Divaina - කාටිලේජ වැහැරීමේ වේදනාව නැති කරමු

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

weda56ප‍්‍රශ්නය - කාටිලේජ වැහැරීම ගැනත් ඔස්ටියෝ පොරෝසිස් ගැනත් පසුගිය දෙසතියේදී අප දිගින් දිගටම කතා කළා. මනුෂ්‍ය ශරීරයට කාටිලේජ වැදගත් වෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නයත් සන්ධි අතර කාටිලේජයක් සිදුකරන භූමිකාව කවරක්ද යන්නත් අපට පැහැදිලි කරන්න.
 

 වෛද්‍ය වසන්ත උදයජීව - කාටිලේජයකට තිබෙන ප‍්‍රධාන වගකීම තමයි අස්ථි සන්ධි දෙකක් එකට තබා ගැනීම සහ සන්ධි අවට තිබෙන වෙනත් පටක වලට උපකාරි වීම. කාටිලේජ වර්ග තුනක් ශරීරයේ තිබෙනවා. ආයුර්වේද වෛද්‍යවරුන් වන අපට කෙනකුගේ සන්ධියක් ඇඟිලි තුඩු වලින් අල්ලා පරීක්ෂා කිරීමේදී, එම සන්ධිය මැදතිබෙන කාටිලේජය කෙතරම් දුරට ක්ෂය වෙලාද යන්න කියන්නට පුළුවන්. කාටිලේජයක් ක්ෂය වීමත් සමගම එම කාටිලේජය අයත් සන්ධියේ විශිෂ්ට ගුරුත්වය වැඩිවෙලා එතැන තාපයක් උපදිනවා. ඒ තාපයත් සමගම ඒ ප‍්‍රදේශය තුළ ඇතිවන රුධිර සංසරණ ක‍්‍රියාවලියේ ඉතා සුළු වෙනස්කම් හටගන්නවා. එම වෙනස්කම් පළපුරුදු වෛද්‍යවරයකුගේ ඇඟිලි තුඩු වලට දැනෙනවා. බටහිර වෛද්‍යවරයකු නම් මේ සොයා ගැනීම සඳහා එම්.ආර්.අයි. ස්කෑන් වාර්තාවක් හෝ ්රඑයරදිජදචහ ක‍්‍රමවේදය භාවිත කරනවා. අප දුවන විට, වැඩකරන විට, නැවෙන දිග ඇරෙන විට, ඇදෙන විට සහ බර ඔසවන විට අපේ ශරීරයේ සන්ධි අතර කුෂන් එකක් හැටියට කාටිලේජ ක‍්‍රියාකරනවා. අපේ ශරීරයේ ඉල ඇට කූඩුවේ තිබෙන සියලූම ඉල ඇට දරාගෙන සිටින්නේ කාටිලේජ මගිනුයි. ඒ එක්කම මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ ඔස්ටියෝ පොරෝසිස් වගේම ඔස්ටියෝ ආතරයිටිස් රෝගය නිසාත් කාටිලේජ වැහැරෙන බවයි.
 
 ප‍්‍රශ්නය - ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ගැන අපට හැඳින්වීමක් කරන්න.
 
 වෛද්‍ය වසන්ත උදයජීව - මෙය ආතරයිටිස් රෝග තත්ත්වයක්. මේ රෝග තත්ත්වය මැදි වයසේ සිට හෝ තරුණ වියේ අග කොටසේ සිට ක‍්‍රමිකව වර්ධනය වෙනවා. මෙහි ප‍්‍රධාන රෝග ලක්ෂණය තමයි, සන්ධිවල හටගන්නා වේදනාව. ඒ වගේම සන්ධි නැවීම සහ දිග ඇරීම අපහසු බවක් මේ රෝග තත්ත්වය තුළදී හැදෙනවා. සන්ධි වේදනාව වැඩිපුරම හටගන්නේ වැඩකරන විටයි. වැඩ නොකර විවේකීව ඉන්නකොට සන්ධි වේදනාව ක‍්‍රමයෙන් නැතිව යනවා. සන්ධි වේදනාව සහ සන්ධිවල තද ගතිය බොහෝවිට හටගන්නේ උදය වරුවේදී. මේ වේදනාව විනාඩි තිහක පමණ කාලයක් තුළදී නැතිව යනවා. මේ රෝගය වැළඳුනහම සන්ධි දිගහරිද්දී හෝ නවද්දී යමක් කැඩෙන හෝ පුපුරණ ශබ්දයක් මතුවෙනවා. උරහිස් සන්ධි සහ දණහිස් සන්ධිවලින් තමයි, මේ ශබ්දය වැඩිපුර පිටවෙන්නේ. ඔස්ටියෝ ආතරයිටිස් රෝගය අත්, පා, කොඳු ඇට යනාදියටත් ශරීරයේ බර බෙදී යන සියලූ සන්ධිවලටත් වැළඳෙනවා. න්‍යායක් වශයෙන් ගත්තහම මේ රෝගය ශරීරයේ සියලූම සන්ධි වලට වැළඳෙන්නට පුළුවන්. බටහිර වෛද්‍ය ක‍්‍රමයට අනුව මේ රෝගය නිසා අස්ථි සහ දණහිස් කාටිලේජ ඛාදනය වුණහම ඒ තැන්වලට කෘත‍්‍රිම දණහිස් සන්ධි බද්ධ කිරීම සිදුවෙනවා. එහෙත් ආයුර්වේදයේදී ඉතාම පහසුවෙන් මේ රෝගය සුව කරන්න පුළුවන්.
 
 ප‍්‍රශ්නය - ජාත්‍යන්තර මට්ටමෙන් ගත්තහම මේ රෝගයේ ව්‍යාප්තිය සිදුවී ඇත්තේ කොයි ආකාරයෙන්ද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - 2010 වාර්තා වලට අනුව ලෝක ජනතාවගෙන් 3.6% ක් (දළ වශයෙන් මිලියන 250 ක ජනගහනයක්* දණහිසේ හටගත් ඔස්ටියෝ ආතරයිටිස් වලින් පීඩා විඳිනවා. 2004 වාර්තාවලට අනුව ශ‍්‍රී ලංකාවේ ජනයාගෙන් සෑම ලක්ෂයකින්ම හාරසිය දෙනකුට මේ රෝගය තිබුණා.
 
 ප‍්‍රශ්නය - ආයුර්වේදයට අනුව මේ රෝගය අර්ථකථනය වන්නේ කොහොමද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - මෙය ශරීරයේ දෝෂ කුපිත වීම නිසා හටගන්න රෝගයක්. දෝෂ කුපිත වීමට හේතුව තමයි ශරීරයේ හටගන්නා ජෛව රසායන ක‍්‍රියාවලියේ වෙනස්කම් ඇතිවීම.
 
 ප‍්‍රශ්නය - මේ රෝගය නිසා කාටිලේජ ක්ෂයවීමේදී හටගන්නා වේදනාව සමනය කරගත හැක්කේ කොහොමද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - බැබිල මුල්, සුදු ලූනු, අරත්ත අල, පාවට්ට මුල්, නෙල්ලි, රසකිඳ යනාදිය කලං දෙක බැගින් ගෙන වතුර කෝප්ප අටකට දමා එය කෝප්පයකට සිඳුවා උදේ හවස පානය කිරීමෙන් වේදනාව සමනය වෙනවා. එම කසායට අනුපාන වශයෙන් සීනි හෝ මී පැණි යෙදිය යුතුයි. මෙවැනි කසාය හැලි හයක් රෝගියා විසින් දිනපතා පානය කළ යුතුයි.
 
 (ලබන සතියේ තව කොටසක්)

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles