Divaina - වෙඩිතලතිවු රක්ෂිත තෙත්බිම සුද්දකරන වනාමී ඉස්සන් ව්‍යාපෘතිය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 ජගත් කණහැරආරච්චි

wedi


වෙඩිතලතිවු නම අපට හුරු පුරුදු කළේ හිටපු මුහුදු කොටි නායක සුසෙයි විසිනි. ඔහුගේ පාලනය යටතේ පැවති වෙඩිතලතිවු මුහුදු කොටි කඳවුර ගුවන් මගින් විනාශ කරන්නට ඉතා අපහසුව පැවති කඳවුරක් වූවා සේම, විටින් විට මන්නාරම් මුහුදේ ප‍්‍රබල ප‍්‍රහාර දියත් කරන්නට ඔහු භාවිත කරන ලද්දේ මෙම කඳවුරයි. ඊට සුවිශේෂී හේතු අතර, අතිශය සංකීර්ණ කඩොලාන පරිසර පද්ධතියකින් සමන්විත මෙය අඳුරු ගුහා සහිත කලපු ඇළ මාර්ගවලින් සමන්විත වීම නිසා පහසුවෙන් සැඟව ගන්නට පහසුවීම ප‍්‍රධාන තැනක් ගත්තේය.

කෙසේ හෝ අවසන් ඊළාම් යුද්ධයේදී වත්මන් යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නායකත්වය ලබාදුන් 58 වැනි සේනාංකය විසින් මේ යුද උපක‍්‍රමික අගනා පරිසර පද්ධතිය ඓතිහාසික සහල් නැලියෙන් (එනම් කුඹුරු ප‍්‍රදේශය) පසු අල්ලාගන්නා ලද අතර, සංග‍්‍රාමික නටබුන් සහිත මේ කොටින්ගේ වෙඩිතලතිවු කඩොලාන කලපු කඳවුර බලන්නට ලියුම්කරුටද අවස්ථාවක් උදාවිය. ඒ බෝට්ටුවක නැගී මෙහි සිට මුහුදු තෙර දක්වා ගමන් කිරීමෙනි.

මේ අගනා පරිසර පද්ධතියද ඇතුළු කි

wedi2

සිදා නීතිමය අරක්ෂාවකට බඳුන් නොවී තිබූ මන්නාරම කලපුව 2016 මාර්තු පළමු වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයකින් වනජීවී ස්වභාව රක්ෂිතයක් කරන්නට යහපාලන රජයේ හිටපු පරිසර ඇමැති හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ අතර, ඒ අනුව 13/1956 ගැසට් නිවේදනය මගින් මෙම වෙඩිතලතිවු ස්වභාව රක්ෂිතය ප‍්‍රකාශයට පත්කරන ලදී. නමුත් මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත්වන්නේ වසර 30 ක යුද්ධයෙන් පසු උතුරු පළාතේ සංරක්ෂණය කළ යුතු රජයේ ඉඩම් හඳුනාගන්නට 2014 දී පත්කරන ලද එවක රජයේ තීන්දුවක් අනුව බවද අප අමතක කළ යුතු නොවේ.

ප‍්‍රධාන ගොඩබිමේ සිට මන්නාරම දූපත (නගරය) දක්වා වැටී ඇති කලපු ප‍්‍රවේශ මාර්ගය (කෝසුව) දකුණු මායිම ලෙස ගැනෙන, අන්තර්ජාතික වන්කාලෙයි රම්සාර් අභයභූමියට උතුරින් හා යාබදව පැතිර පවතින මෙම රක්ෂිතය, මන්නාරම් කළපුව, ලවණ වගුරු, මඩ තැනිතලා, කඩොලාන පරිසර යනාදී හෙක්ටයාර් 29000 කින් සමන්විත වැදගත් පරිසර කලාපයක් වෙයි. එහි වැදගත්කම කොතෙක්ද යත්, වාර්ෂිකව මධ්‍යම උතුරු සංක‍්‍රමණික මාර්ගය ඔස්සේ රට තුළට පැමිණෙන කුරුල්ලන් ලක්ෂ 12 කගේ පමණ ආහාර හා ලැගුම් තෙත් බිමක් ලෙස මෙය වැදගත් මෙහෙයක් ඉටුකරන බව ශ‍්‍රී ලංකා කුරුලූ සංගමයේ පර්යේෂණ වාර්තා පෙන්වාදෙයි. ඒ අනුව පමාවී හෝ මෙසේ මෙම මන්නාරම රක්ෂිතයක් බවට පත්වීම මේ රටේ ඉඩම් හොරු නොවන සියලූදෙනාම සතුටු විය යුතු කාරණයකි.

wedi4එනමුත්, ඒ සතුට වැඩි කලක් අපට භුක්ති විඳින්නට අවස්ථාව උදාවූයේ නැත. රජයේ ඉඩම්වලට මළ පෙරේත කමක් දක්වන මන්නාරමේ බලවතා රිෂාඞ් බදියුදීන් මහතා මේ ආරංචිය දැනගත් වහාම හොඳටම කිපුණේය. ඔහුට වුවමනා වුණේ කෙසේ හෝ මේ නව ගැසට් තීන්දුව අවලංගු කර ඉස්සන් වගා ඇතුළු ඉඩම් කොල්ලයට මග පාදාගැනීමටය. 2017 දී ඒ සඳහා කටයුතු කළත් රනිල් - මෛත‍්‍රී යහපාලන කඹ ඇදිල්ල එය නිෂ්ප‍්‍රභ කළේය. නොහොත් මේ පිටුපස සිටින්නේ ඉස්සන් කොටු ව්‍යාපෘති නමැති අදිසි හස්තයකි. ඒ සඳහා ක‍්‍රියාත්මක වන්නේ ධීවර අමාත්‍යංශය යටතේ පවතින ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය නමැති ආයතනයයි. ඔවුන් ඔටුවන් බවට පත්වෙමින් වෙඩිතලතිවු ස්වභාව රක්ෂිතය එම නීතිමය තත්ත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කරන අතර, 2017 දී නොහැකි වූ දෙය දැන් යළිත් 2020 නව රජය යටතේ සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව වනාමී නමැති (ආක‍්‍රමණික) ඉස්සන් විශේෂයක් නීති විරෝධීව මෙරටට හඳුන්වාදීම සඳහා වෙඩිතලතිවු ස්වභාව රක්ෂිතයේ ඉඩම් හෙක්ටයාර් 1491 ක් ලබාගැනීමට කටයුතු යොදා ඇත. නමුත් සම්පූර්ණයෙන්ම රජයේ ඉඩම් පවතින ස්වභාව රක්ෂිතයකින් ඉඩම් හිතූ මනාපයේ අත්පත් කරගන්නට නොහැකි නිසාත්, ඉහත ගැසට් නිවේදනය මීට බාධාවක් නිසාත්, රජය නොහොත් ධීවර අමාත්‍යංශය ඉහත වෙඩිතලතිවු ස්වභාව රක්ෂිත ගැසට්ටුව අවලංගු කරන්නට කටයුතු කර අවශ්‍ය ඉඩම් අත්පත් කරගන්නට කටයුතු යොදා ඇති බව පරිසරවේදීහු පවසති.

මේ පිළිබඳව ඉකුත්දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කළ ලක් සොබා සංරක්ෂකයෝ පරිසර සංවිධානයේ සභාපති, හිටපු රේගු අධ්‍යක්ෂ සහ ශ‍්‍රී ලංකාවේ සහ ජපානයේ හරිත රේගු නිර්මාතෘ සමන්ත ගුණසේකර මහතා කියා සිටියේ අතිශය වටිනා මෙම පරිසර කලාපය පමාවී හෝ රක්ෂිතයක් බවට පත්කළත්, වත්මන් රජය යටතේත් විනාශය කරා යන්නේනම් එය රටේ මහා ඛේදවාචකයක් වන බවයි.

එසේම, ඉස්සන් වගාවෙන් පුත්තලම කලපු පරිසර පද්ධතියට කරන ලද විනාශය මන්නාරම් කලපු ප‍්‍රදේශයටත් සිදුකිරීම මේ මගින් සිදුවීම වැළකිය නොහැකි බවද ඔහු කියා සිටියේය. එසේම, වනාමී (Litopenaeus vannamei) නමැති ආක‍්‍රමණික ඉස්සන් විශේෂය මෙහි වගාකිරීමෙන් මන්නාරම් ප‍්‍රදේශයේ දේශීය ජෛව විවිධත්වය දැඩි විනාශයකට ගොදුරුවන බවද ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී කරුණු දැක්වූ වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පැවසුවේ වනාමී ඉස්සන් ප‍්‍රභේදය රටට හඳුන්වාදීම ඉතා අහිතර කටයුත්තක් බව හා මේ නිසා මන්නාරම් ප‍්‍රදේශයට ලාක්ෂණික දේශීය ඉස්සන් ප‍්‍රභේද දෙකක් සම්පූර්ණයෙන්ම විනාශවීමේ හැකියාවක් පවතින බවයි.

wedi3

පරිසර නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ මෙසේ මෙම නව ආක‍්‍රමණික ඉස්සන් ප‍්‍රභේදය රටට හඳුන්වා දෙන්නට පෙර අවදානම් සමීක්ෂණයක් (Risk Assesment) කිරීම අවශ්‍ය වුවත්, රජය ඊට ක‍්‍රියාමාර්ග ගෙන නැති බවයි. එසේම, ධීවර අමාත්‍යංශය යටතේ පවතින ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් ගැසට්ටුව අවලංගු කර ඉඩම් ඉල්ලද්දී, එම අමාත්‍යංශය යටතේම පවතින ජාතික ජලජ සම්පත් නියෝජිතායතනයට මේ පිළිබඳව කරුණු විභාගකර දැනුම් දීමට භාරදීම පිළිගත හැකි සදාචාරාත්මක සංසිද්ධියක් නොවන බවද, සැකකටයුතු කරුණක් බවද හෙතෙම සඳහන් කළේය.

පරිසරවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමන්ත සුරන්ජන් මහතා කියා සිටියේ යාපනයේ පුංකුඩුතිවූ දූපත් කලාපයේ සිට මන්නාරම දූපත් කලාපය දක්වා ධීවරයන්ගේ ධීවර පෝෂණ කලාපය මෙම වනාමී ව්‍යාපෘතිය ඔස්සේ උඩු යටිකුරු වනබවයි. දැවැන්ත පරිසර විනාශයක් හා මන්නාරම් කලාපයේ මුහුදු ඌරන්ගේ, මුහුදු තණබිම්වල හා කොරල්පර ඇතුළු අති විශාල කලාපයක් මේ නිසා හානියට ලක්වනු ඇතැයි ඔහු පැවසීය. එසේම, මෙය සමාන කළ හැක්කේ රත්තරං බිත්තර දමන කිකිළිය එකවර මරාගෙන කෑමට සමාන ලෙස බවද ඔහු පැවසීය.

මේ අනුව අපට පෙනෙන්නට ඇත්තේ 5/2001 චක‍්‍රලේඛය අහෝසි කරමින් එක් පැත්තකින් රජය කිසිදා යථාවත් කළ නොහැකි වරදක් කිරීමට සැරසෙන අතර, වෙඩිතලතිවු ස්වභාව රක්ෂිතය අහෝසි කිරීම තුළින් තවත් මහා පරිසර ඛේදවාචකයකට සැරසෙන බවය. මේ පිළිබඳ තවත් තොරතුරු අප ඉදිරියටත් කතා කළ යුතුව තිබේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles