Divaina - පොල්ගොල්ල ජලාශයේ දිය යටින් නිමාවූ බාල බොළඳ පේ‍්‍රමය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 

polgolla
 
 සමන්තී වීරසේකර
 
 
polgolla2 ” කටුගස්තොට පාලමෙන් ළමයි දෙන්නෙක් පැනලා...”
 
 ”පොඩි ළමයි දෙන්නෙක්ලූ...........”
 
 ”දෙමව්පියෝ බලාගෙන ඉද්දිලූ පැනලා තියෙන්නේ...”
 
 ”ඔය තරම් ළාබාල ළමයි දෙන්නෙක් කොහොමද ජීවිතේ නැති කරගන්න තරම් හයියක් හිතට ගත්තේ..”
 
 ”මොන හයියක්ද ප‍්‍රශ්නයක් විසඳගන්න තරම් ඔළුවක් නැති නිසානේ ප‍්‍රශ්නවලින් පැනලා යන්නේ...”
 
මේ වගේ කතා ගොන්නක් එක්ක ඉකුත් හත්වැනිදා උදේ හතට කටුගස්තොට වත්තේගම පාරේ පොල්ගොල්ල ජලාශය අසල මිනිස්සු රැස් වෙලා නිසලව ගලා යන ජලකඳ දෙස බලා සිටියා. ඒ වන විට තරුණ වියට නවකයන් ලෙසින් පා තැබූ වයස අවුරුදු දහහතක පිරිමි දරුවෙක් සහ වයස අවුරුදු දහසයක ගැහැනු දරුවෙකුගේ හුස්ම පොද ජලාශයේ එහෙමෙහෙ පොරබදලා ජීවිතය මිලින කර හිස්අහසට වැදිලා පැයක් වත් ගිහින් තිබුණේ නැහැ. දෙමව්පියන් අවුරුදු දහහතක් දරුවෙක් උස්මහත් කරන්න මොනතරම් නම් සටන් කරනවාද කියලා මේ නොමේරූ සිත් වලට නිකමටවත් දැනිලා නැහැ. තමන්ගෙ බඩට නොකා තමන්ගේ දරුවාගේ බඩගින්දර නිවන දෙමව්පියන්ට ලේකිරි කරලා පොවලා හැදූ වැඩූ තම ලේකැටියන්ගේ මිය ගිය සිරුර දකින්නට ලැබෙන එක මොනතරම් නම් වේදනාවක් ද කියා දැනෙන්නේ, මේ වගේ වෙලාවට ඒ අයගේ මුවින් පිටවන ශෝකාලාප ඇසෙන විටයි.
 
 මළ සිරුරු වතුරෙන් ගොඩට ගන්නා අන්දමත් ඉන් අනතුරුව සිදුවන සිදුවීම් ගොන්නත් පිළිබඳව බලා ඉන්න ඉන්න දහසක් දෙනාගේ මුවින් පිටවෙන්නේ දහසක් කතා. දැන් මේ තරුණ විය අබිමුව හුන් අඛිල පමුදිතත් චාමලි නිරෝෂාත් ජීවිතවලට සමුදී අවසන්.
 
 හයවෙනිදා ඒ කියන්නේ මේ සිදුවීම සිදුවූ දින රාත‍්‍රියේ හෝ සන්ධ්‍යාවේ මේ තරුණ දරුවෝ තම තමන්ගේ නිවාස වලදි තම තමන්ගේ දෙමව්පියෝ සමග කුමක් හෝ ගැටුමක් ඇති කර ගෙන තිබූ බවට සැකයක් පොලිසියට තිබුණා. චාමලි පදිංචි වෙලා හිටියේ නවයාලතැන්නේ. අඛිල පදිංචි වෙලා හිටියේ උඩතලවින්නේ. චාමලිත් අඛිලත් පවුල් දෙකේ වැඩිමහල් දරුවෝ දෙන්නා. මේ ගෙවල් දෙක තිබුණේ එකම පාරේ දෙකෙලෙවරක. මල්සර හීය සිත් යාකර වැදිලා ආදර කතාව ලස්සනට ගලා ගෙන යන්න තරම් මේ දෙන්නාට වාසනාවක් තිබිලා නැහැ. බුද්ධිමත් විදිහට හිතන්න තරම් නොමේරූ මේ මල්වගේ සිත්වලට සැණින් ආ ආවේගයත්, දෙමව්පියන් දුටු විට වූ තැති ගැන්මත් එක්ක මේ පනින්නේ ජීවිතයෙන් පලායන්න කියන හැඟීමක් වත් ඇතිවෙන්න නැතිව ඇති. ඒත් අද පවුල් දෙකම කඳුළු සාගරයක් මැද අතරමං කරලා අඛිලත් චාමලිත් යන්න ගිහින්.
 
 මේ දෙන්නාට දෙන්නා ආදරයෙන් බැඳිලා මාස තුනක් හතරක් විතර ඇති. දෙන්නා නිතරම කෝච්චි පාරේ කතා කර කර ඉඳලා තියෙනවා. එකම පාරේ නිසාත් දෙන්නාගේම තාත්තලා අඳුනන නිසාත් මේ ආදර කතාව වැඩිදුර යන්න කලින් ගෙවල්වලට ආරංචි වෙලා තිබුණා. කටේ කිරි සුවඳ යන්නත් කලින් ආදර අන්දරයක පැටලූනාම ඉගෙනීම අනාගත අපේක්ෂා සියල්ල සුනුවිසුනු කරලා ආදරෙන් අන්ද වෙන බව දන්න දෙමව්පියෝ මේවට විරුද්ධ වීම අරුමයක් නෙවෙයි. ඒ නිසාම චාමලිගේ තාත්තා අඛිලට වරක් දෙවරක් ම අවවාද කරන්නේ මුලින් ඉගෙනීම අවසන් කර ගන්නා ලෙසයි. හයවැනිදාත් මේ දෙන්නා රේල් පාරේ කතා කර කර ඉඳලා චාමලිගේ තාත්තාට අහුවෙනවා. අවවාද කරලා දෙන්නාම ගෙවල්වලට පිටත් කළාට මේ මල්වගේ හිත් තැලිලා පොඩි වෙන්නේ අවබෝධයට වඩා හැඟීම් සහ ආදරය තෙරපෙමින්. ඒ නිසාම මේ දෙන්නා කුමක් හෝ පණිවිඩයක් දුරකථන මගින් හුවමාරු කරගන්නට ඇති. එහි ප‍්‍රතිඵලයක් විදිහට මරුවා රජ කළ හත්වැනිදා අලූයම දෙකට චාමලි නිවසේ නැති බව චාමලිගේ දෙමව්පියෝ දැනගන්නවා. ඒ පාන්දර දෙකට චාමලිගේ ගෙදරින් අඛිලගේ ගෙදරට චාමලි නැති පණිවිඩය යද්දි අඛිලත් ගෙදර නැති වග ඒ දෙමව්පියෝ දැන ගන්නවා. මේ පවුල් දෙක ඉහ
 
 ගිනිගෙන අඛිලත් චාමලිත් සොයා පාරක් පාරක් ගානේ යන්නේ සැබෑම වූ දරු සෙනෙහස දරා ගත නොහැකිවයි. ඒ වගේම මේ නොදරුවො සමාජයක් ගැන අවබෝධයක් නැති වගත් ජීවිතයේ බරපතළකම නොදන්නා වගත් දෙමව්පියන්ට වැටහෙන්නේ තමන්ගේ දරුවන්ගේ ඇසිපිල්ලමත් ඒ අය හොඳින් හඳුනන නිසායි.
 
 අඛිලගේ තාත්තා අඛිලගේ දුරකථනයට ඇමතුමක් ගන්නේ මේ අතර. ” මාව හොයන්න එපා තාත්තේ...” අඛිල උත්තර දෙන්නේ එලෙස පමණයි.
 
 නැවත අඛිලගේ දුරකථනයට ඇමතුමක් දෙන්නේ චාමලිගේ අම්මා. දියණියකගේ ආරක්ෂාවේ වටිනාකම ඉතා හොඳින් දන්නා ඇය අඛිලගේ සවන් මත වැඳවැටෙන්නේ තමන්ගේ දුව රැක ගන්නා ලෙසයි.
 
 ” අනේ පුතේ ඉන්න තැනකදි මගේ කෙල්ල
 
 බලාගන්න. එයාව අපි ඔයාටම දෙන්නම් දෙන්නාම ඉන්න තැනකින් එන්න පුතේ ..” චාමලිගේ අම්මා වේදනාවෙන් කතා කරනවිට අඛිල දුරකථනය විසන්ධි කර දමන්නේ බරක් පතලක් නොසිතාමයි.
 
  නමුත් අඛිලගේ පියාත් චාමලිගේ මවත් පියාත් ත‍්‍රිරෝද රථයක නැගී කටුගස්තොට පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් බණ්ඩාර මහතා වෙත ගොස් පැමිණිල්ලක් කරන්නේ තම දරුවන් නිවසින් අමනාපව පිටව ගොස් ඇති බවටය. ඒ වන විට වේලාව අලූයම පහට පමණ ඇති අතර පොලිසියෙන් පිටවන මේ දෙමව්පියෝ නැවත නිවෙස් බලා පිටත් වන්නේ කෙසේ හෝ දරුවන් සොයා ගත යුතුය යන චේතනාව සමගයි.
 
 කටුගස්තොට නගරය පසුවී ඉදිරියට ඇදෙන ත‍්‍රිරෝද රථයේ දකුණු පස සිටි චාමලිගේ මව අඩ අඳුරේ දෑස් දල්වා ගියේ කොතැනකින් හෝ තමන්ගේ දියණිය දකින්නට ලැබේවා සිතාගෙනය. ඒ අතර කටුගස්තොට රේල් පාර ආසන්න වෙත්ම රේල් පාර වැටී ඇති ගඟ මැද පාලමේ ඈතින් දියණිය වන් ඡායාවක් දැක නතර කරන්නට කටයුතු කළේ මව තමන්ගේ දියණිය හඳුනාගත් නිසාය. දියණිය රාත‍්‍රියේ නිවසේදි ඇඳ සිටි ටීෂර්ටය හා පාලමේ සිටි තරුණියගේ ටීෂර්ටය සමාන බැවින් සහ හැඩහුරුකමින් මේ තමන්ගේ දියණියත් අඛිලත් බව හඳුනා ගත්තද ඒ අසලට නොගොස් කුමක් කරම්දැයි තිදෙනාම කතාකර ගත්තේ දරුවන් කලබල වේ යැයි සිතූ නිසායි.
 
 දියණිය කලබල නොවන්නට අඛිලගේ පියා ඒ අසලට යැවූ මේ වැඩිහිටියෝ කුමක්වන්නේදැයි ඒ ආසන්නයට ළඟා වෙමින් බැලූවේ දරුවන් දුටු සතුටද ඉහ මත තබා ගෙනය. නමුත් ඒ සතුට වැඩි වේලාවක් රඳවා ගන්නට මේ දෙමව්පියන්ට නොහැකිවූයේ වැඩිහිටියන් දුටු විගස කඩිමුඩියේ කලබලව චාමලිත් අඛිලත් එකිනෙකා වැලඳගනිමින් දියමතට පනිනු දුටු නිසාය.
 
 අනේ මගේ දරුවෝ.... මේ මොන විපතක්ද කර ගත්තේ... යන ළතෝනිය සමග අලූයම් වේලේ අවදිව වැඩ අරඹා සිටි ඇතැමුන් වහා දිව ආයේ කුමක් වී ඇත්දැයි දැක ගන්නටය. පොල්ගොල්ල මහවැලි ජලාශයේ ඔරුවේ ගොස් මාළු අල්ලන පිරිස් අතරින් කිහිප දෙනකුද මේ වෙලාවේ සිටි අතර නිතර ගඟට පනින අය අල්ලන් එන ආනන්ද ද ඒ අතර සිටියෙන් ඔහු චාමලිත් අඛිලත් දියෙන් ගොඩ ගෙන ආවද ඒ වන විටත් හුස්ම පොද වාතලයට පාවී ගොස් තිබිණි.
 
 යළිත් කටුගස්තොට පොලිසියට තොරතුරු වාර්තා වන්නේ අඛිලත් චාමලිත් ගඟට පැන ඇති බවටය. කටුගස්තොට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා තම කණ්ඩායමේ පොලිස් කොස්තාපල් (66753) ඒකනායක සහ පොලිස් සැරයන් 47080 අමරකෝන් යන මහත්වරු යොදවා පරීක්ෂණ මෙහෙයවීය. මහනුවර අතිරේක 11 මහෙස්ත‍්‍රාත් පරීක්ෂණ අනුව අධිකරණයේදී මරණ වාර්තාව ලබා දීමට නියමව ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය මත දියේ ගිලී සිදුවූ මරණ බවට අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර තිබිණි.
 
 චාමලි සහ අඛිල යන මේ තරුණ පාසල් දරුවන් පෙරේදා ජුලි 10දා භූමදානය කෙරිණි. චාමලි බලනගල පොදු සුසාන භුමියේදිත් අඛිල පල්ලේතලවින්න සුසාන භුමියේදිත් මෙලොවින් සිය රූපකායටද සමු දුන්නේය. දැන් සියල්ල සිදුව හමාරය. ඉතිරිව ඇත්තේ ශෝකී මතකයක් පමණි.
 
 මේ සියදිවි තොර කර ගැනීම තරුණ පරපුරට කියා දෙන්නේ ගැටලූවකට ඍජුව මුහුණ දීමේ හැකියාවක් නොමැති තරමට බුද්ධිය වර්ධනය නොවූ උදවියගේ නොමනා ක‍්‍රියාවක් බව පමණයි. ඒ හැර තම තමන්ගේ සිත්සතන් තුළ වැඩෙන හැඟීම් වර්ධනය කරගන්නට බාහිර සමාජයෙන් එල්ලවන පීඩාවන් නිසා හැරයෑමක් හෝ සමුදීමක් නොවේ. මේ පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එල්. වික‍්‍රමසිංහ මහතා කියා සිටින්නේ මෙවැන්නක්.
 
 ” දරුවන්ගේ මානසික අපරිණත භාවය නිසා සිදු වූ සිදුවීමක් ලෙස මෙම සිදුවීම හඳුන්වන්න පුළුවන්. වියවුල් දරා ගැනීමේ ශක්තියක් අද කාලේ දරුවන්ට නැහැ. අපි මෙය හඳුන්වන්නේ Fustretion tolarence ලෙස. මෙවන් තත්ත්වයක් අදකාලේ දරුවන්ට ඇතිවන්නේ ඒ දරුවෝ දුකක් කියන්නේ මොකක්ද සිත්තැවුලක් කියන්නේ මොකක්ද කියා නොදන්නා කම නිසායි. එවිට දරාගැනීමේ ශක්තියක් මනසේ වර්ධනය වන්නේ නැහැ. දරුවන්ගේ සිත රිදෙයි කියා බොහෝ දෙමව්පියෝ ඒ දරුවන්ට අද අඩුපාඩුවක් කරන්නේ නැහැ. කයට තබා මනසටවත් යමක බරපතළකමක් වැටහෙන්න දෙන්නේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් දරුවන්ගේ සිත් රිදවා තලා පෙලා කටයුතු කරන්න දෙමව්පියෝ කටයුතු කරන්නේ නැහැ. මෙවිට දරුවන්ගේ මානසික ආත්ම ශක්තිය ගැටලූ නිරාකරණය කරගැනීමේ ශක්තිය යම් සිදුවීමක් නිරවුල් කරගැනීමේ ශක්තිය වර්ධනය වන්නේ නැහැ.
 
 ආත්ම ශක්තියක් සහිත දරුවෙක් මේ ලෝකෙට දායාද කරන්න නම් දරුවන්ගේ සිත් තැලෙන්න පොඩිවෙන්න ඉඩ අරින්න ඕනෑ. අද දරුවෝ දෙන්නෙකුට සීමා වුණ පවුල්වල දරුවන්ට ඕනෑ දේයි එපා දේයි සේරම දෙනවා. මේවායින් දරුවන් කල්පනා කරන්න වේදනා විඳින්න හිතන්නේ නැහැ. දුක් විඳපු පදම් වුණ සිතකට පමණක් ක්‍ෂණික සිදුවීමකට මුහුණ දීමේ හැකියාව ලැබෙන්නේ. මේ දරුවො තමන්ගේ දෙමව්පියෝ දුටු ගමන්ම ගඟට පැනලා. ඒ ඔවුන්ට ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න ශක්තියක් නැති නිසා.
 
 ස්වයංක‍්‍රීය ආත්ම විශ්වාසයක් අපි තුළ හටගන්නේ අත්දැකීම් එක්ක. උදාහරණයකට බලන්න. අපි කවදාවත් ගුටිකෑමකට ලක්වෙලා නැත්නම්, ඉදිරියෙන් ඉන්න කෙනෙක් අත උස්සද්දි අපි සැණින් ඊට ප‍්‍රතිචාර දක්වන්නේ නැහැ. ඔහේ බලාගෙන ඉඳලා ගුටිකනවා. නමුත් අම්මාගෙන් පාරක් කාපු ළමයෙක් දන්නවා අත උස්සද්දි මේ ගුටියක් වදින්න යන්නේ කියලා. ඒ වගේ තමයි අද කාලේ දෙමව්පියෝ තරුණ දරුවන් ගැන වඩා විමසිලිමත් වනවා වගේම තම තමන්ගේ ප‍්‍රශ්න ගැටලූ තනිව විසඳීමට උදව් කරන්න ඕනෑ. උදව් කළ යුතු වන්නේ දරුවාගේ වැඬේ අම්මා හෝ තාත්තා කර දීමෙන් නෙවෙයි. දරුවන්ට කරන්න ඉඩදීලා. එය නොකළොත් අදාළ පාර්ශ්වයෙන් දඬුවම් විඳින්නත් සලස්වලා. එසේ නොවන තාක් කල් දරුවෝ ගැටලූවක් තනිව විසඳාගන්නේ නැහැ....”
 
 චාමලිත් අඛිලත් කුළුඳුලේ දරුවන් නිසාම ඇති පදමට හුරතල් වෙමින් නිවසේ ආදරය විඳිමින් ජීවත් වන්නට ඇත. අද ඒ දෙමව්පියෝ ඇති තරමට වේදනා විඳින්නේ දරුවන්ගේ ආදරය අහිමිවීම නිසාය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles