Divaina - දියවැඩියාව නරක්වුණාම ඇස්වලට වෙන දේ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p32 3ප‍්‍රශ්නය - දියවැඩියා රෝගය නිසා අග්න්‍යාශය විනාශ වන ආකාරයත් එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශරීරයේ ඉන්සියුලින් නිෂ්පාදනය අඩු වී රුධිරයේ තිබෙන සීනි දහනය නොවීමත් එමගින් හටගන්නා අතුරුඵල ගැනත් පසුගිය සතිවල අප කතා කළා. ඒ අතරම දියවැඩියා රෝගය සඳහා ලබාදෙන ඇලොපතික හෙවත් බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රතිකාර ගැනත්, ආයුර්වේද ප‍්‍රතිකාර ගැනත්, දේශීය පාරම්පරික වෛද්‍ය ප‍්‍රතිකාර ගැනත්, අප සාකච්ඡුා කළා. මෙහිදී අපගේ විශේෂ අවධානය යොමුවුණේ දියවැඩියා රෝගය පාලනය කිරීමට සහ දියවැඩියා රෝගය සුව කිරීමට ඔබ විසින් නිපදවන ලද මධුනාශිනි කල්කය සහ මධුමේහ නිවාරණ ඖෂධය ගැනයි. අද අප ඔබ සමග සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙනවා දියවැඩියා රෝගය අක්ෂි රෝග සඳහා කවර බලපෑමක් කරනවාද කියන එක.
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - දියවැඩියාව නිසා ඇස් පෙනීම නැත්තටම නැතිව යා හැකියි. උදාහරණයක් වශයෙන් ෘස්ඉැඑසජ ඍැඑසබදච්එයහ (ඩයබිටික් රෙටිනෝපති* නැමති රෝග තත්ත්වය ඇති වුණහම ඇසේ දෘෂ්ටිවිතාන කොටස හානියට පත්වී රෝගියා අන්ධභාවයට පත්වෙනවා. අවුරුදු විස්සකට වැඩි කාලයක් දියවැඩියා රෝගයෙන් පීඩා විඳින අයගෙන් සීයට අසූවකට පමණ මේ අක්ෂි රෝගය වැළඳෙනවා...
 
p32 1 ප‍්‍රශ්නය - මේ රෝගය කල්තබා හඳුනා ගැනීමට පුළුවන්ද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි -
 
 මේ රෝගයේ තිබෙන ලොකුම අවදානම තමයි කල්තියා රෝග ලක්ෂණ නොපෙන්වීම. ඒ නිසා දියවැඩියා රෝගයෙන් පෙළෙන අය කාලයෙන් කාලයට ඇස් පරීක්ෂා කරගැනීම ඉතා සුදුසුයි. මේ රෝගයේ අවස්ථා කිහිපයක් තිබෙනවා. පළවෙනි අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් නැහැ. මේ රෝගයේ දෙවැනි අවස්ථාවේදී අක්ෂි ගෝලයේ පිටුපස කොටසේ තිබෙන ප‍්‍රදේශයේ ඇති ඉතා සියුම් රුධිර කේශ නාලිකා පුපුරන්නට පටන් ගන්නවා. එවිට ඒ තැන්වලින් රුධිර බිංදු කාන්දු වෙනවා. ඒ රුධිර බින්දු අස්සෙන් තමයි රෝගියාට ලෝකය පේන්නේ. මෙසේ බලන විට රෝගියාට නිතරම පෙනෙනවා තමන්ට ඉදිරියෙන් තියෙන කළු තිත් ගොඩක්. ඇත්තටම ඒ කළු තිත් ඇසෙන් පිටත තිබෙන තිත් නොව ඇස ඇතුලේ රුධිර කේශනාලික පුපුරා යෑම නිසා ඇතිවූ ලේ බින්දු බව කිව යුතුයි. පළවෙනි අවස්ථාවේදී මේ රුධිර කාන්දු ඇතිවන විට ඇසේ පෙනීමෙහි වැඩිමනත් ව්‍යාකූලත්වයක් ඇති බව රෝගියාට වැටහෙන්නේ නැහැ. සමහරවිට කළු තිත් හෝ පැල්ලම් එකක් හෝ දෙකක් රෝගියාට පෙනේවි. සමහරවිට පැය කීපයකට පසු මේ තිත් අතුරුදන්වී නැවත මතුවෙනවා. ටික කලක් ගතවන විට රුධිර කේශනාලික පිපිරූ තැන්වලින් රුධිරය වහනයවීම වැඩිවෙනවා. එතකොට ඇසේ පෙනීම සීයට හැත්තෑවක් පමණ අර කළු පැල්ලම්වලින් වැහෙනවා. මෙය විශාල මානසික වධයක්. කල්ගත වනවිට රෝගියාට තමන් ඉදිරිපිට තිබෙන රූප හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් එනවා. මේ අවස්ථාවේදී රෝගියා දකින්නේ ආලෝකය සහ අඳුර අතර වෙනස විතරයි. සාමාන්‍යයෙන් මේ රුධිර කාන්දුව සිදුවන්නේ රෝගියා නිදා සිටින විටයි.
 
  ප‍්‍රශ්නය - දියවැඩියා වර්ග දෙකක් තිබෙන බව මේ ලිපි පෙළ මුලදී අප සාකච්ඡුා කළා. ඒ රෝගීන් සියලූ දෙනාටම ඉහත සඳහන් රෝග තත්ත්වය පොදුද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - ස්ථිර වශයෙන්ම ඔව්. වැළඳී තිබෙන දියවැඩියා රෝග තත්ත්වය Type 1 වුණත්Type 2 වුණත් මේ රෝගය වැළඳෙනවා.
 
 ප‍්‍රශ්නය - මේ රෝගය වළක්වා ගන්නේ කොහොමද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - මේ රෝගය වළක්වා ගැනීමට තිබෙන හොඳම ක‍්‍රමය තමයි දියවැඩියා රෝගය වළක්වා ගැනීම. ඩයබෙටික් රෙටිනෝපති රෝගය වැළඳුනම සුව කරන්න හරිම අමාරුයි. දියවැඩියා රෝගය සුව කළත් දියවැඩියාවේ අතුරු ඵලයක් වන මේ රෝගය සුව කිරීමට බැරි අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ නිසා තමන් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව දැනගත් වහාම ප‍්‍රතිකාර ගැනීමට පටන් ගැනීම රෝගියාගේ වගකීමක්. ඒ සඳහා රෝගීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මේ රටේ තිබෙන වෛද්‍ය ක‍්‍රම සියල්ල පරිහරණය කරන වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් කළ යුතුයි. දියවැඩියා රෝගියකු තම දෙපා සහ තම ඇස් පරිස්සම් කරගත යුතු බවට කියමනක් තිබෙනවා. කෙනකුට දියවැඩියාව හැදුනහම ඉහත සඳහන් ශරීරාංග දෙක වහාම පිරිහෙන්නට පටන් ගන්නවා. අක්ෂි සහ දෙපා එදිනෙදා ජීවිතයට ඉතාම වැදගත්. ඒ නිසා මෙවැනි රෝගයක් හටගැනීම වැළැක්වීමට ප‍්‍රමුඛතාව දිය යුතුයි.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles