Divaina - සෞන්දර්ය නිකේතනයක් වූ සී.අයි.ඒ. මූලස්ථානය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

cia1

1961 වන තෙක්ම සී.අයි.ඒ මූලස්ථානය පිහිටා තිබුණේ වොෂින්ටන් ඞී.සී.හි අංක 2430 ඊ.එස්.ටී.එන්.ඩබ්. ලිපිනයේය. වසර ගණනාවක් තිස්සේ මෙම  ගොඩනැ`ගිලි සංකීර්ණයේ පිවිසුම අසල කිසිදු සලකුණක් (නාම පුවරුවක්) තිබුණේ නැත. ජනාධිපති  ”ඞ්වයිට් ඞී. අයිසන්හවර්’’ එක් ඉරිදා දිනයක පල්ලියට යමින් සිටියදී මධ්‍යම බුද්ධි අධ්‍යක්‍ෂ ”ඇලන් ඩලස්ට්” හමුවීම සඳහා සී.අයි.ඒ. මූලස්ථානය වෙත අනාරාධිතව ගොස් තිබුණි. පිවිසුම අසල කිසිදු සලකුණක් නොමැතිවීම හේතුවෙන් ධවල මන්දිර රියැදුරාට සී.අයි.ඒ. මූලස්ථාන දොරටුව සොයා ගැනීමට නොහැකි වී ඇත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මූලස්ථාන දොරටුවේ සලකුණක් තැබීමට ජනාධිපතිවරයා ඇලන් ඩලස් වෙත නියෝග කරනු ලැබූ අතර ඒ අනුව සී.අයි.ඒ. ලාංඡුනය සහිතව ලිපිනය සඳහන් පලකයක් මූලස්ථාන ගොඩනැ`ගිලි පිවිසුමේ සවි කෙරිණි. ඊ වීදිය හරහා දිවෙන අධිවේගී මාර්ගයට ඉඩ සැලසීම සඳහා සී.අයි.ඒ. පැරණි මූලස්ථාන ගොඩනැ`ගිල්ලේ තාප්පය කඩා දැමීමෙන් පසු මෙම ලිපිනය සහිත පලකය ගලවා ඉවත්කර සංරක්‍ෂණය කෙරුණ අතර එය දැන් සී.අයි.ඒ. කොෟතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත.

සී.අයි.ඒ. මූලස්ථානය වොෂින්ටන් ඞී.සී. හි ආණ්ඩුවේ අනෙක් කාර්යාලයන්ට සමීපව ජනාකීර්ණ ප‍්‍රදේශයක් මධ්‍යයේ පිහිටා තිබුණ බැවින් එය ආණ්ඩුවේම එක් ඒකකයක් ලෙස මිස ස්වාධීන ආයතනයක් ලෙස පෙනුනේ නැත. ආයතනය වඩාත් ස්වාධීනව ක‍්‍රියාත්මක වීම සඳහා එය වඩා ඉඩකඩ සහිත මෙන්ම අගනුවරින් ඈත නිස්කලංක ප‍්‍රදේශයකට ගෙන යායුතු බවට වන අදහසක් 50 දශකයේ මැද භාගයේ සිට මතුවෙමින් තිබුණි. ඒ අනුව නව මූලස්ථාන සංකීර්ණයක් ඉදිකිරීම සඳහා 1955 අගෝස්තුවේ ජනාධිපති අයිසන්හවර් විසින් ඩොලර් මිලියන 46 ක ප‍්‍රතිපාදන ලබාදෙන පනතකට අත්සන් තබන අතර ජාතික බුද්ධි අංශ නිලධාරීන් සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද මූලස්ථාන සංකීර්ණයක් එයින් නිර්මාණය කෙරිණි. ඇත්ත වශයෙන්ම එය හුදු ගොඩනැ`ගිලි සංකීර්ණයකට එහා ගිය නිර්මාණශීලී කලාත්මක කේන්ද්‍රස්ථානයක්ම වූ බව පෙනෙන්නට තිබේ.

වර්ජිනියා ප‍්‍රාන්තයේ, මැක්ලීන්හි, ලැන්ග්ලි ප‍්‍රදේශයේ අක්කර 258 කින් යුතු විශාල භූමියක පිහිටුවා ඇති සී.අයි.ඒ. මූලස්ථානය ”බුද්ධි තොරතුරු සඳහා වන ජෝර්ජ් බුෂ් මධ්‍යස්ථානය” (ජෝර්ජ් බුෂ් සෙන්ටර් ෆෝර් ඉන්ටලිජන්ස්* ලෙස හඳුන්වනු ලබන අතර සී.අයි.ඒ. අධ්‍යක්‍ෂකව සිට පසුව ජනාධිපති තනතුරට පත් ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ* හට ගෞරව පිණිස එසේ නම් කිරීම සිදුකර ඇත. මෙම භූමියේ නව මූලස්ථාන ගොඩනැ`ගිලි සංකීර්ණය මෙන්ම පැරණි මූලස්ථාන ගොඩනැ`ගිලි සංකීර්ණයද පිහිටා ඇති අතර සී.අයි.ඒ. ඉතිහාසය පිළිබිඹු කෙරෙන කොෟතුකාගාරයකින්, විශිෂ්ඨ කලා කෘති එකතුවකින් මෙන්ම විශාල වාහන නැවතුම් අංගන කිහිපයකින්ද සමන්විත වේ.

ක‍්‍රිප්ටෝස් මූර්තිය

නව මූලස්ථාන ගොඩනැ`ගිලි සංකීර්ණය ඉදිකිරීමේදී එහි නිමැවුම්කරුවන් විශේෂයෙන් අවධානය යොමුකළ කාරණයක් වූයේ නිලධාරීන්ගේ මානසික සුවය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමයි. ඒ සඳහා මූලස්ථාන සංකීර්ණයට විවිධ විශේෂාංග එකතු කරමින් ඇසට ප‍්‍රිය උපදවන ස්ථානයක් බවට පත්කරලීමට ඔවුන් කටයුතු කර ඇත. නව මූලස්ථාන ගොඩනැ`ගිලි පිවිසුමෙහි වයඹ දිග කෙළවරට වන්නට ඉදිකර ඇති ”ක‍්‍රිප්ටෝස් මූර්තිය” සී.අයි.ඒ මූලස්ථානයේ දක්නට ලැබෙන සුවිශේෂී

අංගයකි. තඹ තහඩුවක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙය පරිගණක මුද්‍රණ යන්ත‍්‍රයකින් එළියට එන මුද්‍රිත කඩදාසියක් මෙන් එස් හැඩයෙන් නිර්මාණය කර ඇති අතර තහඩුව ගුප්තමය අකුරු මතුවන ලෙසට සිදුරු කර ඇත. විවිධාකාර බුද්ධි තොරතුරු එක්රැුස් කිරීම මෙමගින් සංකේතවත් කෙරෙන අතර මූර්තිය සී.අයි.ඒ. මූලස්ථානයට පිවිසෙන්නන්ට සතුට සහ ගුප්තමය හැ`ගීමක් ගෙන දෙන බව නිර්මාණකරුගේ අදහසය. මෙම නිර්මාණයේ බුද්ධිමය හිමිකම එහි නිර්මාණකරුවන ”ජේම්ස් සැන්බෝන්” හට 1988 වසරේ සිට හිමිවී ඇත.

තඹ තහඩු තිරයේ ආකරාදී 1735 දක්නට ඇති අතර හිතාමතාම නොපිට පෙරළා ඇති බැවින් ඒවා කියවිය හැක්කේ මූර්තියේ පිටුපස සිට පමණි. මෙම මූර්තිය ඒජන්සියේ සේවකයන්ට මෙන්ම ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලොව පුරා පුද්ගලයන්ට

සිත්ගන්නාසුළු අභියෝගයක් වී ඇති අතර එහි අඩංගු පණිවුඩය තේරුම් ගැනීමට බොහෝ දෙනෙක් උත්සාහ කර ඇති නමුත් මේ දක්වා කිසිවකුට එය විකේතනය කිරීමට හැකිවී නැත. මෙහි නිර්මාණකරුවා වරක් පවසා ඇත්තේ ”මා ලියා ඇති දෙය කියවීමට ඇතැම් විට කිසිවකු සමත් වනු ඇති නමුත් එහි අඩංගු පණිවුඩය තේරුම් කිරීමට කිසිවකුට කිසිදා හැකිවන්නේ නැත” යනුවෙනි. කේතය සඳහා අකුරු 97 ක් භාවිතා කර ඇති අතර විකේතනයට වඩාත් දුෂ්කර කේත ක‍්‍රමයක් භාවිතා කර තිබේ. එහි අඩංගු පණිවුඩය තේරුම් කිරීමට ලොව පුරා බොහෝ දෙනෙක් මේ වන විටත් උත්සාහ ගනිමින් සිටින නමුත් එය කවදා කළහැකි වේදැයි කිසිවකු දන්නේ නැත.

සී.අයි.ඒ. ලාංඡනය

ලොව වඩාත්ම ප‍්‍රචලිත සංකේතයන් අතර සී.අයි.ඒ. ලාංඡුනය ඉදිරියෙන්ම වෙයි. ලොකු කුඩා බොහෝ දෙනෙක් දුටුවනින්ම එය පහසුවෙන් හඳුනාගැනීමට සමත්වන නමුත් එහි අන්තර්ගත අරුත පිළිබඳව දන්නේ අතළොස්සක් දෙනෙක් විය හැකිය. 1949 මධ්‍යම බුද්ධි ඒජන්සි පනතේ 2 වන වගන්තිය මගින් සංවිධානය සඳහා නිල ලාංඡුනයක් නිර්මාණයට අවසර ලබාදී ඇති අතර ඒ අනුව නිර්මාණය කෙරුණ ලාංඡුනයට 1950 පෙබරවාරි 17 වන දින ජනාධිපති ”හැරී එස්. ටෲමන්”ගේ අනුමැතිය ලැබී ඇත. ජනාධිපතිවරයාගේ 10111 දරණ විධායක නියෝගයේ සී.අයි.ඒ. ලාංඡුනයේ සැලසුමට අදාළ කරුණු විග‍්‍රහ කර ඇත.

cia6වෘත්තාකාර හැඩයකින් යුතු ලාංඡනය රාජාලියා, පළිහ සහ ලක්‍ෂ 16 මාළිමා තාරකාවෙන් යුතු ත‍්‍රිත්ව සංකල්පයෙන් නිර්මාණය කර ඇත. රාජාලියා එක්සත් ජනපදයේ ජාතික පක්‍ෂියා වන අතර තීක්‍ෂණ බව, නොසැලෙන ගුණය සහ දුර දක්නා බවෙහි සංකේතයක් ලෙස සැලකෙයි. ශක්තිය හා නිරතුරුව අවදියෙන් සිටීමද එමගින් සංකේතවත් කරයි. ලක්‍ෂ 16 මාළිමා තාරකාවෙන් ලොව පුරා විසිරුණ බුද්ධි තොරතුරු කේන්ද්‍රීය ලක්‍ෂ්‍යයක සංකේන්ද්‍රණය වීම නිරූපනය කෙරෙන අතර පළිහ යනු ආරක්‍ෂාවේ සම්මත සංකේතය වේ. සී.අයි.ඒ. සංකේතය ලොව පුරා වඩාත්ම ප‍්‍රචලිත සංකේතයන්ගෙන් එකක් වන අතර එය බොහෝ ප‍්‍රකාශනයන්හි ඇමෙරිකානු බලය සංකේතවත් කිරීම සඳහා යොදා ගනී. 1950 වසරේ පෙබරවාරි 17 වන දින සිට මෙම ලාංඡුනය නිල වශයෙන් සී.අයි.ඒ. ලාංඡුනය ලෙස භාවිතයට ගැනේ.

පැරණි මූලස්ථාන ගොඩනැ`ගිල්ලේ ලොබියේ බිම අඩි 16 ක විශ්කම්භයකින් යුක්තව ග‍්‍රැනයිට්වලින් මෙම ලාංඡනය නිර්මාණය කර ඇති අතර එය මූලස්ථාන  ගොඩනැ`ගිල්ලට පැමිණෙන්නන්ගේ විශේෂ අවධානයට යොමු වන්නක් වේ.

සී.අයි.ඒ. අනුස්මරණ පවුර

මුල් මූලස්ථාන ගොඩනැ`ගිල්ලේ ලොබියේ උතුරු බිත්තියේ නිර්මාණය කර ඇති අනුස්මරණ පවුර සී.අයි.ඒ. අභිමානවත් මතකයන් සිහිගන්වයි. එහි ඇමෙරිකානු ජාතික ධජය සහ සී.අයි.ඒ. ධජයන්ට මැදිව තරු 133 ක් පිහිටා ඇති අතර එමගින් දේශය වෙනුවෙන් අවසාන පරිත්‍යාගය කළ සී.අයි.ඒ. නිලධාරීන් අනුස්මරණය කෙරේ. එක් එක් තරුවකින් මියගිය නිලධාරීන් සංකේතවත් කෙරෙන අතර ඒ අනුව මෙතෙක් පිහිටුවා ඇති තරු 133 න් ප‍්‍රදර්ශනය කෙරෙන්නේ නිලධාරීන් 133 දෙනකු මේ වන විට ක‍්‍රියාන්විතයන්හිදී දිවිපුදා ඇති බවයි.

මෙම තරුපේලිවලට පහළින් ශෛල්‍යමය පුවරුවක් මත මෙසේ සටහන් කර ඇත. ”තම දේශයේ සේවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ මධ්‍යම බුද්ධි ඒජන්සියේ සාමාජිකයන්ට ගෞරවයක් වශයෙනි.” සී.අයි.ඒ. ලලිත කලා කොමිෂන් සභාව විසින් අනුමත කෙරුණ අනුස්මරණ පවුර 1974 ජූලි මාසයේදී ”හැරල්ඞ් වොගල්” විසින් කිරිගරු`ඩ පවුරක කැටයම් කරන ලදී. සියලූ තාරකා අඟල් 2, 1/4 උස සහ අඟල් 2, 1/4 ක් පළල වන අතර අඟල් 1/2 ඝණකමට බිත්තියට කාවද්දා ඇත. සියලූ තරු එකිනෙකින් අඟල් 6 බැගින් ඈතින් පිහිටා තිබේ.

අනුස්මරණ පවුරට තාරකාවක් එකතු කිරීම දිර්ඝ සමාලෝචන ක‍්‍රියාවලියකින් පසු පමණක් සිදු කෙරේ. එක්සත් ජනපදය තුළ හෝ වෙනත් රටක රාජකාරියේ යෙදී සිටියදී ත‍්‍රස්ත ක‍්‍රියාවක හෝ එදිරිවාදිකමක ප‍්‍රතිඵලයක් ලෙස මරණය සිදුව තිබිය යුතු අතර එය අත්‍යාවශ්‍යයෙන්ම ශ්‍රේෂ්ඨ සහ වීරත්වයෙන් යුතු ජීවිත පරිත්‍යාගයක් විය යුතුය. නිලධාරියකුගේ මරණයෙන් පසු මේ සම්බන්ධ සමාලෝචන වාර්ථාව මධ්‍යම බුද්ධි අධ්‍යක්‍ෂවරයා වෙත ඉදිරිපත් කෙරෙන අතර ඔහුගේ අවසාන අනුමැතියෙන් පසු තාරකාව පුවරුවට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබේ.

මෙල්සාක් කලා එකතුව

ඇමෙරිකානු ව්‍යාපාරිකයකු සහ ප‍්‍රමුඛ පෙළේ සිතුවම් එකතු කරන්නකු වූ ”වින්සන් මෙල්සාක්” විසින් 1968 වසරේ සිට සී.අයි.ඒ. වෙත පරිත්‍යාග කරන ලද විශිෂ්ට කලාකෘති

රැුසකින් සී.අයි.ඒ. මූලස්ථාන ගොඩනැ`ගිල්ල අලංකාර වෙයි. ”නෝමන් බ්ලූම්,” ”ජීන් ඬේවිස්,” ”තෝමස් ඩව්නිං” සහ ”ජැක් බුෂ්” ආදි විශිෂ්ට චිත‍්‍ර ශිල්පීන්ගේ ඉතා සැලකිල්ලෙන් තෝරාගත් විශාල සිතුවම් රැුසක් මූලස්ථාන ගොඩනැ`ගිල්ලේ අවකාශයන්ට ගැළපෙන ලෙසට ස්ථානගතකර ඇති අතර එය නියෝජිතායතනයේ සේවය කරන්නන්ගේ සහ පැමිණෙන අමුත්තන්ගේ ඇසට ප‍්‍රිය උපදවන දසුනක් මවන අතර මනස සන්සුන් කිරීමට උපකාරීවන බවද විශ්වාස කෙරේ. මෙම වටිනා කලා කෘති පරිත්‍යාගයෙන් මෙල්සාක් විසින් සී.අයි.ඒ. වෙත දැක්වූ අනුග‍්‍රහය වෙනුවෙන් මධ්‍යම බුද්ධි අධ්‍යක්‍ෂවරයා විසින් 1982 වසරේදී මෙල්සාක්ට ”ඒජන්සි සීල් පදක්කම” පිරිනමා ඇති අතර කලා කෘති එකතුව මෙල්සාක් කලා එකතුව ලෙස හැඳින්වෙයි.

ඇට්රියම් මූර්ති ශාලාව

මධ්‍යම බුද්ධි ඒජන්සියට විවිධ පුද්ගලයන් විසින් විවිධ අවස්ථාවන්හිදී පරිත්‍යාග කරන ලද විශිෂ්ට මූර්ති එකතුවක් නව මූලස්ථාන ගොඩනැ`ගිල්ලේ ශාලාවක ප‍්‍රදර්ශනය කර ඇත. මෙහි ඇති මූර්ති අතර 1989 නොවැම්බර් 9 බර්ලින් තාප්පය කඩා දමන විට දැනුන ප‍්‍රීතියෙන් යුතුව මූර්ති ශිල්පී ”වෙරිල් ගුඞ්නයිට්’’ විසින් නිර්මාණය කරන ලද ”ද වෝල් ඩවුන්’’ නම් මූර්තියද ඇත. නැගෙනහිරින් බටහිරට නිදහසේ ගලායෑම සංකේතවත් කරමින් නිර්මාණය කරන ලද මෙම මූර්තිය 2000 වසරේදී සී.අයි.ඒ. වෙත පරිත්‍යාග කෙරී ඇත. ඇමෙරිකාවේ ජාතික පක්‍ෂියා සංකේතවත් කරමින් මූර්ති ශිල්පී ”කිටී කැන්ටෙ‍්‍රල්ට් විසින් නිර්මාණය කරන ලද

”වින්ඞ් වෝකර්’’ නම් ලෝකඩ මූර්තියද මූර්ති කෘති එකතුවේ ඇති ආකර්ශනීය අංගයකි. ”ශ‍්‍රීමත් විලියම් ස්ටීවන්සන්ගේ’’ ”නිර්භීත’’ මූර්තියද මෙහි ඇති තවත් විශේෂ මූර්තියකි.

සී.අයි.ඒ. කෞතුකාගාරය

ඉතිහාසය අමතක කිරීම අපගේ රටවල විලාසිතාවක් වන නමුත් ලොව දියුණුම බුද්ධි ඒජන්සිය කිසිවිටක තම ඉතිහාසය අමතක කළේ නැත. ඉතිහාසය ආවර්ජනය කිරීම මෙන්ම සංරක්‍ෂණය කිරීමේ වැදගත්කම හොඳින් දන්නා ඔවුන් සී.අයි.ඒ. මූලස්ථාන පරිශ‍්‍රයේ තමන්ගේම කෞතුකාගාරයක් පවත්වාගෙන යෑමට කටයුතු කර ඇත. එය ලෝකයේ බුද්ධි සේවාවන් සම්බන්ධයෙන් වටිනාම සහ ප‍්‍රමුඛතම කෞතුකාගාරයක් වන අතර බුද්ධි කෞතුක වස්තු සංස්කෘතිය සහ ඉතිහාසය එකතු කිරීම, ලේඛනගත කිරීම, සංරක්‍ෂණය කිරීම හා ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධ ප‍්‍රමුඛතම ජාතික කෞතුකාගාරය ලෙස කටයුතු කරයි.

මධ්‍යම බුද්ධි ඒජන්සියේ විධායක අධ්‍යක්‍ෂ ”විලියම් ඊ. කොල්බි’’ 1972 වසරේදී සී.අයි.ඒ. හි ඉතිහාසය සංරක්‍ෂණය හා ප‍්‍රදර්ශනය වෙනුවෙන් කෞතුකාගාරයක් පිහිටුවීමේ අදහස ඉදිරිපත් කළ අතර ඒ සඳහා ෙඓතිහාසික වැදගත්කමක් ඇති අයිතම හඳුනාගැනීමට කටයුතු කරන මෙන් ඔහු ඒජන්සියේ ලලිත කලා කොමිසමට නියෝග කළේය. 1980 දශකයේ මූලස්ථානය සඳහා නව ගොඩනැ`ගිල්ලක් නිර්මාණය කරන අවස්ථාවේ කෞතුකාගාරය සඳහා එහි කොටසක් වෙන් කළ අතර ඒජන්සියේ නිලධාරීන් ඉතා උනන්දුවෙන් අද්විතීය වටිනාකමක් සහිත කෞතුක වස්තු විශාල ප‍්‍රමාණයක් එහි ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලදී.

බොහෝ සී.අයි.ඒ. මෙහෙයුම් සඳහා අවශ්‍ය උපකරණ හා ආයුධ ඒ සඳහාම විශේෂයෙන් සැලසුම්කොට නිෂ්පාදනය කෙරෙන අතර මෙහෙයුම්වලින් පසු ඒවා මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ප‍්‍රදර්ශනය කෙරෙයි. මෙම භාණ්ඩ එකතුව සී.අයි.ඒ. ඉතිහාසය සම්බන්ධ පැහැදිළි මතක වස්තූන් වන අතර තවත් අතකින් ඒවා ලෝකයේ බුද්ධි මෙහෙයුම්වල ඉතිහාසය සම්බන්ධයෙන්ද වැදගත් මතක සටහන් වේ.

මෙහි ඇති මතක සටහන් හා කෞතුක වස්තූන් අතර අල්කයිඩා නායක බිල් ලාඩන් දඩයමට සම්බන්ධ උපකරණ හා ලේඛන, ත‍්‍රස්තයන් බෝම්බ තබා විනාශ කළ ඇමෙරිකානු පෑන් 103 ගුවන් යානයේ කොටස්, ඇමෙරිකානු පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවේ නිෂ්පාදනය, කැනේඩියානු ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම, බර්ලිනයේ රහසිගත උමං ව්‍යාපෘතිය සම්බන්ධ තොරතුරු, සීතල යුද්ධය පැවැති සමයේ පැසිපික්  සාගරයේ ගිලීගිය සෝවියට් සබ්මැරීනයක් ගොඩ  ගැනීමට සිදුකළ වසර 6 ක් ගත වූ අද්විතීය මෙහෙයුමට අදාළ කරුණු හා ද්‍රව්‍ය ඇතුළු දුර්ලභ සහ සිත් ඇදගන්නාසුළු කෞතුක වස්තූන් සහ ලේඛන රාශියක් දක්නට ලැබේ.

සී.අයි.ඒ. අධ්‍යක්‍ෂවරුන්ගේ සිතුවම් ගැලරිය

සී.අයි.ඒ. මුල් මූලස්ථාන ගොඩනැ`ගිල්ලේ පළමු මහලේ කොරිඩෝව දිගට පිහිටා ඇති අධ්‍යක්‍ෂවරුන්ගේ ඡුායාරූප ගැලරිය ද මෙහි ඇති විශේෂ ස්ථානයකි. මෙහි සියලූ සිතුවම් අතින් අඳින ලද ඒවා වේ. සෑම අධ්‍යක්‍ෂවරයකුටම තමන් විශ‍්‍රාම යෑමෙන් පසුව තමන්ගේ කැමැත්ත පරිදි තම රූපය සිතුවමට න`ගන චිත‍්‍ර ශිල්පියා තෝරාගත හැකි අතර ඔහු විසින් සිතුවම් කරන රූපය මෙම ගැලරියට එකතු කෙරේ. සී.අයි.ඒ. පළමු අධ්‍යක්‍ෂවරයා වූ ”රියර් අද්මිරාල් සිඞ්නි ඩබ්ලිව්. සූවර්ස්’’ගේ සිට ”ලියොන් ඊ. පැනේටා’’ ගෙන් අවසන් වන අධ්‍යක්‍ෂවරුන් සියලූ දෙනාගේ ආලේඛ්‍ය සිතුවම් මෙයට ඇතුළත්ය. අධ්‍යක්‍ෂවරයා සිය තනතුරෙන් විශ‍්‍රාම යෑමෙන් පසුව පමණක් සිතුවම් ඇඳීම ආරම්භ කරනු ලැබේ.

සී.අයි.ඒ. අධ්‍යක්‍ෂවරයකු වශයෙන් කිසිකලෙක නොසිටි එක් පුද්ගලයකුගේ පමණක් සිතුවමක් මෙයට ඇතුළත්ය. ඒ සී.අයි.ඒ. පූර්වගාමියා ලෙස සැලකෙන උපායමාර්ගික සේවා කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ”ජනරාල් විලියම් ජේ. ඩොනොවන්’’ ගේ සිතුවමයි. ඩොනොවන් සැලකෙන්නේ ”ඇමෙරිකානු බුද්ධි සේවයේ පියා’’ ලෙසටය.

ලබන සතියේ සිට සී.අයි.ඒ. අප‍්‍රකට මෙහෙයුම්වල තොරතුරු කියවමු..

නන්දජීව සූරියබණ්ඩාර
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles