Divaina - සරා සළෙළු දන රහසේ... තානායම්පල්ලාගේ සටහන...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

taanayam444
 
 ‘‘.... පැමිණිලිකාරිය වී කියන වචනයත් එක්ක කෙටි අසාර්ථක විවාහයකින් වෙන්වූ කියලා මංගල දැන්වීම දානවා නම් තමයි වඩාත් හො`ද. මොකද එතකොට තමයි දික්කසාදෙට අපේ තියෙන නිර්දෝෂී බව එළිවෙන්නේ. වචන ගාණ වැඩි වෙනවය කියලා දැන්වීමට මුදලම බලන්න එපා.’’
 
 තානායමට කුළුබඩු සපයන විජේන්ද්‍ර මුදලාලි නගරයේ තමා සතු කුළු බඩු තොග කඩයට අමතරව පුවත්පත් දැන්වීම් කාර්යාලයක්ද එහි පොඩියට පවත්වාගෙන ගියේ ඔහුගේ
 
 පියා කලක් එම නගරයේ පුවත්පත් අළෙවි නියෝජිත පදවියද ඉසිලූ නිසා ය.
 
 දුරකථනයෙන්් ඒ දැන්වීමට උපදේසය ලබා දෙමින් විජේන්ද්‍ර මුදලාලි කහ ඉරෙන් පාර මාරුවන්නේ ලෙඩෙකු බැලීමට රෝහලට යෑමටයි.
 
 විජේන්ද්‍ර මුදලාලි සිය දෙවන විවාහය සිදුකර ගත්තේ මීට මාස දෙක තුනකට ඉහතදීය.
 
 එහිදී මනමාලිය බැලීමට යෑමේ සිට විවාහ උත්සවය පැවැත්වීම දක්වා සියලූ පියවරවලදී විජේන්ද්‍ර මුදලාලිට විශාල හයියක් වූයේ ඔහුගේ තොග කඩයේ ඉදිරි පෙළ ප‍්‍රධාන පාරිභෝගිකයකු වන තානායමේ කළමණාකාර මහතා ය.
 
 තානායමට කුළු බඩු සපයන තොග කඩය තානායමේ කළමණාකාර මහතා සමග කුළුපඟ මිත‍්‍රත්වයක් දැක්වීම නිසා එහි නිතර යන එන තානායමේ පැන්ටි‍්‍ර සේවක වීරේ අවසානයේ එම තොග කඩයේ ගෝලයකු තරමට එම කඩය හා සම්බන්ධ වූයේ නිරායාසයෙනි.
 
 තානායමේ රාජකාරියෙන් නිදහස් වන හැමවිටකම විජේන්ද්‍ර මුදලාලිගේ
 
 තොගකඩයට ගොස් එහි බඩු කිරාදීම ආදියට උදව් කළ වීරේ ගේ එම සහාය දැක්වීම විජේන්ද්‍ර මුදලාලි ට කෙතෙක් සිත් ගත්තාද කිවහොත් ඔහුගේ පළමු විවාහයේ බිරි`ද දිගු කලක් රෝගාතුරව සිට මිය යන විට එම බිරියගේ
 
 සාත්තුවට නේවාසිකවම විජේන්ද්‍ර මුදලාලිගේ නිවසේ නතරවී සිටියේ වීරේ ගේ බිරිය ලාලනී ය.
 
 ඒ වනවිට තානායමෙන් ලැබෙන වැටුපට සමාන මාසික වැටුපක් වීරේ වෙනුවෙන් විජේන්ද්‍ර මුදලාලි ගෙවූ අතර නිවසට අවශ්‍ය ආහාරපාන කළමනා අවශ්‍යතා සියල්ල නොමිලේම සපයා ගත්තේ විජේන්ද්‍ර මුදලාලිගේ තොග කඩයෙනි.
 
 එමෙන්ම මුදලාලිගේ ගිලන් බිරියට උවටැන් කරමින් එම නිවසේ වියපත් මෙහෙකාරියට අත් උදව් සැපයීම වෙනුවෙන් වීරේ ගේ බිරිය ලාලනී නිල වශයෙන් හිමිකම් පෑවේ ඉතා ඉහළ වැටුපකටය.
 
 ක‍්‍රමයෙන් විජේන්ද්‍ර මුදලාලිගේ බිරි`ද දැඩිලෙස ගිලන් වෙද්දී හොර රහසේම විජේන්ද්‍ර මුදලාලිගේ කායිික අවශ්‍යතා ඉටු කිරීමටද තානායම් පැන්ටි‍්‍ර සේවක වීරේ ගේ තරුණ බිරි`ද ලාලනී හට සිදුවූයේ නිරායාසයෙනි.
 
 අවසානයේ එය දැඩි අනියම් පෙමක් බවට පත් වූයේ දෙදෙනාම නොසිතූ පරිදි ය.
 
 අපේක්‍ෂා කළ පරිදිම විජේන්ද්‍ර මුදලාලිගේ ගිලන් බිරි`ද එක්තරා රාත‍්‍රියක මියගිය අතර ඉන් පසුව ලාලනී මුදලාලිගේ නිවසේ රාත‍්‍රී සේවයෙන් නිදහස් විය.
 
 එතැන් පටන් ලාලනීගේ රාජකාරි සේවා මුරය උදේ විජේන්ද්‍ර මුදලාලිගේ
 
 නිවසට වැඩට ගොස් සවස සේවය නිමාකරනා පරිද්දෙන් වෙනස් විය.
 
 එහෙත් විජේන්ද්‍ර මුදලාලිගේත්
 
 ලාලනීගේත් අනියම් පෙමට සපුරා කණකොකා හ`ඩන්නේ කිසිවෙකුත් නොසිතූ මොහොතක විජේන්ද්‍ර මුදලාලි දෙවන විවාහයක් සිදුකරගැනීම නිසාය.
 
 ඔහු සතු කෝටි ගණනක් වටිනා නිශ්චල චංචල දේපළ පවුලෙන් පිට යා නොදී රැුක ගැනීම ස`දහා පවුලටම සම්බන්ධ තරුණියක සමග නැවත විවාහ වීමට විජේන්ද්‍ර මුදලාලි හට සිදුවූයේ ඔහු දෙවන විවාහයක් ගැන සිතන්නටත් පෙරදීය.
 
 අලූත් මනාලිය කැන්දාගෙන ආ පසුව ඇගේ සොයුරියක්ද විජේන්ද්‍ර මුදලාලිගේ නිවසේ පදිංචියට ආවේ මනමාලියගේ තනි නොතනියට මෙන්ම අත් උදව්වටය.
 
 ලාලනීගේ සේවය විජේන්ද්‍ර මුදලාලිගේ නිවසට අනවශ්‍ය වන්නේ එතැන් සිටය. ඇය එම සුවිසල් නිවසේ සුපුරුදු විල්ලූද පලස් අවසන් වරට පාගා විජේන්ද්‍ර නිවසින් සමුගත්තේ හැඩූ ක`දුළෙනි.
 
 එදා මෙදා තුර ගෙවී ඇති කාලය තෙමසකට ආසන්නය. තම අනියම් පේ‍්‍රමවන්තිය ලාලනී හමුවීමට කිසිදු ඉඩහසරක් නොලැබ සිටි විජේන්ද්‍ර මුදලාලිට අද ඇය මුණ ගැසීමට අහඹු අවස්ථාවක් සැලසී තිබේ.
 
 ඒ හදිසියේ අසනීප වූ ලාලනී ගේ දරුවා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්නා බව වීරේ ගෙන් දැන ගන්නට ලැබුණු නිසාය.
 
 ඒ අනුව විජේන්ද්‍ර මුදලාලි අද රජයේ රෝහලක් තුළට තනිවම පැමිණියේ බොහෝ කලකට පසුව යි.
 
 දසතින්ම ඇසෙන්නේ කෙදිරිළි හඩ යි.
 
 මාස තුනකට වරක් තමාගේ රක්‍ෂණ සමාගමෙන් ලැබෙනා වරප‍්‍රසාදයකට අනුව පෞද්ගලික රෝහලට ගොස් බොඩි චෙකප් එකක් සිදු කර ගන්නා විජේන්ද්‍ර මුදලාලි එම පෞද්ගලික රෝහල් වල ඇති සුන්දර වටපිටාවත් මෙහි ඇති අසුන්දර බවත් සිතින් සැසැදුවේය.
 
 හ`දුනන මුහුණු කිසිත් නැති මහ රෝහලේ ළමා වාට්ටුවට පැමිණි විජේන්ද්‍ර මුදලාලි තම කුළු බඩු කඩයේ අත් උදව්වට සිටිනා තානායමේ වීරේ සහ ඇගේ බිරිය ලාලනී ගේ පොඩි දරුවා නේවාසිකව සිටිනා ඇ`ද කුමක් දැයි ළමා වාට්ටුව සිසාරා වට පිට බැලූවේය.
 
 ‘‘....එන්න මුදලාලි දරුවා ඉන්න ඇ`ද මෙහේ...’’
 
 නා`දුනනා දුරු කතරක දී තමාගේ නම ඇසුණු කලෙක දී මෙන් සුපුරුදු ලාලනීගේ ඒ ලෙංගතු කටහ``ඩින් මුදලාලි ගේ සර්වාංගය සිසිල් වී ගියේය.
 
 කාන්දමකට ඇදෙනා යකඩ පතුරක් සේ එම දරුවා සයනය කොට සිටිනා රෝහල් ඇ`ද අසලට සමීප වූ විජේන්ද්‍ර මුදලාලි එහි වැතිර සිටිනා දරුවා දෙසත් තම සේවකයාගේ බිරිය දෙසත් මාරුවෙන් මාරුවට ගෙල හැරවූයේ සංවාදය කොතැනින් කවුරු ඇරඹිය යුතුදැයි ඔහුටම අපැහැදිලි නිසයි.
 
 ලාලනීගේ මුහුණේ වියළි සිනාවක් මැළවී යමින් තිබුණි.
 
 ‘‘ වීරෙ මේ දැන් බේත් වගයක් ගේන්න ෆාමසියට ගියා.....’’
 
 මොහොතක් වටපිට බැලූ මුදලාලි තම සේවකයාගේ දරුවා සිටින ඇ`ද අනිකුත් රෝගී
 
 න්ගේ ඇ`දන් සමග හිතින් සස`දන්නට විය.
 
 ‘‘....වීරේ දැන්ම එයි ද? මම මිනිහට දෙන්නය කියලා පොඩි මුදලකුත් අරගෙන ආවා...’’
 
 ‘‘අනේ මුදලාලි මහත්තයෝ විරේ දැන් එයි...... එතකම් ෆ්ලාස්ක් එකේ උණු වතුර ඇති ඉන්න මම තේ චුට්ටක් හදන්න...’’
 
 විජේන්ද්‍ර මුදලාලි සුසුමක් හෙළුවේය.
 
 ‘‘...ඇයි ෆෝන් එක වැඩ නැත්තෙ...මං එපා වෙලාද?...’’
 
 සිය ඔත්පල බිරිය නිවසේ ඇ`දක වැතිර සිටියදීම මැය ලවා විවිධ රසමසවුලූ රහසේම මැය ලවා පිළියෙළ කරගත් විජේන්ද්‍ර මුදලාලි දුර්වර්ණ ෆ්ලාස්ක් එකක තිබූ තේ කහට ටිකකට සීනි හැන්දක් දමා රෝහල් වාට්ටුවේ දී ප‍්‍රසිද්ධියේම ඇය තමා වෙනුවෙන් තේ කෝප්පයක් පිළියෙළ කරනා අපූරුව වේදනාවෙන් බලා සිටියේය.
 
 ‘‘...මෙතන දහ දාහක් ඇති.... මේක දෙනවා වීරෙට දරුවගේ වියදමට.... මෙන්න මෙතන තව විසිදාහක් ඇති ඔය කසි කබල් ෆෝන් එක විසිකරලා අලූත් ෆෝන් එකක් ගන්නවලා...අරන් මට කතා කරනවලා...’’
 
 විජේන්ද්‍ර මුදලාලිගේ කටහ`ඩ සැලූණා.
 
 ‘‘...ඉතින් ආයෙ කවද්ද ලාලනී අපි හමුවෙන්නේ... අලූත් නෝනා කෙනෙක් හිටියට මට පරණ ජීවිතේ අමතක කරන්න බෑ... මට ලාලනී නැතුව....’’
 
 විජේන්ද්‍ර මුදලාලි ගේ දෙතොල් වෙව්වලූවේය.
 
 ‘‘...අනේ තරහ වෙන්න එපා මුදලාලි... දරුවට දීපු සල්ලි විතරක් ඇති.. මේ සල්ලි තිියා ගන්න. මම දැන් ෆෝන් පාවිච්චියක් නෑ... අනික තරහා වෙන්න එපා මුදලාලි.. මට ඒ පාප කර්මය ආපහු නම් කරන්න බෑ... අනේ තරහා වෙන්න එපා මුදලාලි.
 
 අර ඉටි රූපයක් වගේ අලූත් නෝනා කෙනෙක් ඉන්දැද්දි මහත්තයා ආයෙමත් ඒ අ`දුරු කාලෙට යන්න එපා.
 
 ඒ පාපකර්මය ට තව කෙනෙක් හවුල් කර ගන්නත් එපා... මාත් ගෑණියක්. මමත් එදා නොකර බැරි කමට දැන දැනම කළේ
 
 වැරැුද්දක්. නමුත් දැන් මහත්තයා අයිති ඒ අලූත් නෝනට විතරයි. ආගම ධර්මය ගැනවත් හිතලා පොඞ්ඩක් හිත දමනය කරගන්න බලන්න මහත්තයා.
 
 ඒත් අනේ මම මෙහෙම කීවය කියලා වීරෙ නම් රස්සාවෙන් එළවලා දාන්න එපා මුදලාලි මහත්තයා.’
 
 තම දරුවාගේ අත් බාහුවට ඇමිණූ සේලයින් බෝතලේට වඩා වේගයෙන් ගැහැනිය ගේ දෑසින් සට සට ගා කදුලූ බිදු බේරෙන්නට පටන් ගත්තා.
 
 ‘‘...පිස්සුවෙන්ද දොඩවන්නේ. වීරෙ නිසා නේන්නම් මට තමුසෙව ලැබුණෙ...’‘
 
 ‘‘...ඔය ලෙඞ්ඩු බලන්න ආපු අය කිව්වම යන්න දැන් ඉතින්...’’
 
 හෙදියකගේ උස් හ`ඩ නැවතත් නින්නාද දුන්නා.
 
 බැංකු ණය අයැදුමක් ප‍්‍රතික්‍ෂේප වුණු බිස්නස් කාරයකුගේ පරාජිත හදින් විජේන්ද්‍ර මුදලාලි ළමා වාට්ටුව බෝඞ් ලෑල්ල අබියස සිට අවසන් වරට ලාලනී දෙස හැරී බැලූවා.
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles