Divaina - පේ‍්‍රමයේ වෙස් ගත් මාරයාගේ 17 හැවිරිදි බිල්ල... මවට හදුන්වා දෙන්න යැයි පවසා නිවසට රැගෙන යයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


prema

* සැකකරුට මින් පෙරත් ස්ත‍්‍රී දුෂණ චෝදනා

රුවන් ජයවර්ධන


prema3පාපතරයකු පිළිබඳ පුවතක් වාර්තා වී ඇත. කැත හිරිකිත එම පුවත වාර්තා වන්නේ බලන්ගොඩ පින්නවල ප‍්‍රදේශයෙන්ය. ශිෂ්ට සමාජය විසින් කිසිසෙත් අනුමත නොකරන එමෙන්ම අසන්නට දකින්නට පවා අපුල එම සිදුවීමේ ගොදුර බවට පත්ව ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවියක්ය. ඉකුත් 05 වැනිදා තම නිවසින් පිටව යන එම සිසුවිය කාමාතුර පාපතරයකුගේ ග‍්‍රහණයට හසුව ඉකුත් 08 දා නෑසියන්ගේ කරමතින් නැවත තම නිවස වෙත ළඟා වන්නේ වේලාසනම මියගිය බාලිකාවක් ලෙසින්ය. වාර්තා වන ආකාරයට එම සිදුවීම
පෙළගැසෙන්නේ පහත සඳහන් ආකාරයටය.

හිමාෂා දෙව්මිණී 17 හැවිරිදිය. උසස් පෙළ අධ්‍යාපනය හදාරමින් සිටි ඇය රූමත්ය. පි‍්‍රයමනාප කතාබහෙන් යුක්තය. ප‍්‍රදේශයේ කා අතරත් හොඳ හිත පතුරන්නට සමත්ව සිටි හිමාෂා දෙව්මිණී හට සතුරු වූ කිසිවෙක් ප‍්‍රදේශයේ නොවූ අතර තනිව මඟ තොට ගමන් කිරීමට ඇයට තහනමක් නොවීය.

ඉකුත් 05 දා ඇය දෙමාපියන්ගේ අවසරය මත නිවසින් පිටතට පැමිණ ඇත්තේ එවැනි වටපිටාවක් තුළය. මසානිම කරනලද පාසල් නිල ඇඳුමක් රැගෙන ඒම ඇගේ ගමනෙහි අරමුණ වී ඇත. ඇය වැඩිහිටියන් හමුවේ පවසා සිටින්නේ එවැන්නක්ය. එහෙත් එම ගමනෙහි තවත් අරමුණක් බවට පත්වූ කරුණක් ද තිබී ඇත. ඒ බවක් වැඩිහිටියන්ට නොපවසන ඇය නිවසින් පිටත් වන අතර ඇයගේ යටි අරමුණ බවට පත්ව තිබී ඇත්තේ ‘පේ‍්‍රමයේ වෙස් ගත් මාරයා’ මඟදී මුණගැසීමය.

මරණයට පත් වීමට මාස කීපයකට පෙර ‘පේ‍්‍රමයේ වෙස්ගත් මාරයා’ ඇයට මුණගැසෙන්නේ ආදරණීය පෙම්වතෙකු පරිද්දෙන්ය. සියල්ල දෙවැනි කොට ඔහුට සිත පුදන දෙව්මිණී අවසානයක් නැති කතාවකට මුල පුරන අතර එය නිමාවට පත් වන්නේ ඉකුත් 08 දා බලන්ගොඩ රෝහල තුළදී සිදුවූ ඇයගේ අකල් මරණයෙන්ය.

ඉකුත් 05 දා නිවසින් පිටත් වන දෙව්මිණී හට සිය පෙම්වතා මුණගැසෙන්නේ නිවසින් පිටත්ව මද වේලාවක් ගත වීමත් සමගය. එය තම ජීවිතය මරණයෙන් කෙළවර වන හමුවීමක් බව දෙව්මිණී නොදැන සිටින්නට ඇත. ඇගේ පෙම්වතා වන විසිහතර හැවිරිදි ගිහාන් මධුශංකගේ මුණගැසීම ඇය අපේක්ෂා කළ පරිදිම සිදුවන අතර දෙව්මිණී නොදැන සිටි ඛේදවාචකය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. පෙම්වතෙකුගේ වෙසින් පෙනී සිටි කාමාතුරයා දෙව්මිණී හමුවේ අනාගතය පිළිබඳ සිතුවම් පෙළක් නිර්මාණය කරන අතර එහි එක් සිතුවමක් වෙන් වන්නේ එම කාමාතුරයාගේ මව නමින්ය.

ඒ අනුව තම මව ‘අනාගත ලේලිය’ හඳුනා ගැනීමේ නොතිත් ආශාවෙන් පසුවන බව දෙව්මිණී හමුවේ පවසන කාමතුරයා ඇයට තම නිවස වෙත පැමිණෙන ලෙස ඇවිටිලි කරනු ලබන්නේ පේ‍්‍රමය කාමයෙන් කෙළවර කිරීමේ යටි අරමුණක් සහිතවය. තම පෙම්වතා ලෙස පෙනී සිටි කාමාතුරයාගේ බහට රැවටෙන දෙව්මිණී පාසල් නිල ඇඳුම් රැගෙන ඒම පසෙකින් තබා ඇති අතර මාරයාගේ නිවසට ගොඩ වන්නේ ඉන් අනතුරුවය. එතැන් සිට මෙලොව කිසිම යුවතියක් මුහුණ නොදිය යුතු අනේක වධ බන්ධනයන්ට ලක්වන දෙව්මිණී හට සත්‍ය පහළ වන්නේ පේ‍්‍රමයේ වෙස්ගත් කාමාතුරයාගේ පළා යෑමත් සමගය. බරපතළ ලිංගික අපයෝජන රැසක ගොදුර බවට පත්වන දෙව්මිණී පියවි සිහියට පැමිණ ඇත්තේ නිවසින් පිවට ගිය යුවතිය ලෙස නොව හිත් පිත් නැති කාමාතුරයාගේ ගොදුර බවට පත් ගැහැණියක් ලෙසය.

prema2මේ අතර තම නිවසින් පිටත්ව ගිය දියණිය පිළිබඳ විමසිලිමත් වන ඇයගේ වැඩිහිටියන් දෙව්මිණී සොයා සතර අත පීරන්නට ගෙන ඇත්තේ පැය ගණනාවක් ගතව ඇතත් තම දියණිය ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්ය. ඒ අනුව එක්තරා පුද්ගලයෙක් විසින් ලබාදුන් තොරතුරක් මත පසුදා ගිහාන් මධුෂංක හෙවත් දෙව්මිණීගේ පෙම්වතාගේ නිවස සොයා පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ ඔහු හරහා හෝ දෙව්මිණී පිළිබඳ යම් තොරතුරක් දැනගැනීමේ අටියෙන්ය.

ප‍්‍රදේශවාසීන්ගෙන් ලත් තොරතුරුවලට අනුව දෙව්මිණී සොයා පැමිණෙන පිරිස ප‍්‍රදේශයේ එක්තරා නිවසකට ගොඩවන අතර එහිදී ඔවුන්ට දකින්නට ලැබී ඇත්තේ දැඩි සේ කායික පීඩාවන්ට පත්ව සිටින දැරියකගේ දර්ශනයක්ය. ඒ වනවිට ද වනේ වන හතුරෙකුට පවා සිදු නොවිය යුතු විපත්තියකට මුහුණදී සිට ඇති දෙව්මිණී දකින පැමිණ සිටි පිරිස වහාම ඒ පිළිබඳව පින්නවල පොලිසිය දැනුවත් කරන අතර ඉන් අනතුරුව ඇය බලන්ගොඩ රෝහල වෙත ඇතුළත් කරනු ලබන්නේ පොලිසියේ මැදිහත් වීම මතය. ඒ වනවිට සිය පහත් ආශාවන්් සිත්සේ සපුරා ගත් කාමාතුරයා ප‍්‍රදේශයෙන් පළා ගොස් තිබී ඇති අතර රෝහල්ගත කරන ලද දෙව්මිණීගේ ජීවිතය බේරා ගැනීම පිණිස වෛද්‍යවරුන් විසින් එතැන් සිට දරනු ලබන්නේ දැඩි වෙහෙසක්ය.

කෙසේ වෙතත් පළමුව සිය පේ‍්‍රමයෙන් පරාජයට පත් වන දෙව්මිණී දෙවනුව ජීවිතයෙන් ද පරාජය වෙමින් ඉකුත් අඟහරුවාදා බලන්ගොඩ රෝහල තුළදී මරණයට පත්ව ඇත. පින්නවල රාවණකන්ද ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඇයගේ අකල් වියෝවෙන් ප‍්‍රදේශයම කම්පනයටත් වෙමින් පැවති මොහොතක මෙම සහසික අපරාධය සිදුකළ පාපතරයා අත්අඩංගුවට ගැනීමට පින්නවල පොලිසිය සමත් වන අතර පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ සැකකරු මින් පෙරද මෙවැනි අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් වන බවය. අත්අඩංගුවට ගත් සැකකරු බලන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

පාපතර කාමාරතුරයන්ගේ ‘ගොදුරු’ බවට පත්වූ මෙරට තරුණියන්ගේ නාමාවලියට දෙව්මිණීගේ නම එකතු වීමෙන් නිමාවට පත් නොවූ මෙම ඛේදවාචකය හමාර වන්නේ ඇයගේ ජීවිතය ද අකල්හී මරණයට පත්වීම තුළින්ය. පාපතර කාමාරතුරයෙක් විසින් ඇයගේ පිරිසිදු බවත් ඉන් නොනවතින එම තිරිසනා විසින් ඇයගේ ජීවිතය මරණයෙන් කෙළවර කළ බවත් මේ වන විට අනාවරණය වෙමින් පවතින අතර ඉදිරියේදී සිදුවිය යුත්තේ මෙම සාහසික අපරාධය පිළිබඳ සැකකරු වෙත නිසි දඬුවම් පැමිණවීමය.

අපගේ වැටහීම බවට පත්ව ඇත්තේ මෙවැනි දෙපා තිරිසනුන් වෙනුවෙන් රජ කළ පැවති දඬුවම් නැවත බලගැන්විය යුතු බවය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles