Divaina - අවුරුදු 120 කට පෙර බාල් නටලා විවෘත කළ කටුගස්තොට පාලම කඩාවැටෙන්න ළඟයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 katugas
 
 පුන්‍යා චාන්දනී ද සිල්වා
 
wedi1කටුගස්තොට පාලම අතීතයේ වැදගත් වූ මාර්ගයක එක්තරා සන්ධිස්ථානයක් ලෙසින් සැලකුනත් අද වෙන විට එහි ඇත්තේ ඓතිහාසික උරුමයක්ය යන මානසික සංකල්පය පමණි. මහනුවර සිට යාපනය A9 මාර්ගයේ පාලමකි. මහවැලි ගඟ හරහා මෙම පාලම වැටී ඇති අතර කුරුණෑගල සිට පුත්තලම A10 මාර්ගය මේ අසලින් ආරම්භ වේ. තුන් සිංහලය බෙදීමක් සේ සැලකෙන රුහුණු, මායා, රට පාලමෙන් යාවෙන අතර පිහිටි රට පාලමට දර්ශනය වේ. පාලමේ දිග අඩි 120 කි.
 
 අලූත් මාර්ග ඉදිකිරීම් සමග විවෘත වුණ නව පාලම විරාජමාන වෙද්දී කටුගස්තොට පාලම දැන් නොදැනීම අවතැන්ව ඇත.
 
 කටුගස්තොට පාලම මහජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් විවෘත කරන ලද්දේ 1856 වසරේ වෝඞ් ආණ්ඩුකාරයාගේ පාලන කාලයේදීය. එදින පාලම විවෘත කිරීමෙන් අනතුරුව 250 දෙනෙකු විසින් මෙම පාලම උඩ උත්සවයක් පවත්වා ඇති අතර පසුදින පහන් වෙන තුරු බාල් නැටුමක්ද පවත්වා ඇත. වෝඞ් ආණ්ඩුකාරවරයාද මෙම රංගනයන්හි යෙදුන බව සඳහන් වේ. පාලම විවෘත කිරීම ගැන ආණ්ඩුකාරවරයාගේ නිල වාර්තාවේ මෙසේ දැක්වේ.
 
 ‘‘මෙතෙක් උඩරටට එකතු වූ යුරෝපීයන්ගේ හා ස්වදේශිකයන් විශාලම එක්කාසුව මැද මම කටුගස්තොට පාලම විවෘත කළෙමි. මාතලේ ද්‍රව්‍ය පමණක් නොව ති‍්‍රකුණාමලයේ බඩු පවා මේ පාලම නිසා අපට ගොඩබිමින් මාතලේ හරහා ගෙන ආ හැකිය. දැන් කොළඹ වරායේ වැදගත්කම දෙගුණ වී ඇත.
 
 කටුගස්තොට පාලම ඉදිකිරීමට පෙරාතුව මෙම ස්ථානයේ පැවැතියේ බෝට්ටු සේවයක් වන අතර මෙම බෝට්ටු සේවයෙන් භාණ්ඩ ප‍්‍රවාහනය පහසු වූයේ නැත. ඒ වෙනුවෙන් විකල්ප ලෙස තනන ලද කටුගස්තොට පාලම නිසා වෙළෙඳ භෝග ඉතා පහසුවෙන් වරායට පැටවීමේ පහසුව ලැබී තිබේ.
 
 කටුගස්තොට පාලමේ වැඩ කටයුතුවලදී කැපී පෙනෙන චරිතයක් වූයේ ‘‘මුතියා පිල්ලේ වේලපිල්ලේ ’’ නමැති ද්‍රවිඩ ජාතික ඉංජිනේරුවරයාය. උසට සරිලන මහතක් සහිත ආරෝහ පරිනාහ දේහයකින් යුක්ත මුතියා පිල්ලේ යාපනයේ පැරණි පවුලක සාමාජිකයෙක් විය. පාලමේ සැලසුම කපිතාන් චාල්ස් ඕබි‍්‍රයන(Captain Charles O'Brien) විසින් නිර්මාණය කරන ලදී.
 
 ඊට අමතර ‘‘කැලේඞ්’’ නමින් හැඳින්වෙන ඉංජිනේරුවරයා කාලයක් වාසය කළේ ‘‘අයිල් ඔෆ් මෑන්’’ නමැති දූපතේය. මෙම විදේශික ඉංජිනේරුවරයා විසින් කටුගස්තොට පාලම වෙනුවෙන් තබා ඇත්තේ ‘‘අයිල් ඔෆ් මෑන් ’’දූපත් ලාංඡනයයි. ඊට අමතරව තෝමස් ස්කිනර් මහජන සේවා කොමසාරිස්, ආර්. ඒ. කැරල්, ඩබ්ලිව් ලෑන්ග්, ජේ. රොබට්සන් සහ ඩබ්ලිව් වේළුපිල්ලේ යන අයගේ දායකත්වය ලැබී තිබේ. වසර 160 කට පෙරාතුව බි‍්‍රතාන්‍ය්‍යන් විසින් මෙම පාලම ඉදි කරන ලද්දේ අශ්ව කරත්ත කීපයක් ගමන් කිරීමට වුණත් වසර සියයකට අධික කාලයක් පුරා මෙම පාලම මතින් වාහන ලක්ෂ ගණනක් ගමන් කර තිබේ.
 
 1904 වසරේ ජුනි මාසයේ එක් දිනක කටුගස්තොට පාලම මතින් ගිය සතුන් හා වාහන පිළිබඳ සංඛ්‍යා ලේඛනයක් මෙසේය
 
 අශ්ව ජෝඩුවක් බැඳි කරත්ත 01 යි.
 
 එක් අශ්වයෙකු බැඳි කරත්ත 18 යි.
 
 රෝද හතරක් සහිත අශ්ව කරත්ත 34 යි.
 
 අශ්වයන් 01 යි.
 
 රික්ෂෝ 12 යි.
 
 බයිසිකල් 05 යි.
 
 මගී කරත්ත 09 යි.
 
 බඩු කරත්ත 48 යි.
 
 හරක් 34 යි.
 
 මී හරක් 01 යි.
 
 පයින් යන්නෝ 6535 යි.
 
 
 
 තොරතුරු - පද්මා එදිරිසිංහ මහත්මියගේ ‘‘අතීත ලංකා ’’ කෘතිය සහ තවත් තොරතුරු ඇසුරිනි.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles