. එබැවින් එම ස්නායු සම්බන්ධ ඉන්ද්‍රියයන් සියල්ලමත් මේ රෝගය නිසා අවධානමට ලක් වෙනවා. මේ රෝගය ඉතාම සංකීර්ණයි. ස්නායු තන්තු වලට මේ මගින් විශාල හානියක් සිදුවීම හේතුකොටගෙන මුලදී පා ඇඟිලිවල සංවේදනය නැතිවී ඒවායේ ක‍්‍රියාකාරිත්වය ඇන හිටිනවා. ඊට පසු ක‍්‍රමානුකූලව මේ තත්ත්වය යටි පතුල් වලටත් විලූඹටත් එතනින් උඩටත් පැතිරෙනවා. මෙහිදී පාදවල හිරි වැටීමක් හටගන්නා අතර ඒවායේ සංවේදනය නැතිවී රාත‍්‍රී කාලයේදී වේදනා දෙන්නට පටන් ගන්නවා. මේ වේදනාව විටෙක දැනෙන්නේ දැවිල්ලක් ලෙසයි. තවත් විටෙකදී තියුණු අල්පෙනෙති තුඩු වලින් පාද වලට අනින්නාක් බඳු වේදනාවක් ඇතිවෙනවා. මේ රෝගීන් මහ පොළොව මත ගමන් කිරීමේදී පාදයේ ඇනෙන ගල් තුඩු හෝ වෙනත් උල් දේ සම්බන්ධයෙන් සංවේදීතාවක් පෙන්වන්නේ නැහැ. හැබැයි එසේ සංවේදී තාවක් නොදැනුනත් ගල් තුඩු වලට සහ උල් වලට ඔවුන්ගේ පාද තුවාල වීම සිදුවෙනවා. මේ තුවාල ක‍්‍රමයෙන් නරක් වෙන්නට පටන් ගන්නවා. අප දන්නවා රුධිරයෙහි සීනි වර්ධනය වුණහම ශරීරය මත තුවාල හට ගත්තොත් එම තුවාල බැක්ටීරියා වලට ක්ෂේම භූමියක් බවට පත්වෙනවා. සීනි තියෙන පරිසරයක බැක්ටීරියාවකට පුළුවන් ඉතාම හොඳින් වර්ධනය වෙන්නට. මෙසේ පාදවල තුවාල නරක්වෙලා දිගින් දිගටම තිබෙන විට එම පාද කපා ඉවත් කරන්නට සිදුවෙනවා. මෙබඳු රෝගීන්ගේ පාද අස්ථි වලත් දණහිස්, විලූඹ යන තැන්වලත් අස්ථි පුපුරා යාමත් සිදු වෙනවා. මේ තත්ත්වය නවීන විද්‍යාවේදී හඳුන්වන්නේ Sensorimotor polyneuropathy ලෙසයි.
 
weda1 4 ඊළඟට Autonomic neuropathy නමැති රෝග තත්ත්වය දෙස බලමු. අපේ ශරීරයේ තිබෙනවා Autonomic nervous system  හෙවත් ස්වයං පාලන ස්නායු පද්ධතිය කියා කොටසක්. හදවත, පෙනහලූ, රුධිර නාල, අස්ථි, සමහර පටක, ස්වේද ග‍්‍රන්ථි, ආහාර ජීර්ණ පද්ධතිය, මෞත‍්‍ර වාහිනී පද්ධතිය යන ශාරීරික කොටස් සමඟ ගනුදෙනු කෙරෙන ස්නායු සියල්ලම සම්බන්ධ වන්නේ ස්වයං පාලන ස්නායු පද්ධතිය නමැති කොටසටයි. Autonomic neuropathy රෝග තත්ත්වය ඇති වුණහම ඉහත සඳහන් සියලූම ඉන්ද්‍රියයන්ට සහ ශාරීරික කොටස් වලට බරපතල හානි සිදුවිය හැකියි. මේ තත්ත්වය තුළ දී රෝගියාගේ රුධිර පීඩනය හදිසියේම පහළ වැටී රෝගියා ක්ලාන්ත වීම සිදුවෙනවා. Autonomic neuropathy  තත්ත්වය යටතේ හෘදයට බලපෑමක් වුණොත් හෘද ස්පන්දනය අඩුවීම හෝ වැඩිවීම සිදුවන අතර එමගින් මොළයට සිදුවන රුධිර සැපයුම බිඳ වැටෙනවා. එවිට ශ්වසන ක‍්‍රියාකාරිත්වයේ වෙනස්කම් ඇතිවෙනවා. Autonomic neuropathy තත්ත්වය ආහාර ජීර්ණ පද්ධතියට බලපෑවාම ආම්ලික පීඩන, ඔක්කාරය, බඩ පිපුම සහ පාචනය ඇතිවෙනවා. දියවැඩියා රෝගීන් වැඩි දෙනෙක් මුඛ මාර්ගයෙන් බෙහෙත් ගන්නා අය. ආහාර ජීර්ණ පද්ධතිය අක‍්‍රමවත් වුණහම එම බෙහෙත් නිසි පරිදි ශරීරයට උරා ගන්නේ නැහැ. එවිට Hypoglycemia හෙවත් රුධිර සීනි අඩුවීම සිදුවෙනවා. මෙවිට භාෂණ දුෂ්කරතා ව්‍යාකූලතා සිහි මඳ ගතිය අපස්මාරය හෝ මරණය ඇතිවෙනවා.
 
 ප‍්‍රශ්නය -Hypoglycemia තත්ත්වයක් හඳුනාගන්නේ කොහොමද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - පෙර කී සිහි මඳ ගතියට අමතරව අධික බඩගින්න ශරීරය වෙව්ලීම සහ දුර්වල බවක් දැනීම යනාදිය දියවැඩියා රෝගියකු ලෙස හඳුනාගත් අයකුගෙන් විද්‍යමාන වෙනවා නම් එය හඳුන්වන්නේ Hypoglycemia තත්ත්වයක් ලෙසයි. දියවැඩියා රෝගියෙක් සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා අඩුවෙන් කෑවොත්, අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ව්‍යායාම කළොත්, මත්පැන් පානය කළොත් මේ තත්ත්වය ඇතිවිය හැකියි. එසේම වකුගඩු රෝග, ඇතැම් තුවාල, අක්මා රෝග තිබෙන අයටත් Hypoglycemia තත්ත්වය ඇතිවිය හැකියි.
 
 (ලබන සතියේ තව කොටසක්)
 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles