Divaina - කාටිලේජ දියවීමේ වේදනාව නැති කරන හැටි... ‘නික, අසමෝදගම්, යුකැලිප්ටස්, දශ මූල, ඉඟුරුවලින්’ ලොකු සහනයක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ginger135 ප‍්‍රශ්නය - කාටිලේජ දියවීම ගැන පසුගිය සතිවල අප මේ තීරුව ඔස්සේ සාකච්ඡුා කළා. එසේම කාටිලේජ ක්ෂයවීමේ වේදනාව අඩුකර ගැනීම සඳහා යොදාගත හැකි ඖෂධ වර්ග ගැනත් අප කතා කළා. කාටිලේජ ක්ෂයවීමේ වේදනාව අඩු කිරීම ගැන පළපුරුදු වෛද්‍යවරයකු වශයෙන් තවදුරටත් ඔබට කීමට ඇත්තේ මොනවාද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - ඉන්දියානු ආයුර්වේදයේ හැටියට කාටිලේජ ක්ෂයවීමේ වේදනාව වළක්වා ගැනීම සඳහා ශාක වර්ග විශාල වශයෙන් පාවිච්චි කරනවා. ප‍්‍රමුඛ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස සැළකෙන රාවණා රජු කී පරිදි මේ මිහිතලය මත ලෙඩ රෝග පන්දහස් නවසිය අනූ නවයක් තිබෙනවා. ඒ වගේම එම ලෙඩ රෝග සඳහා ප‍්‍රතිකාර වශයෙන් ගත හැකි පැලෑටි වර්ග පන්දහස් නවසිය අනූ නවයකුත් මේ මිහිතලය මත තිබෙන බව එතුමා කිව්වා. කාටිලේජ ක්ෂයවීමේ රෝගයට සහ එම රෝගය නිසා හටගන්නා අධික වේදනාවට ප‍්‍රතිකාර වශයෙන් යොදාගත හැකි පැලෑටි වර්ග, නැත්නම් ශාක සාර කිහිපයක් ගැන ඔබට පැහැදිලි කරන්නම්. හැබැයි මේ ශාක වලින් ඖෂධ පිළියෙළ කරන ආකාරය ගැන අප කියන්නේ නැහැ. ඖෂධ පිළියෙළ කිරීම සහ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම කළ යුත්තේ වෛද්‍යවරයකු විසින්ම පමණයි. ඖෂධ නිෂ්පාදනය කරන හැටි හෝ ඖෂධ වලට යොදා ගන්නා ශාක සාර ගැන විස්තර කළාම සාමාන්‍ය ජනතාව ඒවායින් බෙහෙත් හදලා පාවිච්චි කළොත් විශාල විනාශයක් සිදු වෙනවා. ඒ නිසා කාටිලේජ ක්ෂයවීමේ වේදනාව සමනය කළ හැකි ඖෂධ සාදන ශාක ගැන පමණක් විස්තර කරන්නම්.
 
 1. නිර්ගුණ්ඩි හෙවත් නික.
 
 සන්ධි වේදනාවට සහ කාටිලේජ දියවීමේ වේදනාව සමනය කිරීම සඳහා යොදාගත හැකි සුලබ ශාකයක් ලෙස නික හඳුන්වන්නට පුළුවන්. ආසාදනය වන සන්ධියක් ඉදිමී එම සන්ධියේ විශිෂ්ට ගුරුත්වය වැඩිවෙලා උෂ්ණත්වය ඉහළ ගියාම එම තත්ත්වය සමනය කරගැනීම සඳහාත් සන්ධි ඉදිමීම අඩුකර ගැනීම සඳහාත් නික වලින් සෑදු පත්තු, තැවිලි, යනාදිය යොදා ගන්නවා. නික කොළය තුළ ප‍්‍රදාහ නාශක, විෂ නාශක ගුණයක් තිබෙනවා. නික ගහේ පස් පංගුවම බෙහෙත් සෑදීමට යොදා ගත්තත් වැඩිම ඖෂධීය ගුණයක් තිබෙන්නේ නික පත‍්‍ර වලයි. ඊළඟට නික මුල් සහ නික ඇට යනාදියත් ගුණයි. තිත්ත රසයෙන් සහ උණුසුම උරා ගැනීමේ ගුණයෙන් අනූන නික කොළයෙන් සාදා ගන්නා පත්තුවකින් ආසාදිත සන්ධියක් තැව්වහම සන්ධියේ ඉදිමුම බැස
 
 ගොස් උණුසුම පහව යනවා.
 
 2. අජ්වයින් හෙවත් අසමෝදගම්
 
 අසමෝදගම් ලෙස අප හඳුන්වන ඖෂධය ඕනෑම සිංහල බෙහෙත් බඩු කඩයකින් ලබා ගැනීමට පුළුවන්. ශරීරයේ ඇතිවන ඉදිමුම් තුනී කරන විෂ නාශක බලයක්
 
 අසමෝදගම්වල තිබෙනවා. ශීත කාලගුණය යටතේ ඇතිවන හන්දිපත් රුදා තත්ත්වයන් හෝ කාටිලේජ දියවීම නිසා ඇතිවන වේදනාව වහා දුරු කිරීමේ හැකියාව අසමෝදගම්වලට තිබෙනවා. අසමෝදගම් මේස හැන්දක් උතුරන වතුරට දමා එම වතුර මද රස්නය ඇති තත්ත්වයට පත් වුණාට පසු ආසාදිත සන්ධිය එම ජලය තුළ මඳ වේලාවක් ඔබාගෙන සිටීමෙන් සන්ධියේ ආසාදනය සහ වේදනාව නැතිකර
 
 ගන්නට පුළුවන්. අසමෝදගම් මේස හැන්දක් ගෙන උණු වතුරෙන් අඹරා ආසාදිත සන්ධි මත ආලේප කිරීමෙන් ඉතා හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකියි.
 
 දශ මූල, යුකැලිප්ටස් සහ ඉඟුරු යන ශාක වලිනුත් කාටිලේජ ක්ෂයවීමේ වේදනාවට ප‍්‍රතිකාර කළ හැකියි. ඒ ගැන ලබන සතියේ කතා කරමු.
 
wasa

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles