Divaina - රුපියලයි ශත විස්සක පඩියකට වැලි ගොඩදමන රස්සාවකට... කකුලක් සතෙක් කෑවට පස්සේ යාළුවා මාව දාල ගියා...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 තරංග රත්නවීර

- දලයි ලාමාටත් වඩා ලෝකයේ  බුදු දහම ප‍්‍රචලිත කළ සිංහල හාමුදුරුවෝ -08
- කකුලක් සතෙක්  කෑවට පස්සේ යාළුවා මාව දාල ගියා
- කාල බීල නිදාගත්තේ හිඟාකන මිනිස්සු එක්ක
 

sanga333

ලොවේ විශාලතම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කළේ උන්වහන්සේය. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් ඈතින් පිහිටි සැනමිඩෝ ජාතික වන උද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. එමෙන්ම ලෝකය පුරා ථෙරවාදී බුදු දහම ප‍්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ 

අතර උන්වහන්සේ පෙරමුණේ සිටිති. ධර්මධර, විනයධර මෙන්ම ශබ්ද ශාස්ත‍්‍රය ද මනා සේ ප‍්‍රගුණ කළ මහා ප‍්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපර දෙදිග භාෂාවන් පිළිබඳ ප‍්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ඒ උතුරු ඇමෙරිකාවේ ප‍්‍රධාන සංඝ නායක,  අග්ග මහා පණ්ඩිත, ආචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝය.
 
 ‘හොඳයි... ඔය ළමයි දැන් අපේ පන්සලට යන්න. මේ දරුවව මහණ කරන්නම්. ඔය ළමයව එයාර්පෝට් එකේ වැඩට දාන්නම්...’ කියලා දඹුල්ල පන්සලේ හාමුදුරුවෝ කිව්වා. එතකොට දඹුල්ලෙ පොඩි ගුවන් තොටුපළක් තිබුණා. ඒත් ගුණේ හාමුදුරුවන්ගේ කතාවට එකඟ වුණේ නෑ...
 
 ‘තොට පිස්සුද... එක තැනකින් බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ආයෙමත් ඒ වළට වැටෙන්නද හදන්නෙ... මේ උගුලෙනුත් බේරිලා යමං යකෝ...’ හාමුදුරුවන්ගෙන් මදක් ඈත් වෙච්ච ගුණේ මගේ කනට කෙදිරුවා. ‘පොඩි හාමුදුරුවො...’ කිය, කිය ඉඳලා එක පාරටම තෝ... යකෝ... කුඩා බණ්ඩා කියලා කතා කරනවට මගේ යටි සිත කැමති වුණේ නෑ. ඒත් දැන් සිවුර නෑනෙ කියලා හිත හදාගෙන ‘දඹුල්ලෙ පන්සලේ හාමුදුරුවො ළඟට ගිහින් ‘අපේ හාමුදුරුවනේ පන්සලෙ නතර වෙන්න මගේ යාළුවා කැමති නෑනෙ...’ කියලා මම කිව්වා...
 
 ‘නෑ... නෑ... ළමයො. දැන් ඔයාලා කොහේවත් යන්න එපා. මම කියන දේ අහලා පන්සලට යමු...’ නායක හාමුදුරුවන්ගෙන් බේරිල්ලක් නැතිවම ගියා. ඒත් අපි පන්සලට යන්න කැමති වුණේ නෑ. කියන දේ අපි තේරුම් නොගන්න තැන නායක හාමුදුරුවෝ පන්සලට ගියා. අපි පාර දිගේ ඉබාගාතේ ඇවිදගෙන ගියා. කිලෝ මීටර් පහ, හයක් යනකොට ලොරියක් ඇවිත් අපි ළඟ නතර කළා...
 
 ‘ඔය ළමයි කොහේද යන්නෙ...’ ලොරියේ රියැදුරා බොහෝම සැරට අපෙන් ඇහුවා. එයාගේ සැර තුට්ටුවකට මායිම් නොකර ‘අපි රස්සාවක් හොයාගෙන යනවා...’ කියලා අපි කිව්වා.
 
 ‘හා... හොඳයි ගොඩ වෙනවා ලොරියට... අපි දෙන්නම් රස්සාවක්...’ ලොරි රියැදුරා සැර බාල කරමින් එහෙම කියනකොට, අපි දෙන්නා ලොරියට නැග්ගා. එක පිම්මට ලොරිය ගිහින් සීගිරිය කිට්ටුව කැලයකට අපි දෙන්නව බැස්සුවා. ලොරියෙන් බැහැපු තැනම උණු, උණු අලි බෙට්ටක්. දෙන්නටම දෙලෝ රත් වුණා. එහාට යන්නෙත් නෑ. මෙහාට යන්නෙත් නෑ. බැහැපු තැනම ගල් පිළිම වගෙයි. මොහොතකින් අපිට අමුතු ජීවයක් ලැබුණා. එක තැන ඉඳගෙන පෙනෙන තෙක් මානයට මහා කැලේ විපරම් කළා. වැලි එකතු කරන මිනිස්සු රොත්තක් ඈතින් අපි දැක්කා. අඩියට, දෙකට අපි ඒ මිනිස්සු ළඟට ගියා. එක මනුස්සයෙක් අපි ළඟට ඇවිත් විස්තර අහලා ‘ඔය ළමයි රස්සාවක් කරන්න කැමති නම්, අපිත් එක්ක එකතු වෙලා වැලි එකතු කරන්න පුළුවන්. මම අපේ මහත්තයාට කියන්නම්...’ කියලා කිව්වා. අපි ඒ රස්සාවට කැමති වුණා. අර මනුස්සයා අපි දෙන්නව වාඩියට එක්කරගෙන ගිහින් වැලි මුදලාලිට හඳුන්වලා දුන්නා. ඒ මොහොතේම අපි දෙන්නව රස්සාවටත් ගත්තා...’’
 
 ‘එක් අයකුට දවසකට රුපියලයි, ශත විස්සක පඩියක් දෙන්නත් පොරොන්දු වුණා. උදේ, දවල්, ? කෑමට එයින් ශත හැටක් කපා ගත්තා. තුන් වේලටම පරිප්පුයි බතුයි. නිදාගන්න තිබුණේ ගෝනි පඩංගුවක් ගස් දෙබලක බැඳලා ඒ මත. හුළං වැදීගෙන පැද්දි, පැද්දි සැපට නින්ද යයි කියලා හිතාගෙන පළමු දවසෙ නින්දට වැටුණා. මොන නින්දක්ද මදුරුවො වහා ගත්තා. ඒ මදිවට මැස්සො ඇවිත් කණ ළඟ විරිදු කියන්න පටන් ගත්තා. ?ටත් දාඩිය දාන්න රස්නෙයි. නින්ද ගියේම නෑ. ඒත් සතියක්, දෙකක් යනකොට අපිට ඒ පරිසරය හුරු වුණා. ?ට දුමක් ගහගෙන සැපට නිදාගන්නත් පරිසරය හදා ගත්තා. මාසයක් දෙකක් වැඩ කරනකොට ගුණවර්ධනට මැලේරියා උණ හැදුණා. ඇඟ ගැහිලා, උණ වැඩි වෙලා හුඟක් අමාරු වුණා. අසනීප වෙච්ච වෙලාවේ ළඟින් ඉන්න ඕන කියලා හිතාගෙන ‘යාළුවට හොඳටම උණ. මම එයා ළඟින් ඉන්නම්...’ කියලා මුදලාලිට කිව්වා.
 
 ‘නෑ... නෑ... අපි එයාව බලා ගන්නම් උඹ පලයං වැඩට...’
 
 ‘නෑ... අපි දෙන්නා එකට ආවේ. එක්කෙනෙකුට අසනීපයක් වුණාම තනි කරන්න බෑ...’
 
 ‘නෑ... නෑ... අපි ඒක බලා ගන්නම්. උඹ පලයං වැඩට...’ තුන් හතර වතාක්ම මුදලාලි එකම දේ මට කිව්වා. ඒත් මම ඇහුවේ නෑ.
 
 ‘යාළුවට හොඳටම උණ. එයාව දාලා මට යන්න බෑ...’ මමත් ආවේගශීලීව කිව්වා.
 
 ‘එහෙම නම් බොල දෙන්නටම මෙහෙන් යන්න පුළුවන්...’
 
 ‘හරි අපි දෙන්නම යනවා. ආවෙත් එකට. යන්නෙත් එකට... දැන්ම අපි යන්නම්. අපි දෙන්නා වැඩ කරපු දවස්වල සල්ලි දෙන්න...’ මමත් එකට එකම කිව්වා.
 
 වැඩ කරපු දවස් ගාණට බලලා, කෑම සල්ලි කපාගෙන ඉතිරි සල්ලි දෙන්නටම දුන්නා. ඒ සල්ලිත් අරගෙන දෙන්න එක්ක වාඩියෙන් පිටත් වුණා. උදේ පාන්දරින් පිටත් වෙලා, කැලෙන් එළියට ඇවිත් මහා පාර දිගේ ඇවිදගෙන ගිහින් ? වෙනකොට අම්බලමකට ගියා. ගමන් බිමන් යන මිනිස්සුත් කිහිපදෙනෙක් හිටියා. අහල, පහල හිඟා කන මිනිස්සු සේරම ?ට නිදාගන්න එකතු වෙන්නෙත් අම්බලමට. අපි දෙන්නත් එකම ඇඳුම අඳින්නෙ. නාන්නත් නෑ. ඇඳුම් ගඳයි. ඇඟත් ගඳයි. නියම හිඟන කොල්ලො දෙන්නා. හිඟන මිනිස්සුත් අපිට අනුකම්පා කරලා ඒ මිනිස්සු ?ට උයා ගත්ත බත්, හොඳි අපිටත් කන්න දුන්නා. හරිම රසට උයලා තිබුණා. පන්සලෙන් පැනලා ආවාට පස්සෙ කටට රසට බත් වේලක්් කෑවේ එදා ? තමයි. බඩ පිරෙන්න කෑවා. ඊට පස්සෙ හිඟන මිනිස්සුත් එක්ක එකතු වෙලා සින්දු කියලා, නටලා හොඳට විනෝද වුණා. අන්තිමේ හිඟන මිනිස්සුන්ගේ රෙදි උඩම අපිත් නිදි. පාන්දර ඇහැරිලා බලනකොට මම හිඟන මනුස්සයෙක්ට තුරුළු වෙලා සැපට නිදි...
 
 පහුවදා උදේ නැඟිටලා හිඟන මිනිස්සු අපෙන් අහනවා ‘අද උඹලා හිඟමනෙ යන්නෙ කොහේද...’ කියලා.
 
 ‘අපිට එහෙම තැනක් කියලා නෑ. ඔලූව හැරුණු අතේ යනවා...’ ගුණෙ කිව්වා.
 
 ‘එහෙම නම් උඹලා ඕන දිහාවකට ගිහින් හිඟා කාගෙන හවසට මෙතැනට වරෙල්ලා...’ කියලා ඒ මිනිස්සු එක, එක දිහාට යන්න ගියා. එදැයිං පස්සෙ අපි ඒ අම්බලමට ගියේ නෑ. ඉබාගාතේ ඇවිදගෙන ගිහින් ? වෙනකොට මුණගැහෙන පළමු අම්බලමේ ගාල් වුණා. හැම අම්බලකම එක වගෙයි. කළුවර වැටෙනකොට වට පිට සියලූම හිඟන්නො අම්බලම්වලට එකතු වෙනවා. අපිත් ඒ මිනිස්සු එක්ක සුහද වෙලා ?ට කන්න හදන දේකුත් බඩ පිරෙන්න කාලා, සින්දුවක් කියලා විනෝද වෙලා නිදා ගන්නවා...
 
 එක, එක අම්බලම්වලදී විවිධාකාර හිඟන මිනිස්සු මුණගැහුණා. සමහර අයට හොඳට සින්දු කියන්න පුළුවන්. තව සමහර අයට ඇතිළියකට වුණත් තාලයකට ගහන්න පුළුවන්. සතුන් කෑගහන හඬවල් නිකුත් කරන පුද්ගලයන් හිටියා. හිඟන ලෝකය හරිම අමුතුයි. දවස තිස්සෙ හිඟා කාලා ? ඩිංග හොඳට කාලා බීලා සතුටින් ගත කරනවා. ඔහොම යනකොට එක දවසක් අම්බලමක නිදාගෙන උදේ නැඟිටිනකොට මගේ කකුලක් සතෙක් කාලා. දණහිසට චුට්ටක් උඩින් ලේ එන්න සතා කාලා. එළිවෙනකොට මුළු කකුලම ඉදිමිලා. නැඟිට ගන්න බෑ. පුදුම වේදනාවක්. මම කෑගහලා අඬනවා. හිඟන මිනිස්සු දන්න මන්තර, ගුරුකම් සේරම කරලා වේදනාව ටිකක් අඩු කළා. බිමට එළිය වැටෙනකොට ඒ මිනිස්සු යන්න ගියා...
 
 අම්බලමේ ඉඳලා වැඩක් නැති නිසා අපිත් පාරට බැහැලා ඇවිදගෙන ගියා. කිලෝ මීටර් භාගයක් විතර යනකොට තරුණ ඉලන්දාරියෙක් අපිට මුණගැහුණා. එයත් කතා කරමින් අපි යන දිහාට ඇවිදගෙන ගියා. ටික දුරක් යනකොට ගුණේ මිනිහට හොඳටම සමීප වුණා...
 
 ‘කුඩා බණ්ඩා... උඹ ඔහොම දිගටම ලෝවා මහ අපාය පැත්තට පලයං. මේ පාර කෙළින්ම යන්නෙ අනුරාධපුරයට. අපි මෙහෙන් මිහින්තලේට ගිහින් එන්නම්...’ ගුණේ මට එහෙම කියලා මගදී මුණගැහුණු හාදයත් එක්ක මිහින්තලේ යන්න සූදානම් වුණා...
 
 ‘ගුණේ එහෙම කරන්න එපා... මේ වේලාවේ මට උඹේ උපකාර ඕන. මගේ කකුලත් තවම අමාරුයි. බෙහෙතක් කරගන්න කවුරුහරි මුණගැහෙනකම් අපි ඉස්සරහට යමු...’ මම ගුණවර්ධනට කිව්වා...
 
 ‘නෑ... නෑ... කකුල හොඳ වෙයි. උඹ පලයං...’ ගුණේගෙ ඒ කතාවට මට හරියට දුක හිතුණා. ඉකි ගැහිලා ඇඬුණා.
 
 ‘ගුණේ මේ අහපං... නැවත මට මහණ වෙන්න තිබිච්ච අවස්ථාව නැති කළ උඹ... උඹට උණ හැදිලා දාලා යන්න බැරිකමට මම රස්සාවත් නැති කර ගත්තා. අපි දෙන්නා එකටයි ආවේ. එකටම ඉන්න ඕන...’ ගුණවර්ධනට මම පැහැදිලි කර දුන්නා. ඒත් ගුණේ නෙමෙයි පිළිගත්තේ...
 
 ‘දැන් ඒවා වැඩක් නෑ. උඹ පලයං. අපි මිහින්තලේ පැත්තට යනවා...’ කියලා ගුණවර්ධන මගදී එකතු වෙච්ච හාදය එක්ක යන්න ගියා... මම එතැනම වාඩි වෙලා හොඳටම ඇඬුවා. දුක, වේදනාව තුනි වෙනකම් අඬලා, අඬලා හිත හදාගෙන සතා කාපු කකුලත් ඇද, ඇද පාරේ දිගේ අනුරාධපුරය දිහාට ඇවිදගෙන ගියා. නොන්ඩි ගගහා කිලෝ මීටර්
 
 ගාණක් ඇවිදගෙන යනකොට පාර අයිනේ පුංචි තේ කඩයක් දැක්කා. මම ගිහින් තේ කඬේ ඉදිරිපිට බංකුවෙන් වාඩි වුණා. පොල්අතු කඬේ ඇතුළේ ගෑනු ළමයෙක් රොටි පුච්චනවා. බන්දේසි දෙකක පාන්, ආප්පත් තිබුණා. හැළප, සව් දොදොල් ඇතුළු රසකැවිලි වර්ග කිහිපයකුත් තියෙනවා දැක්කා. ඕන දෙයක් කන්න, බොන්න අතේ සල්ලි තිබුණා. ඒත් බංකුවට බර තිබ්බට පස්සෙ කකුලේ අමාරුවට නැඟිට ගන්න පණ නෑ...
 
 ‘අයියේ මොකද කකුලට වෙලා තියෙන්නෙ...’ තේ කඬේ අක්කා රොටියක් තැටියට දාන ගමන් මගෙන් ඇහුවා.
 
 ‘කකුල සර්පයෙක් කළා වගෙයි. හරිම අමාරුයි...’ මම එහෙම කියනකොටම ඒ ගෑනු ළමයා කඬේ ඇතුළට දුවල දෙහි ගෙඩියක් දෙකට කපලා ගෙනත් සතා හොට ගහපු තැන හොඳට ඇතිල්ලූවා. ඊට පස්සෙ මස් හොදියි, රොස් පානුයි බඩ පිරෙන්න කන්න දුන්නා. ඉඟුරු දාලා තේ එකකුත් හදා දීලා ‘අපේ තාත්තා සර්ප වෙදකම හොඳට දන්නවා. තාත්තා හේනට ගියා. එනකං ඔහොම වාඩි ගෙන ඉන්න...’ කියලා ඒ ගෑනු ළමයා කඬේ වැඩ කළා. දෙහි ඉලූවට පස්සෙ කකුලේ වේදනාවත් ටිකක් අඩු වුණා. හොඳට බඩත් පිරුණට පස්සෙ දන්නෙම නැතිව බංකුව උඩ නින්ද ගියා. පැයක්, දෙකක් හොඳට නින්ද ගියා. නින්දෙන් ඇහැරුණාට පස්සෙ කකුලේ වේදනාව ගොඩක්ම අඩු වෙලා තිබුණා...
 
 ‘නංගි, දැන් මගේ කකුලේ වේදනාව ගොඩක්ම අඩුයි. ? බෝ වෙන්න ඉස්සර වෙලා ලෝවා මහ පායට යන්නත් ඕනෑ. මම තනියෙන් නෙමෙයි ආවේ. තව දෙන්නෙක් එක්ක. ඒ දෙන්නා මිහින්තලේට ගියා. දැන් එනවා ඇති. ඒ නිසා මම යන්නම්...’
 
 ‘අයියා... යන්න එපා. තාත්තා එනකං ඉන්න. ඔය කකුලට වෙදකමක් කරලා ඉඳිමුව බස්සගෙන යන්න පුළුවන්...’ ඒත් ඒ පුංචි කඬේ ?ට මට ඉන්න ඉඩක් තිබුණේ නෑ. ඒ නිසා ‘යන්නම් නංගි’ කියලා මම තේ කඩෙන් දොට්ට බැහැලා ඉදිරියට ඇවිදගෙන ගියා. එක පිම්මට කිලෝ මීටර් ගාණක් ඇවිදගෙන ගිහින් රුවන්මැලි සෑය පේන දුරින් තේ කඩයක් ළඟ නතර වුණා...
 
 මතු සම්බන්ධයි...

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles