Divaina - රණවිරු ගාය ගොවිගායට හරවා ගත් තරුණයෙක්... මුළු ඇහැලියගොඩටම ඇති වෙන්න එළවළු වවන ආබාධිත විරුවා

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 

ahaliyagoda222

සිය තාරුණ්‍යය උපන් මාතෘ භූමිය වෙනුවන් කැපකර ඉදින් ද නොනැවතී අපරිමිත වූ වීරෝදාර ආත්ම ශක්තිය වීරත්වත්වයට හරවා රුදුරු ත‍්‍රස්තයන්ගෙන් ලක් මාතාව බේරා ගැනීමට සටන් වැද තම පාදයක් අහිමිව තිබියදී පවා සංග‍්‍රාම භූමියේ විකුම් පෑ මේ අභීත හෙළ විරුවා, ම්ලේච්ජ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් අනතුරුව ද දෙපා ඇත්තවුන් පවා විශ්මයට පත් කරවන අන්දමින් ගොවි විරුවකු ලෙස හපන්කම් පාමින් සිටින වීර පුත‍්‍රයෙකි.
 
 සිය අතින්ම සිටුවාගන්නා ලද භෝග ඵල දැරීමෙන් අනතුරුව වස විසෙන් තොර නැවුම් එළවළු ලෙස ඇහැලියගොඩ ජනතාවට පරිභෝජනයට ගැනීමට සලස්වමින් විශ්මිත වූ ගොවිපොළක් කරගෙන යන තරුණ සෙබළ ගොවි මහතා අපට මුණ ගැසෙනුයේ ඇහැලියගොඩ, කිරිපෝරුව ප‍්‍රදේශයෙනි. අන් කව
රදාටවත් වඩා රණවිරුවන් ගැන කථා කරන යුගයක අප රාජ්‍ය නායකයා පවා රණවිරුවකු ලෙසින් සිය පාලනය සෘජුව ගෙන යන කාල වකවානුවක පාරම්පරික ගොවියන් පවා මවිත කරමින් ගොවිකමින් ලෝකය ජයගන්න හදන අපේ කාලයේ රණවිරු ගොවියාගේ වික‍්‍රමයන් ලොවට කියා පෑමට අපට සිතුනේ මොහු සිය පාදයක් ද අහිමිව ආබාධිත තත්ත්වයෙන් පසු වෙද්දී පවා දෙපා ඇත්තවුන්ට කළ නොහැකි අන්දමින් විශිෂ්ට ලෙස සිය කෘෂිකර්මාන්තය නිසි තාක්ෂණික ක‍්‍රමවේදවලට අනුව කරගෙන යමින් ඇහැලියගොඩ ජනතාවටම නැවුම් පෝෂ්‍යදායී එළවළු පරිභෝජනයට ගැනීමට අවශ්‍ය සියලූම භෝග වර්ග තම ගොවිපොළෙන් ම සාදා දීමට ගන්නා වීර්යය විශ්මිත නිසාවෙනි.
 
 මේ විශේෂිත වූ සෙබළ ගොවියා සොයා අපි ගියේ ඔහු මේ වන විට වගා කොට ඇති අක්කර 4 1/2 ක් පමණ වපසරියක් ඇති ගොවිබිම වෙතය. අප එහි යන විටත් පස් දෙනෙකු පමණ එකතුව එළවළු නෙළීම කරගෙන යන ආකාරය අපට දැකගත හැකි විය. ඉතා අලංකාර ලෙස බිම් සකසා, මැසි ගසා ඇති දැකුම්කළු වූ ගොවි බිම දකින්නන්ගේ නෙත්, සිත් ඇදගන්නාසුලූ විය. මේ විශ්මිත ගොවි සෙබළා අන් කවරෙකුත් නොව ඩබ්.එ්. උපාලි වීරසිංහය. දියණියන් තුන් දෙනෙකුගේ පියෙකු වන උපාලි සිය බිරි`ද ද සම`ග දිවි ගෙවනුයේ 140/බී, කිරිපෝරුව, ඇ?පොල නිවසේය. ඇහැලියගොඩ නගරයට ආසන්න ප‍්‍රදේශයක් වූ කිරිපෝරුව ගොවිතැනට, වගාවට ඇළුම් කරන පිරිසක් වෙසෙන ප‍්‍රදේශයකි. උපාලි පිළිබ`දව මුලින්ම අපි දැනගන්නේ මෝරගල ප‍්‍රදේශයේ කාගේත් කතා බහට ලක්ව තිබූ ගොවි බිමක් නිසාවෙනි. වෙල් යායක මනාව සකසා තිබූ එළවළු කොටුව ප‍්‍රදේශයේ කාගේත් කතා බහට ලක් වන්නේ එහි හටගත් එළවළුවල ඵලදාව නිසාය. නැවුම් එළවළු මිලදී ගැනීමට වගේම ප‍්‍රදේශයේ දකින්නට නොලැබෙන එළවළු මෙම කොටුවේ හට ගැනීම නිසා කවුරුත් පාහේ මෙම එළවළු කොටුව දැක බලා ගැනීමටත්, කොටුවෙන්ම එළවළු මිලදී ගැනීමටත් මෝරගල පිහිටි එම එළවළු කොටුව වෙත වැල නොකැඞී එන්නට වූයෙන් කාගේත් අවධානය එම කොටුවටත්, එම ගොවියා දෙසත් යොමු වන්නට විය. නගරයේ වෙළෙ`දසල් හිමියෙකුට අයත් කුඹුරක උපාලි මෙම කොටුව අස්වැද්දීම ප‍්‍රදේශයේ ගොවියන් තුළ භෝග වගාවට ඇල්මක් හා ධෛර්යයක් ගෙන දෙන්නට විය. ඉන් ද නොනැවතී තිබුණු මෙම ගොවියා මේ වන විට විවිධ ස්ථානවල එළවළු කොටු හයක් පමණ සකස් කර තිබිණි. එ්වායින් එම කොටු හිමියන් විශාල ආදායම් ලබන්නට විය.
 
 එක් පාදයක් අහිමි වුවද තම හැකියාව මදකුදු අඩු නොකොට ධෛර්ය සම්පන්නව විදහාපාන ඔහු අප සමග කියා පෑ කරුණු සැබැවින්ම වීරෝදාරය.
 
 මගේ නම උපාලි වීරසිංහ. මම කුඩා කාලයේ ඉඳලා වගාවට, ගොවිතැනට ඇළුම් කළා. මට මතක කාලේ ඉඳලා මම කොහිල, කංකුන් වගේ දේවල් මිටි බැඳලා විකුණන්න උනා. එහෙම විකුණලා පොඩි පොඩි පැළ ගෙනත් ගෙදර පුංචි කොටුවක් හැදුවා. ගෙදරට අවශ්‍ය කරන එළවළු අපි එ් කොටුවෙන් තමයි සකසා ගත්තේ. ඔහොම ඉන්නකොට මට යුද හමුදාව ගැන ආසාවක් ඇති වුණා. මම හමුදා සේවයට බැඳිල හතර වන ගැමුණු සේවා බලඇණියට අනියුක්තව සේවය කළා. එ් දවස්වල උතුරේ යුද්ධය සකී‍්‍රය වෙලා තිබුණේ. මම මූහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවය කරන අවධියේ එ් කිව්වේ 2001 එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් අටවපු බට්ටෙක් පෑගිලා මගෙ දකුණු කකුල සිරුරෙන් වෙන් වුණා. මට තවදුරටත් සටන් වදින්න නොහැකිව ආබාධිත තත්ත්වයට පත් වුණා. මම හමුදා සේවය නිමා කොට නිවසට එනවා. මට දියණියෝ තුන්දෙනෙක් ඉන්නවා. අපිට ජීවත් වෙන්න වුණේ මගේ විශ‍්‍රාම වැටුපෙන්. මට රටට සේවය කරන්න තවත් කාලය, ශ‍්‍රමය තියෙන බව වැටහුණු නිසාම මම නැවත වතාවක් පරණ පුරුදු ගොවිතැනට බහින්න කල්පනා කළා. මට තිබුණු එකම ශක්තිය ආත්ම ශක්තිය විතරයි. මම ගොවිපළවල් කීපයක් කළා. දංකුඹුර ප‍්‍රදේශයේ විජේසූරිය මහත්තයගේ කුඹුරක කොටුවක් දැම්මා. එ්කෙනුත් ගොඩක් අස්වැන්න ගත්තා. එ් කොටුව නිසා මම ගොඩක් ප‍්‍රසිද්ධ වුණා. දැන් එ් කොටුව කරන්නෙ ඇහැලියගොඩ කේ.පී. වෙළෙ`දසලේ අධිපති මහත්තයගේ ඉඩමේ. දැනට අක්කර 4 ක විතර මම මේ භෝග වවලා තියෙනවා. වැඩට සහායට කම්කරුවෝ හිටියට මේ හැම පැළයක්ම හිටවන්නෙ මගෙ අතින්මයි. මම එක කොණකින් ඉඳ ගත්තම පස්සෙන් ඇද්දි ඇද්දි මුළු කොටුව වටේම යනවා. මට මේ දැන් කාර්යය කරද්දි කකුලේ අඩුව දැනෙන්නෙ නෑ.
 
 
p25 1මම දිවා රෑ නොබලා මේ කොටුවේ වැඩ කරනවා. මට මේ පුංචි පැළ ලොකු වෙලා භෝගවලින් ඵල දරනවා දකින්න පුදුම ආසාවක් තියෙන්නේ. එ් නිසාම හැම පැළයක් ළ`ගටම දවස ගාණෙ යනවා. මේ අක්කර 4 1/2 තුළ පැළ 4000 කට වඩා තියෙනවා. මේ හැම පැළයක් ගැනම මම දරුවො වගේ බලලයි ලොකු කරන්නෙ. දැනට මේ කොටුවේ වැටකොළු, වම්බටු, පතෝල, මාළු මිරිස්, බණ්ඩක්කා, පිපිඤ්ඤා, බෝංචි, මෑ කරල්, මිරිස්, තුඹ කරවිල, තක්කාලි, ගෝවා ඇතුළු වර්ග 30 ක් පමණ හිටවලා තියෙනවා. මීට අමතරව කැරට්, ලීක්ස්, බීට් වගේ දේවල් උනත් මට මේ පසෙන් අස්වැන්න ගන්න පුළුවන්. බෑ කියලා කෙනෙක් කිව්වොත් මම වගා කරලා පෙන්නනවා. අර ප‍්‍රදේශයට, මේ ප‍්‍රදේශයට කියලා වෙනසක් නෑ. ඕන භෝගයක් ඕන තැනක වගා කරන්න පුළුවන්. ඵලදාව ගන්නත් පුළුවන්. වැඬේ තියෙන්නෙ මිනිස්සු හිටවන්නේ නැති එක. දැනට මේ පාර මම මේ කොටුවෙන් එළවළු කිලෝ 25000 ක් විතර කඩලා තියෙනවා. එ්වා සේරම සෞඛ්‍ය සම්පන්න, වස විසවලින් තොරව තමයි හදලා තියෙන්නේ.
 
 ආබාධිතයෙක් හැටියට මම මේ විදිහට වගාවෙන් දියුණු වෙන්න කොපමණ සාර්ථක වෙන්න හැදුවත් මට අත්වැලක් වෙන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. ප‍්‍රදේශයේ සමහර ගොවියන්ට හදබිම අධිකාරියෙන් ගොවි උපකරණ වගේ දේවල් ආධාර කරලා තිබුණට මට කිසිම ආධාරයක් ලැබුණේ නෑ. මොනවහරි ආයතනයක් ඉදිරිපත් වෙලා මට ගොවි උපකරණ ටිකක් ආධාර වශයෙන් ලබා දුන්නොත් තවත් සාර්ථකව මෙම අස්වනු ලබා ගන්න පුළුවන්. එහෙම වුණොත් මට දැනෙයි ආපහු කකුලක් ලැබුණා වගේ හැඟීමක්. හිටපු ආණ්ඩුකාරවරයෙක් වුුණු මාර්ෂල් පෙරේරා මහත්තයා මාව පුහුණු වැඩසටහනකට යැව්වා. ඊට පස්සෙ කිසිම කෙනෙක් මගේ දිහා බැලූවෙ නෑ. මම මේක උනත් කිව්වේ ඔබතුමාලා මේ ගැන අහපු නිසයි. මොනව ලැබුණත්, නැතත් මම මගේ ශක්තිය තියෙනකල් මේ වගා කටයුතු කරනවා. පසුගිය දවසක ඇහැලියගොඩ තිබුණු දේශීය අලෙවි ප‍්‍රදර්ශන හලක් විවෘත කිරීමේ අවස්ථාවකදී වර්තමාන ආණ්ඩුකාරතුමා වන ටිකිරි කොබ්බෑකඩුව මහත්තයා මට එන්න කියලා තිබුණා. එතුමා මා ඉදිරිපිටදීම ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම්තුමාට කථා කරලා රජයේ ඉඩම් තියෙනව නම් සොයා බලලා වගා කරන්න මට ලබා දෙන්න කියලා ප‍්‍රකාශ කළා.
 
 
p25 2මේ කොටුව අයිති ඉඩමේ මහත්තයා මගේ ආබාධය ගැනවත් නොහිත මා කෙරෙහි විශ්වාස කරලා මේ කොටුවට ලක්ෂ විසි පහක් විතර දැනට වියදම් කළා. මේ කොරෝනා අර්බුදය නිසා නිසි ආදායමක් ගන්න නොහැකි වුණත් මම මේ වගාව අක්කර 30 ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මහත්තයා මා කෙරෙහි තියපු විශ්වාසය මම රැකලා හො`ද ආදායමක් ලබා ගන්න තැනට මේ වගාව දියුණු කරන්නයි මගේ බලාපොරොත්තුව. එළවළුවලට අමතරව දූරියන්, කෙසෙල්, ගස්ලබු, රඹුටන්, අඹ වගේ පලතුරු ද ඉදිරියේදී වගා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ කොටුව බලන්න විවිධ ප‍්‍රදේශවලින් පිරිස් එනවා. මම කැමතියි පාසල් දරුවන්ට වුණත් මේ වගාව පෙන්වන්න. මගේ දැනුම එ් දරුවන්ට බෙදලා දෙන්නත් මම ආසයි. මම ආරාධනා කරනවා ප‍්‍රදේශයේ තියෙන පාසල්වල ඇහැලියගොඩ ජාතික පාසල, ධර්මපාල විදුහල, උඩුමත්ත, ඉද්දමල්ගොඩ, ඇරෑපොල ආදී විදුහල්වල ගුරු භවතුන්ට ඔවුන්ගේ පාසල්වල දරුවන්ට මේ වගාවන් කරන විදිහ, ඵල දරා තිබෙන විදිහ, බිම් සකසා ගන්නා විදිහ, තවාන් දාන විදිහ වගේම භෝග නෙලන විදිහ මේ හැම දේ ගැනම අවබෝධයක් දරුවන්ට දෙන්න. මේ ගොවි බිම්වලට දරුවො ගෙනහල්ලා පෙන්නන්න කියලා.
 
 කෘෂිකාර්මික රාජ්‍යයක් වන අප ලංකාවේ දහස් සංඛ්‍යාත තරුණ පිරිස් නොයෙක් ප‍්‍රදේශවල රැුකියා වියුක්තියෙන් පෙළෙනවා. ආර්ථික ප‍්‍රශ්නවලින් පෙළෙනවා. කාගෙවත් පසුපස නොයා දහඩිය මහන්සියෙන් මේ වගේ භෝග වගාවකට අත ගහලා සාර්ථක ගොවි මහතෙක් වෙන්න අද ලංකාවේ ඕනෑම තරුණයෙකුට පුළුවන්. මම රණවිරුවෙක් විදිහට සමාජයට කියන්නෙ කාටවත් අත නොපා ජීවත් වෙන්න ගොවිකම හො`ද පිටිවහලක් වෙනවා. එ් හින්දා  ගොවිකම ඇ`ගට ගන්න කියලා. අපි හැමෝටම අක්කර ගණන් නොවැව්වට ගෙදර වත්තේ එදිනෙදා පරිභෝජනයට ගන්න පුළුවන් විදිහට මිරිස් ගහක්, බටු පැළයක් වගා කරලා පුංචි තැනින් පටන් අරගෙන ගොවිකමට ඇල්ම ඇති කරගන්න කියලා.
 
 මෙහෙම විස්තර කරපු උපාලි වීරසිංහගේ කථාව ඇතුලේ තවත් ලොකු කථාවක් ලියවිලා තිබුණා. බැලූ බැල්මට ආබාධිත රණවිරුවකු විදිහට පෙනුනත් මේ ආබාධිත තරුණයා පිටුපස තිබෙන සවිමත් අඩිතාලම ජාතියකට ආදර්ශයක් කියා පානවා.
 
 උපාලි කියන විදිහට ඔහුගේ ආදරණීය බිරි`ද වන පී.එ්. අමාලි චාන්දනී මේ වන විට කො`දු ඇටපෙළේ ආබාධයකින් පෙළෙනවා. ඇය වෙනුවෙන් ඔහු ලක්ෂ ගණනින් වියදම් කොට බෙහෙත් හේත් කළත් තාම සුව කරගන්න නොහැකිව ඉතා අසරණවයි පසුවෙන්නේ. සිය දියණියන් තුන් දෙනාද අධ්‍යාපනය හැදෑරීම ස`දහා ද යනු ලබනුයේ පාසල් තුනකට වීම ද උපාලි මුහුණ පාන තවත්
 
 ගැටලූවක්. ඇහැලියගොඩ ජාතික පාසල, ඇහැලියගොඩ ධර්මපාල විදුහල, උඩුමත්ත මිහි`දු විදුහල කියන විදුහල් තුනට තම දියණියන් යෑම නිසා උපාලිට ඔවුන්ගේ ගමන් පහසුව පිළිබ`දව ද දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදු වී ඇත. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ 8/9 ක් ලෙස විශිෂ්ට ලෙස සමත් වීමට ද සිය වැඩිමල් දියණියට හැකි වී ඇත. මෙවන් අසීරුතා මැද වුවද ප‍්‍රදේශයේ ඕනෑම ප‍්‍රමාණයක ඉඩමක වුවත් සාර්ථක ගොවිපොළක් කරගෙන යෑමට තමන්ට හැකි බව තමයි උපාලි පවසන්නේ.
 
 මා මව්බිමට ණය නැති ලෙස සටන් වැදී
 රුපු ත‍්‍රස්තයන් එළවන්නට රුහිරය දී
 අද අසරණව සිටියත් අත පය දන් දී
 සිත එඩිතරයි අද මම ගොවියෙක් ව හිදී
 
 ඇහැලියගොඩ- අනුර ජයසේන
 ඡායාරූප :- චතුරා පුංචිහේවා


 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles