Divaina - අභ්‍යවකාශයේ ඉහළටත්, මහා සාගරයේ ගැඹුරටත් කරක්ගැසූ ප‍්‍රථම කාන්තාව

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

firstlady1ජීවිතයේ වයස හැටක් යනු කායික ශක්තියෙන් පිරිහීමක් ලෙසින් සලකන යුගයකදී ඇමරිකානු ජාතික කාන්තාවක වන ආචාර්ය ‘‘කැතී සුලිවන්’’ මේ වන විට වයස අවුරුදු 68 ක් සපුරා සිටින්නීය. නමුත් ඇය ගොඩන`ගාගත් අරමුණු වයස ඉදිරියේදී බාල කළේ නැත. 1984 වසරේ අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ ප‍්‍රථම කාන්තාව ලෙසින් වාර්තාවක් තැබූ ඇය මේ වන විට තවත් සුවිශේෂී වාර්තාවක් තබන්නට සමත්ව සිටින්නීය. ඇය ගෙවුන සතියේ පැසිපික් මහා සාගරයේ අඩි 35,000 ක් ගැඹුරට කිමිදීමෙන් වාර්තා තැබුවාය. මේ වන විට පැසිපික් සාගරයේ ගැඹුරුම ස්ථානයන් වෙත ගොස් සිටින්නේ පුද්ගලයන් හත් දෙනකු පමණි. ඒ අතරට 1960 වසරේ එක්සත් ජනපද නාවික හමුදාවේ ‘‘ඩොන් වොෂ්’’ සහ ස්විස්ටර්ලන්තයේ සමුද්‍ර විද්‍යාඥ ‘‘ජැකීස් පිකාර්ඞ්’’ සහ ටයිටැනික් චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ ‘‘ජෝන් කැමරන්’’ වෙති. කැතී මෙම ගැඹුරුතම ස්ථානයට පිවිසි අටවැනි පුද්ගලයා මෙන්ම ප‍්‍රථම කාන්තාව ලෙසින් වාර්තාගත විය.
 
 1951 වසරේ නිව් ජර්සි හි උපත ලද කැතී ඇගේ ළමා කාලය ගත කළේ කැලිෆෝනියාවේය. ගගනගාමී ඉංජිනේරුවරයකු වූ කැතීගේ පියා තම දරුවන් දෙදෙනාට ස්වාධීනව වැඩෙන්නට ඉඩ දුන්නේය. කැතීගේ සහෝදරයාට ගුවන් යානා පැදවීම පිළිබඳව උණ ඇති වූයේ වයස අවුරුදු පහක් පමණ වයසේදීය. කැතී මේ කාලයේ උනන්දුවක් දක්වනු ලැබුවේ සිතියම් කියවීමටයි.
 
 අපි දෙන්නා කුතුහලයෙන් හොයන විමසන හෑම දෙයක් වෙනුවෙන්ම අපේ දෙමව්පියන් ඒ කුතුහලය පෝෂණය කළා. ඒ උනන්දුව තව දුරටත් ගවේෂණය කරමින් අපට යා යුතු මගපාදා දුන්නා. එදා අපි කුතුහලයෙන් දුටු දේ අද අපේ වෘත්තීය කේන්ද්‍රීය අවධානය යොමුවන තරම් පෝෂණය වුණේ දෙමවුපියන්ගේ ම`ගපෙන්වීම නිසයි. එසේ නොවුනා නම් අපගේ විනෝදාංශ කාලය සමග මියයන්න ඉඩ තිබුණා... ඇය ලද පන්නරයේ අතීතාවර්ජනය ගැන කැතීගේ සටහන එයයි.
 
 කැතී කුඩා දැරියක්ව සිටින මේ කාලයේදී ඇමරිකාව ගවේෂණාත්මක කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් දක්වන ලද කාල පරිච්ෙඡ්දයක් විය. කැතීගේ කුතුහලය නිසාම ඇය පුවත්පත්,සඟරා, රූපවාහිනි වාර්තා කියවීමට අතපසු කළේ නැත. එමෙන්ම මේ අවධිය වෙන විට ‘ජැක් කුස්ටෝ’’ විසින් ගගනගාමීන්ගේ ප‍්‍රතිරූපය ඇමරිකානුවන්ගේ මනස උත්තේජනය කරන යුගයක් විය.
 
 1970 දශකය වන විට කැතී විදේශීය භාෂාවන් අධ්‍යයනයට මෙන්ම පෘථිවි විද්‍යාව පිළිබඳව උපාධි පාඨමාලාවක් හැදැරීමට යොමුවෙමින් සිටි යුගයකි. මෙම අවධිය වන විට ඇමරිකා එක්සත් ජනපදයේත් පිරිමි ආධිපත්‍ය පැවැති යුගයක් විය. මේ නිසාම ඇතැම් ක්ෂේත‍්‍ර අධ්‍යනයන්වලදී ඇගේ ඇඳුම් ගැන පිරිමි සගයන් උසුළු විසුළු කළත් ඇය ඒ ගැන වගකට ගත්තේ නැත.
 
 සම වයස් කණ්ඩායම් අතර මෙවැනි පුංචි ගැටුම් තිබුණත් ඇගේ හැකියාවන් ඉදිරියේ මහාචාර්යවරුන් ස්ත‍්‍රී, පුරුෂ බව සැලකුවේ නැත. ඒ නිසාම මහාචාර්යවරුන් අතර කැතී භූ විද්‍යාවට දක්ෂතම සිසුවිය වූවා පමණක් නොව දක්ෂ නැව් (shipmate) සගයෙකු ද වූවාය.
 
 පෘථිවි අධ්‍යාපනය නිසා ඇයට පෘථිවියේ නුදුටු තැන් දැක ගැනීමේ කුතුහලය නිසාම නාසා ආයතනයට සම්බන්ධ වීමට අයැදුම්පතක් යොමු කළාය.
 
 කැතී නාසා ආයතනයට සම්බන්ධ වූ ඇය සඳහන් කරන්නේ ‘‘මට මගේ දෙනෙත ඉදිරියේ පෘථිවිය කක්‍ෂයේ සිට දැක ගැනීම.... ඇගේ අරමුණ බවයි. 1978 වසරේදී කැතී නාසා ආයතනයට ඇතුළත් වූ අතර ගගනගාමීන් ලෙස කාන්තාවන් බඳවා ගැනීමේ ප‍්‍රථම අවස්ථාව එයයි.
 
 නාසා ආයතනයේ 35 වැනි පංතියෙන් හය දෙනකු අභ්‍යවකාශ වැඩසටහන් වෙනුවෙන් තෝරාගත් අතර ඒ අතරට එක්ව සිටි ‘‘සැලී රයිඞ්’ අභ්‍යවකාශයට පියාසර කළ ප‍්‍රථම පුද්ගලයා ලෙසින් වාර්තා තබන ලදී. ඒ 1983 වසරේදීය.
 
 ‘1984 වසරේ ඔක්තෝබර් 5 වැනි දින කැතීගේ පළමු අභ්‍යවකාශ ගමන සිදුවිය. STS-41-G 1984 මෙහෙයුම යටතේ ඇය අභ්‍යවකාශගත වූයේ නාසා ආයතනයේ අභ්‍යවකාශ ෂටල වැඩසටහනේ 13 වැනි ගුවන්ගමන සහ අභ්‍යවකාශ ෂටල චැලෙන්ජර් වැඩසටහනේ හයවන සංචාරය ලෙසයි. කක්‍ෂීය ඉන්ධන පිරවුම් පද්ධතියක ශක්‍යතාවය නිරූපනය කිරීම සඳහා අභ්‍යවකාශ යානයකින් පිටත්ව ගිය පළමු ඇමරිකානු කාත්නාව ලෙස ‘‘කැතී සුලිමන්’’ අභ්‍යවකාශ ඉතිහාසයේ වාර්තාගත කාන්තාවන් අතරට එක්ව සිටින්නීය. 1990 වසරේදී ‘‘හබල් දුරේක්‍ෂය’’ දියත් කිරීම ඇතුළු වැඩසටහන් කීපයකට ඇය සම්බන්ධ වූවාය. පැය 532 ක් අභ්‍යවකාශයේ ගතකර ඇති කැතී 2004 වසරේදී ''Astronaut Hall of Fame''’ සඳහා කැතී ඇතුළත් කරගන්නා ලදී. තමාගේ අභ්‍යවකාශ ගමන් ගැන අතීතාවර්ජනය කරන කැතී සඳහන් කරන්නේ,
 
 ‘‘මගේ ගමන පැය තුනහමාරක් දිගයි... ඒත් මට එය ඉතාම කෙටියි වගේ දැණුනා. ඒ වගේම අභ්‍යවකාශ ගමනේ කාන්තා නියෝජනයට මම දුන්නේ ආරම්භයක් පමණයි. මා පිටුපසින් තව ඉදිරියේදී බොහෝ කාන්තාවන් මේ ගමනට එක් වේවි. අභ්‍යවකාශයේ ගමනක් යනු මොනතරම් සංකීර්ණ සහ කැපවීමෙන් කළ යුතු කටයුත්තක්ද බව ඔබ දන්නවා ඇති. මේවා හරිම අපූරුයි. තරුණ ගැහැණු ළමයි මේවාට සම්බන්ධ විය යුතුයි. ඇය තමන් ලත් ජයග‍්‍රහණය මෙතැනින් නතර නොවන ඉදිරි පිම්මක් බැව් එදා සඳහන් කළාය.
 
 දැන් ඇයට අවශ්‍ය වී ඇත්තේ මහා සාගරයේ ගැඹුරුම තැනට කිමිදීමයි. ඇය ඒ වෙනුවෙන් ගවේෂක ‘‘වෙස්කෝවා’’ විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ කර ගත්තාය. ඔහු 2019 වසරේදී ගැඹුරු මුහුදු වාහන 
''Deep Sea Vehicle (DSV)'' යොදාගෙන හැම සාගරයකම ගැඹුරුම ස්ථාන නරඹන ලද ප‍්‍රථම පුද්ගලයා ලෙසින් වාර්තා තබන ලදී. තමාගේ අරමුණ පැසිපික් සාගරයේ ගැඹුරුම ස්ථානයට කිමිදීමයි. ඒ වෙනුවෙන් උදව් ලබාගැනීමට හැකියාවක් ඇත්දැයි කැතීගේ විමසුමට පිළිතුරු සපයමින් වෙස්කෝවා සඳහන් කළේ, මුහුද හා විද්‍යාව කෙරෙහි උනන්දුවක් ඇති කර ගන්න.
 
 2020 වසරේ ජුනි 7 වැනි දින කැතී වෙස්කෝවාගේ මග පෙන්වීම අනුව පැසිපික් සාගරයේ අඩි 35,000 ක් ගැඹුරට ගමන් කළාය.
 
 මේ ගමන හරියට මැජික් ගෝලයක් තුළ සිටිනවාට සමානයි. අපේ මානව හැකියාවන් සමග ඉංජිනේරු තාක්‍ෂණයේ දියුණුව නිසා අපට පෘථිවියේ ඕනෑම තැනකට ගමන් කරන්න පුළුවනි.
 
 පුන්‍යා චාන්දනී ද සිල්වා

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles