Divaina - දියවැඩියා වකුගඩු රෝගයට පිටසුදු සාරණ ඔසුවක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

weda32 1ප‍්‍රශ්නය - අද අප සාකච්ඡුා කරන්නේ ඩයබිටික් නෙෆ්රෝපති හෙවත් දියවැඩියා රෝගය නිසා වකුගඩු අක‍්‍රීය වීම පිළිබඳ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය විද්‍යාත්මක විග‍්‍රහයයි.
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - දියවැඩියා වකුගඩු රෝගය පිළිබඳ දේශීය වෛද්‍ය විග‍්‍රහය සහ ආයුර්වේද විග‍්‍රහය ඉතා ළඟින් යන අර්ථකතන දෙකක් බව කිව යුතුයි. ඒ නිසා මේ විග‍්‍රහය නම් කළ යුත්තේ දියවැඩියා වකුගඩු රෝගය පිළිබඳ පෙරදිග වෛද්‍ය විග‍්‍රහය ලෙසයි. අප දන්නවා දියවැඩියාව කියන්නේ ඉන්සියුලින් හෝමෝනය අඩුවීම නිසා හටගන්නා රෝග තත්ත්වයක් බව. මේ රෝගයේදී වකුගඩුවල තිබෙන පෙරහන් නාල හෙවත් නෙෆ්රෝන අක‍්‍රීය වනවා. එවිට එම නාලවලට සම්බන්ධ ස්නායු හානියට පත්වන අතර එම හානිය ක‍්‍රමයෙන් අවට තිබෙන ස්නායුවලටත් පැතිරෙනවා. මෙය වකුගඩුවලට පමණක් නොව ශරීරයේ තිබෙන සෙසු ඉන්ද්‍රීන්ටත් පොදු කාරණයක්. දියවැඩියාව උග‍්‍ර වුණහම රුධිරයේ තිබෙන අධි සීනි සාන්ද්‍රණය නිසා ශරීරයේ තිබෙන මෘදු ස්නායු කෙඳි තුවාල වෙනවා. ඒ වගේම දියවැඩියාවට අදාළව අධික රුධිර පීඩනය පැවතුනාම ශරීරයේ තිබෙන ඉතා මෘදු ස්නායු වන දෘශ්‍ය ස්නායුව, නිව්රෝන, නෙෆ්රෝන යනාදිය හානියට පත්වෙනවා. ඒ වගේම ස්නායු ප‍්‍රදාහ තත්ත්වයනුත් හටගන්නවා. මේ සියලූම දේට මූලික වන්නේ ශරීරයේ ත‍්‍රිදෝෂ කුපිත වීමයි. වාත, පිත, කප, ලෙස මේ දෝෂ හඳුන්වා දී තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - මේ රෝගයේ ලක්ෂණ පිළිබඳව අපි පසුගිය සතියේ කතා කළා. එහිදී රෝග ලක්ෂණ දහයක් සාකච්ඡුා කළා. මෙහි තවත් රෝග ලක්ෂණ තිබෙනවාද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - තවත් කිහිපයක් තිබෙනවා. ඒ මෙසේයි.
 
weda32 2 1. ශරීර අඟ පසඟ හිරිවැටීම.
 
 2. හිසේ බර ගතිය.
 
 3. මාංශ පේශි දුර්වල වීම.
 
 4. කථන දුෂ්කරතා ඇතිවීම.
 
 5. ඇඟ දැවිල්ල හට ගැනීම.
 
 6. පෙනීමේ දුර්වලතා හටගැනීම.
 
 7. මුත‍්‍රා බොක්ක අඩුවෙන් පිරීම.
 
 8. පාචන තත්ත්වයක් හටගැනීම.
 
 ප‍්‍රශ්නය - දියවැඩියා වකුගඩු රෝගයෙන් පීඩා විඳින අයට ප‍්‍රතිකාර කළ හැකි ආයුර්වේද ක‍්‍රමවේදයක් තිබෙනවාද?
 
weda1 4 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - දේශීය වෛද්‍ය ක‍්‍රමය ආයුර්වේදය සහ පෙරදිග වෛද්‍ය ක‍්‍රම වැඩි හරියක් පදනම් වී ඇත්තේ ශාක සාර සහ රස ඖෂධ මතයි. එනම් සමස්ත වෙදකමෙන් සියයට අනුවක් පමණ ශාක සාර ප‍්‍රතිකාර වන අතර සෙස්ස රස ඖෂධ ප‍්‍රතිකාර වෙනවා. මා ඔබට මෙයට පෙරත් කියා ඇති පරිදි ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය ක‍්‍රමය යන දෙකම කියන්නේ ශරීරයේ පාලනය වාත, පිත, කප යන ත‍්‍රිදෝෂ මගින් සිදුකරන බවයි. මේ ත‍්‍රිදෝෂ වලින් එකක් කුපිත් උනොත් කිසියම් රෝගයක් හටගන්නවා. මේ ත‍්‍රිදෝෂ එකවර කුපිත වන අවස්ථා තිබෙනවා. එතකොටත් රෝග තත්ත්ව ඇතිවෙනවා. දියවැඩියා
 
 වකුගඩු රෝගයට ප‍්‍රතිකාර ලෙස හඳුනාගත් ශාක සාර ප‍්‍රතිකාර කිහිපයක් තිබෙනවා. මේ ප‍්‍රතිකාරවලින් පුළුවන් බිඳ වැටුණු වකුගඩු පෙරහන් නාල සහ හානියට පත්වුණු ස්නායු කෙඳි සුවපත් කරන්නට.
 
 ප‍්‍රශ්නය - එසේ ප‍්‍රතිකාර වශයෙන් යොදා ගන්නා ශාක වර්ග කිහිපයක් නම් කළ හැකිද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - ශ‍්‍රී ලංකාවේ වෙල් ආශ‍්‍රිතව සහ ළඳුවල තිබෙනවා පිට සුදු සාරණ නමැති සාරණ විශේෂයක්. ආයුර්වේදය මෙය හඳුන්වන්නේ පුනර්නව යනුවෙන්. මෙහි උද්භිද විද්‍යාත්මක නම Boerhavia Dissusa. මෙය වකුගඩුවල රුධිර සංසරණයේ වර්ධනය කිරීමට යොදාගත හැකි විශ්මයජනක එළවළුවක්. මෙම ශාකය තුළ කටුක ගුණ, තිත්ත රස සහ ප‍්‍රදාහ නාශක සංඝටක තිබෙනවා. මෙය වකුගඩුවලට වගේම හෘද රෝග වලටත් ඉතාම හොඳයි. මේ යුෂ තවත් ඖෂධ වර්ග සමග මිශ‍්‍ර කර සාදන බෙහෙතක් පාවිච්චි කළාම සම රන්වන් පැහැ ගන්නා බව ඉපැරණි ඉන්දියානුවන් විශ්වාස කළා. එසේම උදරයේ සහ පපුවේ තිබෙන අතිරික්ත සෙම ඉවත් කිරීමට පිට සුදු සාරණවලින් සාදන ඖෂධ වලට පුළුවන්. එසේම අක‍්‍රමවත් ලෙස මුත‍්‍ර පහ කිරීමේ රෝගයට  මෙමගින් ප‍්‍රතිකාර ලබාගත හැකියි. ශරීරයේ තිබෙන අතිරික්ත ද්‍රව වර්ග ඉවත් කිරීමටත් හිරවී තිබෙන සෙම අයින් කිරීමටත් මේ ශාක සාරයට පුළුවන්. එසේම මෙමගින් ශරීරයේ රතු රුධිරානු වර්ධනය වෙනවා.
 
 (ලබන සතියේ තව කොටසක්)

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles