Divaina - ඩෙංගු ඇතුළු රෝග රැසකට ප‍්‍රතිශක්තිකරණය දෙන ඉපැරණි තෙල

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

thela135මදුරු විස හේතුවෙන් ඇති වන ඩෙංගු ඇතුළු රෝග රැසකට ප‍්‍රතිශක්තිය ඇති කරන ඉපැරණි තෙලක් දේශීය පාරම්පරික වෛද්‍ය ක‍්‍රම මගින් හිඳින අපුරූ වෙද මහතකු ගැන අද අපි ඔබට හඳුන්වා දෙන්නෙමු.

ඩෙංගු විස ඇතුලූ රෝග රැුසක් නසන මහා බලගතු මේ තෙල ගැන කිවහොත්... මෙම තෙල හිඳින නැකත එන්නේ අවුරුදු දහයකට සැරයක්. නැකත් වේලාවට ඖෂධ ගස් ළඟට ගිහිල්ලා වැඳලා පූජා පවත්වලා කොළ පොතු ලබා ගන්නවා. නිර්මාංශව ඉදගෙනයි මේ සියලූ කටයුතු කරන්නට ඕනෑ. ඖෂධ වර්ග සිය ගණනක්, පටක, මදුරුතලා, ලූනුවිල, කරපිංචා කොළ, පොතු, ගස්ලබු කොළ, වැල්පෙනෙල, හාතාවාරිය, කුරුඳු, වල්කහ ඕලිය, පාවට්ටා, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, පෙරුම්කායම්, කහ මුරුංගා කොළ, පොතු දඹ පොතු, නිදිකුම්බා, වෙල්මුඩ, නමිනංකොල, ප‍්‍රාණජීව, රත්හඳුන්, සුදුහඳුන්, කිරාන තවත් බොහෝ ඖෂධ මේ සදහා භාවිතා කරනවා

පුරාණයේ සිට තඹ භාවිතය ඖෂධ නිපදවීමේදී සිදු වුණා. තඹ වටිනා ලෝහයක්. තෙලක් හෝ බෙහෙතක් සෑදීමේදී තඹ කටාරම්වල විය යුතුමය. වතුර ගේන කළය, හැන්ද, කෝප්පය, පත්ත පවා තඹ විය යුතුය.

මෙම තෙල් බිඳක් දිවට ගෙන උණු වතුර ටිකක් බොන්න. තෙල් පාවිච්චි කළ අයට ඩෙංගු සෑදුනේම නැහැ. රුධිර පට්ටිකා අඩු වී මරණාසන්න රෝගීන්ට පවා මෙම තෙල් ලබා දීමෙන් සුවපත් වුණා. අප තෙල් බිංදු කිහිපයක් නොමිලේම පුංචි තඹ මිශ‍්‍ර සුරයකට දමා පළඳනවා එම සුරය පැළඳ ගන්නා සැමට ඇස්වහ කටවහ දෝෂ පාරිසරික විෂබීජ වදින්නේ නැත. සතුරකු ළඟට ආවත් කතා කර සුහද වේ. එය පැරණි ක‍්‍රමයකි. හරියට අකුණු සන්නායකය මෙන් අකුනු සන්නායකය තඹ... එයට වදින අකුණු සර ඉවත විසි වෙන්නාක් වගේ.

මෙම තෙල් පානය කිරීම තුළින් ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය ඇතිවෙනවාද?

ඔව්.. ඩෙංගු පමණක් නොවෙයි අපි අද බොහෝ රෝගවලට ගොදුරු වෙමින් සිටිනවා. ඒකට හේතුව වී ඇතතේ ප‍්‍රතිශක්තිකරණය අප අතරින් ගිලිහී යෑමයි. එයට ද බොහෝ හේතු තියෙනවා.

* වස විස මිශ‍්‍ර ආහාර පාන

* කාති‍්‍රම රසකාරක

* වතුර භාවිතය අඩුකම

* මත්පැන්, දුම්වැටිවලට ඇබ්බැහිය

වැනි කරුණු නිසා ද අපගේ ලේවල ශක්තිය අඩු වී ලෙඩට ඔරොත්තු දීමේ ශක්තිය නැති වී ගියා.

අපි කරන්න ඕන මොනවාද?

* වැඩිපුර වතුර බොන්න

* දිනපතා පෙනල, ගොටුකොළ, මොනරකුඩුම්බිය, කුරහන් කැඳ වීදුරුවකට හුරු වෙන්න.

* සුදුසු ව්‍යායාම් කරන්න.

* මනස පිරිසිදුව තබා ගන්න

* පරිසරය මෙන්ම සොබා දහම සමග ජීවත් වීම. ඔය ටික හරියට වෙනවා නම් ඒක තමයි ප‍්‍රතිශක්තිකරණය.

මදුරුවෝ නැති කරලා මේ ප‍්‍රශ්න විසඳන්න පුළුවන්ද?

මදුරුවෝ බුද්ධ කාලයේත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉඳීවී. මිදුලේ තියෙන උදුපියලිය පවා ගලවලා, වතුපිටි පාළු කරලා මේ ප‍්‍රශ්නය විසඳන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පරිසරය පිරිසිදුව තබා ගන්න ඕනේ. ඒ වගේම ලෙඩට ඔරොත්තු දෙන ප‍්‍රතිශක්තිය ඇති කර ගන්න ඕනේ.

ඩෙංගු එදත් තිබුණා නමුත් ඒ නමින් නොවේ. කැලෑඋණ රීරියක් සන්නිය එදා රීරිය යකා ගහලා කියලා කියන්නේ ඩෙංගුවලට රීරි කියන්නේ ලේ වලට කැලේ කාලේ ඇවිදලා මදුරුවෝ විදලා වෙව්ලල උණ ගන්නවා. අතපය වේදනාව සමහර විට ලේ ගලන (ඩෙංගු රක්තපාත* ඉතින් රීරි යකා ගැහුවට තමයි එදා ප‍්‍රතිකාර කළේ.

දන්නවද මොනවද කළේ කියලා ලෙඩාට විවේක

ගන්න සලස්සලා පොඩි තෙල් සාත්තුවක් කරලා දෙහි ටිකක් කපා නූලක් දාලා පළමුවෙන් ලෙඩාගේ භය නැති කරනවා. ඊට පස්සේ ලෙඬේට අවශ්‍ය කරන කසාය, ගුලි, කල්ක, චූර්ණ ලබා දෙනවා. අවට පරිසරයට බෙහෙත් මිශ‍්‍ර දුම්මල ගසනවා. ලෙඩා ඉක්මනින්ම සුවපත් වුණා.

මොකක්ද මේ මාරාන්තික සංකා විස කියන්නේ?

සංකා විස කියන්නේ වටපිට අය අසන කියන කතා නිසා රෝගියාගේ සහ පවුලේ අයගේ මානසිකය බිඳ වැටීමයි. අද වෙනකොට ඩෙංගු මාරාන්තිකයි කියලා විශාල ප‍්‍රසිද්ධියක් සමාජය තුළ ඇති වෙලා තියෙනවා. නම අහපු ගමන් මිනිස්සු භය වෙනවා. උණ හැදිලා ලේ බැලූවට පස්සේ ඩෙංගු කියලා කිව්වම රෝගීන් හොඳටම බය වෙනවා. පවුලේ අය ඔළුවේ අත ගසා ගන්නවා. ජීවත් කර ගන්නත් බැරි වෙයි කියලා සමහරු කියන්න පුළුවන්. බයට ලෙඩා මැරෙන්නත් පුළුවන්.

සර්පයෙන් කාල ලෙඩෙක් ගෙනාවම වටපිට අය බෙහෙත් කරන්නත් කලින් මොකාද කාල තියෙන්නේ නයා ද, පොළඟා ද මෙහෙම කී දෙනෙක් ලෙඩා ඉන්න තැනම අහනවද අපි කිව්වොත් නයෙක්, පොළෙඟක් තමයි කාල තියෙන්නේ කියලා. ලෙඩා බයටම මැරෙන්න පුළුවන්. එහෙම නොවෙයි අපි කරන්නේ. දෙහි අත්තක් හරි මතුරලා රෝගියාට සෙත් කරලා විස බාල සුදුසු කෂාය බේත් නස්න අවශ්‍ය විදිහට කරලා ලෙඩා සුවපත් කරනවා.

p32 5දැන් බලන්න අතක් පයක් කැඩිලා ආවම වට පිට අය බෙහෙත් කරන්නත් කලින් අහන්නේ කැඩිල ද x පැනලා ද‑x බිඳිලා ද ලෙඩා ඉස්සරහම අහනවා. බොහෝ රෝගවලටත් එහෙම තමයි. ඕකට තමයි සංකා විස කියන්නේ. කිසිම රෝගියෙක් ඉදිරිපිටදී අහන්න කියන්න හොඳ නෑ.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles