Divaina - අලින්ටත් උණ ගැනෙන කටුඋණ අලි වැට... රාජසිංහ රජුගේ කකුලේ ඇනුණ උණ කටුවෙන් අලි එලවන වෑයමක්!

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

- මිනිසුන් 50ක් සමග  අලින් 250ක්  වසරකට මියයනවා
- අලි මිනිස් අරගලය වැට අද්දරින්ම  අවසන් කිරීමට යෝජනාවක් !

 

n27 3

සනත් එම්. බණ්ඩාර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


n27 2පෘතුගීසි හමුදාවන්ට උණ්හිටි තැන් අහිමි කරමින් මුල්ලේරියාවේදී මහ සටනක් කෙරුවේ රාජසිංහ කුමරුන් විසිනි. පසුව පළමුවන රාජසිංහ නමින් සීතාවක රජවූ හෙතෙම කන්ද උඩරට සිහසුන දරා සිටි විමලධර්මසූරිය රජු හා කල සටනෙන් නම් පරාජයට පත්විය. එහි වේදනාවත් සිත දරාගෙන ආපසු එන රජුගේ පාදයේ පෙතන්ගොඩ උයනේදී උණ කටුවක් ඇනුන බවත්, ඒ හේතුවෙන්ම රජු මියගිය බවත් ඉතිහාසයේ සඳහන්ය. මහනුවර සිට කෑගල්ල පසුකර පැමිණ ගලිගමුවෙන් හැරී ගමන්කර කොටියාකුඹුර පසුකිරීමෙන් පෙතන්ගොඩ උයනට ළඟාවිය හැකි අතර රජුට මරු කැඳවූවා යැයි කියන කටුඋණ පඳුර අදටත් උයන තුළ දක්නට තිබේ. කෙසේ නමුත් ඇතැම් විස්තර වල සඳහන් වන්නේ මෙම උණ පඳුර තම වාසස්ථානය කරගෙන සිටි නාගයෙකුගේ දෂ්ඨ කිරීමෙන් රජු මියගිය බවයි.

”මට මුලින්ම කටුඋණ හමුවුණේ රිටිගල කන්දේ උතුරු පැත්තට තිබෙන කොටසේදී. මගේ පශ්චාද් උපාධියේ කොටසක් සඳහා මම රිටිගල පරිසරය හා වෘක්ෂලතාදිය අධ්‍යයනය කෙරුව. මේ කොටසට එහෙ වැසියන් කියන්නේ උණ කන්ද කියලා. පිරිලා තියෙන්නේ කටුඋණ වලින්. ඒ හරහා ඉහළට නගින එක හිතන්නවත් බෑ. හැබැයි කිසිම විස්තරයක නෑ මේවා විස කටු වර්ගයක් බව. රිටිගල නගිද්දී මගේ ඇෙඟ් පවා ඕනෙ තරම් ඔය කටු ඇනිලා තියෙනවා”

එසේ පවසන්නේ ආචාර්ය මැග්ඩන් ජයසූරිය මහතායි. හෙතෙම කලකට පෙර පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයේ විධිමත් උද්භිද විද්‍යාඥ ලෙසද, ගන්නෝරුවේ පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා ලෙසද කටයුතු කළ විද්වතෙකි. ඇත්තේ විස කටු වර්ගයක් නොවන්නේ නම් රජුගේ මරණය සම්බන්ධයෙන් තවත් උපකල්පනයන් පැවසීම අසාධාරණ නොවේ. ඊට ගැළපෙන තවත් සාධකයක් වන්නේ කටුව ඇනී තිබුණේ පතුලේ බව සඳහන් වීමයි. ඒ මොහොතේම මරණය සිදුවූ බවක් සඳහන් නොවන නිසා, විසකටු කතාව තවත් ටිකක් පසුබසින අතර, පසෙහි සිට පතුලේ තුවාලයට ඇතුළුවෙන පිටගැස්ම බැක්ටීරියාව වැන්නක ආසාදනයක් වුවත් මරණයට හේතුවක් වීමට හොඳටම ඉඩ තිබේ. කුමක් සිදුවුවත්, රජුගේ මරණයත් කටුඋණ පඳුරත් අතර සබඳතාවක් තිබුණ බව නම් සැබෑවක්මය.

aliwata222සාමාන්‍යයෙන් කටු උණ පඳුරක් මීටර් 10-15 ක් පමණ උසට වැඬේ. උද්භිද විද්‍යාත්මකව බැම්බූසා බැම්බොස්  නමින් හඳුන්වන මෙම ශාක කඳෙහි ගැට වලින් හටගන්නා කටු සහිත පාර්ශ්වික ශාකා නිසා කල් ගතවෙත්ම එතැන බිහිවෙන්නේ උණ අරඹක් නොහොත් ගස් ගොන්නකි. පාදයේ සිට බහුල ලෙස පඳුරු දමා ඇති බැවින් මේ ගස් ගොන්නෙහි වටප‍්‍රමාණය මීටර් 5-10 ක් තරම් වුවද විය හැකි අතර මිනිසෙකුට නොව සුනඛයෙක් තරමේ සිවුපාවෙකුටවත් මේ හරහා යෑමට නොහැකිය.

”මේ තරමේ ඝනකම් උණ අරඹක් ජීවී වැටක් ලෙස අපිට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් අලි වැටක් හැටියට.”


ආචාර්ය ජයසූරිය අදහසක් ඉදිරිපත් කරයි. උද්භිද විද්‍යාඥයෙක් යනු පරිසරයට ගරු කරන පුද්ගලයකි. හිතේ කහටක් තබාගන්නේ නැතිව අලි වැටක් සඳහා ඔහු විසින් කටුඋණ යෝජනා කරන්නේ රාජසිංහ රජුගේ මරණයට හේතුවූ විෂ, මෙම උණ පඳුරේ නොතිබුණා යැයි සැක හැර දන්නා නිසා විය හැකිය. වාලච්චිනේ කඩදාසි කම්හලට අවශ්‍ය අමුද්‍රව්‍යයක් වන දිගු තන්තු ලබාගැනීමේ අරමුණෙන්, මින්නේරිය ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිත භූමියන්හි දැනට දශක පහකට පමණ ඉහතදී කටුඋණ වගාකර තිබේ. නමුත් කම්හල මගින් එය භාවිතා කල බවට නම් වාර්තා නැත. කෙසේ වෙතත් මහවැලි සංවර්ධන වැඩසටහන මගින් කටුඋණ ඇතුළු තවත් උණ ප‍්‍රභේදයන් ගංගා ඉවුරු ආශ‍්‍රිතව පැළකරනු ලැබුවේ ඉවුරු ඛාදනය මගහැරීමටයි. කටුගස්තොටින් හැරී මාතලේ දෙසට යෑම ඇරඹෙත්ම වම් පසින් ගලනා පිඟා ඔයෙහි ඉවුරෙහි තවමත් තිබෙනා කටුඋණ පඳුරු මෙම ව්‍යායාමය අදටත් අපට මතක් කරදෙයි. ඒවා පැළ කරනු ලැබුවේ මීට වසර 23 කට පමණ උඩදීය.

ආරක්ෂිත වැටක් වෙනුවෙන් කටුඋණ යොදාගැනීමට අප මෙතෙක් කල්පනා කර නොතිබුණත්, වෙනත් ආසියාතික රටවල නම් දැනටමත් ඒ සඳහා පියවර ගෙන තිබේ. ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ තේ වගාවන් හා ඒ ආශ‍්‍රිතව වෙසෙනා ජනතාවගේ  රැකවරණය සඳහා මෙය භාවිත කර ඇත. ඉතා පහසුවෙන් එම පරිසරයන්හි වැවෙන නිසාත්, අඩු වියදමකින් වැට නඩත්තු කළ හැකි නිසාත්, කටුඋණ පඳුරු වලින් ඔවුහු අමිල ප‍්‍රයෝජනයක් ගනිති. තේ වගා බිම්වලට අවශ්‍ය සුළං බාධක ලෙසද ඔවුන් වවන්නට පුරුදුවී ඇත්තේ කටුඋණ පඳුරුය. තායිලන්තයේ ජාතික උද්‍යාන, වනජීවී හා ශාක සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද මධ්‍යම තායිලන්තයේ ”ඛා ඕ යායි” ජාතික උද්‍යානයේ සිට යාබද ප‍්‍රදේශයන් වෙතට අලින් සංක‍්‍රමණයවීම වැළැක්වීම උදෙසාද ජීවී වැටක් ලෙස කටුඋණ පඳුරු යොදාගෙන තිබේ. වසර කීපයකට උඩදී ඇරඹි මෙම ව්‍යාපෘතිය මගින් දැනට කිලෝමීටර් 63 ක දුරක කටුඋණ සිටුවා ඇති අතර ඉලක්කය වන්නේ කිලෝමීටර් 380 කි. ආචාර්ය ජයසූරිය වනජීවී අමාත්‍යංශයේ සහ දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අවධානය සඳහා දැනටමත් ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජාත්‍යන්තරයේ ලියවී ඇති මෙවැනි තොරතුරු පවා පරිස්සමින් අධ්‍යයනය කිරීමෙන් පසුවයි.

n27 1අපගේ ඉතිහාසයේ ඇති වගතුග වලට උණුව අලියා සහ මිනිසා කුළුපග මිතුරන් වූහ. ඇතු ලවා පාගා මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමේදී පවා මෙම සත්වයා ඊට සහභාගි වූයේ මිනිස් විධානයට අවනත වීමක් ලෙස මිස, වරදකරු ලෙස නම්කළ පුද්ගලයා සමග වූ අමනාපයක් නිසා නම් නොවේ. හිතට එකඟ නැති එවැනි භාරධූර කටයුත්තක සිට තම දේහ ශක්තිය යොදා කළ හැකි බොහෝ දෑ මිනිසා වෙනුවෙන් ඉටුකරදුන් සද්දන්තයාට, තමාට මිනිසාගෙන් කෙරෙන කෙනෙහිලිකම් නොපෙනෙන්නේ, පර්වත ප‍්‍රමාණයේ සිරුරට ගැළපෙන්න විශාල ඇස් දෙකක් නොතිබුණ නිසා විය හැකිය. එසේ තිබුණා නම් මිනිහා සමග උරණ වන්නට හේතුවන බොහෝ කාරණා ගිජිඳාහට මීට වඩා තේරුම් යනවා ඇත. තොටගමුව විහාරයේ වැඩවසමින් ලෝකෝපකාරය ලියූ රණස්ගල්ලේ හිමියන් එහි එක් පැදි පෙළක ලියා ඇත්තේ සිංහ, හස්ති, රන්, රුවන්, නායකයන්, ස්ත‍්‍රීන්, පඬිවරුන් යන මේ වස්තු සත යම් රටෙක තිබෙන්නේද, සත්ත්වයා මහත් සතුටින් ඒවාට ඇලූම් කරනා බවයි. සෙසු වස්තූන් හය කෙසේ වෙතත්, හස්තියාට ඇති ඇල්මේ තරම නම්, හැල්මේ පලාගොස් ඇති බව පෙනෙන්නේ 2019 පළමු මාස 10 තුළ පමණක් මිනිසුන් 93 ක්ද අලින් 293 ක්ද අලි-මිනිස් ගැටුම හරහා දිවි තොරකර ගෙන තිබීමෙනි.

පසුගිය සතියේ වාර්තාවූයේ අලි පහරදී මිනිසුන් මියයන වාර්ෂික සංඛ්‍යාව උණුව ශ‍්‍රී ලංකාව ලෝකයේ දෙවැනි තැන ගෙන ඇති බවයි. සාමාන්‍ය අගයක් ලෙස ගතහොත් වසරකට මිනිසුන් 50 කට වැඩියෙන්ද, හස්තීන් 250 ක් පමණද මියයන බව පෙනේ. 1881 දී ලංකාවේ වන ආවරණය 70% ක් වූ අතර මිනිසුන් සිටියේ ලක්ෂ 35 ක් පමණි. 2015 වනවිට රටේ වන වැස්ම 30% ක් දක්වා අඩුවෙද්දී ජනගහනය ලක්ෂ 220 ක් වනවිට අලින්ට ඉන්න හිටින්න තැන් අහිමිවීම ගැන වුවමනාවට වඩා පුදුම වියයුතු නැත. නවතම ගණනය කිරීම් වලට උණුව වනාන්තරගතව අද දවසේ ජීවත්වෙන වනඅලි සංඛ්‍යාව 7379 කි. මේ අතරින් 80% ක් පමණ වනඋද්‍යාන හා රක්ෂිත වනාන්තර වැනි ආරක්ෂිත ස්ථානයන්හි වාසය කරන අතර ඉතිරිය ගැවසෙන්නේ ඉන් පිටතය. ප‍්‍රධාන වශයෙන් මිනිසා හා බැඳුනු උණතුරු වලට ගොදුරුවන්නේ පිටස්තර ප‍්‍රදේශයන්හි

ගැවසෙන මෙම සාමාජිකයන්ය. ඔවුහු මිනිසා විසින් බෙදා වෙන්කරගත් ඉඩම් මායිම් හඳුනන්නේ නැත. තමාට අවශ්‍ය ආහාර හා ජලය ඇත්තේ කොතැනද ඔවුහු නිදහසේ ඒ වෙත ගමන් කරති.

මුණගැසෙන රසවත් අහර අනුභව කරති. මිනිසුන් අලියා ගමට එනවා කියා මැසිවිලි නගන විට, අලින් කෑගසනවා ඇත්තේ මිනිසුන් වන වදිනවා කියමින් විය හැකිය.

සංස්කෘතික, ආගමික පමණක් නොව කෘෂිකාර්මිකව පවා ජන සමාජය තුළ තැනක් හිමිකරගෙන සිටින නිසාම පසුගිය වකවානුවේදී ‘වල් අලියා’ යන යෙදුම වඩාත් ශීලාචාර ලෙසට වරනැගෙන පරිදි ‘වන අලියා’ වැනි පදයක් දක්වා පවා වෙනස් විය. එසේ නමුත් කැලයේ වෙසෙන ඌරාට, දඩාවතේ යන බල්ලාට ඓතිහාසිකව හිමිව තිබූ විශේෂණ පදය හෙල්ලූනේවත් නැත. ඉටි කොළයක් බිම එලාගෙන පාන්දර යාමයේ සිට මහ ? වෙනතුරු දළදා වීදියේ වැව් බැම්ම මත කල්මරන ගැමියා, කරඬුව වඩමවාගෙන එන ඇත් රජුට දොහොත් මුදුන්දී වැඳවැටී, පසුදා පාන්දරින් ගමරට බලාගොස්, තම කෙහෙල් කොරටුවට එන උන්ගේ නෑදෑයන්ගේ උගුර පුපුරවන්නට ‘හක්ක පටස්’ අඹරන තරමේ අධර්මිෂ්ඨ සංස්කෘතියක් දක්වා අලි මිනිස් සබඳතාව මේ වනවිට පිළුණුවී හමාරය.

තම වාසස්ථාන අහිමිවී, අලිමංකඩ අවහිරවී නන්නත්තාර වී ගිය අලි රංචුව වන උද්‍යාන තුළට සිරකර තබන්නට වසර 70 ක පමණ කාලයක සිට රජයේ පාර්ශ්වයෙන් විවිධ උත්සාහයන් දරුවත්, සාර්ථකත්වයක් නම් පෙනෙන තෙක් මානයේවත් නැත. වනජීවී දෙපාර්තමේන්තුව 2017 වසරේදී සෑ¥ විදුලි අලි වැටවල දිග එකතු කළහොත් එය කිලෝමීටර් 488 කට වැඩිය. රුපියල් මිලියන 69 කට වඩා ප‍්‍රමාණයක් අලිවෙඩි වෙනුවෙන් පමණක් වියදම් කර ඇති අතර, තවත් මිලියන 300 ක් පමණ මුදලක් වෙනත් උපකරණ හා විදුලි වැටේ නඩත්තු කටයුතු වෙනුවෙන්ද වැයකර තිබේ. මේ සියල්ල පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් බවට පත්කරමින්, අලි රංචුව දිගටම වැට පනිමින් ගම්මුන් හා අරියාදුවට පැමිණේ. ඇතැම් අලි මහත්වරුන් විදුලි වැට ආක‍්‍රමණය කරන්නේ ඉතාමත් බුද්ධිමත්වය. ඔවුහු විදුලි කම්බිය ස්පර්ශ නොකිරීමට වග බලාගනී. අතරමැදි කණුවක් හොඬයෙන් ඇද වැට පෙරළා දැමීමකට උන් උපන් හපන්නුය. ඇතැම් සද්දන්තයන් කැලයේ සිට දැව කඳක් රැුගෙනවිත් කම්බි රැුහැන් මතට දමන අතර ඒ මත පාදය තබා දැව කඳ කම්බි මතට තෙරපවා, විදුලි සැර වද්දා නොගෙන වැට පෙරළීමට තරම් ඔවුන් උපායශීලී වේ.

”වැඩි වශයෙන්ම අලි මිනිස් ගැටුම් වාර්තා වෙන්නේ වියළි කලාපයෙන්නේ. ඒ නිසා නියමු ව්‍යාපෘතියක් වශයෙන් යම් කොටසක් තෝරාගෙන විදුලි වැට අසලින්ම කටුඋණ පැළ සිටුවීමේ වැඩසටහන, මහ කන්නය ඇරඹෙන ඊසාන දිග මෝසම් වැස්සත් එක්ක පටන් ගන්න පුළුවන්. එතකොට ඉදිරියට මාස හතරක් පමණ නොකඩවා වැස්ස ලැබෙන නිසා කටුඋණ ස්ථාපනය හා නඩත්තුව පහසුයි. මම යෝජනා කරන්නේ පැළ දෙකක් අතර පරතරය මීටර් 8 ක් පමණ තියන්නයි. පසු අවස්ථාවක පඳුරු දමනවිට, දෙපැත්තෙන් එකිනෙක ළංවෙන උණ පඳුරු මැදදී හමුවෙලා හිදැස් නැති අඛණ්ඩ උණ වගාවක් නිර්මාණය කරාවි. කෙසේ වෙතත් අපිට අත්දැකීම් නැති නිසා නියමු ව්‍යාපෘතිය හරහා ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. ඒ උණුව වඩාත් සුදුසු නිර්දේශ බිහිවේවි. ඒ අනුව ඉදිරි වැඩ සැලසුම් කරන්න පුළුවන්.

ආචාර්ය ජයසූරිය විසින් ඒවා ඇති යෝජනාවට වනජීවී දෙපාර්තමේන්තුවේ බලධරයන් කඩිනමින් අවධානය යොමුකළ යුතුය. දැන්ම පටන් ගතහොත් තව මාස පහකින් පමණ ඇරඹෙන මාස් කන්නයේදීම මුල් අදියර ක‍්‍රියාත්මක කළ හැකි වේ. කටුඋණ වැටක් සක‍්‍රිය ලෙස අලි වැටක් ලෙස ක‍්‍රියාත්මක වීමට වසර පහක පමණ කාලයක් ගතවිය හැකි නිසා කටයුතු පමාකළ යුතු නැත. එසේම ගොවීන් සඳහා පෞද්ගලික මට්ටමෙන් තම ඉඩම් වටා කටුඋණ වැටවල් ඉදිකිරීමද ප‍්‍රායෝගික කටයුත්තක් නොවේ. වැටෙහි ඝනකම නිසා සැලකිය යුතු ඉඩම් ප‍්‍රමාණයක් ඒ වෙනුවෙන් වැය කළයුතු බැවින්, දැනට ඇති විදුලි අලිවැට අනුව යමින් ඊට සමාන්තරව කටුඋණ ජීවී වැට ඉදිකිරීම වඩාත් ප‍්‍රායෝගික පිළිවෙත වන්නේය. අලූත සිටවනු ලබන උණ පැළ පේලිය කොටස් වලට බෙදා යම් කාලයක් තිස්සේ රැුකබලා ගැනීමට ඒ ආශ‍්‍රිත ගම්වාසීන්ටම භාරදිය හැකිවේ.

යෝජනා ඉදිරිපත් කිරීම නම් ඉතා පහසුය. ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම හැමවිටම අපහසුය. ප‍්‍රධාන බාධකයක් ලෙස අප දකින්නේ රෝපණ ද්‍රව්‍ය සැලකිය යුතු ප‍්‍රමාණයක් කඩිමුඩියේ සාදා ගන්නේ කෙසේද යන්නයි. මීළඟ මාස් කන්නය වෙත්දී ලැබෙන නොලැබෙන බව අප දන්නේ නැති වුවත්, මහා පරිමාණයෙන් රෝපණ ද්‍රව්‍ය නිපදවීමේ ලොව පිළිගත් ක‍්‍රමය වන්නේ පටක රෝපණ තාක්ෂණයයි.

”පෞද්ගලිකව මට ලැබුණු තොරතුරු අනුව දැනගන්නට ලැබුනා මහවැලි සංවර්ධන වැඩසටහනේ පරිසර අංශය මගින් පටක රෝපණ

විද්‍යාගාරයක් කොත්මලේ ප‍්‍රදේශයේ ස්ථාපනය කරලා තිබෙනවා කියලා. එතන බෝකරන්නෙත් යෝධ උණ, කහ උණ වගේ ප‍්‍රභේද. ඒ අය ගංගා ඉවුරු ශක්තිමත් කරන්න තමයි එම පැළ යොදාගන්නේ. මේ වැඩසටහනට කටු උණ ශාකයත් එකතුකරන්න පුළුවන් නම්....”

ආචාර්ය ජයසූරිය නිහඬවන්නේ සුබවාදී බලාපොරොත්තුවක් වෙත දෑස යොමුකරමිනි. තමා ප‍්‍රධානියා ලෙස කලක් සේවය කළ ගන්නෝරුවේ පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ පිහිටි පටක රෝපණය වෙනුවෙන් වූ සුවිසල් විද්‍යාගාරයද ඔහුට අමතක වෙන්නට හේතුවක් නැත. වසර 25 කට පමණ ඉහතදී ලංකාවේ මිනිස්සුන්ට උණ කරටි තුළ වූ මෘදු කොටස කෑමට පුරුදු කිරීමේ උත්සාහයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක‍්‍රියාවට නැංවූවා මගේ මතකයට නැගේ. අප සතු ආහාර විවිධත්වය වඩාත් තේරෙන භාෂාවෙන් කීම සඳහා ක්‍රෝටන් කොළ උණත් කෑමට පුළුවන් බව සත්භාවයෙන් යුතුව කී නිලධාරියාව පතුරු ගැසූ ආකාරයට, එදා සමාජය උණ ගස් කෑමේ යෝජනාවට අවි අමෝරා නොගත්තේ ඇයිදැයි අදටත් නොතේරෙන ප‍්‍රහේලිකාවකි. උණ කරටි ඉතා රසවත්ය. පිලිපීනයේ වසර තුනකට ආසන්න කාලයක් ලැගුම් ගෙන හිඳිමින් පශ්චාද් උපාධිය හදාරන කාලයේදී බහුලව උණුභව කළ, ඌරුමස් හා යහමින් මුසුකර පිලිපීනුවන් සාදන ‘උණ කරටි මාළුව’ මතක්වෙන විට මගේ දිව තවමත් තෙත්වෙන තරම්ය. ‘අමා’ වශයෙන් නමකුත් යොදා ගනිමින් මෙරටට හඳුන්වාදුන් උණ ප‍්‍රභේදයට, ලංකාවේ මුළුතැන් ගෙවල්වල තැනක් නොලැබීම නම් බරපතළ අභාග්‍යයකි. කෙසේ වෙතත් ගන්නෝරුවේ ජාන සම්පත් මධ්‍යස්ථානය විසින් අවශ්‍ය වෙතොත් කියා, අමා නමැති උණගස් මාදිලිය පටක රෝපණ ක‍්‍රමවේදයෙන් බෝකිරීමට අවශ්‍ය තාක්ෂණික පියවරයන් පවා එකල ගොඩනගා තිබුණි. ආචාර්ය ජයසූරිය සඳහන් කරන්නේ එම ක‍්‍රමවේදය යන්තම් එහා මෙහා කිරීමෙන් කටු උණ සඳහාද පටක රෝපණ වර්ධක මාධ්‍යයක් බිහිකිරීම එතරම් අපහසු නොවනු ඇති බවයි. උණ ගසේ සෑම ගැටයක් පාසාම පිහිටා ඇති කුඩා පාර්ශ්වික අංකුර ගලවාගෙන විශේෂ රෝපණ මාධ්‍යයක වගා කළ තැන සිට උපරිම වශයෙන් මාස හයකින් භූමියේ සිටුවිය හැකි ළපටි පැළ ලබාගැනීමට පටක රෝපණ ක‍්‍රමය හරහා පුළුවන. එවැනි වේගවත් ක‍්‍රමයක් ස්ථාපිත කරනා තෙක් සාම්ප‍්‍රදායික ප‍්‍රචාරණ ක‍්‍රමයන් ඔස්සේ වුවත් ඉදිරියට යා හැකිවේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උණ වගාව සඳහා භාවිතා කරන්නේ දඬු කැබලි පැළකිරීමයි. මුල් අදිනා තෙක් තෙත කොහුබත් වැනි දෙයක රඳවා තිබෙන උණ දඬු කැබලි, මුල් ඇද්දායින් පසුව තවානකට මාරුකර සවිමත් පැළ නිපදවා ගැනේ.

”ජීවී අලි වැටක් ඉදිකිරීම මූලිකව වියදම් යන වැඩක් බව ඇත්ත. ප‍්‍රතිඵල එන්න කල් ගතවෙන බවත් ඇත්ත. ඒත් මම හිතන්නේ නෑ විදුලි වැටකට තරම් වියදම් වේවි කියලා. විදුලි වැට වගේ නෙවෙයි, අවුරුදු පහකින් පස්සේ හරි ‘කටු උණ අලි වැට’ පිහිටුවා ගත් පසුව, මෙය ස්ථාවරව තිරසාරව ඉතා අඩු නඩත්තුවකින් අලි මිනිස් අරගලයට විසඳුමක් දෙන බව මට විශ්වාසයි.”

ආචාර්ය ජයසූරිය තම අදහස් දැක්වීම අවසන් කරයි. අලි මිනිස් දෙගොල්ලන්ටම භූමියේ සීමා පැනවීම ක‍්‍රමයෙන් දැඩි වෙන අතර, ජනගහන වර්ධනය හේතුවෙන් නගරය ගමට පැමිණීම නිසා මේ ආරවුල කිසිදා හෝ නිමාවනු ඇතැයි සිතීම පවා මුළාවකි. එබැවින් පරිසරයේ කළමනාකරු වශයෙන් කටයුතු කරන මිනිසාගේ දක්ෂතාව වන්නේ සතා සිව්පාවාට පමණක් නොව ගස්වැල් වලට පවා සැනසිල්ලේ විසීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීමයි. සොබාදහම හා බැඳෙන මෙවැනි ව්‍යාපෘති තුළ බරට බරේ සල්ලි පොට්ටනි එහාමෙහා වීම නම් සිදුවෙන්නේ නැති බවද අප කිව යුතුය. වැට අද්දරට පැමිණියත් ඒ හරහා යන්නට බැරි නිසා උණ රිකිල්ලක් රස බලා හඳපානේම ආපසු හැරී යන අලි මහත්තයාත්, ඒ දෙස බලාහිඳ සැනසිල්ලේ නින්දට වැටෙන අහිංසක ගොවි මහත්තයාත් යන දෙපොලම පරිසර හිතකාමී මෙවැනි ව්‍යාපෘතිවලට මනාප වුවත්, කටු උණ අලි වැටෙන් හමනා ‘මොනර කොළ’ සුවඳට වැඩි සුවඳක් විදුලි වැටෙන් හමනා බැවින්, උන්ගේ සිහින බොඳවී යන්නටද බැරි කමක්ද නැත. එය එසේ නොවේවා යන්න අපගේ ප‍්‍රාර්ථනයයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles