Divaina - රජවෙන්නට ගිය බූරුවා... ආදර්ශය; සිංහයන්ට පාලනයට ඒමට ඇති එකම බාධකය බූරුවන් වැඩිවීමය....

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

තණ බුදිමින් උදය වරුවේම නිදැල්ලේ වනාන්තරයේ සැරිසැරූ තරුණ බූරුවෙකුට මධ්‍යහ්නයේ වූ දැඩි රශ්මියත් සමඟ තරමක තෙහෙට්ටුවක් දැනෙන්නට වුණා. වෙලාවේ හැටියට පොඩි ඇලට් එකක් දැම්මොත් හො`ද යැයි සිතූ බූරුවා බුරුම කුඩයක් සේ අතු විහිදී ගිය ඇට්ටේරියා ගසක් යට පස්සාරෙයාර්වීල් දෙකත් බොඩිය උඩට අරන් උඩු බැල්ලෙන් දිගා වුණා. හිරවෙන්නට ඩයට් එක වැදිලා තිබුණ නිසාත් ගස් අතු පිසගෙන ආ ම`ද සුළෙ`ග් සිසිලසත් නිසා බූරුවාට අමුතුම ආතල් එකක් දැනුනා. ශේහ්.... මේ වගේ වේලාවක පැ`ගිරි බූරු කෙල්ලක් හිටියා නම් මොන සොමියක්ද! ලව් ටෝක් එකක් දාගෙන මුවට මුව ලං කරගෙන කං කං බූරු සිං සිං ඤෝරු කිය කියා පේ‍්‍රමයෙන් මනරංජිත කරගෙන ඉන්නට තිබුණා නොවේදැයි සිතුනා. ඒත් මට කොහෙද එහෙම සැපක් මං හෙනහුරා රජ වෙලා සිකුරා නීච වෙච්ච වේලාවක ඉපදුන නස්පුට් පොරක්! මෙසේ සිතමින් වලිගය කරකවා බොඩියේ පාක් p22 1කර සිටි ෆ්ලයිස්ගෑංග් එකට ඇටෑක් එකක් දුන් බූරු තෙමේ ජීවිතයේ සුන්දරත්වය වි`දින්නට වුණා.
 
 ‘‘හැමදාම මෙහෙම ඉඳලා බැහැ. උපතින්ම බූරුවෙක් වුණත් ජීවිතයේ ගෙනියන්න නම් මොකක් හරි බිස්නස් එකක කර්මාන්තයක එන්ගේජ් වෙන්න ඕනෑ... මං චිත‍්‍ර ශිල්පියෙක් වෙනවා බූරුතෙමේ සිතන්නට වුණා. ෂෙක්! මොන බම්බුවටද චිත‍්‍ර‍්‍ර ශිල්පියෙක් වෙන්නේ කලාකාරයෝ කියන්නේ මුළු ජීවිත කාලෙම බිලී හි`ගන්නෝ... එහෙනං.... දැන් ඉන්න ගායකයින්ට වඩා මට හො`ද වොයිස් එකක් තියෙන හින්දා ගායකයෙක් වෙනවා! එක මියුසිකල් ෂෝ එකකට ගියා නම් බුරි ගැලවෙන ගාණක් කපා ගන්න පුළුවන්... පිස්සුද සිංදු කියන එක ලේසි වැඩක්ද පේන් නැද්ද දැන් ඉන්න ගායක ගායිකාවෝ සිංදු කියන්නේ මිරිකිලා... ඇඹරිලා.... වකුටු වෙලා....

මේක මිටි කර  ගහනවාට වැඩිය අමාරු ජොබ් එකක් අනිත් කාරණාව දැන් ප`දුරකට ගැහුවොත් දෙකයි පනහට ඩෙ`ගා නටන සුපර් ස්ටාර්ස්ලා ඉන්නැද්දි ඒකත් එච්චර ලේසි නෑ! හරි! මීඩියා එකේ පොරක් වෙනවා!... බෑනේ ඒකත් කරන්න දැන් වැඩි හරියක් ඉන්නේ අපේ පරම්පරාවේ පොරවල්! මමත් ඒකට රිංගුවොත් මේ වනාන්තරයේ එවුන් හිතාවි මමත් ඩිනර් එකටයි ඩි‍්‍රන්ක් එකටයි අදින එකෙක් කියලා.... බෑ බෑ මං වගේ කොන්දක් තියෙන හැන්ඩි පොරකට ඒක ගැළපෙන්නේ නැහැ. එහෙනම්.... ලාවට ලතාවට පොඩි බිස්නස් එකක් පටන්ගන්නවා! කොහෙද දැන් ඒකත් කරන්නේ අඩියෙන් අඩියට කඩවල්... කර්මාන්ත... ස්වයං රැුකියා... ගෘහස්ථ කර්මාන්ත... ස්මෝල් ස්කේල්.... මීඩියම් ස්කේල්... ඒකෙන් ගොඩයන එකත් එච්චර ලේසි නෑ.
 
p22 2 ‘‘හායි ඈස්ලි’’ එක්වරම ඇසුනු බේස් වොයිස් එකකින් කල්පනා ලෝකයේ රස ගංගාවක පීනමින් සිටි ෆුල් ෆිට් බූරු පොර තිගැස්සී නැගිට්ටා. ‘‘මෂාාාාං!’’
 
 ‘‘අඞ්ඩඞ් ඩා නරි සිංහ මොකෝ මේ පැත්තේ!
 
 ‘‘නෑ කොල්ලෝ... විශේෂයක් නෑ... ඩෝන්ට් යූ නෝ... නිකං පොඩි  ජොගිං පාරක් දාන්න හිතුනා. ඒ කොහොම වුණත් මං උඹව මීට් වෙන්නමයි හිටියේ. කොල්ලෝ බලාපං.... හැමදාම ලයනල් වනාන්තරයේ ඉන්න එවුන්ට මොනාහරි පැනි හැලෙන පාණියක් දාලා වයිබර් වට්ස්ඇප් හෝප්ස් දීලා රජවෙනවා! රජ වුණාට පස්සේ නෝ සිනා නෝ කතා අයියා දවසට එකා ගානේ සමහර දාට දෙතුන්දෙනා නිරායුධ අහිංසක අපේ එවුන්ට ගේම දෙනවා. මේක හැමදාටම මෙහෙම වෙන්න දෙන්න පු`ඵවන්ද මලේ.
 
  ‘‘ඇත්ත... ඇත්ත අයියාගේ කතාව වෙරි ටෲ... මොනාද නරිසිංහ මගේ මිත‍්‍රයාට මගෙන් කෙරෙන්න ඕනේ.
 
 ‘‘මෙච්චරයි! බොහොම සිම්පල්! උඹ ඉල්ලපන් මේ සැරේ අනික් පැත්තෙන් ලයනල් එක්ක තරගෙට මමයි අපේ වරිගේ එවුනුයි ෆුල් බකප් එක දෙන්නං උඹට. ඔය මොනවා නැතත් ඉන්න... උඹලෑ වරිගේ එවුන් ටික කැමැත්ත දුන්න නම් උඹ උඩින්ම දිනුම්නේ. නිකං හිතාපන්කෝ බැරි වේලාවත් උඹ මේ වනාතේ රජා වුණාම කොහොමද ලැබෙන සැප! අතට පයට වැඩකාරයෝ අතට මිටට හිතූ තරම් වියදමට ඕනෑ තරම් සල්ලි, පැන්ෂන්, නිළ නිවාස, කොටින්ම මලේ උඹට මේ වනාන්තරයේ කරන්න බැරි එකම එක දෙයයි. මොකක්ද ඒ! ගෑණු සතා පිරිමි සතා කරන්න බෑ, පිරිමි සතා ගෑණු සතා කරන්න බෑ.... නිකාං හිතාපන්කෝ ඔය විතරද පරම්පරා 7 කට ඇතිවෙන්න හැදෙන්න පු`ඵවන්. නිකාං මෝඩයා වෙන්න එපා. ‘‘ඉල්ලපන් අපි දෙන්නං ෆුල් බකප් එක’’ යි කියූ නරි සිංහ බූරුවාගේ ඔ`ඵව මඤ්ඤං කොට වනාන්තරයට රිංගුවා... සිංහරාජ උන්නාන්සේ සම`ග ඇති කර ගත් ඔරොප්පුවකට මෙසේ බූරුවා ඇමට දී තමන්ගේ මඩිය තර කරගන්නට සිතූ නරි සිංහ බූරුවා බදර් කරගෙන දෙන්න යන්නේ නියම  ගේමක් යැයි වනාන්තරයේ කිසිම එකෙකුට තේරුණේ නෑ. කොහොමහරි මොන ෆීල්ඞ් එකෙන් හරි ෆෝවර්ඞ් වෙන්න බලා සිටි බූරුවාද වැඬේට කැමැත්ත පළ කළා. සිිංහයාට ගේම දීම එතරම් අමාරු කටයුත්තක් නොවේ යැයි නරියා සිතුවා.
 
 කොහොම හරි සිංහයාගේත්, බූරුවාගේත් ද්වන්ද සටන වාග් ප‍්‍රහාරයෙන් පිරී පැවතුනා.
 
 ස`ද පායා ඇති රාත‍්‍රියක වරිග සභාව කැ`දවා බූරුවාටද කැමති සිංහයාටද කැමති යනුවෙන් ඡන්ද විමසීම පැවතුනා. නරිසිංහගේ ප්ලෑන් නියමෙට වැඩ කළා. සියලූම සත්තු බූරුවාට කැමැත්ත පළකොට බොහෝ කාලයක් වනයේ රජ කළ සිංහයා තනතුරෙන් පහ කළා.
 
 පරාජයට පත් වුණ හිටපු වනාදිපති සිංහරාජ තෙමේ දැඩි වූ වේදනාවෙන් හා ලැජ්ජාවෙන් මෙසේ කිවුවා. ‘‘මං හිතගෙන හිටියේ අලි කොටි ව්‍යාඝ‍්‍ර ගෝන මුව වලස් උරුලෑ කබැල්ලෑ ආදි විවිධ සත්තු මේ වනාන්තරයේ ඉන්නවා කියලා. නමුත් නමින් එහෙම වුණාට ඔක්කොම ඉන්නේ බූරුවෝ. ඒකනේ මුන් ඔක්කොම ඌට කැමැත්ත දුන්නේ.’’
 
 ආදර්ශය සිංහයන්ට පාලනයට ඒමට ඇති එකම බාධකය බූරුවන් වැඩිවීමය.

p22 3

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles