Divaina - 'රජිව් ඝාතන විමර්ශන'.. ඝාතන කුමන්ත‍්‍රනයේ පණිවිඩ ජාලය සොයාගන්නට රෝ ඔත්තු සේවයටත් බැරිවෙලා...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

- 5

සිවරාසන් සහ සුභා අත්අඩංගුවට  ගැනීමේ අභියෝගය

priyaරජීව් ගාන්ධි ඝාතනය යනු, වසර 29 කට පමණ පෙර එනම්,1991 මැයි 21 වැනි දින සිදු වූ අතිබිහිසුණු මරාගෙන මැරෙන ප‍්‍රහාරයකි. මෙම ප‍්‍රහාරය සේම එහි විමර්ශන කටයුතු සිදු කළ ආකාරය ද අධ්‍යනය කළයුතු මට්ටමේ තිබිණි. මේ ඔබට කියන්නේ ඒ කතාවය. සටහන් තබන්නේ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි.

රජිව් ගාන්ධි ඝාතනය ශ‍්‍රී ලංකාවේ යාපනයේ සහ ඉන්දියාවේ මදුරාසිය (වර්තමාන චෙන්නායි* කේන්ද්‍රකොට සිදුකළ සාර්ථක කුමන්ත‍්‍රණයක් ඔස්සේ දියත් කළ අතිසාර්ථක මෙහෙයුමක් බවට මේ වනවිට ඕනෑවටත් වැඩි සාක්ෂි ප‍්‍රමාණයක් එක්රැස් කර ගැනීමට විමර්ශකයන් සමත්ව සිටින ලදී. මෙම කුමන්ත‍්‍රණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පුරුක් ලෙස වේලූපිල්ලේ ප‍්‍රභාකරන්, පොට්ටුඅම්මාන් මෙන්ම කාන්තා බළකායේ නායිකාව ලෙස සැලකෙන ”අකිලා” හඳුනාගෙන සිටි අතර, ඉන්දියාව පැත්තේ සිට කුමන්ත‍්‍රණය මෙහෙයවූ කණ්ඩායමට ඉන්දීය ජාතිකයින් මෙන්ම සරණාගතයින් ලෙස වෙස් වලාගෙන ගොස් දකුණු ඉන්දියාවේ වෙරළ ආශ‍්‍රිත නගරවල තම අනන්‍යතාවය සඟවමින් රැුදී සිටි ශ‍්‍රී ලංකික දමිළ ජාතිකයින් විශාල සංඛ්‍යාවක් සිටින බව මේ වනවිට සිදුකළ විමර්ශනවලින් සහ සොයා ගන්නා ලද දහස් ගණනක් වූ ලේඛන කැසට් සහ වීඩියෝපට පරීක්ෂාවෙන් ස්ථිර ලෙසම නිගමනය කිරීමට විමර්ශන නිලධාරීන් සමත්ව සිටින ලදී.

 

raji555

රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධව අපරාධකරුවන් පිරිස කාණ්ඩ කිහිපයකට බෙදා වෙන් කරන ලද්දේ ඔවුන්ට එරෙහිව සිදුකරන විමර්ශනය වඩාත් පහසුකර ගැනීම සහ එම විමර්ශන කොටස් වශයෙන් එක් එක් නිලධාරීන් කණ්ඩායම් වෙත වගකීම පැවරීමේ පහසුව සඳහාය. දකුණු ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පෝක්සමුද්‍ර සන්ධිය ඔස්සේ අනාදිමත් කාලයක සිට සිදු කෙරෙන සොරබඩු ජාවාරම වැඩි වශයෙන් සිදුවූ ඉන්දියාවේ නාගපට්නම් සහ ශ‍්‍රී ලංකාවේ වැල්වැටිතුරෙයි ප‍්‍රදේශය ඉන්දීය මෙන්ම ශ‍්‍රී ලාංකීය ජාවාරම්කරුවන්ට කෙළිබිම් වූ ප‍්‍රදේශයක් වේ. 1960 අගභාගය වනවිට පෝක්සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දියාවේ සිට

ගංජා, අබින් වැනි මත්ද්‍රව්‍යත්, බීඩි එතීමට  ගන්නා කොළ, සාරි, සරොම් වැනි ඉන්දියානු රෙදි පිළි ජාවාරම්කරුවන් විසින් මෙරටට රේගු දැලෙන් මිදී රැුගෙන ඒම සිදුකළ අතර, ඒ වෙනුවට ශ‍්‍රීලංකාවෙන් ඉලෙක්ට්‍රොනික් උපකරණ, සබන්, පොල්තෙල්, පුවක්, කුළු බඩු වැනි දේවල් ඉන්දියාවට යැවීම සිදුකර ඇත.

මෙම මහාජාවාරමට නම් දැරූ පුද්ගලයන් බහුතරයක් ප‍්‍රභාකරන්ගේ නිජ බිම වූ වැල්වැටිතුරය ප‍්‍රදේශය කේන්ද්‍රකොට පදිංචිව සිටි අතර, එකල සුප‍්‍රකට කියමක්ව තිබුණේ  ”යාපනයේ අය හොඳ දෙමළ චිත‍්‍රපට නැරඹීම සඳහා අධිවේගී බෝට්ටු භාවිතයෙන් පැයක එකහමාරක ගමනකින් ඉන්දියාවට ගොස් චිත‍්‍රපට නරඹා ආපසු පැමිණෙන බවය.”

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක‍්‍රියාකාරකම් වර්ධනයත් සමඟ මෙම හොර බඩු ජාවාරම කෙමෙන් අඩපනව ගිය අතර, ඒ වෙනුවට පෝක්සමුද්‍ර සන්ධිය ඔස්සේ අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, බෙහෙත්, ඉන්ධන, වැනි (සටන්කාමීන්ට* අවශ්‍ය භාණ්ඩ ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒම සිදුවූ අතර, හමුදාව සමඟ සිදු කෙරෙන සටහන්වලදී දරුණු ලෙස තුවාල ලබන එල්.ටී.ටී.ඊ. භටයන්ට ප‍්‍රතිකාර සඳහා දකුණු ඉන්දියාවට රැුගෙන යෑම ද සිදුවූයේ මෙම නීති විරෝධී සංක‍්‍රමණ මාර්ග ඔස්සේය.

දකුණු ඉන්දියාවේ නාගපට්නම් වෙරළ ආශ‍්‍රිත ප‍්‍රධාන සොර බඩු ජාවාරම්කරු ලෙස ශන්මුගම් නැමැත්තා කටයුතු කළ අතර, ඔහුගේ ප‍්‍රධාන සහායකයන් ලෙස ශන්කර් සහ මහාලිංගම් කටයුතු කරන ලදී. ඉන්දීය සී.බී.අයි. විමර්ශකයන් විසින් මෙම පුද්ගලයන් තිදෙනාම අත්අඩංගුවට ගනු ලැබූ අතර, ශන්මුගම් අත්අංඩගුවේ සිටියදී පලාගොස් ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගත් අතර, මහාලිංගම් සහ ශන්කර් පෝක්සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදු කෙරුණු සියලූ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දන්නා කරුණු බොහොමයක් විමර්ශකයක් ඉදිරියේ හෙළි කරන ලදී. මෙම ඝාතන කුමන්ත‍්‍රණ ජාලය තුළ පණිවුඩ හුවමාරුවට අත්ව තිබුණේ ඉතා ඉහළ ප‍්‍රමුඛත්වයකි. යාපනය,

නාගපට්නම් වෙරළ සහ චෙන්නායි නගරය කේන්ද්‍රකොට එල්.ටී.ටී.ඊ සංවිධාන සන්නිවේදන මධ්‍යස්ථාන තුනක් ස්ථාවර ලෙස පවත්වාගෙන යනු ලැබූ අතර, මෙම රහසිගත මධ්‍යස්ථානවල සේවය සඳහා එම විෂයට අදාළව ඉතා හොඳින් පුහුණුකළ එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් කිහිප දෙනකුම යොදවා සිටින ලදී.

මෙම ඝාතන කුමන්ත‍්‍රණයට සම්බන්ධ සියලූම තොරතුරු මෙම රහසිගත පණිවුඩ ජාලය ඔස්සේ සම්පේ‍්‍රණය සිදුව තිබූ අතර, මෙම විෂයෙහි පරිණත දැනුමක් සහිතව සිටි ”රෝ” සංවිධානයේ මෙන්ම ඉන්දියානු මධ්‍යම රහස් ඔස්තු සේවයේ සන්නිවේදන තාක්ෂණික නිලධාරීන්ට පවා මෙම සන්නිවේදන ජාලය හඳුනාගැනීම සහ එම තොරතුරු ග‍්‍රහණයකර ඒවා කියවා ගත හැකි ආකාරයට  ෘ - ඣෘ කිරීම ඉතා අසීරු කාර්යයක් වී ඇත. මෙම කාර්යය සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යොදවා සිටි ” රමනන් ” සහ කාන්තන් ජීවග‍්‍රහණයෙන් අත්අඩංගුවට ගැනීමට සී.බී.අයි. විමර්ශකයින් සමත්ව සිටි අතර, ප‍්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් හෙළි කරන ලද රහස් කේතනයන් ඇසුරින් ඒ වන විටත් ඉන්දිය බුද්ධි අංශයන් විසින් පටිගතකොට තිබූ දහස් ගණනක් වූ රහස් පණිවුඩ නිවැරදිව කියවා ගැනීමට ලැබුණු හැකියාව රජිව් ගාන්ධි ඝාතන විමර්ශන ක‍්‍රියාවලිය තුළ විමර්ශකයන් ලද මහඟු අවස්ථාවක් විය. මේ හේතුවෙන් එම තොරතුරු ආශ‍්‍රයෙන් ඉදිරි විමර්ශන කටයුතු නිරවුල්ව සිදුකර ගැනීමටත්, එම තොරතුරු රජිව් ගාන්ධි නඩු විභාගයේදී ඉතා වැදගත් සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමේ අවස්ථාව විමර්ශකයන් වෙත ලැබීම ඔවුන් ලද සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස සැලකිය යුතුය.

සී.බී.අයි. විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මහාලිංගම් යනු සොරබඩු ජාවාරම්කරු වන ශම්මුගම්ගේ ඉතා විශ්වසනීය ප‍්‍රධාන සහායකයා විය. අති දක්ෂ ධීවර කාර්මිකයකු වූ මහාලිංගම් ඕනෑම චණ්ඩ කාලගුණික තත්ත්වයක් යටත් පෝක්සමුද්‍ර සන්ධිය ඔස්සේ බෝට්ටු පැදවීමේ කලාව මනා ලෙස ප‍්‍රගුණකර සිටි අයෙකි. 1990 ජුනි මස 09 වැනි දා එල්.ටී.ටී.ඊ ය විසින් ඉන්දියාවේ චෙන්නාහිදී සිදු කරන ලද ටෙලෝ සංවිධානයේ නායක පද්මනාභ ඝාතනයෙන් පසු එම ඝාතනය මෙහෙයවූ සිවරාසන් (එකැස්කොටියා* සමඟ සිටි ප‍්‍රධාන පුද්ගලයා වූ එල්.ටී.ටී.ඊ. මුහුදු බළකායේ නියෝජ්‍ය නායකයා ලෙස සැලකෙන ” ඬේවිඞ් ” එම ඝාතනයෙන් පසු ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට ප‍්‍රවාහනයකර තිබුණේ මහාලිංගම් විසින්ය. ඬේවිඞ් විසින් මහාලිංගම්ව එම ගමනේදී සිය යාවජීව නායකයාවූ ප‍්‍රභාකරන් හමුවට කැඳවාගෙන යෑමට තරම් ඔවුන් අතර තිබූ බැඳීම ශක්තිමත්ව පැවැතී ඇත.

මේ වන විට රජිව් ගාන්ධි ඝාතනයේ මහා මොළකරු මෙන්ම, ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයා ද වූ සිවරාසන් සහ ඔහු සමඟ සිටි සුබා නැමැති තරුණිය අත්අඩංගුවට ගැනීමේ අභියෝගය විමර්ශකයන් ඉදිරියේ විය. මේ වනවිට ශිවරාසන් අත්අඩංගුවේ පසු වූ හෝ මෙම කුමන්ත‍්‍රණ ජාලයක සම්බන්ධ බවට සැක කෙරෙන කිසිවකු සමඟ දුරකථන හෝ වෙනත් සන්නිවේදන මාර්ගයකින් සම්බන්ධ වීම අත්හිටවා තිබූ නමුත්, වී.එච්.එෆ්. ජාලය ඔස්සේ යාපනය සහ මදුරාසිය සම්බන්ධ කෙරෙමින් ක‍්‍රියාත්මක වූ සන්නිවේදන ජාලය කඩින් කඩ ක‍්‍රියාත්මක වීමේ තත්ත්වයක් පැවතී ඇත. මෙම සියලූම සන්නිවේදන පණිවුඩ ග‍්‍රහණයකර ගැනීමටත් ඒවා කියවීමේ හැකියාවත් මේ වනවිට විමර්ශකයන් සතුව පැවැතී ඇති අතර, එක් පණිවුඩයකින් කියවුණ පරිදි හැකි ඉක්මනින් සිවරාසන් සහ සබා පෝක්සමුද්‍ර සන්ධිය ඔස්සේ යාපනයට රැුගෙන ඒමේ සූදානමක් පැවැති බව හෙළිදරව් වීමකින් පසුව ඉන්දීය නාවික හමුදාව ඉතා දැඩි ආරක්ෂක වළල්ලක් යොදා පොක්සමුද්‍ර සන්ධිය ප‍්‍රදේශය අවහිර කිරීම සිදුකරන ලදී.

මේ වනවිටත් සියලූ ම සොරබඩු ජාවාරම්කරුවන්ගේ ජාලය බිඳ දැමීමට ඉන්දීය බලධාරීන්ට හැකිව තිබූ අතර, එවැනි තත්ත්වයක් යටතේ සිවරාසන් නොහොත් (එකැස්කොටියා) සහ සුබා ඉන්දීය භූමියෙන් පිටතට යනවාට වඩා ඉන්දියාව තුළම සැඟව සිටීමේ සම්භාවිතාවය වැඩි බව පළපුරුදු විමර්ශකයකු වූ ආචාර්ය කාර්තිකයන් මේ වනවිටත් හොඳින් පසක්කර ගෙන සිටියේය.

මේ අනුව දකුණු ඉන්දියානු වෙරළෙන් ඔබ්බට මදුරෙයි, බැංගලෝර්, ගෝවේ, තිවැන්ද්‍රම් පමණක් නොව මුම්බායි සහ දිල්ලිය දක්වා පවා සිය ඔත්තුකරුවන් සහ ස්ථාන පරීක්ෂා කිරීමේ කණ්ඩායම් යෙදවීමට විමර්ශකයන් ක‍්‍රියා කළෙල්ය. මේ වන විටත් මෙම මිනිස් දඩයම ඉන්දීය පොලිස් ඉතිහාසයේ සිදුකළ විශාලත ම මෙහෙයුම බවට පත්ව තිබූ අතර, විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් සහ ඔත්තුකරුවන් මෙන්ම සහායකයින් 3000කට ආසන්න සංඛ්‍යාවක් එකැස්කොටියා සහ ඔහුගේ සහායිකාව වූ සුබා සෙවීමේ මෙහෙයුමට සම්බන්ධකර ගැනීමට ක‍්‍රියාකර තිබේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles