Divaina - චක‍්‍ර අවදිකර ගැනීමෙන් අපිට ලැබෙන ප‍්‍රයෝජන

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p32 7ආධ්‍යාත්මික විද්‍යාව සහ ආගමික විශ්වාසවල ලෝක ව්‍යාප්ත පැතිර යෑම මෙයට අවුරුදු දෙදහසකට පමණ පෙර ඇරඹුණත් ඒවා බටහිර ලෝකය තුළ මුල් බැස ගන්නේ 1970 න් පසුය. මේ වකවානුවේදී ආධ්‍යාත්මික විද්‍යාව සහ ආගමික විශ්වාසයන් බටහිර ලෝකය පුරා පැතිරීම හඳුන්වන්නේ භැඅ ්ටැ ලෙසය. භැඅ ්ටැ වකවානුව තුළ අලූත් ආගම් සමූහයක් ද බිහිවිය. ඒ අතර මිනිසුන්ගේ අධි මානසික ශක්තිය ්ිඑර්ක ඊදාහ හෙවත් මනෝකාය, යෝග ශාස්ත‍්‍රය, භාවනා ක‍්‍රම, පරචිත්ත විජානනය වැනි මාතෘකා කෙරෙහි බටහිර ලෝක වාසීන්ගේ උනන්දුව පුළුල් විය. එසේම මනුෂ්‍ය ශරීරය වටා ඇති වර්ණාවලී ප‍්‍රභා කදම්භය හෙවත් ඕරාව  පිළිබඳ බොහෝදෙනා පර්යේෂණ පවත්වන්නට විය. මුලදී මේ ගැන පර්යේෂණ කළේ භෞතික විද්‍යාඥයන් පමණි. එහෙත් කල් යත්ම මනෝ විද්‍යාඥයෝද, ආධ්‍යාත්ම පර්යේෂකයෝද, ජ්‍යෝතිෂ්ශාස්ත‍්‍රඥයෝද දිගින් දිගටම මේ ගැන පර්යේෂණ කරන්නට පටන් ගත්හ. වසර විසි පහක් පමණ තිස්සේ ජ්‍යෝතිෂ්‍යවේදියකු ලෙසත් ආධ්‍යාත්ම විද්‍යා පර්යේෂකයකු ලෙසත් කටයුතු කරන බත්තරමුල්ලේ කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර මහතා ඕරාව ගැන පර්යේෂණවල නිරත වන කෙනෙකි. මේ පිළිබඳව ඔහු දරන මතවාද සහ ඔහුගේ පර්යේෂණවලදී ඔහු ලැබූ විචිත‍්‍ර අත්දැකීම් පිළිබඳව ලිපි පෙළ මගින් සාකච්ඡුා කරනු ලැබේ.
 
 මෙම සප්තචක‍්‍ර ගැන මිනිසුන් දැන සිටියේ ඈත අතීතයේ බව මා මුලින් ප‍්‍රකාශ කළෙමි. මේ දිනවල එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වන රාවණා ටෙලිනාට්‍ය තුළ මේ චක‍්‍ර අවදි කිරීම හා කුණ්ඩලනී ශක්තිය ගැන කියවේ. ඒ තුළින් පෙනෙන්නේ අපේ අතීත මුතුන් මිත්තන් මේ ශාස්ත‍්‍ර ගැන මනා අවබෝධයකින් සිටි බවයි. කෙසේ වෙතත් බටහිර ජාතීන් මේ ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම නිසා කිරිලියන් තාක්ෂණය හා ඕරා තාක්ෂණයෙන් අද අපිට නවීනතම ති‍්‍රමාණ ඕරා ස්කෑනර් යන්ත‍්‍රයක් ලැබී ඇත.

p32 8

 මේ ස්කෑනර් යන්ත‍්‍රයෙන් නිවැරදිව ඕරා තත්ත්වයන් ලබාගත හැකි බව අපි තහවුරු කරගෙන ඇත. පුද්ගලයෙක් වටා ඇති වර්ණ රශ්මි වලල්ල ඒ ආකාරයෙන්ම දැකගත හැක. එසේම චක‍්‍ර 7 කොපමණ බලයකින් කි‍්‍රයාත්මක වේද යන්න දැක ගත හැක. බාහිර ප‍්‍රතිකි‍්‍රයා මගින් ඒවායේ වෙනස්කම් හඳුනාගෙන කි‍්‍රස්ටල් වැනි ප‍්‍රතිකාර මගින් දුර්වල චක‍්‍ර බලවත් කරගැනීම ආදිය කළ හැක. ඕරාව සමානුපාත කිරීම ඉතාමත්ම නිවැරදිව මේ තුළින් කළ හැක.
 
 රේකී, ප‍්‍රානික් වැනි ස්වාභාවික ප‍්‍රතිකාර කරන අයට මේ උපකරණය ඉතා වැදගත්ය. ඒ තුළින් ශාරීරික දුර්වලතා හඳුනා ගත හැක. එසේම ජ්‍යොතිෂවේදීනට, මානසික චිකිත්සකයන්ට. වෙද මහත්වරුන්ට මෙය ඉතා වටිනා උපකරණයකි. ආධ්‍යාත්මික දියුණුව සොයා යන අයට තමාගේ චක‍්‍රවල කි‍්‍රයාකාරීත්වය කොපමණ දැයි මේ තුළින් දැනගත හැක. මනස, ආත්මය, ශරීරය කොපමණ දුරට දියුණු දැයි මේ ස්කෑනර් යන්ත‍්‍රය ඉතාමත් පැහැදිලිව පෙන්වයි.
 
 ඕරාවේ ආරක්ෂක වළලූ 7 ඉතාමත් වැදගත් කාර්යභාරයක් කරයි. මිනිස් සිරුර ආවරණය වන්නේ මේ වළලූ 7 නි. මෙහි යම් ස්ථරයක් දුර්වල වුවහොත් යම් බාහිර බලවේග වලට අපේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. උදා. අමනුෂ්‍ය බලවේග, ඇස්වහ කටවහ ආදිය දැක්විය හැක. ඊතරික් ලේයර් නම් භෞතික ස්ථරය දුර්වල වූ විට කොවිඞ් වැනි වයිරස්වලට පවා ශරීරයට ඇතුල් වී ආසාදනය කළ හැක. මේ වළලූ 7 අපේ ශරීරයේ ප‍්‍රතිශක්තියයි. ඕරාව බලවත් කිරීම තුළින් මේ ප‍්‍රතිශක්තිය ඇති කිරීම අනාගත උවදුරුවලින් බේරීමට ලැබෙන අවස්ථාවකි.
 
 ලබන සතියට
සාකච්ඡා කළේ - සංඛනාද වෙදගෙවත්ත

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles