Divaina - මහා පාතාලයට අලූත් පාරක් හදන් එන සිඟිති පාතාලය... සමාජ විමර්ශන

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p23 1 සමාජ මාධ්‍ය ජාලා හරහා කුඩා දරුවන් යොදාගෙන ඔවුන්ව විවිධ අපරාධවලට පොළඹවනවුන් පිළිබඳව විමර්ශනය කර ඒ අයව අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව ඉතා ඉක්මණින් නීතිය ක‍්‍රියාත්මක කරන බවත් එවැනි අයට උපරිම වශයෙන් වසර දහයක සිරදඬුවම් කාලයක් ලබා දිය හැකි බවත් අපි කවුරුත් කැමති විශේෂයෙන් තම වාග් ශෛලයෙන් තරුණ කාන්තවන් බහුතරයක් දෙනාගේ හදවත් මුසපත් කරන අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය තුළින් ජනතාව අමතා මෙයට සති හතරකට පමණ පෙර කියූ කතාව ඔබට මතක ඇතැයි සිතමි.
 
 
ඔහුට මෙසේ කීමට පාදක වුණු ප‍්‍රධාන වුණ නිමිත්ත වූයේ පොල් කරූ නැමැති ව්‍යාජ නමකින් මුහුණු පොතේ ෆේක් ගිණුමක් හදාගෙන සිටි අයකු විසින් මෙහෙයවූවා යැයි කියූ කියන සිඟිති පාතාලයක් ගැන පසුගිය දවස්වල සමාජ මධ්‍යජාලා තුළින් සහ රූපවාහානී නාළිකාවල ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයන් තුළින් ප‍්‍රසිද්ධ වීම නිසා සමාජය අතරින් පැන නැඟුණ විරෝධතාවය විය යුතුය.
 
 
කරූ සහ ඔහුගේ සිඟිති පාතාලයටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ ප‍්‍රකාශයටත් කුමක් වුණි ද පොල් කරූ නීතියට අසුවුණා ද යූ ටියුබ් එකේ මන්නා ඩාන්ස් රැුඟූ ලාබාල සහන්ලා ඇතුළු කොළු නඩය පරිවාසයට පත්කළා ද යන්නත් අප නොදන්නා අතර මෙකී සිඟිති පාතාලය හෙවත් බාල වයස්කාර විවිධ අපරාධවලට සම්බන්ධ (Juvenile Crime) කුඩා දරුවන් අදත් එදත් අප රටේ සහ ලෝකය මුළුල්ලෙත් සිටි බවත් තාමත් සිටින බවත් අපි අද මේ පිටුව තුළින් කියන්නට යමු.
 
 
සිඟිති පාතාලය මෙන්ම පාතාලය :(under world) යන වචනයටත් මා එතරම් කැමැත්තක් නැත. නමුත් මාරියෝ ෆූසෝගේ ගෝඞ් ෆාදර් කෘතිය නිසා ලොව වැඩිදෙනාගේ අවධානයට මෙම අන්ඩර් වර්ල්ඞ් යන යෙදුම පැමිණීමෙන් එය ලොව පුරා ප‍්‍රචාරය වීම නිසාත් මෙයට සමාන වෙන වදනක් දැනට මගේ ශබ්දකෝෂයේ නැති නිසාත් අකමැත්තෙන් හෝ පාතාලය යන වචනය පාවිච්චි කරන්නට සිදුවෙයි. අවර සමාජය සහ පාතාල ලෝකය යැයි කියනා උප සංස්කෘතිය ගැන අතැඹුලක් සේ දන්නා එයට විරුද්ධ කාලයක් තිස්සේ ඍජුවම සටන් වදින අප හිතවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා මේ පාතාලය ගැන කියන්නට අපට හඳුන්වා දුන් යෙදුම සංවිධානාත්මක අපරාධ කල්ලි යන්නයි. මෙවන් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට විරුද්ධව අඛණ්ඩව කටයුතු කරන ඔහුවත් බෝධි ලියනගේ, දෙල්ගොඩ කොටකදෙණිය දේශබන්දු තෙන්නකෝන්, රංගජීව සහ තවත් එවැනි නිලධාරීන්වත් සිහි කරමින් පාතාලය මඬින්නට ඔවුන් කළ සේවාවන් අගය කරමින් මෙම ලිපිය ලියමි.
 
 
මහා ප‍්‍රඥාවන්තයෙක් තම දැනුම සෙවීම පටන්  ගන්නේ සිඟිති පෙර පාසලිනි. මහවැලි කැලණි වැනි විශාල ගංගාවන් ආරම්භ වන්නේ සමනොල  ගිරෙහි ඇති කුඩා දිය උල්පතකිනි. එමෙන්ම කපන කොටන වෙඩි හුවමාරු කරගන්නා කුලියට මිනී මරන, කප්පම් ගන්න, කුඩු ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක අපරාධ හෙවත් පාතාල කල්ලි බහුතරයක් බිහිව ඇත්තේ මේ සිඟිති හෙවත් ළමා කාලයේ ම ලබා ගන්නා විෂම අවර පීඩාකාරී, ප‍්‍රචණ්ඩ අත්දැකීම් අනුසාරයෙනි.
 
 
80 දශකයේ කොළඹට තදාසන්න ජනප‍්‍රිය පාසල් කීපයක සිසු සිසුවියන්ගෙන් සෑදුම්ලද සිඟිති පාතාලය වූයේ 48 කල්ලිය හෙවත් ගැංන්ග් ෆෝර්ටි එයිට් සංවිධානයයි. ( Gang 48) එහි නගරයේ ජනප‍්‍රිය සුපිරි විද්‍යාල 12 ක සිසුන් 45 ක් සහ කොළඹ ඉහළ පෙලේ බාලිකා විද්‍යාලයක සිසුවියන් තිදෙනකු සාමාජිකත්වය දැරීය. එම ගැන්සියේ උපරිම සාමාජිකත්වය හතළිස් අට දෙනකුට සීමා වී තිබුණි. එහි මෙම්බර් කෙනෙකු වීමට නම් අට ශ්‍රේණියෙන් ඔබ්බට ගිය අයකු වීමත් ස්කූල් කට් කිරීම හෙවත් පාසලින් කට්ටි පැන තිබීම, සිගරැුට් බීම සහ ඒවායේ දුම පපුවට ඇද නාසයෙන් දුම් වළලූ පිට කිරීමටත් හැකියාව අනිවාර්යයෙන් තිබිය යුතුය. ගැහැනු ළමුන්ට මෙය අදාළ නොවීය. ඔවුන් සිටියේ පණිවුඩ එහෙ මෙහෙ රැුගෙන යෑමටත් ලස්සන අත් අකුරින් ලියුම් ලිවීමටත් අවශ්‍ය වූ විට මුදල් සපයා දීමටත්ය. මාත් මා මිතුරු මුතාලිෆ් සහ ගාල්ලගේ දහවැනි ශ්‍රේණියේදී බොරැල්ල කැම්බල් පිටියේදී ඉතා රහසිතගව එහි සාමාජිකත්වය ලබා ගත් අතර අපට ලැබුණ වගකීම වූයේ ඔත්තු බැලීම සහ තොරතුරු සැපයීමයි. අප තිදෙනාව එයට යොමු කළේ එනම් රැුගෙන ගියේ අප මරදානේ ඔලොම්පියා ( ඔලිම්පියා) සිනමා ශාලාවේ බෲස් ලීගේ කරාතේ ෂෝ එකක් බලන්න ගිය අවස්ථාවේ අපට අහම්බෙන් සෙට් වුණ පතනේ ”මනා’’ නැමැති මිතුරා ය. එවකට එහි නායකත්වය දැරුවේ කොළඹ දහයේ පිරිමි පාසලක සමන් නැමැති උසස්පෙළ අයියා කෙනෙකි. දෙවැනියා ලොයිඞ් ය. පබ් එක හෙවත් කොළඹ මහජන පුස්තකාලයට පොත් කියවන්නට පාඩම් කරන්නට යන එන එහි කැන්ටිමෙන් වඬේ කා ප්ලේන්ටි බොන කැන්ටිම පිටුපස වැසිකිළි අයිනේ ඇති කම්බි වැටෙන් රිංගා විහාරමහාදේවි පාර්ක් එකට පැන එහි තනා තිබූ විශාල සිමෙන්ති ඉබ්බාගේ පිටේ වාඩිවී දුමක් ඉරූ කොල්ලෙක් ඇත්නම් ඔහු මේ ලොයිඞ් ගැන නොදැන සිටින්නට නොහැක. අප මුලින්ම ගිය දවසේ සිටි හයිෆයි කොන්වන්ට් අක්කලා නිතර නිතර
 
 
රැුස්වීම්වලට ආවේ නැත. ඔවුන් කළේ ගැන්සියේ සිටි තම පෙම්වතුන් හරහා මුදල් එවීම සහ ලියන කියන කටයුතු කිරීමයි.
 
 
මා සාමාන්‍ය පෙළ සමත්වී කෙලිදෙලෙන් සිටින කල ඒ පාසලින් ලද කම්පල්සරි ටාන්සර් එකක් නොහොත් නිත්‍ය නියෝගයක් නිසා උසස් පෙළ කිරීමට වෙනත් පාසලකට යෑමට සිදුවුණ අතර එම නව පාසලේදී මට 48 ගැංන්ග් එකේ සාමාජිකයන් කීපදෙනෙක්ම ඉන්නවා දැකීම බයක් මෙන්ම දරාගත නොහැකි සතුටක් ද විය. නමුත් එම සාමාජිකයන් වූ ෆයිලට්, තිස්ස, අරුණ සහ නලින්ද යන අයව මා නොදැක්කා සේ සිටි අතර දින කීපයක් ඔවුන්ගේ ඇසින් සැඟවී සිටීමට ද කටයුතු කළෙමි. පසුව ඇතිවූ යම් සිදුවීමකදී අප මුහුණට මුහුණ හමුවූ අතර මා ඔවුන්ට මගේ ගැන කී පසු ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ ”චිකන්’’ නොවන ලෙසයි. චිකන් යනු ඇමෙරිකන් ළමා නොහොත් නව යොවුන් පාතාල කල්ලිවන ඊගල්ස්, බිශප්ස්, කිඞ්ස්, මවුමව්ස්, සේටන්ස් සහ බ්‍රේව් බෝයිස් වැනි ගැංසි අතර සිටින පාවා දෙන කොල්ලන් හඳුන්වන කේත නාමය යි. ඔවුන්
 
 
ව්‍යාංගාර්ථයෙන් මට චිකන් නොවී හිටපං කියා කීවේ අපේ රහස් සංවිධානය ගැන මේ පාසලේ අයට කිසිවක් කියන්න එපා කියායි. මන්ද මෙම ගැන්සිය ගැන එකල රාවයක් සියලූ විදුහල්පතිවරුන්ටත්් අධ්‍යාපන අමාත්‍යාංශවලටත් ඉව වැටි තිබුණ නිසාය. එමෙන්ම එම පාසලේ පිපෙට්ලා හෙවත් ශිෂ්‍යනායකයන්ව සිටි චන්දිම, ප‍්‍රසන්න ගුණසේන සහ ජගත් වීරකෝන් වැනි අයියලාගේ මීටරේට අපව අහුවුණොත් බඩුම තමා කියා දන්නා නිසාය.
 
 
හතළිස් අටේ කල්ලිය නිසා අනික් සහෝදර පාසල්වල සිසුන් අන්දුන් කුන්දුන්ව ගුල්පිට්ව සිටි අතර අප කල්ලියේ ප‍්‍රධාන කාර්යභාරය වූයේ අසාධාරණයට විරුද්ධව සටන් කිරීමයි. කුරිරු ලෙස සිසුවන්ට පහර දෙන සර්ලාට මිස්ලාට පනිශ්මන්ට් දීම මහමඟදී ඔවුන්ගේ උපැස් යුවළ ගලවාගෙන යෑම, ඔවුන්ගේ රති රහස් සොයාගෙන කප්පම් ගැනීම, අහිංසක කෙල්ලන්ට කැත විදියට බූට් තියන අනාත කරන කොල්ලන්ව ප‍්‍රසිද්ධ බස් නැවතුමක අත් පටලා කන් දෙක අල්ලාගෙන දණ ගැස්සවීම, චණ්ඩි පාට් දමන ස්කූල් බස්වල මැර කොල්ලන් බස් රථය නවත්වා බිමට බස්සවා ගැනීම, බිග් මැච් කාලයට බස් එකේ දාගෙන යන කොඩි උදුරා ගැනීම. පාසල් ක‍්‍රිකට් මැච්වලට ගොස් තම හිතවත් කණ්ඩායම් වෙනුවෙන් චියර් කිරීම, එහිදී ඇතිවන වලි කසිලි බිසිලි සන්සුන්කර අපේ කණ්ඩායම බේරා ගැනීම වැනි දේවල්ය. නමුත් සංවිධාන ව්‍යවස්ථාවේ මෙවැනි දේ තිබුණත් අප වැඩිපුරම කළේ කෝච්චියේ ටිකට් නැතිව හොරෙන් වැල්ලවත්ත හෝ ගල්කිස්ස මුහුදු වෙරළට ගොස් දිය නෑම, රූබි ඔලිම්පියා ඇම්පයර් ලිඩෝ රිට්ස් වැනි හෝල්වලට ගොස් ගැලරියේ දහයයි තිහ මැටිනි ෂෝ බැලීම, විහාරමහාදේවි පාර්ක් එකේ අයිනක කැඞී ගාල් කර දමා තිබූ පැරණි පුංචි කෝච්චි පෙට්ටිවල නිසාම් එක ඉරීම ඉන්පසු එහි තිබූ ටී‍්‍ර හවුස් හෙවත් ගසක් උඩ තනා තිබූ කුඩා ලෑලි ගෙයි වැතිරී නිදා ගැනීම වැනි සිල්ලර දේවල්ය.
 
 
මේ කල්ලියේ සාමාජිකයන් බහුතරයක් දෙනා තම සිරුරේ බාහිර සමාජයේ අයට නොපෙනෙන රහස් තැනක G-48 මැයෙන් කුඩා පච්චයක් කොටාගෙන තිබුණි. පසු කාලයකදී උණු උණු ආප්ප මදයක් ඒ මත තබා එම පච්චය ඔවුන් මකා ගත්තේ කවදා හෝ දවසක තම රහස් එළිවෙයි යන බයටය.
 
 
අප එම සංවිධානයට සම්බන්ධවී මාස කීපයකින් මා ඇතුළු ෆයිලට්, තිස්ස, නලින්ද සහ අරුණ ඉන් ඉවත්ව යළි අධ්‍යාපන කටයුතුවලට සිත් යොමු කළ අතර උසස් පෙළ ළඟා වීම නිසා අපට සංවිධානයේ වැඩ අමතකව ගොස් තිබුණි. පසුව දැනගන්නට ලැබුණ දේ වූයේ එහි සාමාජිකයන් බහුතරයක් තහනම් බිම්ගත දේශපාලන කණ්ඩායමකට සම්බන්ධව කටයුතු කරන්නට ගොස් පොලිසියට අසුවුණ බවත් තවත් අය විවිධ කටයුතු නිසා පාසල්වලින් නෙරපා හැරිය බවත්ය. කෙසේ වෙතත් අප ඉවත්ව ඉතා ඉක්මණින් මෙම ගැන්සියද දියාරුව දියවී ගිය අතර මහා විනාශයකට අහු වෙන්න ගිය පාසල් සිසුන් රැුසකගේ ජීවිත ඒ නිසා ආරක්‍ෂා වුණි. ඊටත් පසුව මට දැනගන්නට ලැබුණේ මෙම සංවිධානය පසුපස එක්තරා විශ‍්‍රාමික දේශපාලූවකුගේ මැර හෙංචයියකු සිටි බවත් ඔහු මේ කල්ලියේ නායකයන්ව හොර රහසේ මෙහෙයවූ බවත්ය. (ගැංන්ග් ෆෝර්ටි එයිට් ගැන ලිව්වා වැඩි දැයි සිතේ.)
 
 
අද සමාජ මාධ්‍ය ජාලා අතර පමණක් නොව, සාමාන්‍ය සමාජයේ විවිධ සංස්කෘතින් සහ ජන සමූහයා අතර ද මෙවැනි ළමා අපරාධ කල්ලි විවිධාකාරයෙන් ක‍්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන හෙවත් ඉන්ටර්නැෂනල් ස්කූූල් යැයි කියන පාසල් ආශ‍්‍රීතවත් නගරයේ වෙනත් සුපිරි විදුහල්වලත් සිඟිති පාතාල සංස්කෘතීන් බිහිවෙමින් පවතී.
 
 
තමන්ට පාට් දාන කොල්ලන්ට පහර දීමට හෝ බය වැද්දීමට කුඩා මයික්‍රෝ වර්ගයේ ස්වයංක‍්‍රීය පිස්තෝල (උණ්ඩ රහිත*, රම්බෝ වර්ගයේ පිහි, නකල් ඩස්ටර්, කිණිසි, බයිසිකල් චේන්, ෆ්ලයිං ස්ටාර්ස්, ගූස් බෝල්ස්, දුම් බෝම්බ වැනි ආයුධ රැුගෙන පාසල් ආ සහ එන නව යොවුන් සිසුන් ගැන අපට කරුණු වාර්තා වී තිබේ. මතට යොමු වූ හෝ ඒ බවට සැක කරන යොවුන් දරුවන් මගේ මනෝ උපදේශන සැසිවලට සහභාගී වෙද්දී සාක්‍ෂි සහිතව මෙවැනි සිදුවීම් මට දැනගන්නට ලැබේ. සමහර ළමුන් කියන සමහර දේ අපට ඇසෙද්දී ඒවා විශ්වාස කිරීමට පවා අසීරුය. අපුල ය. හත වසරේ සිසුවියක් සමඟ එක්වර ලිංගිකව හැසිරෙන එම ජාත්‍යන්තර පාසලේම සිසුන් තුන් දෙනෙක්ගෙන් එකෙක් මට හමුවිය. ඔහු අටවැනි වසරේ ඉගෙන ගන්නා අතර සතියකට වරක් මනෝ භ‍්‍රාන්තික පන්තියේ උත්තේජක පාටි ඩ‍්‍රග්ස් වර්ගයක් ඔවුන් පරිහරණය කරයි. අර කී දැරිවිය ද ඔවුන් සමඟ එකතු වන අතර පාඩම් කරන්නට කියා රාත‍්‍රියේ නිවසින් එළියට යන ඔවුන් රාත‍්‍රී සමාජශාලාවල සහ කැරෝකේවල මැදියම පසුකොට ඉන්පසුව යන්නේ කොල්ලූපිටියේ පිහිටි සුපිරි නිවාස සංකිර්ණයකටය. එහිදී පසුදාට පහන් වන තුරුත් දහවල් වෙද්දී මත් ගතිය පහවන තුරුත් මේ පහේ කල්ලිය කරන්නේ කණ්ඩායම් ඕජීස් හෙවත් කණ්ඩායම් කම් සැප සෙල්ලමයි. An orgy is a se. party consisting of at least five membes where they freely engage in open and unrestrained se.ual activity or group se..
 
 
එමෙන්ම එක්තරා උසස් යැයි පැවසෙන පාසලක පන්ති භාර ගුරුවරියක් තමාගේ ගෙදරට ලිපියක් යවා තම වැරදි ගැන තම මවට කරුණු වාර්තා කළ නිසා කෝපවූ නවය වසරේ සිසුවෙක් සිය සගයන් දෙදෙනෙකු ද එකතුව ඇයට (ආෆ්ටර් ස්කූල්) අමතර පන්තියකදී ඇයට නොදැනෙන්නට ඇගේ ෆ්ලාස්ක් එකේ තිබූ තේ වතුරවලට නිදිපෙති කළවම් කොට ඇයට පොවා අඩ නිරුවත්කර පින්තූර ගෙන අනික් ළමයින් අතර සංසරණය කළ කතාවක්ද මම දනිමි.
 
 
අප විමර්ශනය කළ කරුණු අනුව මෙවැනි දරුවන් බහුතරයක් මේ අවර දේවල් කරන්නේ ඔවුන්ට දෙමාපිය සැලකිල්ල සහ අවධානය නිසි ලෙස නොලැබෙන නිසාය. ගැංන්ග් 48 කල්ලියේ දරුවන්ට ද වූයේ මෙයම බව මට දැන් සිතේ. ටියුෂන් සඳහා ඇති තරම් මුදල් ක‍්‍රීඩා පුහුණු සඳහා නිදහස, අවශ්‍ය වෙනත් පහසුකම්, නවීන තාක්‍ෂණික උපකරණ යාන වාහන ඇති තරම් ලබා දුන්නද දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබිය යුතු ප‍්‍රමුඛ ආදරය, සෙනෙහස පවුල් බැඳියාව අවධානය සහ මඟපෙන්වීම නැත්නම් දරුවා නිරායාසයෙන්ම අවර වැඩවලට යොමු වීමේ ප‍්‍රවණතාවය වැඩිය.
 
තරුණ ගණිත ගුරුවරයෙකු නිවසට ගෙන්වාගෙන වරදට පොළඹවාගෙන ඔහුට හොරෙන් සමහර ක‍්‍රියා තම ජංගම දුරකථන කැමරාවෙන් පටිගතකොට ඒවා විදුහල්පතිට සහ තම දෙමාපියන්ට පෙන්වනවා යැයි කියා බය කොට කප්පම් ගන්න යන්තම් සොළොස් විය ඉක්මවූ නව යොවුන් මානවිකාවන් හතර දෙනෙක් ගැන මා දනී. ඉන් එකියක් දුම්පානයටත්, මත්පැන් පානයටත් රුචියක් දක්වන බව පවසා ඇගේ මිත්තණිය විසින් මා වෙත යොමු කළ අතර ඇය මට ඒ කතාව පවසා සිටියේ මහා වීර ක‍්‍රියාවක් ලෙසිනි.
 
 
මා මේ කතා කරන්නේ අප රටේ දැනටත් පවතින සිඟිති හෙවත් ළමා පාතාලය ගැනයි. ජේනිපොපති කියන සංවිධානාත්මක ළමා අපරාධ කල්ලි ගැනයි.
 
ධනවත් ඉහළ යැයි සම්මත සමාජයේ හෝ එම සංස්කෘතියේ පමණක් නොව, අඩු ආදායම් ලබන මුඩුක්කු ජණාකීර්ණ වතු පහළ බිම් මට්ටමේ මහල් නිවාස සංකීර්ණ පද්ධතිවල, කම්කරු නිවාසවල ද මෙවැනි ළමා අපරාධ කටයුතු හොර රහසේ සිදුවෙයි. නීතියෙන් නිසි සරණක් නැති නිසාත් කල්ලි සමඟ ගැටෙන්නට ඇති අකමැත්ත සහ බය නිසාත් මෙම ගැටලූ ඉබේම යට යයි.
 
 
අප ඉහත කී බිම් මට්ටමේ පරිසර සංස්කෘතීන් තුළ කුඩා දරුවන් ගංජා, අයිස්, පිල්ස්, ඇපල්, බම්පිං වැනි මත්ද්‍රව්‍ය භාවිත කිරීම, ඒවා අලෙවි කිරීම, ප‍්‍රවාහනය, ප‍්‍රචාරණය වැනි දේ සරලය, සාමාන්‍යය. එමෙන්ම නව යොවුන් තරුණයන් විසින් කුඩා දැරිවියන් දූෂණය කිරීම අපහරණයට ලක් කිරීම ආදී කටයුතු ද නොවෙනවා නොවේ. ගංජා මතින් සිටි ලාබාල කොලූ කුරුට්ටන් තිදෙනකු වයස අවුරුදු හයක දැරියක් බලහත්කාරයෙන් අල්ලා කෙළෙසා දූෂණයකොට සිහි නැති වූ කල අසලින් ගලා යන කිරුළපන කුණු ඇළට විසිකර මරා දැමූ පුවත අප වැඩි දෙනකුට අමතක නැත. එම දැරිවියගේ මළගෙදරට යෑමටත් එකී දුක්ඛිත කතාව සිය කනින් අසන්නටත් තරම් මා පවුකර තිබුණි.
 
 
වහා මර්දනයකොට මැඬලිය යුතු සැබෑ සිඟිති පාතාලය මෙයයි.
 
 
අප කුඩා කාලයේ හෝ ඊටත් පෙර මඩොල්දූව, පාරදිගේ, මගේ බාල කාලේ වැනි කෘතීන්වලින් අප අසා ඇති පරිදි ගෙදරට පවුලට පාසලට ගමට හානි කරන අකීකරු දඩබ්බර මාර පුත‍්‍රයන් වැනි ළමයි හරිමඟට ගනු පිණිස යවනු ලැබුවේ මග්ගොන කියන නගරයේ ඇති යම් තැනකටයි. මෙය කතෝලික පල්ලිය විසින් ආරම්භ කළ වෘත්තීය පුහුණු පාසලකි. දැඩි විනයක් සහ හික්මවීමක් මෙන්ම දඬුවම් පවා ඇති මෙම ස්ථානයේ නම ඇහෙන විට පවා එකල කොල්ලන් බියට පත්ව ඇත. පසුව බිහිවූයේ බාල සහ තරුණ අපරාධකරුවන් රඳවන බෝස්ටල් හෙවත් වැඩ කඳවුරුය. එහි ගිය විට ඉංග‍්‍රීසි අකුරක් මුලට යෙදු නොම්බරයක් ලැබේ. බිම් කොටන්නට, හරක් බලන්නට, වැව් කපන්නට, දර පලන්නට, වැනි බර වැඩ කරන්නට සිදුවේ. එක් වරදක් කර එහි යන යෟවනයා තවත් විවිධ වැරදි කළ අය හමු වූ විට තවත් වැරදි ඉගෙන ගනී. සමාජය ගැන පවුල
 
 
ගැන වෛරයක් තරහාවක් ඇතිව එහි අකමැත්තෙන් සිටින ළමයා යම් දිනයක එළියට ආවිට මුළු සමාජයෙන්ම පලි ගනී. රටට ලෝකයට පිලීලයක් බවට පත්වෙයි. ළමා අපරාධකරුවා රටේ නමගිය අපරාධකරුවකු බව පත්වන්නේ නිරායාසයෙනි.
 
 
නම නොකියා ටී - විසි පහ, වයි-හැට අට, ඩබ්ලිව්- අසූව වැනි අකුරුවලින් තාමත් අමතන දරුණු අපරාධකරුවන් අනන්තවත් මට වැලිකඩ මහර බෝගම්බර සිරගෙවල් වලදීත් පාතාල ලෝකය යැයි කියන අවර සමාජය තුළත් හමු වෙයි. බොහෝ අය ඔවුන්ගේ නියම නම දන්නේ නැත. නිතර නිතර සිරගත වන එළියට වඩා වැඩිපුර ඇතුළේම ළඟින ඔවුන්ගේ සදාතනික අනන්‍යතාවය අර බෝස්ටල් කඳවුරෙන් ලැබෙන නොම්මරය යි.
 
 
පසු කාලයකදී මග්ගොන වෙනුවට කතෝලික සභාව දොන් බොස්කෝ නමින් වඩාත් මානුෂික අයුරින් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කළ අතර බාල අපරාධකරුවන් රඳවන බෝස්ටල් කඳවුර වෙනුවට තරුණ වරදකරුවන් විශෝධනය කරන කඳවුරු ලෙස රජය ඒවායේ නම් වෙනස් කරන ලදී. නමුත් තාමත් ඒවාට සමහරු කියන්නේ කොලූ වාට්ටුව කියායි. කොලූ වාට්ටුව කීවාට එහි නේවාසිකව දඬුවම් විඳින්නන් බහුතරයක් කොලූ තාත්තලා ය.
 
 
නඩු අසා තීන්දුව ලැබෙන තුරු තරුණ හා බාල වරදකරුවන් රක්‍ෂිත ගත කරන්නේ පරිවාස කඳවුරු තුළය. අයාලේ යෑම, අවර කටයුතුවල යෙදී අසුවීම, දූෂණයට අපචාරයට ලක් වීම වැනි කරුණු මත චෝදනා ලබන නව යොවුන් බාලිකාවන් ද මෙම පරිවාසවල රඳවනු ලබයි. මේවායේ නේවාසිකව සිටින ළමුන්ගෙන් ද බහුතරයක් කෙල්ලන් නොව කෙලිඅම්මණ්ඩිලා ය. නමුත් එසේ වීමට ඇති එකම වරද ඔවුනගේ යැයි කියා කීමට තරම් මම අමානුෂික හෝ අසාධාරණ නොවෙමි.
 
 
සිඟිති පාතාලයක් හෝ සංවිධානාත්මක අපරාධ ක‍්‍රියාවල නියැළෙන නව යොවුන් වැරදිකරුවන් සමාජයට බිහි වන්නේ ඇයිද කියා සොයා බැලීම ඉතා වැදගත්ය.
 
 
මා ඇසට දැක හදාරා පොත පතින් ඉගෙන ගෙන අත්දැකීමෙන් දන්නා පරිදි මෙය සියයට පනහක් පමණ ප‍්‍රවේණීය ගැටලූවකි. එනම් පරම්පරාවෙන් පරම්පරාවට ජාන සමඟ වෙළී එන ආකල්පමය සහ චින්තනමය ප‍්‍රශ්නයකි. තාත්තා බේබදු චරිතයක් නම් පුතා කුමන හෝ මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වීමේ ප‍්‍රවණතාවය සියයට පනහක් හෝ හැටක් ඇති බව මා නිරීක්‍ෂණය කර ඇත. එසේම පියා හෝ මව ප‍්‍රචණ්ඩකාරීව හැසිරෙන, සමාජ විරෝධී කටයුතුවල නියැළෙන, අවි ආයුධ පරිහරණය කරන මත් ජාවාරම් කරන අය නම් තම දරුවා ද නිරායාසයෙන් එම දේවල්වලට යොමු වෙයි. ඒ නිවසේදී ඔහු දකින අවර වැඩ ඔහුට සරල සාමාන්‍ය නිසාය. පාසලට අවි ආයුධ, පොලූ මුගුරු, මත්පැන්, මත්කුඩු පෙති, රැුගෙන එන්නේ එවැනි පසුබිමකින් පැවතෙන දරුවන්ය.
 
 
පන්ති කාමරයට විස්කි බෝතලයක් රැුගෙන ආ අට වසරේ දැරියක් එය තවත් මිතුරියන් දෙදෙනකු සමඟ හවුලේ පානය කළ ගුරුවරියකට අසුවූ අවස්ථාවක් ඉතා මෑතකදී අපට අසන්නට ලැබුණේ අගනුවර ඉතා ප‍්‍රසිද්ධ බාලිකා විදුහලකිනි. කරුණු සහ සුලමුල සොයා යද්දී අපට දැනගන්නට ලැබුණේ එම දැරියන් වෙසෙන නිවෙස් තුනේම දෙමාපියන් සහ සහෝදරයන් මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන බවයි. එක් දැරියක් වරක් පන්තියට රැුගෙන විත් ඇත්තේ ඇගේ අත්තම්මාගේ විස්කි බෝතලය යි. විදුහල්පතිනියගේ ප‍්‍රඥාගෝචර සහ කාරුණික බව නිසාත් දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම නිසාත් අකාලේ විනාස වෙන්නට ගිය පාසල් ජීවිතය සහ සදාචාරාත්මක චරිතය ඔවුන්ට කෙටි දඬුවම් සහ පරිවාස කාලයකින් පසුව යළි ලැබුණ අතර පාසලේ අනිත් සිසුවියන්ට හුවමාරු වෙන්නට ගිය අවආදර්ශය ඉතාම දක්‍ෂ අයුරින් ඔවුන් අවම කර ගති.
 
 
පාතාලය යැයි කියන සමාජයට සම්බන්ධ පවුල්වල දරුවන් පමණක් නොව, සුපර් මාම්ලාගේ දරුවන්ද සිඟිති පාතාලය වෙත පියමනින්නට ඇති අවස්ථා ඉතා සුලබය. රූපවාහිනි නාළිකාවල රඟන දඟලන අඩ නිරුවත පෙන්වන ඇඹරෙන සුපර් මාම්ලා තම දරුවන් එකී සංදර්ශනවලට තම දරුවන් රැුගෙන යෑමේදී ඉතා ප‍්‍රවේශම් විය යුතුය. මා මෙසේ කියන්නේ එවන් රියැලිටි ෂෝවලට ගොස් අවර අත්දැකීම්වලට ලක්ව තම හැඟීම් සහ සිතුවිලි තුවාල කරගෙන මත් පෙත්තට සහ කාම සැප සෙල්ලමට යොමු වුණ දරුවන් කිප දෙනෙකුම මා වෙත මේ වන විට උපදේශන කටයුතුවලට යොමුකර ඇති නිසාය. මෙවැනි සුපර් මාම් රියැලිටි ෂෝවලට යන අම්මණ්ඩිලා ද අමුතු පන්තියකට අයත් වෙති. වෛද්‍ය, ගුරු, නීති විධායක වැනි ශ්‍රේණිවලට අයත් හෝ එවැනි උසස් යැයි සම්මත වෘත්තියන් වල යෙදෙන අම්මලා හෝ එවන් පුරුෂයන්ගේ භාර්යාවන් නටන දඟලන පෙරලන තම දරුවන් අඹරන රියැලි ෂෝවලට යනවා මා දැක නැත.
 
 
අවසාන වශයෙන් කියන්නට යන්නේ ඔන්ලයින් අධ්‍යාපන රටාවද කුඩා උන්ට එතරම් ඔරොත්තු නොදෙන බවයි. කොරෝනාවට පෙර බොහෝ දෙමාපියන් උත්සාහ කළේ ඉස්කෝලේ වැඩ නොකර කාටුන් බලමින් මාරාන්තික ගේම් ගසමින් කාර් පදවමින් පරිගණකයට, ලැප්ටොප් එකට ටැබ් එකට හෝ ස්මාර්ට් ෆෝන් එකට වහල්ව ඇබ්බැහිව සිටි සිය දරුවා එයින් ගලවා ගෙන මුදා ගන්නටයි. නමුත් මේ කොරෝනා මඟුල නිසා රටේ පාසල් රැුසක ඔන්ලයින් හරහා ලයිව් සූම් ක්ලාස් මීටිං, වට්ස්ඇප් හෝ වයිබර් පන්ති, ස්කයිප් ක්ලාස් ආදිය ආරම්භ වූ නිසා අමතක කර දමන්නට හැදූ තාක්‍ෂණික උපාංග යළි ළමයාට ළං කිරීමට දෙමාපියන්ට අකමැත්තෙන් හෝ සිදුවිය. අට නවය වසර පසුවූ යමක් හිතන්නට හැකි දරුවාට මෙය එතරම්
 
 
ගැටලූවක් නොව අධ්‍යාපනයට උපකාරයක් වුවද යන්තම් කිරි සුවඳ ගිය ලාබාල දරුවාට එතරම් ගුණදායක නැත. දැන් කාලයේ කුඩා දරුවන් ඉතාම ඉක්මණින් ස්මාර්ට් ෆෝන්වල වැඩ කිඩ අල්ලා ගන්නට දක්ෂ බව කාටත් රහසක් නොවේ. ඒ නිසා ඔහු තම මවට හොරෙන් වෙනත් දේ සඳහා පරිගණකය හෝ නව ජංගම දුරකතනය යොදා ගනී. අද දරුවකු අන්තර්ජාලයට අනිසි ලෙස යොමු වීම යනු පාතාලයට මුල් පියවර තැබිමක් ලෙස මම දකිමි. කාමය, රාගය ජුගුප්සාව, ප‍්‍රචණ්ඩත්වය අද අන්තර්ජාලය තුළ ඉතා සුලබය. වැරදි බොත්තමක් එබීම තුළින් දරුවාගේ මුළු ජීවිතයම වැරදි පැත්තට හැරීමේ ඉඩකඩ ඉතා වැඩිය.
 
 
මා මෙසේ කියන්නේ අන්තර්ජාලයෙන් ෆේස්බුක් එකෙන් වැරදි දේ නරඹා වැරදි ආදර්ශ නරක පණිවුඩ ලැබ සිඟිති පාතාලයට සංවිධානාත්මක අපරාධවලට ගිය නව යොවුන් දරුවන් අනන්තවත් අපට හමුවී ඇති නිසාය
 
 
පොල් කරූ ටච් කරන්නට ඇත්තේ මෙවැනි ලයිව් එන දරුවන් විය යුතුය කියා සිහි කරමින් ලිපිය අවසන් කරමි.


මිත‍්‍ර ශ‍්‍රී කරුණානායක

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles